රැකියා බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි පිහිටුවා ඇති ‘දිස්ත්‍රික් රැකියා කේන්ද්‍ර‘වල ලියාපදිංචි වන ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
මෙමගින් රැකියා අපේක්ෂිතයින් පුද්ගලික අංශයේ පවතින රැකියා පුරප්පාඩු සඳහා යොමුකිරීම සිදුකරනු ලබයි.
ඒ අනුව, පුද්ගලික අංශයේ රැකියාවක් බලාපොරොත්තුවන රැකියා අපේක්ෂිතයින් මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ www.dome.gove.lk වෙබ් අඩවිය තුළට පිවිස රැකියා අපේක්ෂිතයකු ලෙස ලියාපදිංචිවීමේ හැකියාව පවතී.
එසේ නොමැති නම්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටා ඇති දිස්ත්‍රික් රැකියා කේන්ද්‍ර වෙත ගොස් හෝ ළඟම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවට අනුයුක්ත මානව සම්පත් නිලධාරීන් හරහා ලියාපදිංචි වීමේ හැකියාව පවතී.
මෙසේ ලියාපදිංචි වන රැකියා අපේක්ෂකයින් සඳහා තම සුදුසුකම් හා කැමැත්ත පරිදි, දිස්ත්‍රික්කය තුළ පවතින පුද්ගලික අංශයේ රැකියා පුරප්පාඩු සඳහා යොමු කිරීම/සම්බන්ධීකරණය කිරීම දිස්ත්‍රික් රැකියා කේන්ද්‍ර මඟින් සිදුකරනු ලබයි.
මේ දිනවල රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් නිවසේ සිටම ඉහත වෙබ් අඩවියේ ලියාපදිංචි විය හැකිය.
එසේ නොමැති නම් පහත සඳහන් දුරකථන අංක අමතා වේලාවක් වෙන් කරගෙන අදාළ දිස්ත්‍රික්කයේ රැකියා කේන්ද්‍රය වෙත යොමුවිය හැකි බව මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව පවසයි.