රැකියාව පැත්තෙන් උදවුවක් ඕනේ.......!!!!!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රැකියාව පැත්තෙන් උදවුවක් ඕනේ.......!!!!!!!

    Need-Help.png

    මචන්ලා මම වැඩ කරන්නේ, ණය සහ ණය අයකිරීම් සම්බන්ඳ කේෂත්‍රයක.. ඉතින් මේකෙදි විශේෂයෙන් අක්‍රමික වුන ණය අයකරගැනීම කියන කාර්යයට තමා මට මුල් තැන දීලා වැඩකරන්න වෙන්නේ.. ඒකෙදි අපි අනුගමනය කරන්නෙ සාම්ප්‍රදායික ක්‍රමයන් වන ණයකරුට දුරකථන ඇමතුම් ලබා දීම, ලියුම් යැවීම, විසිත්ත කිරීම වගේ ක්‍රමයන්.. මෙතනදි කියන්න ඕනෙ මම මේ කේෂත්‍රයට අලුත් කෙනෙක්.. ඉතින් මට දැනගන්න ඕනේ මේ අක්‍රමික ණය අයකර ගන්න සාම්ප්‍රදායෙන් එහා ගිය ක්‍රම ගැන අදහස් මොනවත් උඹලගෙ හිතට එනවනම් කියපල්ලා, ඊට අමතරව අක්‍රමික ණයකරු විසිත්ත කරන්න මම යද්දි මම මොන ආකරයෙන්ද හැසිරෙන්න ඕනේ.. ණයකරුව බියගන්වන්න පුලුවන් ක්‍රම, කොටින්ම අක්‍රමික වුන ණය ක්‍රමික කරගන්න මම කුමන වැඩ පිලිවෙලක් දියත් කල යුතුද..? මේ කේෂත්‍රයේ අත්දැකීම් තියෙන උන්ගෙන් විශේෂයෙන් මන් බොහෝම ගෞරවයෙන් සහය පතනවා..
    :yes::yes::yes:

    loan-sharks.jpg

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    mulinma baya karanna hoda nahe,shep eke katha karanna ona,bannoth company ekatath hoda ne,
    nithi margayata yomu wenawa kayala thma kiyanna ona,pluwan tharam suhadawa hasirenna..
     
    • Like
    Reactions: Pink panther

    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    mulinma umbata insurance ekak ganin, passe gym ekata gihin body eka hadaganin...in case of emergency nawaloka ekkagena yanna kiyapan.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළමුව කරුණාවෙන් කතා කරල ඇත්ත තත්ත්වෙ පහදල දෙන්න.....
    පළමු සහ දෙවන අවස්ථාව දෙන්න........
    තුන් වෙනි අවස්ථාවට යන්න කලින් හරි ගුරුවරයෙකු ගෙන් කුන්ග්-ෆූ (වින්ග්-චුවාන් ශෛලිය) ඉගෙන ගන්න.
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    Uba Seesar kenek newi nam ithin wali dala ganna eka therumak na :rolleyes:
    hodin katha karala professional katha karanna wenne, hodata iwasanna wei, kochchara kenthi giyath...:baffled:

    ubata satan kalawa kese wethath kadu shilpa igenaganna wei..
    narakada notinham giyoth:rolleyes:
    ada kale danne nadda kellek akamathi unath kaduwen kapana un ne inne :P
     
    blue_in_rio

    Well-known member
  • පළමුව කරුණාවෙන් කතා කරල ඇත්ත තත්ත්වෙ පහදල දෙන්න.....
    පළමු සහ දෙවන අවස්ථාව දෙන්න........
    තුන් වෙනි අවස්ථාවට යන්න කලින් හරි ගුරුවරයෙකු ගෙන් කුන්ග්-ෆූ (වින්ග්-චුවාන් ශෛලිය) ඉගෙන ගන්න.

    :rolleyes::rolleyes::rofl::rofl: ;);)
    11.gif
    11.gif
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Uba Seesar kenek newi nam ithin wali dala ganna eka therumak na :rolleyes:
    hodin katha karala professional katha karanna wenne, hodata iwasanna wei, kochchara kenthi giyath...:baffled:

    ubata satan kalawa kese wethath kadu shilpa igenaganna wei..
    narakada notinham giyoth:rolleyes:
    ada kale danne nadda kellek akamathi unath kaduwen kapana un ne inne :P
    hmmm :)
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ණයකරු සම්බන්දයෙන් හොද ඉවක් තියෙන්න ඕන
    01. මගේ අත්දැකීම් අනුව ණය පැහැර හැරීම් වලින් 80%ක් විතර වෙන්නේ ණයකරුගේ විසදාගත නොහැකි ප්‍රශ්නයක් නිසා උදා. ණයකරු අසනීපවීම හෝ ලගම ඥාතියෙකු අසනීප වීම වගේ තරුණක් නිසා
    02. හිතාමතා පැහැර හරින්නන් බේබද්දන් හෝ වංචනිකයින් වැනි අය

    මෙන්න මේ අය අදුනගන්ග ඉව අවශ්‍යයි
    ණය කරුවන් ණය ගෙවන්නේ යම් නිස්ච්ත දිනයකදී ඒ නිසා අදාල දිනයේ නොපැමිණි ණය කරු ට දුරකතන ඇමතුමක් දෙන විට ණය සම්බන්දයෙන් නොවිමසා “අද මොකද ආවේ නැත්තේ මම මේ අසනීපයක්වත්ද කියලා බැළුවේ වෙනදා මේ පැත්තේ එනවනේ ඒකයි කතා කලේ “ ආදී තෙරතුරු විමසීම
    ණය කරුවන් හමුවීමට යාමේදී නිතරම සුහදශීලී විම. තමනගේ ඇගට ගොඩ වෙනාට කවුරුත් කැමති නැත. ඒ නිසා සහදශීලිවම කතා කිරීම වඩාත් සුදුසුයි. බිය වැද්දීමද ඒ අයුරින්ම කල යුතුයි.“දැන් ඔයා මේ ණය ගෙවීම වාරික 06ක් කරලා නෑ.බැංකුවක් විදියට මේක තව දුරටත් ඇදගෙන යන්න අමාරුයි. අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ෙවනවා අපි කැමති නෑ අෙප් ගනුෙදනු කරුෙවකුට ඒෙහම කරන්න ඒ් නිසයි ඔයාට කියන්ෙන් හිග වාරික ටික ෙගවන්න අපි බලමු ෙමානවද කරන්න පුළුවන් කියලා "ලෙස කතා කරීමෙන් යහපත් ප්‍රතිථල ගන්න පුළුවන්
    එහෙමත් අහන්නෙ නැත්නම්කොහොමත් නීතිමය ක්‍රියා මාර්ග ගන්නෙවනවා. නිකං තග් දාන් ගිහිං ඉල්ලං කන්න ඕන නෑනේ
    කල් පසුණය අය කර ගැනීමේදී හැම විටම ආයතනයත් ණයකරුත් කියනදෙන්නවම ආරක්ෂාවෙන විදියට කටයුතු කළ යුතුයි:yes::yes::yes:
     
    උඹට මේ ගැන සෑහෙන දැනුමක් තියෙනවා වගේ, මන් උබෙන් තවත් විස්තර බලා පොරොත්තු වෙනවා...:D
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    උඹට මේ ගැන සෑහෙන දැනුමක් තියෙනවා වගේ, මන් උබෙන් තවත් විස්තර බලා පොරොත්තු වෙනවා...:D
    [FONT=&quot]මම ක්ෂුද්‍ර මුල්‍ය ක්ෂේත්‍රෙය්([/FONT][FONT=&quot]micro finance)[/FONT][FONT=&quot] වැඩ කරන්නේ. :D:D[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මට ණය කරුවො දහස් ගානක් මුණ ගැහිලා තියෙනවා. හැම තිස්සෙම ණය අය කරගැනීමේ වගකීම තියෙන්නේ ණය දුන් ආයතනය සතුව. ඒකට මානව සම්බන්දතා හොදින් පවත්වාගෙන යාහැකි සෙවකයින් පිරසක් සිටීම අනිවාර්‍යයි. :yes::yes:[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ණය කල් පහු උනාම ණය ගත්ත මිනිහටත් අමාරුයි දුන්න මිනිහටත් අමාරුයි. අපි හැම තිස්සෙම මතක තියා ගන්න ඕන අපි වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක කියලා.:yes::yes::cool: [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ණය දෙද්දී බලන්න ඕන මිනිස්සුන්ගෙ හැසිරීම දිහා. බේබද්දෙකුට ණය දීලා අය කරගන්න බෑ. :no::no:[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ණය දෙන්න ඕන ටික ටික රු 1000/රු5000/රු10000 [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒ විදියට එතකොට බලන්න පුළුවන් ගෙවන විදිය . :rolleyes::rolleyes:[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ණය අයකර ගැනිමේදී හැම විටම ණය කරුගේ අතීත වාර්තා සිහි තබා ගැනීම වැදගත්. අඛණ්ඩව ණය ගෙවා ගෙන ඇවිත් එක වාරිකයක් කල් පහු උනාම ණය කරු අපහසුකාවයට පත් කිරීම හොද නෑ. හේතුව සොයා බලා ආයතනය පැත්තේන් යමක් කල හැකි නම් එය ඉතා වැදගත්. :D:D[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ණය වාරික කීපයක් කල් පහුකර ඒ සියල්ල එක වර ගෙවා දමයි නම් මාසික වාරික ක්‍රමය එම ණය කරුට ගැලපෙන්නේ නෑ ඒ පිළිබදව සොයා බලා සුදුසු ක්‍රමයක් අනුගමනය කල යුතුයි. :yes::yes:[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ආයතිනය රැකෙන්නේ ණය කරුවන් ආවොත් විතරයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒ නිසා ඔවුන් ආරක්ෂා කර ගනිමින් ආයතනයත් ගනුදෙනු කරුත් දියුණු කිරිම කල යුතුයි.:cool::cool: [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ණය කරුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කල යුතුයි. කෙතරම් ණයපැහැර හැර තිබුණත් ඒ පිළිබදව අන් අයට පැවසීම නොකල යුතුයි. ආයතනයේ හොද නරක පිළිබදව කටින් කට ප්‍රචාරය වන දේ ඉතා වැදගත්. :no::no:[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]හැම විටම ණය ලබාදීමට කාන්තාවන් තෝරා ගැනීමත් නිසචිත ව්‍යාපෘති වලට ණය දීමත් මගින් ණය කල් පසුවීම් වලක්වා ගන්න පුළුවන්:yes::yes:[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ව්‍යාපෘත් සදහා ගත් ණය කල් පහු වෙනකොට ඒ සදහා ආයතන මට්ටමින් මැදිහත් වෙන්න බලන්න උදා. විදියට ටනල් වල එළවළු හදන්න දැන් හුගක් ආයතන මැදිහත් වෙනවා. දැන් බෙල් පෙපර් කිලොවක් රු 100/150 යි. මේ මිලට විකුණන එක පාඩුයි අපිට පුළුවන් නම් මැදිහත් වෙලා වෙළදපල හොයලා දෙන්න ආයතනය ගොඩ හැම පැත්තෙන්ම.:cool::cool:[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අපේ රටේ මුල්‍යායතන කරන්නේ ණය දෙනවා අයකරගන්නවා විතරයි. ඒකයි ණය මේ තරම් කල් පහු වෙන්නේ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ලිඛිත භාෂාව බෝරිං තමයි ගනන් ගන්න එපා[/FONT][FONT=&quot][/FONT]