ඔය කියන කතාව සම්පූර්ණ ඇත්ත... මාම අත්දැකීමෙන් කියන්නෙ... මොකද මම වැඩකරන්නෙ ඕමාන් වල, මම වැඩකරන්නෙ ඉතාලියන් කම්පැනි එකක, මම මෙතනට ආවෙ ප්රමාණ සමීක්ශක (QS) කෙනෙක් විදියට... මම ඇවිල්ල මාස 06 යක් යන්න ඉස්සෙල්ල බොසා මගේ වැඩ දැකල මට තව වැඩ පැවරුව... මම ඒවත් කරා, අවුරුද්දක් යද්දි බොසාට මාව නැතුව බැරි ගානට මම වැඩ ටික හැන්ඩ්ල් කරා..... බොසාට හිතාගන්නත් බෑ....
මම අවුරුද්දක් ඉවර වෙලා මම පඩිය වැඩි කරල ඉල්ලුව.... මම අහන්න ඉස්සෙල්ල පොර හිතාගෙන ඉදල තියෙන්නෙ මගේ පඩිය වැඩි කරන්න.... මම ඉල්ලුවට වඩා 1.5 කින් මගේ පඩිය වැඩි කරා.... ඒකෙන් මගේ ජීවිතේට ලොකු අත්දැකීම් ගොඩාක් ආවා... මම දැන් Assistant Resident Engineer (ARE) විදියටත් වැඩ කරනව..... ඒ මගේ වැඩ හොද නිසා.... වැඩ කරපු නිසා....