සංචරණ සීමා පැනවූ ආකාරය පිලිබද සියලුදෙනාට ඇත්තේ ගැටලු සහගත තත්වයක්. කෙසේවෙතත් එය සදහන් කෙරුණු අකාරයට පැහැදිලි වන්නේ මෙලෙසින්

අද රාත්‍රි 11.00 සිට හෙට උදේ 4.00 දක්වා සංචරණය තහනම්. හෙට දහවල් කාලයේ එක් නිවසකින් එක් පුද්ගලයෙක්ට ජාතික හැදුනුම්පත් අංකය අනුව ගමන් කල හැකියි
නැවත හෙට රාත්‍රී 11.00 සිට සදුදා උදේ 4.00 දක්වා(බ්‍රහස්පතින්දා ,සිකුරාදා,සෙනසුරාදා,ඉරිදා ) දිගටම උදේ දවල් රාත්‍රී කොහේවත් යන්න බෑ.(හරියටම නිකන් ඇදිරිනීතිය දැම්මා වගේ) මේ දිනවලදී ජාතික හැදුනුම්පත් අංකය අනුව වත් සංචරණය තහනම්.
ආයෙත් සදුදා සිට 31 වනදා දක්වා රාත්‍රි 11.00- උදේ 4.00 සංචරණය තහනම්. ඒ කාලයේදී අත්‍යාවශ්‍ය සේවා වලට අවසර තියෙනවා. එක් නිවසකින් එක් පුද්ගලයෙක්ට ජාතික හැදුනුම්පත් අංකය අනුව දහවල් කාලයේ ගමන් කල හැකියි
මේ සියල්ල අතරේ පළාත් අතර සංචරණ තහනමත් දිගටම තියෙනවා.
අලුත් මාර්ගෝපදේශත් ක්‍රියාත්මකයි.