~ කාශ්‍යප ජටිලයාගේ අරමේ විසූ
නාගයා දමනය ~
භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙමින් උරුවෙල් දනව්ව යම්තැනෙක්හිද එහි වැඩිසේක. එකල උරුවේලායෙහි උරුවේල කාශ්‍යපය, නදී කාශ්‍යපය, ගයා කාශ්‍යපය යන ජටිලයෝ තුන් දෙනෙක් වෙසෙත්. ඔව්න් අතුරෙන් උරුවේල කාශ්‍යප ජටිල තෙමේ පන්සියයක් ජටිලයන්ට නායක වේ. (තම ලබ්ධිය උගන්වන බැවින්) විනායක වේ. අග්‍රවේ, ප්‍රමුඛ වේ, ආචාර්‍ය වේ. නදී කාශ්‍යප ජටිල තෙම තුන්සියයක් ජටිලයන්ට විනායක වේ. ගයා කාශ්‍යප ජටිල තෙමේ දෙසීයක් ජටිලයන්ට විනායක වේ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කසුප් ජටිලයාගේ ආශ්‍රමය යම්තැනෙක්හිද එතැන්ට පැමිණිසේක. පැමිණ උරුවෙල් කසුප් ජටිලයාට මෙය වදාළසේක. කාශ්‍යපය, ඉදින් නුඹට බරෙක් නොවන්නේ නම් ගිනිහල් ගෙයි මා එක් රැයෙක් වාසය කිරිමට කැමැත්තෙමි. මහා ශ්‍රමණය, මට කිසි බරෙක් නැත. එහි චණ්ඩ වූ දළෙහි විස ඇති, දරුණු විස ඇති
සෘද්ධි ඇති, නා රජෙක් වෙසෙයි. හෙතෙම නුඹවහන්සේ නොපෙළාවයි , දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ උරුලේ කසුප් ජටිලයාට මෙය වදාළසේක. තෙවනුවද භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් කසුප් ජටිලයාට මෙය වදාළසේක. මා ඒකාන්තයෙන් නොපෙළන්නේය. කාශ්‍යපය, එබැවින් නුඹ ගිනිහල් ගෙය අනුදනුවයි , වදාළසේක. මහාශ්‍රමණයන් වහන්ස, සැපසේ වාසය කරවයි ඔහු කීය.
ඉක්බිති භාග්‍යවත් තෙම ගිනිහල් ගෙට පිවිස තණ ඇතිරියක් පණවා පලක් බැඳ ශරීරය සෘජු කොට පිහිටුවා සිහිය ඉදිරියෙහි පිහිටුවා වැඩහුන්නේය. එකල්හි ඒ නාග තෙමේ පිවිසියාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක නොසතුටු සිත් ඇත්තේ දුමා ගියේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේටද මෙබඳු සිතෙක් විය. මම මේ නාගයාගේ සිවියද, සමද, මාංශද, නහරද, ඇටද, ඇටමිදුලුද නොපෙළා
මාගේ ආනුභාවයෙන් ඔහුගේ තේජස ක්ෂය කරන්නේ නමි හොඳය කියාය. ඉක්බිති භාග්‍යවත් තෙමේ
එබඳු වූ සෘද්ධියක් කොට දුමා ගියේය. එකල්හි ඒ නා තෙමේ ගුණ මැකීම නොඉවසන් ඇවිල ගත්තේය. භගවත් තෙමේද
තෙජෝ ධාතුවට සමවැද ඇවිල ගත්තේය. දෙදෙන ඇවිල ගත් කල ගිනිහල් ගෙය
ගිනි ගෙන ඇවිල ගත්තාක් මෙන් වෙයි. දිලිසෙන්නේ වෙයි.
ගිනිදැල් සහිත වෙයි. එකල්හි ජටිලයෝ ගිනිහල් ගෙය පිරිවරා මෙසේ කීහු. පින්වත්නි, ඒකාන්තයෙන් විශිෂ්ඨ රූ ඇති මහා ශ්‍රමණ තෙමේ නාගයා විසින් පෙළනු ලැබේය කියාය.
ඉක්බිති රැ ඉක්මීමෙන් සර්පයාගේ ගගිනිදැල් නොවෙත්.
සෘද්ධිමත් සම්බුදුන්ගේ සිරුරෙන් පැන නැගි නොයෙක් රශ්මීහු වෙත්.
එකල්හි සම්මා සම්බුදුන්ගේ සිරුරෙහි හටගත් නිල වන්වූද, ලේ වන්වූද, මදටි වන්වූද, රන්වන්වූ ද, එළික වර්ණවූද රශ්මීහු නොයෙක් පැහැ ඇත්තියෝ වෙත්.
භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් ඒ නාග රාජයාගේ සිවියද සමද, මාංසද, නහරද, ඇටද, ඇටමිදුලුද නොපෙළා තමාගේ තෙදින් ඔහුගේ තෙද නසා පාත්‍රයෙහි බහා උරුවෙල් කසුප් ජටිලයාට දැක්වූයේය. කාශ්‍යපය, මේ තාගේ නාග තෙම වෙයි. මොහුගේ තෙද අප තෙදින් ක්ෂය කරන ලද්දේවීයයි කියාය. එකල්හි උරුවෙල් කසුප් ජටිලයාට මෙබඳු සිතෙක් විය. යමෙක් නොසන්සිඳෙන ක්‍රෝධ ඇති, දළෙහි විස ඇති, දරුණු විස ඇති, සෘද්ධි ඇති නා රජුගේ තෙද තමාගේ තෙදින් ක්ෂය කරන්නේද ඒ මහා ශ්‍රමණ තෙමේ මහත් සෘද්ධි ඇත්තෝමය. මහත් ආනුභාව ඇත්තෝමය, නමුත් මම මෙන් රහත් නොවේයයි කියායි.
උරුවෙල් ජටාධර තවුස් තෙමේ භගවත් සම්බුදුන්ගේ මේ සෘද්ධි ප්‍රාතිහාර්‍යයෙන් වෙසෙසින් ප්‍රසන්නවූයේ , මහාශ්‍රමණයන් වහන්ස, මෙහිම විසුව මැනව. මම නුඹවහන්සේට නිති බතින් උපස්ථාන කරමියි ,භාග්‍යවතුන් වහන්සේට කීය.
සාදු සාදු
තෙරුවන් සරණයි....
රාවණාගේ හෙලිකොට්ටරේ තමයි බොරු. මේවා ඇත්ත. සාදු සාදු සා.........
