මයිරා රොසෙල් 34 හැවිරිදි ඉතාමත් තරබාරු සිරුරකින් යුත් තැනැත්තියක් වුණා. ඇයගේ සිරුරේ බර රාත්තල් 1000ක් . හිතාගන්න පුළුවන් නේ කොච්චර ලොකුවට ඉන්න ඇද්ද කියලා. මෙයා ජිවත් වුනේ ටෙක්සාස් වල. මෙයාව ‘Half-ton killer’ නමින් හඳුන්වන්න හේතුවක් වුනේ මෙයා තමන්ගේ සොහොයුරියගේ දරුවාගේ මරණ සම්බන්ධයෙන් වැරදිකාරිය ලෙස බොරුවට වැරැද්ද පිළිගැනීම නිසයි. මෙයා එහෙම කරේ තමන්ගේ නංගිව බේරගන්න.මොකද අවුරුදු 2ක් වයස ඒ දරුවා මියගියේ ඇගේ නැගණිය මේ දරුවාගේ හිසට එල්ල කල පහරකින්. කොහොමහරි තමන්ගේ තරබාරු කමත් එක්ක ජීවිතය ගැන කලකිරීමෙන් හිටපු මයිරා මේ වරද තමන් කල බවට පිළිගත්තත් මර පරීක්ෂණ වාර්තාවෙන් එය අසත්‍යක් බවට තහවුරු වුනා. අන්තිමේදී මයිරා ඇත්ත කතාව උසාවියේදී හෙලිකලා. ඊටපස්සේ අගේ සොහොයුරියට වසර 15ක සිරදඬුවමක් ලැබුණා. මේ සිදුවීමත් සමඟම මයිරා තමන්ගේ නැගණියගේ දරුවන් ආදරයෙන් රැකබලාගැනීම සඳහා කෙසේ හෝ ජීවිතය මුහුණදෙන බවට අධිෂ්ඨාන කරගත්තා.
කොහොමද size එක

2011 වසරේ සිට ඇය සැත්කම් 11කට ම භාජනය කෙරුණා. ඒවගේම අමතරව එල්ලා වැටෙන සමත් ඉවත් කෙරුණා. ඒ වගේම කෑම ගැන එයා හිතන විදියත් එයා වෙනස් කරගත්තා. “ඉස්සර මම හිතුවේ ජිවත් වෙන්නේ කන්න කියලා. ඒ වුනාට දැන් මන් හිතන්නේ කන්නේ ජිවත් වෙන්න කියලා” ඇය පවසා සිටියා.

ඇයගේ ශරීරයේ බර මේ වන විට රාත්තල් 200ක් තවත් රාත්තල් කිහිපයක් අඩු කරගැනීමට කැමැත්තෙන් සිටිනවා. බර අඩුවීමත් සමඟ ඇයගේ ශරීරයේ ඉන්ද්‍රියන් ද යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව දැනගන්නට ලැබෙනවා. ඒ වගේම ඇයට දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ අධිරුධිර පීඩනය වැනි ලෙඩ රෝග නොමැති බවත් කියා සිටියා.
ඔන්න ඔහොම ගිහිල්ල කොල්ලෙකුත් මෙයට set උනාලු




