රැකියාවේ වැරදි හදාගමු

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    රැකියාවේ වැරදි හදාගමු

    රස්සාව කරනකොට අපි හැමෝටම සිද්ධවෙන වැරදි සිදුවීම. මම මේ ගැන පොඩි ලිපියක් දාන්න හිතුවා එළකිරියේ අපේ අය වෙනුවෙන්. මේක වෙබ් එකේ තිබ්බ ලිපියක් පරිවර්තනය කිරීමක් කියලා කියුවොත් හරි. පිටරට මනුස්සයෙක් වෙබ් එකක අහලා තිබුනා ඔහුට තිබුණ ප්‍රශ්ණයක්,

    "කොහොමද රස්සාවේදී මෝඩපහේ වැරදි සිදුවෙන එක වළක්වගන්නේ ?

    මම මෘදුකාංග ඉංජිනේරුවෙක් විදිහට පොඩි අයිටී උපදේශක කම්පැණියක වැඩ කරනවා දැන් අවුරුදු තුනක විතර ඉඳන්, මම හැමවෙලේම හොඳටම වැඩ කරන්න උත්සහ කළත් ඉතා නොසැලකිලිමත් සහ මෝඩ වැරදි මගේ වැඩවලදි වෙනවා. උදාහරණයත් විදිහට ඊමේල් එකක් දානකොට වැරදි පුද්ගලයෙකුට අරින එක, රිපෝර්ට් එකක වැදගත්ම කොටසක් අමතක වීම, ක්‍රියාකාරී සර්වරයක වැරදි නිමැවුමක් දැමීම, කෝඩ් එකක වැදගත් වැරදි හඳුනාගැනීම මගහැරීම වගේ ඒවා.

    කොච්චර උත්සහ කළත් වැරදි වෙන එක වළක්ව ගන්න, දිගටම මගේ අතින් ඒවා සිදු වෙනවා. මගේ කළමනාකාරවරයා මාත් එක්ක හෙන තරහින් ඉන්නෙ. ඔහු කියනවා “මේ වගේ ගොන් වැඩ කරන එක පලපුරුද්දක් තියෙන වෘත්තිමය කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ“ යි කියලා. ඒ වගේම ඔහු මට තර්ජනය කළා තවදුරටත් මගේ අතින් වැරදි සිදු වුනොත් ඉහළින් ඉන්න මැනේජර්ට මාව රස්සාවෙන් අයින් කරලා දාන්න, නැත්තං මාරු කරලා වෙන කෙනෙක් දාගන්න යෝජනා කරනවයි කියලා.

    ඉතින් කියන්න බලන්න, කොහොමද නිවැරදිව වැඩක් කරන්නේ, මොනවාද යොදාගන්න පුලුවන් උපක්‍රම සහ උපකරණ කියලා අතපසුවීම් සදහටම තුරන් කරලා දාන්න? "



    පිළිතුර 1 -
    කාරණා තුනක් තියෙනවා වඩාත් නිවැරදිව වැඩ කරන්න උදව් වෙන.

    • මාක් කරන්න පුලුවන් විදිහට ලයිස්තු හදාගන්න. ඒ වගේම තමන්ගෙ වැඩ කරනකොට අදාළ වෙන ක්‍රියාපටිපාටි ලියලා තියාගෙන ඒවා පිළිපදින්න. ඔයාගේ ප්‍රශ්ණය අනුව ගත්තාම “ඉලක්ක කරන්න හදන සර්වරය දෙපාරක් චෙක් කරලා බලන්න“ වගේ පියවරයන් ඒවාට ඇතුල් කරගන්න. වැඩේ හැටියට වැරැද්දක් සිදුවුනොත් එකේ ප්‍රතිවිපාකේ බරපතලයි නම් ලිස්ට් එක ප්‍රින්ට් කරලා පෑනෙන් ටික් කර කරම වැඩේ කරන්න.

    • තාක්ෂණය බොහෝ විට උදවු වෙන්න පුලුවන්, අපි කියමු අකුරක් ගහපු ගමන් ගණුදෙනු කරුවන්ගේ ඊමේල් ලයින් එකෙන් ලයින් එකට එනවයි කියලා ඉබේම, එහෙමයි කියලා සෙන්ඩ් බොත්තම ඔබලා දාන්න එපා. තප්පරයකට නැවතිලා බලන්න මොකක්ද හරියටම වැටුනෙ කියලා.

    • ඕනෑම වෙලාවක ඔබේ අතින් වැරැද්දක් උනාම, ඔබෙන්ම අහන්න “ඇයි ඒක සිදුවුනේ“ කියලා. මොන පියවර ද මගහැරියේ ? මොකක් දිහාද බැලුවේ නැත්තේ? ඇයි හරි දේයි වැරදි දේයි එක වගේ උනේ? කොහොමද ඔයාට පුළුවන් වුනේ ඔයා හරියට තමයි ඒ දේ කරන්නේ කියලා බොහොම ලේසියෙන් තීරණයකට එන්න? අර කලින් හදාගත්තු ලයිස්තු සහ ක්‍රියාපටිපාටි ඉගනගන්න පාඩම් එක්ක අලුත් කරගන්න.

    කාලයත් එක්ක ඔබතුල පුරුදු සහ පිළිවෙලක් ඇතිවේවි නිවැරදිව වැඩ කෙරෙන බවට සහතික වෙන්න. ඒකට කියන්නේ පළපුරුද්ද කියලයි.



    පිළිතුර 2 -
    නැහැ, ඔබ කියනවා වගේ අතපසුවීම් සහ වැරදි සිදුවීම් සදහටම තුරන් කරලා දාන්න බැහැ. නමුත් ඔබට හැකියාව ලඟාකරගන්න පුලුවනි වැදගත්ම ඒවා වළක්වාගන්න. වැඩක් කරනකොට තමන් මොකක්ද කරන්නේ කියලා සිහියෙන් කිරීම බොහොම වැදගත් වගේම ඒ වැඩේ බොහොම ආරක්ෂාකාරීව කරන්න පුලුවන් ක්‍රමවේද මොනවාද කියලා බැලීම වැදගත්.

    අවධානම්සහගත කාර්යයන් හඳුනාගන්න. ඔබට බැහැ දවසේ හැම තත්පරයකම වරදක් වේදැයි සිතමින් ඒ ගැන අවධානයෙන්ම ඉන්න - එදිනෙදා වැඩකිරීමේදී හැම කෙනෙක්ම අතින් පුංචි පුංචි දෝශයන් සිදුවෙනවා. ඒ බොහොමයක් අතපසුවීම් හා වැරදි වැඩි වෙහෙසක් නොදරා නිවැරදි කිරීමට හැකියි, එනිසා යමක් ලෙහෙසියෙන් විසඳාගත නොහැකි අන්දමට වැරදි අතට යෑමේ හැකියාවක් තිබේදැයි එය වැරදී යාමට පෙර හඳුනාගැනීම වැදගත්. ගණුදෙනු කරවන් සමග සන්නිවේදනයේදී, ඕනෑම අඩවියකට කරනු ලබන යෙදීමකදී, යම් ගොණුවකට විශාල වෙනස්කමක් කිරීමේදී ආදී වශයෙන් උදාහරණයන් දැක්විය හැකියි.

    සැමවිටම තමන් කුමක් කරන්නේදැයි ප්‍රශ්ණ කරන්න, ඔබ කරන දේ ඔබට තේරෙනවාද, ඇයි, සහ කොහොමද ? මේ දේ මීට වඩා ප්‍රවේශම් සහගත විදිහකට කළ හැකිද? ඔබට හොඳින්ම විශ්වාසද එය සිදුකිරීම හොඳයි කියලා නොකර සිටීමට වඩා? ආදී වශයෙන් ඔබෙන්ම ප්‍රශ්ණ කරන්න.

    අවධානමක් සහගත කාර්යයන් සිදුකිරීමට පෙර මදකට නැවතී සිතන්න. ලබන්නන්ගේ විද්‍යුත් ලිපින, මාතෘකාව, අන්තර්ගතය සහ ඇමිණුම් එකිනෙක පරික්ෂා නොකර ඊමේල් යැවීමෙන් වළකින්න. යම් කාලයක් ඒ සඳහා වැය වූවද එය පරික්ෂා කරන්න. ලිපියක් වැරදි ගණුදෙනු කරුවෙකුට යැවීමෙන් හානිදායක ප්‍රථිඵලයන් ඇතිවිය හැකිය. එබඳු තත්ත්වයක් උදාකරගැනීමට වඩා විනාඩියක් වැය කර එය පරික්ෂා කිරීම සුදුසුය. "හදිසියකදී" වුවත් නොසැලකිලිමත් ලෙස ඉමහත් කලබලයකින් කටයුතු කිරීමට පෙළඹෙන්නට එපා.

    නිවැරදි කිරීමට සැලැස්මක් සාදාගන්න, දෙයක් කරන විට යමක් වැරදී ගියහොත් කළ යුත්තේ කුමක් දැයි දැන සිටින්න. ඒ සඳහා සූදානම් වන්න මන්ද යත් ඔබ ඔබගේ දෝශය නිවැරදි කළ යුතු නිසාය. ඔබට ඒ ගැන අදහසක් තිබුණි නම් එය කලබල වීමකින් තොරව ඉක්මනින් කළ හැකිය. එමෙන්ම ඔබ යමක් වැරදියට කළා දැයි දැනගත හැකි ක්‍රමයන් මොනවාද? යමක් වැරදී ඇත්නම් එය ඉක්මනින් දැනගැනීමට වෙනත් ක්‍රමයක් තිබේ ද?


    ඉතිරි කොටස පරිවර්තනය කළ පසු දමන්නම්, මෙම ගිණුම මාගේ මිතුරෙකුගේ වන අතර රෙපයකින් දමා ගැසීමෙන් ඔහු සතුටට පත් වනු ඇත. :P කමනේට් එකක් දමා බම්ප් කිරීමෙන් මා සතුටට පත් වනු ඇත.

    ස්තූතියි! (උපුටා ගැනීමේදී එළකිරි.ඩොට්කොම් සබඳතාවය බහාලීමට කාරුණික වන්න) #NotTheOwner
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එළ මචන්...........................මේක පෙන්නන්න ඕන උන් ගොඩක් ඉන්නව. සිහිය එක අරමුණක තියාගන්න අමාරුනම්, වැඩ අධිකනම් හොඳම දේ කරන්න ඕන දේවල් වගේම කල කී දේවලුත් කාල වකවානු අනුව ලියා තියන එකයි.:yes:
     
    Last edited:
    • Like
    Reactions: t.dinusha

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    oya wage upset dial 16k mage team eke innawa..un 16gema weda thaniyen karanna hithenawa welawakata karana gon weda walata. Oya wage ewunta kochara kiwath hadenne na bung :angry:
     

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    එකම වරද කිහිප වරක් සිදුවෙනව නමිි, වෘත්තිය නිපුනත්වය ගැන තවදුරටත් සිතා බැලිය යුතුයි.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif