රාමුව මිත්‍යාව වැපිරීමක්ද?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    මන් නම් දැනගත්තෙත් මෙ ත්‍රෙඩ් එකෙන් බන් .
    ගිහින් බැලුවහම තමා තෙරුණෙ සුපුරුදු ටොපික් එකක් ටිකක් රහ වෙනස් කරලා රස කරලා හපන්න පුළුවන් ක්‍රමෙට ඉදිරිපත් කරනවා.
    Meke thread kiyak watunada oya channel eketa... walith giya 😅
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    muge kisi aulak na.. hamadetama ane saadu kiyala piligannawata wada onema deyak analyse karala balana eka hodayne..
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    පොර මිත්‍යාව වපුරනවා කියලා අදහසින් නම් නෙවෙයි ඕක කරන්නේ..
    තමන්ගේ video බලන අය ඉල්ලන දේ දීල පොඩි වින්දනයක්/ආතල් එකක් දෙන ගමන් සාර්ථකව චැනල් එක ඉස්සරහට අරගෙන යන එකක් තියෙන්නේ..
    always agreed with your point bro
     
    • Like
    Reactions: dilann

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    View attachment 117429

    රාමුව කරන පුදගලයෙගේ හොද දැනුමක් ඇත. එහි කිසිදු සැකයක් නැත.

    .ඒත් කල යුත්තේ ආගමික දේවල් විදයාත්මක ලෙස ගැලපීමද? නැතිනම් එතරම් විදයාත්මක දත්ත තිබෙනවා යැයි සැලකෙන දෑ වලින් විද්‍ය්‍යාවේ පවා දැනට සොයා ගෙන නොමැති පැතිකඩයන් ගැන ඉගියක් හෝ සාක්ෂියක් සොයා ගැනීමද?


    මෙසේ ප්‍රශ්නයක් මගේ ඔලුවට පැන නැගෙන්නේ ඕනෑම මනුස්සයෙකුට කතන්දරයක් ගෙතීමට පුලුවන.

    ආගමික දේ විදයාවත් සමග නොව බෝල්ට් ඇණ පරිප්පු සමගද සම්බන්ධ කර කතන්දරයක් ගෙතීමට හැක.

    ඔබේ අදහස දක්වන්න.
    මං මෙයාගෙ ජනප්‍රිය ‍රැල්ලෙ මාතෘකා ගැන කරපු වීඩියෝ නම් බලලා නෑ. ඒත් ඔය පින්තූරෙ දාලා තියෙනවා වගේ වීඩියෝ කීපයක් බැලුවා. මං හිතන්නෙ මිනිහා හිට් උනෙත් ඔය වගේ ටොපික් ගැන කතා කරපු නිසා තමයි.

    තියෙන්නෙ එකම දැනුම් පද්ධතියක් සහ ඒක තමයි පරම සත්යය වගේ ප‍ටු තැනක ඉන්න කෙනෙක්ට මේ අදහස් අවුල් වගේ පෙනීම සාමාන්‍ය දෙයක්. ඉස්සෙල්ලා විද්යාව කියලා සාමාන්‍ය ව්‍යවහාරයෙදි අපි හඳුන්වන බටහිර විද්‍යාව ඇතුලුව අනිත් දැනුම් පද්ධති ගොඩනැගෙන විදිය පොඩ්ඩක් ස්ටඩි කලා නම් ඔයාට ඔය අවුල ලිහා ගන්න පුලුවන්.

    ඕනෙම දැනුම් පද්ධතියක් ගොඩ නැගෙන්නෙම යම් කිසි ආගමික සංස්කෘතික සංදර්භයක් ඇතුලෙ. ඒ පද්ධති වල දැනුම ගොඩනැගෙන්නෙත් ඒ ඒ ආගමික සංස්කෘතික සුසමාදර්ශයන්ට (paradigms) අනුව. මේක අලුත් අදහසක් නම් නෙමෙයි. ඉතිහාසය පුරා කීප දෙනෙක්ම කීප ආකාරයකින්ම මතු කරපු අදහසක්. ඒක දේව වාදී බටහිර යුදෙව් ක්‍රිස්තියානි පරිසරයේ රේඛීය චින්තනය පදනම් කරගෙන බටහිර විද්යාව ගොඩනැගුනා සහ පවතිනවා වගේම දේව වාදී නොවන බෞද්ධ දර්ශනය සහ චක්‍රීය චින්තනය පදනම් කරගෙන බෞද්ධ දැනුම් පද්ධතිය ගොඩනැගුනා. තව සිය ගණනක් ඒ වගේ විවිධාකාර දැනුම් පද්ධති ලෝකෙ පුරාම තියෙනවා. යුදෙව් ක්‍රිස්තියානි නොවන සංස්කෘතියක කෙනෙක්ට පහුගිය ශතවර්ශ ගණනාව පුරාම revolutionary science වලට අදාලව දැනුමක් නිර්මාණය කරන්න බැරි උනෙත් ඔය නිසා තමයි. ඒ හින්දම එක දැනුම් පද්ධතියක තියෙන දැනුමක් තවත් දැනුම් පද්ධතියකින් සංසන්දනය කරන්න යාමත් ඒකෙ වලංගුතාවය පරීක්ශා කරන්න යාමත් තමුන්ගෙ ඉඩමෙ හතර මායිම නොදැන අනුන්ගෙ ඉඩම් මනින්න යනවා වගේ වැඩක්.

    විද්යාවයි ආගමයි එකිනෙකින් වියුක්ත දේවල් කියලා තාමත් හිතන් ඉන්නවා නම් ඉතින් ඒක නොදන්න කම තමයි. ඇපල් ගහෙන් ගෙඩියක් වැටීමේ සංසිද්ධිය පැහැදිලි කරන්න නිව්ටන් ගොතපු ගුරුත්වාකර්ශණ කතන්දරේ revolutionary science වල කරපු පෙරලියක්. ඒ දැනුම සූත්‍රගත කරලා normal science කලාපෙට දුන්නට පස්සෙ normalize උනා. හැමෝම සන්තෝසෙන් හිටියා ගෙඩි වැටෙන හැටි, ග්‍රහයන්ගෙ චලිතය (බුධගෙ හැර) පැහැදිලි කරගන්න පුලුවන් සිස්ටම් එකක් තියෙන නිසා. ඒත් කාලෙකට පස්සෙ අයින්ස්ටයින් ආපහු revolutionary කලාපෙට අත තිබ්බා. සාපේක්ශතාවාදය ආවා. ඒකත් normalize උනා, normal science කලාපෙට ගියා. normal science වලදි කාටවත් මේ දේවල් පරශ්නයක් නෙමෙයි. ගුරුත්වාකර්ශණය උනත්, කාලාවකාශය උනත් මනසින් මවා ගන්නවත් බැරි තරම් වියුක්ත(abstract) දේවල් උනත් ගාන හැදුවම උත්තරේ එනවා නම් normal science වලට ඒක ඇති. ඒත් revolutionary science වලදි කෙලින්ම අත තියන්නෙ ඒ වෙනකල් කවුරුවත් ප්‍රශ්න කරන්න හිතලවත් නැති පරමාදර්ශයකට. ඒත් ඒක පිටස්තරයෙක්ට තියා යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ හැදුනු වැඩුනු කෙනෙක්ටත් ලේසියකට කරන්න අමාරු බව කාලෙක ඉඳන් තේරෙන හින්දයි Khun වගේ අය paradigm shift එකක් ගැන කතා කලේ. මේ පහුගිය ශතවර්ශ ගාණටම නිව්ටන් සහ අයින්ස්ටයින්ගෙ මට්ටමේ තියන්න පුලුවන් දැනුමක් කාගෙන්වත් නිර්මාණය නොවුනෙ ඇයි කියලා දැන් කල්පනා කරලා බලන්න පුලුවන්. normal science වල ඕනෙ කෙනෙක්ට වැඩ දාන්න පුලුවන් උනාට revolutionary වල එහෙම බෑ (මේ වෙනකන්). අනිත් කාරණේ තමා මේ දෙන්නම පට්ටම දේව වාදියෝ දෙන්නෙක් වීම (දැන් කවුරුහරි අදේවවාදී හෝකිංව එහෙම මේකට compare කරන්න හදනවා නම් එයාට මුලින් සිද්ධ වෙනවා හෝකිංගෙ සංකල්ප යුදෙව් ක්‍රිස්තියානි සංකල්ප එක්ක සමපාත නොවෙන හැටි සහ ඒවා revolutionary වෙන හැටි පැහැදිලි කරන්න)

    සම්මතයක් ලෙස පිලිගත්තු දෙයක් ප්‍රශ්න නොකර ඉන්න එකම අනිවාර්ය අවශ්‍යතාවයක් විදියට උගන්නන හින්දා මේවා ඉස්කෝලවල වත් කැම්පස් වලවත් උගන්නන්නෙ නම් නෑ. කැමති නම් මේවා ටික හරි හොයාගෙන කියවන්න
    Against Method - Paul Feyerabend
    The Structure of Scientific Revolutions - Thomas S. Khun
    මගේ ලෝකය - නලින් ද සිල්වා
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    රන්දික ලොකෙයෙ තියෙන වෙනත් දැනුම් පද්ධති ගැන වෙන වෙනම පැහැදිලි කරනවා එයා කොයි වෙලාවක වත් බෞද්ධ දැනුම හරි හො බටහිර දැනුම වැරදි කියන්නෙ නැ එයාගෙ අරමුණ හැම දැනුම පද්ධතියෙන්ම යොද ගෙන මිනිස් ජිවිතය දියුනු කරගැනිම
     
    • Like
    Reactions: Ragna_SL

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    දෙකයි පනහේ හරමානිස්ලාගේ නොදැනුවත්කම ගසාකෑමේ තවත් එක් චැනල් එකක්. විද්‍යාවත් බුදු දහමත් යන දෙකම නොදන්නා ගොනෙක්ගේ තප්පුලෑමක්.
     
    • Like
    Reactions: Mohowk

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    රාමුවෙ ගණිතය කොන්ටම් භෞතික විදයාව ගැන විඩ්යො බලන්න ජොතිශය ගැන එකත් හොදයි හැම විඩියොව නොබලා කමෙන්ට් දාන්න යන්න එපා
     
    • Like
    Reactions: Ragna_SL

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    සම්මතයක් ලෙස පිලිගත්තු දෙයක් ප්‍රශ්න නොකර ඉන්න එකම අනිවාර්ය අවශ්‍යතාවයක් විදියට උගන්නන හින්දා මේවා ඉස්කෝලවල වත් කැම්පස් වලවත් උගන්නන්නෙ නම් නෑ. කැමති නම් මේවා ටික හරි හොයාගෙන කියවන්න
    Against Method - Paul Feyerabend
    The Structure of Scientific Revolutions - Thomas S. Khun
    Philosophy of Science යටතේ ඕක යුරෝපයේ සහ උතුරු ඇමරිකානු විශ්ව විද්‍යාලවල ග්‍රැජුවට් ස්ටුඩන්ට්ලාට උගන්වනවා.

    මගේ ලෝකය - නලින් ද සිල්වා
    -------------------ආහ් ඒක ඉතිං ඔය ෆූකෝ, පොපර්, ෆයිරාබෙන්ඩ් වගේ අයගේ මතවල කොපියක් නේහ්? :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: S_M_S

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Philosophy of Science යටතේ ඕක යුරෝපයේ සහ උතුරු ඇමරිකානු විශ්ව විද්‍යාලවල ග්‍රැජුවට් ස්ටුඩන්ට්ලාට උගන්වනවා.

    මගේ ලෝකය - නලින් ද සිල්වා
    -------------------ආහ් ඒක ඉතිං ඔය ෆූකෝ, පොපර්, ෆයිරාබෙන්ඩ් වගේ අයගේ මතවල කොපියක් නේහ්? :ROFLMAO: :ROFLMAO:
    1. මෙහෙ තත්වෙ ගැන මං කිව්වෙ

    2. වෙන අයගෙ මත quote කිරීම, විස්තර කිරීම සහ තමුන්ගෙ මතය සමග සංසන්දනය කර දැක්වීමද කොපියක් වෙන්නෙ ? කොපි කරපු ඒවා දාන්න අපිටත් බලාගන්න
     
    • Like
    Reactions: Ragna_SL

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    1. මෙහෙ තත්වෙ ගැන මං කිව්වෙ

    2. වෙන අයගෙ මත quote කිරීම, විස්තර කිරීම සහ තමුන්ගෙ මතය සමග සංසන්දනය කර දැක්වීමද කොපියක් වෙන්නෙ ? කොපි කරපු ඒවා දාන්න අපිටත් බලාගන්න
    මගේ ලෝකයේ කොහෙද ෆයිරාබෙන්ඩ් කෝට් කරල තියෙන්නේ. කරුණාකරල පිටුව කියන්න?? කෝට් කරා නං කොපි කරා කියලා අහගන්න වෙන්නේ නෑ! plagiarism කියන්නේ කොපි කිරීමම තමයි!
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    තමුන්ට දෙයක් කරන්නත් බෑ, කරගෙනත් නෑ, ඉගෙන ගන්නෙත් නෑ,මෙලෝ මගුලක් දන්නෙ නැති පින්පියෝ විචාර ගේනවා.

    කිසියම් දැනුමක් ඇතිවයි උ කථා කරන්නෙ, උ කියන දෙයින් දෙයක් ඉගෙන ගන්නෙ නැතිව. පකේ ටොක් දෙන්න තමා ගොඩක් එවුන් දන්නේ........

    ආගම ගැන කතා කරනකොට ගොඩක් අමාරුයි සමහරක් භොතිකවාදි ගොබිලන්ට....
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    සතියට වරක් දැන් කිරියේ රාමුවට දෙහි කපනව. :lol:
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මගේ ලෝකයේ කොහෙද ෆයිරාබෙන්ඩ් කෝට් කරල තියෙන්නේ. කරුණාකරල පිටුව කියන්න?? කෝට් කරා නං කොපි කරා කියලා අහගන්න වෙන්නේ නෑ! plagiarism කියන්නේ කොපි කිරීමම තමයි!
    කොපි කලා කියලා ඉස්සෙල්ලම කිව්වෙ ඔබතුමානෙ. අදාල තැන පෙන්නන්න කොපි කරපු. ෆෙයරාබෙන්ඩ් හරි වෙන කෙනෙක් ගෙ හරි සටහනක් තමන්ගෙ මතයක් විදියට නලින් ද සිල්වා සටහන් කරපු තැන සහ අදාළ ඔරිජිනල් සටහන.
     

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    View attachment 117429

    රාමුව කරන පුදගලයෙගේ හොද දැනුමක් ඇත. එහි කිසිදු සැකයක් නැත.

    .ඒත් කල යුත්තේ ආගමික දේවල් විදයාත්මක ලෙස ගැලපීමද? නැතිනම් එතරම් විදයාත්මක දත්ත තිබෙනවා යැයි සැලකෙන දෑ වලින් විද්‍ය්‍යාවේ පවා දැනට සොයා ගෙන නොමැති පැතිකඩයන් ගැන ඉගියක් හෝ සාක්ෂියක් සොයා ගැනීමද?


    මෙසේ ප්‍රශ්නයක් මගේ ඔලුවට පැන නැගෙන්නේ ඕනෑම මනුස්සයෙකුට කතන්දරයක් ගෙතීමට පුලුවන.

    ආගමික දේ විදයාවත් සමග නොව බෝල්ට් ඇණ පරිප්පු සමගද සම්බන්ධ කර කතන්දරයක් ගෙතීමට හැක.

    ඔබේ අදහස දක්වන්න
    මේ chANNEL EKA කරන කෙනා ....... වෙන්න බෑ කීයටවත. මේ channel එකේ අවුලක් තියෙනව මට ඔක channel එක පටන්ගත්ත දවස් වලම තේරුනා එක නිසා videos 2ක් 3ක්ට වඩා බැලුවෙ නෑ.