මාමී මාමී රාහු දසාවේ බුද අතුරු දසාවේදී ලග්නට රාහු අවහම මොකද්ද වෙන්නේ
රාහුගේ බුධ අන්තර් දසාව කියන්නේ මහ අමුතුම දසාවක්. ඒකට හේතුව රාහු කියන්නේ ඡායා ග්‍රහයෙක්, ඒ වගේම බුධ කියන්නේ තමන් ලඟ ඉන්න ග්‍රහයගේ ස්වාභාවය ගන්න ළදරුවෙක් වගේ ග්‍රහයෙක්. ඉතින් මේ දෙන්නටම කිසි ස්ථීර ගතිගුනයක් නැති නිසා මේයාලට දෘෂ්ඨි දෙන ග්‍රහයන්ගේ හා මෙයාලගේ නැකැත්තාධිපතීන්ගේ ගතිගුන ගොඩක් ඉස්මතු කරන්න බලනවා. කොහොම වෙතත් රාහු ලග්න ගත වීම නිසා ඇවිදීම් වැඩි කරන්නත්. ප්‍රසිද්ධිය තකා වෙහෙසෙන්නත්. ඒ නිසාම මානසිකව පීඩා කාරි තත්වයක් ඇති වෙන්නත් බොහෝ දුරට ඉඩ තියනවා. ඒ විතරක් නෙමෙයි වැඩිහිටියන් සමග ආරවුල් ඇති වෙන්නත් පුලුවන්.





+