රාමලිංගම් කියූ ලංකාවේ 2020 ජනපති වෙන එජාප තරු&

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රාමලිංගම් කියූ ලංකාවේ 2020 ජනපති වෙන එජාප තරු&

    hqdefault.jpg



    සෙනසුරු මාරුව නිසා නුගේගොඩ රැස්වීමේ සියලු අංග වලට මහින්දට නැකැත් - රාමලිංගම් කියූ ලංකාවේ 2020 ජනපති වෙන එජාප තරුණ ඇමති කවුද


    තමිල්නාඩුවේ අශෝක්නගර්හි වාසය කරන සුප්‍රකට ඉන්දීය වාස්තු විශේෂඥයකු හා ජ්‍යොතිෂ්‍යෙව්දියෙකු වන එම්.එස්. රාමලිංගම් මහතා පසුගිය 26 වනදාට යෙදුණ සෙනසුරු ග්‍රහ මාරුව ආසන්නයේ ලංකාවේ සංචාරයක නිරතවූ අතර බම්බලපිටියේ, 'පර්ල් සිටි' හෝටලයේ නතරවී සිටියේය.
    ග්‍රහ මාරුව හේතුවෙන් වෙන කවරදාටත් වඩා මේ කාලයේ බොහෝ අයට ජ්‍යොතිෂ්‍යවේදීන් ගැන උනන්දුවක් තිබෙන නිසාම රාමලිංගම් මහතාට නිමක් නැතිව එම දිනවල දේශපාලකයින් හා ප්‍රභූන් හමුවන්නට සිදුවූ බව වාර්තා විය. ඔහු හමුවූ අය අතර
    ආණ්ඩු පක්ෂයේ හා

    විපක්ෂයේ ප්‍රබලතම දේශපාලනඥයින් රැසක් සිටි බවද වාර්තා විය.

    දකුණු ඉන්දියානු රූපවාහිනී නාලිකාවල නිරන්තරයෙන්ම ජ්‍යොතිෂ්‍ය පලාපල කථනයේ යෙදෙන රාමලිංගම් මහතා වඩාත් ප්‍රකටව සිටින්නේ බිඳවැටුණ ව්‍යාපාර යළි නගා සිටුවන්නට උපදෙස් සපයන්නෙකු ලෙසයි.ඔහු මහා පරිමාණ කර්මාන්ත ශාලා,ඇඟලුම් ආයතන ආදිය වෙත ගොස් වාස්තු විද්‍යානුකූලව ඒවායේ දෝෂ හඳුනාගෙන පිළියම් නියම කරන අතර ඔහු කියන ගොඩනැගිලි වෙනස්කම් සිදු කළ පසු බොහෝ අය පුදුම කරන ආකාරයට කඩා වැටුණ ව්‍යාපාර යළි පණගසා දියුණුවූ බවද පැවසේ.

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ලංකාවේ පාලන බලය ලබාගන්නා බව හා යුද්ධය ජයගන්නා බවට ඔහු මීට වසර 20 කට පෙර කියා තිබුණ අනාවැකියක්ද සඵලවී තිබේ.
    ඔහු මෙවර ලංකාවට පැමිණි අවස්ථාවේ හමුවූ අය කවුරුන්ද යන්න ජ්‍යොතිෂ්‍ය ව්‍යාපාරික රීතිමය හේතු මත හෙළීදරව් කරන්නට නොහැකි බව ඔහුව සම්බන්ධීකරණය කළ කළමනාකරු පසුගිය ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක් කළ විමසීමකදී පවසා තිබේ.
    කෙසේ වෙතත් ආරංචි වන ආකාරයට කවුරුත් හඳුනක ප්‍රබලතම දේශපාලනඥයෙකු හෙලිකොප්ටර් යානයකින් රාමලිංගම්ව තම ගමටම ගෙන්වාගෙන අනාවැකිය අසා දැනගත් බව වාර්තා විය.
    කෙසේ වෙතත් ඔහුට සෙනසුරු මාරුව අපල බව කියැවී ඇති අතර ප්‍රතිකාර පුදපූජා නියම කර තිබේ. මීට අමතරව ලංකාවේ ප්‍රබල මාධ්‍ය ආයතනයක හිමිකරුවකුද එජාප තරුණ ඇමතිවරයකුද මොහු හමුවී ඇති බව සැලවිය.
    2020 වසරේදී ලංකාවේ ජනාධිපති වීමට බොහෝදුරට ඉඩ ඇත්තේ එකී තරුණ ඇමතිවරයා බව රාමලිංගම් පවසා ඇති අතර ඒ කාගැනදැයි හෙළි නොකරන්නට කළමනාකරු පරිස්සම් වී තිබේ.
    මේ අතර ඒකාබද්ධ විපක්ෂය පසුගිය 27 වනදා නුගේගොඩ දී පැවැත්වු රැළියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වේදිකාවකට ගොඩවීම, කතාව ආරම්භ කිරීම හා එය අවසන් කිරීම සියල්ල ජ්‍යොතිෂ්‍ය නැකැත් අනුව සිදු කර තිබෙන අතර එම නැකැත් සෑදුවේ රාමලිංගම් බවටද රාවයක් පවතී.
    මෙම වේලාවන් අනුව වැඩසටහන මෙහෙයවීමට නිවේදක මහතාට වෙනම සටහනක් ලබාදී තිබුණ බවද පසුව වාර්තා විය.

    :lol::lol::lol:


    ලංකාවේ ජ්‍යොතිෂ්‍යවේදීන් කියපු දේවල් අහල පස්සුගිය කලේ
    ලංකාවේ අය
    ඇන ගත්ත විදියට මොනවා හරි දෙයක් ඉගෙන ගනියි කියල මන් හිතුවේ ..:lol::lol::P:P



     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකී තරුණ ඇමතිවරයා???? :lol::lol::lol:

    තරුණ :eek:

    ඇය රණවකට වයසයිද ? :confused: :confused:
    තරුණ කියන එකට හරි හමං අර්ථ දැක්වීමක් නෑනෙ බං ඌ වයස කීය වුනත් ඒ වයසෙ අනිත් උන්ට වඩා තරුණ පාටයිනෙ ඉතිං තරුණයි කියල ගත්තෑකි :yes: :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇය රණවකට වයසයිද ? :confused: :confused:
    තරුණ කියන එකට හරි හමං අර්ථ දැක්වීමක් නෑනෙ බං ඌ වයස කීය වුනත් ඒ වයසෙ අනිත් උන්ට වඩා තරුණ පාටයිනෙ ඉතිං තරුණයි කියල ගත්තෑකි :yes: :yes:
    ඔව් හැබැයි ඔය පක්ෂ වල තරුණ පෙරමුණ කියල තියෙන ඒවගේ ඉන්නෙත් හතලිහ පැනපු කට්ටිය නෙ. :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් හැබැයි ඔය පක්ෂ වල තරුණ පෙරමුණ කියල තියෙන ඒවගේ ඉන්නෙත් හතලිහ පැනපු කට්ටිය නෙ. :rofl:

    40ත් වයසක්ද බලපංකො අපේ god ඉන්න හැටි තාම කොල්ල වගේනෙ උටත් 40 කිට්ටු වෙනව :baffled: :baffled:


    :yes: :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ශ්‍රීලංකා එකෙන් නායකයෙක් නැති තරම්. ඒත් සුසිල් ප්‍රේමජයන්ත, විදුර වික්‍රමනායක ගැලපෙනවා :dull::dull:

    රනිල් ඉන්නකම් යූඑන්පී එකෙන් සජිත්ට අවස්ථාවක් දෙන්නේ නෑ. සමහරවිට රුවන් විජේවර්ධන :dull::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ශ්‍රීලංකා එකෙන් නායකයෙක් නැති තරම්. ඒත් සුසිල් ප්‍රේමජයන්ත, විදුර වික්‍රමනායක ගැලපෙනවා :dull::dull:

    රනිල් ඉන්නකම් යූඑන්පී එකෙන් සජිත්ට අවස්ථාවක් දෙන්නේ නෑ. සමහරවිට රුවන් විජේවර්ධන :dull::dull:

    රනිල් 2020 දින්නොත් 2030 වෙනකන් ඇදලයි දෙන්නෙ :D සජිත්ට තව කල් බලන් ඉන්න වෙනව.

    විදුර වික්රමනායකට මාත් කැමතියි :yes: එයාට තාත්ත අගමැති කියන එකෙනුත් පොඩි තල්ලුවක් තියෙනව
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රනවක අදහස් වලින් පාර්ලිමේන්තුවේ හැමෝටම වඩා තරුණයි.
     

    Similar threads