රැග්කිරීම ලෝකයට ගෙනියමු!

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    රැග්කිරීම ලෝකයට ගෙනියමු!

    පහුගිය දා කට්ටාකාඩුවේ ලොකු අයියයි යකා අඩවියේ යකා මහත්තයයි රැග් සීසන් එක ගැන ලිපි දෙකක් ලියලා තිබ්බා දැක්කම මටත් හිතුනා ඒ ගැන වචනයක් දෙකක් ලියන්න. ලංකාවේ කැම්පස් වල මුල් දවස්ටිකේ වෙන දවස්වලට වඩා වෙනස් කටයුතු කීපයක් වෙනබව කට්ටියම දන්නවනෙ. ඕකට සමහරු කියනවා රැග් එක කියලා. ඔව්වා කාපුඅය ඒකට කියන්නෙ “ශිෂ්‍ය අනුගතකරණය” කියලා. ශිෂ්‍ය සංගංවල මහත්තුරුනං කියන්නෙ එහෙම දෙයක් නෑ කියලයි. එක එක අය එක එක නම් කියන හින්දා, මේ ලිපිය ඇතුලේ ඔය සංසිද්ධිය “වාතවීම” කියල හදුන්වමුකො. මුලින්ම කියන්න ඕන මේක ලියන මමනං ඔය සංසිද්ධිය අත්දැකලා නැති බව. ඒ හින්දා මේ ලියමනේ වැරැද්දක් අඩුපාඩුවක් දැක්කොත් වාත වුනු ඇත්තො පෙන්නලා දෙන්න ඕන හරිය?


    දැන් ඔය වාතවීම වාත වෙනකාලෙදිනන් පට්ට වාතයක් කියල හිතුනට, පස්සෙ කාලෙකදී ඒ අයට ඒ ගැන ලොකු අවුලක් නැතිපාටක් තමා පේන්නෙ. බොරුනං වාතවුනු කෙනෙක්ගෙන අහල බලන්නකො. මම ඇහුවමනං ඒ අය කියන්නෙම ඒක මාර අත්දැකීමක් කියලයි. සමහරු (මේ සමහරු කියලා කිව්වෙ වටින් බලන් ඉදලා පණ්ඩිතකම් කියන උදවිය) කියනවා වාතවුනාට පස්සෙ වාතෙ වාතයි කියල පිලිගන්න ලැජ්ජා හින්දා කට්ටිය බොරු කියනවා කියලා. සමහරු කියනවා වාත වෙන අය වාතෙට ආසා වෙන එක මානසික අසාමාන්‍ය තත්වයක් කියලා (ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් කියන්නෙ ඕකට). තව සමහරු කියනවා වාතෙ පල්ලෙහා බැජ්ජෙකේ ජුන්නන්ගෙන් ඇරගත්තම ඔහොම කියන්න වෙනවා කියලා. හැබැයි මම නං හිතන්නෙ ඔය මොකවත් නෙවේ, ඇත්තටම ඔය කියන විදිහෙ ෆන් එකක් ඇති කියලයි.


    දැන් මේක කියවන කැම්පස් නොවන අය (ඒ කිව්වෙ වාත වෙන ආතල් එක නොලබපු උදවිය) කලබල වෙන්න පුළුවන්. හැබැයි වාතේ ආතල් එක දන්නෙ වාතේ විදපු අය විතරයි කියන එක ඒ හැමෝම වටහා ගන්න ඕනෙ. ඒක නොවිදපු කෙනෙක්ට තේරෙන්නෙ නෑනෙ. එතකොට ඒක නොවිදපු කෙනෙක් ඒවා බොරුවට විවේචනය කරලා වැඩක් නැතිබව මතක තියාගන්න ඕන.


    දැන් කතන්දරේ මේකයි. ඔය කැම්පස් කියන ජාතිය ලංකාවේ විතරක් නෙවේනෙ - වෙන රටවල් වලත් තියෙනවා. එතකොට ඒ රටවල කැම්පස් වල මුල් දවස්වල වෙන්නෙ මොනවද? වැඩ පටන්ගන්න සතියකට විතර කැම්පස් එකයි ඉගෙන ගන්න ළමයිනුයි එකතු වෙලා සතියක් තිස්සෙ වැඩසටහනක් තියෙනවා. ඔය වැඩසටහනෙදි කැම්පස් එකේ හැමතැනටම කට්ටිය එක්කන් යනවා - කැම්පස් එකේ වැඩ වෙනහැටි පෙන්නනවා. ළමයින්ට හදාගන්න වෙන ලිපි ලේඛන ටික හදලා දෙනවා. ඒ අතරෙ හවස්වෙලා විනෝදගමනක් දෙකක් යනවා - සමහර විටෙක ගිනිමැලයක් - මැච් එකක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඔහොම ඕලාරික විදිහට මුල් සතිය ගෙවුනට පස්සෙ කැම්පස් වැඩ පටන්ගන්නවා. ඒක නං නිකන් කියෙව්වමත් ඈනුමක් දෙකක් ගියා නේද? කොටින්ම කිව්වනං කිසි ෆන් එකක් නැති ආරම්බයක් තමා තියෙන්නේ. ඇත්තම කියනවානං මම ඔය ළමයි දෙන්නෙක් තුන්දෙනෙක්ට පහදල දුන්නා ඔය සතියේ තියෙන කුසීතකමේ තරම!


    දැන් මට තියෙන අදහස මේකයි. මෙච්චර ආතල් වාතේ ලංකාවේ විතරක් තියෙන එක අපරාධයක් නෙවේද? ඇත්තටම අපි මේක අපේ බූදලයක් වගේ හංගන් ඉන්න එකෙන් ඒ ෆන් එක ගන්න තියෙන අවස්ථාව අනික රටවල ළමයිට අහිමි වෙන එක නේද වෙන්නේ? මට නං හිතෙන්නෙ කැම්පස් කොල්ලෙක්ට කෙල්ලෙක්ට ගන්න තියෙන මාර ෆන් එකක් වෙච්ච වාතේ අපි හංගන් ඉන්නෙ නැතුව ලෝකෙ ව්‍යාප්ත කරන්න ඕනි කියලයි. සමහර විට මේ ගැන ඇහුවම පිටරටවල අය විරුද්ද වෙන්න පුළුවනි - එක එක කුණු කතා කියන්නත් බැරි නෑ. ඔය සුද්දො සුද්දියෝ රෙදි උස්සන් එන්න බැරි නෑ -මානව හිමිකම් අරව මෙව්ව කිය කිය. මේ දේ අපි බලාපොරොත්තු වෙන්න ඕනෙ දෙයක්! මේකෙ තියෙන ආතල් එක ඒ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑනෙ - ඒක දන්නෙ වාතෙ කාපු කෙනෙක්ම තමා! ඇත්තටම හිතලා බැලුවොත් ඒ රටවල ලමයිගෙ එකමුතු බව වැඩිකරන්නත් මේක අවස්ථාවක් කරගත්තැහැකි!


    මම කියන්න‍ෙ අපි මේක යෝජනාවක් විදිහට ලෝකෙම ඉන්න විස්ස විද්‍යාල ප්‍රජාවට දාමු කියලයි. ලංකාවෙ කැම්පස් වලින් ලෝකෙට දායද වෙච්චි හොඳම දායදය මේ දේ වෙන්න පුළුවනි. හැබැයි මේ වැඩේට ලංකාවේ හැමෝගෙන්ම උදවු ඕන. ලංකාව‍ෙ අපේ දෙයක් වෙච්ච වාතෙ ලෝකෙට ගෙනියමු! වාතෙ ෆන් එක ලෝකෙ හැමෝඑක්කම බෙදාගමු! (මේ ක්‍රියාවලියේ වැදගත්කමයි ෆන් එකයි නොතේරෙන උදවිය මේ උතුම් වැඩේට උදැල්ල නොදා හිටින්න කියලා කරුණාවෙන් ඉල්ලා ඉන්නවා)


    https://praagiyathan.blogspot.com/2018/06/blog-post.html
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කොහෙද යන ගොබ්බයෙක් ලියපු චාටර් නූගත් කතාවක්. ළිං මැඩියාගේ ලෝකය ඌ ජීවත්වෙන ලිඳේ පරිධිය පමණක් වේ.
     
    Last edited:

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    කොහෙද යන ගොබ්බයෙක් ලියපු චාටර් නූගත් කතාවක්. ළිං මැඩියාගේ ලෝකය ඌ ජීවත්වෙන ලිඳේ පරිධිය පමණක් වේ.


    sarcastic widiata rag eka gana liyala thiyenne bro
     
    • Like
    Reactions: චගු

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    කොහෙද යන ගොබ්බයෙක් ලියපු චාටර් නූගත් කතාවක්. ළිං මැඩියාගේ ලෝකය ඌ ජීවත්වෙන ලිඳේ පරිධිය පමණක් වේ.

    :lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,589
    113
    "ලංකාවෙ කැම්පස් වලින් ලෝකෙට දායද වෙච්චි හොඳම දායදය මේ දේ වෙන්න පුළුවනි"

    Ethiopia wadiya yatin world rankings wala thiyena uni godakin mita wadi yamak balaporoththu wiya nohaka
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    "ලංකාවෙ කැම්පස් වලින් ලෝකෙට දායද වෙච්චි හොඳම දායදය මේ දේ වෙන්න පුළුවනි"

    Ethiopia wadiya yatin world rankings wala thiyena uni godakin mita wadi yamak balaporoththu wiya nohaka

    Campus walin karapuwa thiyenawa. Tikak hoyala balannako :D
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    කොහෙද යන ගොබ්බයෙක් ලියපු චාටර් නූගත් කතාවක්. ළිං මැඩියාගේ ලෝකය ඌ ජීවත්වෙන ලිඳේ පරිධිය පමණක් වේ.


    මේවා කියෙව්වහම හිනාවෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බෑ !!



    අනිවාර්යෙන්ම මේකා හද්දා වන්නියක ඉදලා එලියට ආපු බයියෙක් ! අනිවාර්යෙන්ම මු විමල්ගේ කතා අහලා ආතල් ගන්න , 2020 ගෝටට චන්දෙදෙන්න බලාගන ඉන්න, රාවනා කවදාහරි නැගිටියි කියල්ලා හිතන නුගත් බයියෙක් !!:P
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මේවා කියෙව්වහම හිනාවෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බෑ !!



    අනිවාර්යෙන්ම මේකා හද්දා වන්නියක ඉදලා එලියට ආපු බයියෙක් ! අනිවාර්යෙන්ම මු විමල්ගේ කතා අහලා ආතල් ගන්න , 2020 ගෝටට චන්දෙදෙන්න බලාගන ඉන්න, රාවනා කවදාහරි නැගිටියි කියල්ලා හිතන නුගත් බයියෙක් !!:P

    :lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මප සහතික ඇත්ත :yes: සිරි ලංකන් ඉස්ටයිල් රැග කියල සුද්දෝ කරනකොට කාටද ආඩම්බර නේද :love:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මේවා කියෙව්වහම හිනාවෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බෑ !!



    අනිවාර්යෙන්ම මේකා හද්දා වන්නියක ඉදලා එලියට ආපු බයියෙක් ! අනිවාර්යෙන්ම මු විමල්ගේ කතා අහලා ආතල් ගන්න , 2020 ගෝටට චන්දෙදෙන්න බලාගන ඉන්න, රාවනා කවදාහරි නැගිටියි කියල්ලා හිතන නුගත් බයියෙක් !!:P

    Ohoma muntama keanna epa bn duka hithey :lol::lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අමු හෙලුවන් යන්යි, වටිට් බොඩ් පැන් අහවල් එකේ බස්සගන්නයි. එකම හාල් මැස්සා සූප්පු කර කර කන්නයි. එක කොල්ලට කෙල්ලෝ 10 එක්ක අමු කුනුහරප කියල දෙන්නයි. බත් පතට වැලි දාල කන්නයි මුන්ට ආසව