රාවණා රජු

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    රාවණාගේ පිළිමය ලංකාවෙන් මතුවෙයි
    අරුණඩේල් විජේරත්න



    තවමත් මන--කල්පිතයක් සහ පුරාවෘත්තයක් සේ සලකන කීර්ති ශ්‍රී රාවණා රජුගේ සිහිමූර්ඡා වූ ශරීරය සහ පොළොව යට සැඟ වී ඇතැයි කියනු ලබන රාවණා රාජධානිය සොයා ලාංකික මාධ්‍ය යන තරගකාරී ගමනේ පෙරමුණ ගෙන ඇති 'මව්බිම' පුවත්පත වසර 500 කටත් වඩා පැරැණි, ලංකාවේ දැනට සොයාගෙන ඇති පැරැණිම සහ එකම රාවණා රජුගේ පිළිමය අනාවරණය කර ගැනීමට සමත්ව සිටී. වටිනා ඖෂධිය ශාකයක් වූ කොහොඹ ගසේ ලීයෙන් නෙළන ලද මේ පිළිමය හිස් දහයකින් සහ අත් විස්සකින් සමන්විතය. මේ හිස් දහයේ මුහුණ විවිධ ඉරියව්වලින් සමන්විත වන අතර, එම ඉරියව් එකිනෙකට වෙනස් ආකාරයේ හැඟීම් ප්‍රකාශ කෙරේ.
    හොඳින් වැඩුණු මිනිසකුගේ උස මහත ඉක්මවා යන පාංශු දේහධාරී ශරීරයකින් හෙබි රාවණා පිළිමය වර්ණ ගන්වා ඇති අතර, පිළිමයේ වම් පාදයේ දණහිසෙන් පහළ කොටස සහ අත්වල රඳවා තිබූ සමහර ආයුධ කැඩී බිඳී විනාශ වී ඇත. එසේම පිළිමයේ ගල්වා ඇති වර්ණ කොටස සමහර ස්ථානවලදී දුර්වර්ණ වී තිබේ.


    සොයාගනු ලැබූ මේ පිළිමයට පුද පූජා, ගරු සත්කාර පවත්වා රාවණා වරම් යදිමින් පිළිමයට බලය සහ තේජස ලබාදීමේ පූජා කටයුතු මේ දිනවල ඉතා අප්‍රසිද්ධියේ සිදු කෙරෙමින් පවතී. මේ සඳහා රාවණා අඳුන සහ රාවණා මන්ත්‍රය භාවිත කෙරේ.


    එසේම, රාවණා පිළිමය තැන්පත් කිරීම සඳහා රාවණා, දේවාලය නමින් දෙවොලක්ද මේ වන විට ඉදිවෙමින් පවතින අතර, එහි වැඩකටයුතු දැන් බොහෝදුරට අවසන් වෙමින් තිබේ. ඉතා නුදුරේදීම එම රාවණා දේවාලය වැඳුම් පිදුම් කටයුතු සඳහා ජනතාවට විවෘත කෙරෙනු ඇත. එවිට එය ලංකාවේ ප්‍රථම රාවණා පිළිමය රැගත් තෙද බලැති 'කීර්ති ශ්‍රී රාවණා රජු දේවාලය' වන බව රාවණා පිළිම දේවාල භාරකාරිත්වය පවසා සිටී.


    ඉතිහාසය දක්වන අන්දමට රාවණා රජු ඉන්දියාවේ විසූ රාම කුමරුගේ බිරිය වූ සීතා දේවිය දඬු මොනරයෙන් පැහැරගෙන ආ බවත්, එයින් උරණ වූ රාම කුමරු 'රාම සරය' නම් විස හීය මුදාහළ බවත්, එම හී පහර වැදී රාවණා රජු සිහිමූර්ඡා වූ බවත් කියැවේ.
    සිහිමූර්ඡා වූ රාවණා රජුගේ ශරීරය බඹ හැටක් පොළොව යටින් තැන්පත් කර ඒ මත පස් සහ ගල් දමා වසා දැමූ බවත් එම ඉතිහාසයෙන් හෙළිවෙයි.


    ඉතිහාසය කරුණු දක්වන පරිදි රාවණා රජු යම් කාලයක එම සිහිමූර්ඡා වූ තත්ත්වයෙන් මිදී යළි නැඟිටින අතර, එවිට ලංකා රාජධානිය කේන්ද්‍ර කරගනිමින් සමස්ත ලෝකයම පාලනය කරනු ඇත. එසේම මේ උදාවී ඇත්තේ රාවණා රජු යළි අවදිවීමට පෙර ගතවන පූර්ව රාවණා උප්පත්ති කාලය බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.


    මේ අනුව රාවණා පුවත පසුගිය කාලය පුරා යළි මතු වූ අතර, ඒ පිළිබඳ නිල සහ නොනිල ගවේෂණයක් සිදු කෙරිණි.


    එම ගවේෂණ අතර 'මව්බිම' පුවත්පත ඉදිරියෙන් සිටි එක් කරුණක් වූයේ රාවණා රජුගේ රාජකීය පරපුරෙන් පැවැත එමින් අදටත් ලංකාවේ වනගත පෙදෙසක ජීවත්වන රාවණා රජුගේ වත්මන් ලේ නෑයන් පිළිබඳ පුවත සහ අදාළ තොරතුරු හෙළිදරව් කිරීම කළ බැවිනි. ඒ අනුව ඉදිරියට තවත් තොරතුරු ගවේෂණය කළ 'මව්බිම' පුවත්පත ලංකාවේ තිබෙන එකම සහ පැරැණිම රාවණා රජ පිළිමය සොයා ගැනීමට සමත්ව සිටියි.






    12065772_1054804911226059_2841460680116471323_n.png


    ලංකාවේ ඉතිහාසය 2300 කියන උන්දැලාට නාසා ආයතනයෙන්ම කනේ පහරක්......



    ලෝක ඉතිහාසයම ව්‍යාප්ත කළේ හෙළයන් බව හෙළිවේ. මධ්‍යම ඇමෙරිකාවේ මයා ශිෂ්ටාචාරය රාවණ රජුගේ මාමණ්ඩිය වූ මායන් රජතුමා විසිනුත්. ඊස්ටන් අයිලන් වල ඉන්කා ශිෂ්ටාචාරය රාවණ රජුගේ පුත් ඉන්ද්‍ර රජතුමාත් බිහිකළ බව නවතම මතයයි. නුතන මිනිසාගේ ඉතිහාසය 50000ක් පමණයි කියමින් උදුබිරූ බටහිර විද්යාත්ඥයන්ට යන එන මන් නැතිවේ.



    අවුරුදු දාහත්ලක්‍ෂ පනස්දහසකට කලින් ලංකාවේ ශිෂ්ටාචාර ඇතිවූ බවට නාසා ආයතනය හෙළි කරයි.මෑතකදී ආන්දෝලනාත්මක විවාදයන්ට තුඩුදුන් මායා වරුන්ගේ කැලැන්ඩරය සුර්ය වංශික හෙළයන්ගේ නිමැවුමක් බවට දැන් මත පළකරයි.මෙරටින් හමුවී ඇති රාවණ රජුගේ පුස්කොලපොත් මගින් ලෝකයේ දින නියම කර ඇත්තේ අවුරුදු ලක්ෂ ගණනිනි. අතිනයේ මුහුදට ගිලාබැස්සාවූ ඇට්ලැන්ටිස් පුරවරය එදා හැඳින්වූ අටලංකාව බව හෙළිවේ.


    ලෝකයේ පැරණිම වානේ තාක්ෂණයත් ලෝකයේ පැරණිම වාරි තාක්ෂණයත් ලෝකයේ දියුණුතම රට ලෙස මේ හෙළ දෙරණ පැවතීම ගැන අපි මහත් ආඩම්බර වන්නෙමු.මිසරයේ පිරමිඩ ඇතුලෙන් හමුවූ ගුවන්යානා සහිත නිර්මාණ එදා හෙළයන් විසින් නිපදවූ දඬුමොණර බව හෙළිවේ.
    පහත ලින්ක් එක මගින් නාසා ආයතනයේ හෙළිදරව්ව

    අවුරුදු 300 ක් ජීවත් විය හැකි රත්නසේකර වාජීකරණය !




    ගෝණුස්සෝ කුණු ගොඩවල්වල බිත්තර දමති. කුණු ගොඩෙන් ගොණුස්සන් ඉපදුණේ යැයි සමහරු කියති. එහෙත් ගෝණුස්සාගේ උපතට හේතුව කුණු ගොඩ නො වේ. ගෝණුසු මව විසින් බිත්තර දමනු ලැබේ. ඒ අනුව වඩා වැදගත් වන්නේ බීජය යි. හෙවත් ජීවය යි. ජීවය ශක්තිමත් කිරීමෙන් චිරාත් කාලයක් යෙහෙන් ජීවත් විය හැකි ය. ජීවය ශක්තිමත් කරන මූලයන් ඇත්තේ අප අවට පරිසරය තුළ ය. පරිසරයේ ඇති රහස් බොහොමයක් අපේ පැරැන්නෝ දැන සිටියහ.


    විජය ආදි පිරිස දිවයිනට පැමිණෙන්නට පෙර මෙහි විසු යක්ෂ ගෝත්‍රිකයෝ ලෝකයා මවිත කරවන යක්ෂ වැඩ කළහ. ඔවුහු අහස උසට පැවැති මහා මන්දිර සහිත රමණිය නගර නිර්මාණ කළහ. ආකාස යාත්‍රාවලින් විවිධ රටවල් තරණය කළහ. යන්ත්‍ර මන්ත්‍ර - ඉන්ද්‍රජාල ශාස්ත්‍රයේ මෙන් ම රසායන විද්‍යාව ඇතුළු වෙදකම ද මැනැවින් දැන - උගෙන ජීවත් වූහ.


    ජගත් පූජිත වෛද්‍ය පරම්පරාවක ආදි කර්තෘවරයා වූ පුලතිසිපුර අශ්‍ර රාජධානිය කොට විසූ මහරජ පුලතිසි රජගේ මුණුබුරු වූ වෛද්‍ය ශිරෝමණි ශ්‍රී ලංකාධිපති රාවණා අධිරාජයා ලොව විසූ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයන් අතුරෙන් ශ්‍රේෂ්ඨතමයා විය. මෙතුමා ජීවත් වූයේ බුද්ධ වර්ෂයෙන් වසර 1844 ක් ඉක්ම ගිය කල යැයි රාජාවලියේ සඳහන් වේ.


    එකල ලක්දිව යන්ත්‍ර - සූත්‍ර අතින් අද යුරෝපය පරදා සිටි ත් බව රාම - රාවණා යුද්ධයේදී භාවිත කළ නාගශර - අග්නිශර යන ආයුධවලින් පෙනී යයි.
    රාවණා රජතුමා දක්ෂ වෛද්‍යවරයෙකි, අනුන් අතින් නොමැරෙන වරයක් ලබා ගැනීම සඳහා බ්‍රහ්මයා සතුටු කරනු වස්; මෙතුමා ගෝකණ්ණ ආශ්‍රමයට වී තපස් රැකි බව කියැවේ. (ගෝකණ්ණ යනු ත්‍රිකුණාමලයට එදා ව්‍යවහාර වූ නමක් බව ඒ පෙදෙසෙහි තිබි සොයා ගත් සෙල් ලිපියක සඳහන් වේ.) රාවණා රජතුමා බ්‍රහ්මයා ගෙන් බලාපොරොත්තු වූ වරය ගැන සිතන විට එතුමා බ්‍රහ්මයා ගෙන් වෙදකම ඉගෙන ගත්තා පමණක් නොව ක්ෂණික තුවාල වලින් දිවි ගලවා ගත හැකි රහස් ඖෂධ ගැනත් දැනගෙන තිබෙන බව, රාම - රාවණා යුද්ධයේ දී බරපතළ තුවාල ලබා මියගිය අයට පණ දුන් පුවතින් හෙළි වේ.



    රාවණා රජතුමා විසින් රචනා කරන ලද දේශීය වෛද්‍ය ග්‍රන්ථ ලෙස කුමාර තන්ත්‍ර, අකීක ප්‍රකාශ, නාඩි ප්‍රකාශ, උඩිස් තන්ත්‍ර යන ග්‍රන්ථ අතරින් යන්ත්‍රානුසාරයෙන් වාෂ්ප කර ඖෂධ පෙරා ගන්නා අකීක ප්‍රකාශ ග්‍රන්ථය වැදගත් ය. ඒ ගැන සලකා බලන විට පෙනී යන්නේ දේශීය වෙදකම අද මෙකල අපරදිග වෙදකමට වඩා දියුණුව පැවති බව ය.


    උත්තර දක්ෂිණ භාරතීය වෙදකම ද අපගේ දේශීය වෙදකම තරම්ම පැරණි බැව් නොයෙක් සාධක අනුව පෙනී යයි. පසු කලෙක භාරතීය වෙදකම හා දේශීය වෙදකම හුවමාරු කරගෙන තිබෙන බවක් දෙරටෙහි ම ශාස්ත්‍රීය ග්‍රන්ථ පරිශීලනයෙන් පෙනී යයි. පෙරදිග ධර්ම දූතයන්ගේ, දේශීය සංචාරකයන්ගේ හා වෙළෙදුන්ගේ මාර්ගයෙන් අරාබි ජාතිකයන් ඔස්සේ අපරදිගට ගියේ ද මේ වෙදකමයි.


    එකල දඹදිව තිබූ නාලන්දා - තක්ෂිලා - වික්‍රමශිලා යන විශ්වවිද්‍යාලවල වෙන ම විෂයයක් ලෙස ආයුර්වේදය ඉගැන්විණි. වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ භාරතීය විශ්වවිද්‍යාලවල පැවති දියුණු තත්ත්වය දැනගත් ග්‍රිකයෝ ද එහි විශ්වවිද්‍යාලවලට බැඳී ආයුර්වේදය ඉගෙන ගත්හ.


    ග්‍රිකයෝ ඉගෙනීමට අතිදක්ෂයෝ වූහ. කුලවාදයෙන් මත් වූ ඇතැම් බමුණෝ ග්‍රිකයන්ට පරිභව කළ ද ඔවුන් ඉගෙන සිය රට බලා ගොස් ඉගෙන ගත් ශාස්ත්‍රය වඩාත් ක්‍රමානුකූල ලෙස සකස් කර අනෙක් අපරදිග රටවල බෙදා හැරීමෙන් වර්තමානයේ පවත්නා අපරදිග වෙදකම ඇතිවූ බවත් පිළිගත හැකි ය.
    දේශීය වෙදකම පිළිබඳ ස්වර්ණමය යුගය රාවණා යුගයයි. මින් පසු මේ ගැන තොරතුරු දැක්විය හැක්කේ විජය කුමාරයා ලංකාව ආක්‍රමණය කිරීමෙන් පසු මෙහි ලියැවී තිබෙන වංශ කථා - අට්ඨ කථා - ශිලා ලිපි හා වෙද පොත් අනුව ය. දැනට සොයාගෙන තිබෙන සෙල් ලිපිවලින් ලංකාවේ පෙර පැවැති ආරෝග්‍ය ශාලාවල පාලනය - සේවක පිරිස හා නඩත්තු කිරීම පිළිබඳවත් විස්තර කර ඇත.
    “දීර්ඝායුෂය පිළිබඳ ශාස්ත්‍රය” යන අර්ථය දෙන ආයුර්වේදය පිළිබඳ ශ්‍රී ලංකා වාසීනට තිබුණේ සියුම් දැනුමකි. ඔවුහු සියලු දෙනාම සුළු - සුළු අත් බෙහෙත් පිළිබඳව දැන සිටියහ. ඒ පිළිබඳ හොඳම නිදසුන වන්නේ 1660 වසරේ අප්‍රේල් මස මෙරටට අහම්බෙන් ගොඩ බැස විසි වසරක් තිස්සේ සිංහල රජුගේ සිරකාරයකු වශයෙන් ශ්‍රී ලංකාවේ විසු රොබට් නොක්ස් සිය රටට යන අතරතුරේදී ලියූ Historical Relation of Ceylon නැමති ග්‍රන්ථය යි. ඔහු ශ්‍රී ලංකාව ගැන සඳහන් කරත් දී එක් තැනෙක දක්වන්නේ,
    “මේ රටේ එක් විශේෂයක් ඇත. එනම් හැමෝම වෙද්දු ය යන්න ය. එසේ ම ඖෂධ පැළෑටිවලින් ලක්වැසියනට කිසිදු අඩුපාඩුවක් නැත. බෙහෙතක් ගත යුතු කල ඔහු යන්නේ කැළෑවටය. එහි ඕනෑ ම බෙහෙතක් ඇත. එහෙයින් කැළෑව ඔවුන්ගේ බෙහෙත් ශාලාව වන්නේය. කැළේ වැවෙන බෙහෙත් පැළෑටිවල, කොළ, ඉති, පොතු, මල්, පොතු යන මේවායින් පත්තු සාදා ආලේප වශයෙන් පාවිච්චි කරති යනුවෙන් ද සඳහන් කරයි.



    තව ද දුස්සාධ්‍ය වූ නොයෙක් ලෙඩ රෝග මේ ඔසුවලින් සුව වන බව ද සිංහලයන්ගේ සියලුම ඖෂධ පිළිබඳ විස්තරයක් කිරීම මගේ අභිලාෂය නොවන්නේ යැයි ද එහෙත් ඔවුනගේ බෙහෙත් ඖෂධ පිළිබඳ දැනීම් සම්භාරයට සාධක වන පරිදි එක් කරුණක් පමණක් දක්වන්නේ යැයි ද, එනම්; මගේ අසල්වැසි සිංහල මනුෂ්‍යයකු යම් කෙනෙකුගේ කැඩි බිඳි ගිය හා ඇටයක් හෝ අත් ඇටයක් පෑස්සීමට භාරගතහොත් බතක් හෝ ව්‍යාංජන තුනක් ඉදෙන වේලාවේදී එනම් පැය එකහමාරක් තුළ එම ඇටය පාස්සන්නේය.


    මෙසේ කැඩුම් බිඳුම් සුව කළ අවස්ථා මම හොඳින් දැක ඇත්තෙමි.” ඒ රොබට් නොක්ස් නමැති විදේශිකයා අපගේ මුතුන් මිත්තන් ළඟ තිබු පාරම්පරික ආයුර්වේද ඥානය පිළිබඳ තක්සේරු කළ ආකාරයයි වෘක්ෂලතා පිළිබඳ ඔවුන් තුළ තිබුණේ මහත් ඥාන සම්භාරයකි.


    අවුරුදු 300 ක් ජීවත්විය හැකි වාජීකරණ ඖෂධයක් පිළිබඳ කථා ප්‍රවෘත්තියක් මහනුවර සමයේ විසූ ශ්‍රී රත්නසේකර නමැති රාජ වෛද්‍යවරයකු ලියූ පොතක සඳහන් වන්නේ මේ ආකාරයටය. “පත්කෑල” නමින් ඉතා දුර්ලභ වෘක්ෂයක් වෙයි. මෙය රත්කෑල කැටකෑල යන වර්ගයට අයත් ගසකි.


    ගැට සහිත සුදු කඳක් ඇති වඩාත් කොළ පාට නොවූ කොළ ඇති මේ ගස. අඩි පනහකටත් වඩා උසය. මේ වර්ගයේ කොළ පොතු තැල්ම උළුක්කුව සඳහා ද ගනු ලැබේ. එකවර ගස පිරී යන අයුරින් අතු අග රතු පාටට පිපෙන මල් දින තුනක් පමණ පර නොවී පවතී. මල් පරවී වැටුණු පසු ගස යට රතු පලසක් ඇතුරුවා වැනි සොබාවක් ගනී. දුරට පෙනෙන මේ මල් මස් කැදැලි යැයි සිතා සිවල්ලු දුව එතියි කියන ජනප්‍රවාදයක් ද පවතී.


    විශාල ලෙස වැඩුණු පත්කෑල ගසක් මුල සිට අඩි හයක් පමණ උසින් පෙත්තට කපා ඉවත් කොට ඉතිරි වන මුල් කොටසේ මුදුනේ වංගෙඩියක් සේ විශාල සිදුරක් හාරා සිදුර තුළට ඇට ඉවත් කළ අමු නෙල්ලි පලම් හැට හතරක් දමා, ඒ වර්ගයේ ලී කැබැල්ලකින් ම, සිදුරට ඇබයක් ගසා, බිම සිට එම ලී කොටය වැසී යන තෙක් හොඳින් වියළුණු ගොම ගොඩ ගසන, ඒ වියළුණු ගොමවලට ගිනි තබා, ගොම සම්පූර්ණයෙන් ම පිලිස්සී ගිය පසු උතුරා නැග'විත් එකට පිලිස්සී තිබෙන ඒ නෙල්ලි සාරය (කල්කය) ගෙන ගිතෙලින් අඹරා, හොඳ ශරීර ශක්තියක් ඇති, පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ නහාවා හොඳින් පිරිසිදු කොට, පිරුවට අන්දවා, මැසි මදුරුවන් ගෙන් උවදුරු නොවන ලෙස, ආරක්ෂා සහිතව ඇතුළු කාමරයක තබා මේ නෙල්ලි කල්කය උණු කළ එළකිරිත් සමඟ දිනකට තුන් වරක් මාසයක් පමණ දිය යුතුයි.


    මේ කල්කය එළකිරිත් සමඟ දින පහළොවක් අනුභව කරන විට ඔහුගේ හෝ ඇගේ ඉසකෙස්, නියපොතු, දත් හා සමත් ගැලවී යයි. අනෙක් දින පහළොව තුළදී ඒ ඉවත් වූ සම, නියපොතු, ඉසකෙස් සහ දත් හොඳින් වැඩි තරුණ භාවයට පත්වෙයි. මෙසේ තිරිහන් වූ පසු අවුරුදු 300 ක් පමණ ආයු වැලඳිය හැකි බව පොතෙහි සඳහන් වෙයි.


    කිසි කාලයක මේ වාජිකරණ ඖෂධය පරීක්ෂණයකට ලක් කළ බව අප අසා නැත. එහෙත් විජයාවතරණයට පෙර සිට යක්ෂ ගෝත්‍රිකයන් වෛද්‍ය විද්‍යාවේ දක්ෂයන්ව සිටි බැවින් ඔවුන් විසින් මේ වාජිකරණයන් අත්හදා බැලු බවට සැකයක් නැත. මෙය අත්හදා බැලීම නවීන විද්‍යාවේ හා මානව සමාජයේ ප්‍රගමනයට හේතු වනවාට කිසිඳු සැකයක් නැත.



    12063322_1050461608327056_8288552723415209489_n.png

    මේ බිමේ සිංහල නමකින් ඉපදුණ පමණින් සිංහලයෙකු නොවේ... ඒ බව මේ වන විට බොහෝ පිරිසක් ප්‍රත්‍යක්ෂ කර ඇත. අතෝරක් නැතිව අපේ දේ විවේචනය කරන්නේ ඒ අසික්කිත උප්පත්තියට ඔවුන් උරුමකම් කරන නිසා විය හැක.... උන්ගේ නැන පමණින් උවත් ඊට එහා දෙයක් ඇති බව සිතන්නට උන් කැමති නැත. රාවණා ඉතිහාසය ගැන කීමට ඇත්තේ ද එයයි... උන් දෙයක් කරන්නෙත් නැත. හෙළි කරන දෙයක් පිළිගන්නේ ද නැත. උන්ට බැරි නම් කාටවත් බෑ කියන මතයේ සිටින අමණයන්ගේ නිහීන කම මෙයින් පසු වත් දුරු වේවා...!!!

    ඇමරිකන් රූපවාහිනි චැනලයක් වූ (History) ඉතිහාස චැනලය 1998 මැයි මස විකාශය කල පරිදි පරිදි බැබිලෝනියාවේ වූ ශිෂ්ඨාචාර‍යේ කල (ඉරාකයට අයත්) කැණීම් වලදී මතු වූ මැටි පුවරුවල සදහන් ආකාරයට ඔවුන්ට තම ශිෂ්ඨාචාරය ගොඩනගන්නට කියා දී ඇත්තේ ගුවනින් ආ සිංහ මිනිසුන්. ඒ වගේම පැරණි ලෝක පුදුම හතෙන් එකක් වූ බැබ්ලෝනියාවේ එල්ලෙන උයන නිර්මාණය කර ඇත්තේද සිංහ මිනිසුන්ගේ රටේ සිහගිරි පර්වතයේ උයන් වතු අනුකරණය කරමින් කියලාත් සදහන්.

    මේ කරුණු තවත් සනාථ වන අවස්ථාවක් තමයි මහාවංශයේ දෙවැනි කාණ්ඩයේ මූලික පාළි ග්‍රන්ථයේ 40 වන පරිච්ඡේදයක් නොමැති වීම. එහි 39 වන පරිච්ඡේදයට පසු ඇත්තෙ 41 වන පරිච්ඡේදයයි. රාවණ රජු හා සීගිරිය ගැන තොරතුරු ඒම පරිච්ඡේදයේ සටහන්ව තිබුබව ඒ ඇසුරින් නිර්මාණය කල පසුකාලීන කෘති වලින් තහවුරු කරගන්න පුළුවන් වෙනවා. එසේ වුවත් එම කෘතීන් ලංකාවේ ඉතිරිවෙලා නැහැ. මේ කාලයේදී අන්තර්ජාලය හරහා එම කරුණු එළියට ඒමෙන් අපිට හිතාගන්න පුළුවන් කොච්චර ජාතී අධිරාජ්‍යවාදීන් අපෙන් සොරකම් කරලාද කියලා.
    සිංහ කොඩියේ සදහන් තුන් පයින් නැගී සිට එක පයකින් කඩුවක් දරා සිටින සිංහ සලකුණ බැබ්ලෝනියාවේද දක්නට ලැබෙන බව සදහන්. ලෝකයේ දැනට පුරාණතම ලේඛන සොයාගෙන ඇත්තෙ බැබ්ලෝනියාවේ. එය අවුරුදු 5500කටත් වඩා පැරණි බව ඉතිහාසඥයන්ගේ මතයයි. බැබ්ලෝනියානු ශිෂ්ඨාචාරය හෙළයන්ගේ පුරෝගාමිත්වයෙන්( අහසින් පැමිණී සිංහ මිනිසුන්) බව 1998 සොයාගත් මැටි පුවරුවලින් කියැවෙලා තියෙනවානේ. මෙය තහවුරු වන ප්‍රබලම සාක්ෂියක් වන්නෙ බැබ්ලෝනියානුවන්ගේ ලාංඡනය පියාපත් දෙකකින් හා සිංහ ශරීරයකින් යුක්ත මිනිස් හිස සහිත සත්වයෙකු වීමයි. ඒ අනුව අපිට හිතන්න පුළුවන් පියාපත් දෙකෙන් ගුවනින් පැමිණිමද, සිංහ සිරුර – සිංහ මිනිසුන් සංකේතවත් කිරීමට කියලා.

    මේ සොයාගැනීම ඉදිරියට ගෙන යන්නට තරම් අපිට මේ රටේ සම්පත් දැන් නැති බව සැබෑවකි... නමුත් එය ප්‍රතික්ෂේප කරන්නට එය සාධකයක් නොවේ.... පරයින් අපේ ඉතිහාසය අතුගා දමද්දින් අපේම උන් ඊට හූමිටි තැබීම තරම් නිවට කමත් තවත් තියෙයිද? මේ ආරාධනාව උන්ට... පුළුවන් නම් මේ පිළිබදව විස්තර හොයපල්ලා.... උඹලා ගරහන්නේ අපේම දේට මිස අවජාතක ඉතිහාසයකට නොවේ.

    -|උපුටා ගැනීම -වාලුකාවේ උකුස්සා |-

    You cannot give Reputation to the same post twice.:P:P:P:P:P
     

    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    මොන පොන්නයෙක්ද රාම ගෙන හොදට පුකේ අරවගත්ත එකෙක් නේ..