රැග්-එක-දරුණුද?

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    රැග්-එක-දරුණුද?

    මේ ලිපිය මෙවර විශ්වවද්‍යාල ප්‍රවේශ ලබපු නංගිලා මල්ලිලා වෙනුවෙනි!


    හැමෝම මේ දවස් වල රැග් එක ගැන කතා වෙනවා. ඇත්තටම රැග් එක ඔය කියන තරමට දරුණුද කියන ප්‍රශ්නය ඔයාලට ඇති. හැමෝම ගොඩක් සතුටින් හමුදා පුහුණුවට සම්බන්ද උණානෙ. ඉතිං රැග් එක ඊට වඩා දරුණු වෙයි කියන්න ඇත්තටම හේතුවක් තියෙනවද?

    රැග් එක අතිශය අමානුශිකයි, දරුණුයි කියල අපිට සහතික වෙන්න පුළුවන්. හැබැයි අපි කියන පලියට ඒ දේ විශ්වාස කරන්න එපා. උසස් පෙල ඉහලින්ම සමත්වුනු විචක්ෂණශීලී ඔබ හැම දෙයක් ගැනම තර්කානුකූලව බලනව කියලයි අපි හිතන්නේ. ඉතිං මේ දේ ගැනත් පොඩ්ඩක් තර්කානුකූලව බලන්න අපි ආරාධනා කරනවා.

    https://docs.google.com/viewer​?a=v...​tZjlkOC00MzNlLWE0ODEtYzY1ZjA1Y​jUzZGY1&hl=en

    මේ තියෙන්නේ 'සිසු විනය පිලිබද, නවකවදයට හා ප්‍රචන්ඩත්වයට එරෙහි ජාතික ප්‍රඥප්තිය'යි. මේක සකස් කරල තියෙන්නේ UGC එකෙන් සහ උපකුලපති වරුනගේ මණ්ඩලයෙන්. මේ ප්‍රඥප්තියේ පහත දැක්වෙන දේවල් තියෙනවා. කියවලා බලන්න.

    "ADDRESS BY HON. ASOKA DE SILVA, CHIEF JUSTICE
    It is a commonly known factor that the strategy used within universities to promote anti- intellectual and anti-democratic behavior is ragging. Gone are the days when ragging was used as a jolly good way of freshers and seniors coming to know each other where both parties enjoyed the fun.

    අගවිනිසුරු ගරු අශෝක ද සිල්වා මහතාගේ දේශනය:
    විශ්ව විද්‍යාල තුල බුද්ධිමය නොවන හා ප්‍රජාත්‍රාන්තවාදී නොවන ක්‍රියා ප්‍රවර්ධනය කිරීමට යොදා ගන්නා සාධකය නවකවදය බව ප්‍රසිද්ධ කාරණයක්. නවක සිසුන් හා ජ්‍යෙෂ්ඨ සිසුන් එකිනෙකා හදුනාගැනීමට නවකවදය භාවිතා කල වකවානුව ගෙවී ගොස් අවසන්ය."


    "legislation in April 1998 quite aptly had this to say-. "Ragging has far too long been cruel, inhuman and degrading. Our society has been unable to deal with the root causes of ragging, and the anxieties, fears and frustrations of youth on
    which ragging has fed and flourished."

    1998 අප්‍රේල් මස ව්‍යවස්ථාදායකය ඉතා කාලෝචිතව මතු දැක්වෙන පාඨය කියන්නට යෙදුනි-. "නවකවදය දිගු කලක් මුළුල්ලේ ක්‍රෑර, අමානුශික හා නින්දාසහගත අයුරකින් ක්‍රියාත්මක විය.නවකවදයේ මූලබීජ සදහා පිලියම් යොදන්නට හා නවකවදයේ ප්‍රතිඵලයක් ලෙස තරුණ සිත් තුල ඇතිවූ සිත්තැවුල්, භීතිකාවන් හා අසහනකාරී ස්වභාවයන්ට පිලියම් යොදන්න සමාජය අසමත්ව ඇත."

    ක්‍රෑර, අමානුශික හා නින්දාසහගත; මේ දේවල් අපි කියන කතන්දර නෙවේ. මේ දේවල් කියන්නේ රටක ආරක්ෂාව, රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන වගකියන ව්‍යාවස්ථාදියකයයි. රටේ නීතියෙන් නවකවදය සිසුන්ට හිංසාකාරී දෙයක් විදිහට නම්කරලා නවකවදයේ යෙදෙන්නන්ට නීතියෙන් දඩුවම් දෙන්න පුළුවන් පනත් පවා සකස් කරල තියෙනවා. ඒකට ප්‍රධානතම හේතුව එහි තියෙන භයානක කමයි. හිතන්න; නවකවදය කියන්නේ සුන්දර අත්දැකීමක් නම්, නවකවදයෙන් ඔබව බේරන්න රටේ තීනිය මෙච්චර වෙහෙසෙන්නේ ඇයි?

    රැග් වෙච්ච කිසිම කෙනෙක් තමන් ලබපු හැම අත්දැකීමක්ම අනෙක් අය සමග බෙදා ගන්නෙ නෑ. ඒකට හේතුව එහෙම බෙදා ගන්න තියෙන ලැජ්ජාව. හැබැයි ඔයාලට රැග් වෙච්ච තමන්ගෙම අයියෙක් හරි අක්කෙක් හරි ඉන්නවනං, රැග් එකේ ඇත්තට වෙන්නෙ මොකක්ද කියලා එයාලගෙන් අහල බලන්න. ඒ විදිහට විවෘතව කතා කරොත් රැග් එකේ නියම යථාර්තය තේරුම් ගන්න සමහරවිට ඔයාලට පුළුවන් වේවි.

    නවකවදයට ලක් කිරීම රටේ 'අපරාධ නීතිය' යටතේ දඩුවම් ලැබිය හැකි වරදක්. සමහර විට මේ ගැන ඔයාලට අවබෝධයක් නැතුව ඇති. රටේ නීතිය සිවිල් නීතිය, අපරාධ නීතිය කියල කොටස් දෙකකට බෙදෙනවා. ඉඩම් නඩු වගේ දේවල් වැටෙන්නේ සිවිල් නීතිය යටතටයි. ස්ත්‍රී දූෂණ, මිනිමැරීම් වගේ භයානක අපරාධ වැටෙන්නේ අපරාධ නීතිය යටතටයි. ඔබේ අයියලා අක්කලා ඔබට ආදරයෙන් දායාද කරන්න යන නවකවදයත් දරුණු ගණයේ අපරාධයක් විදිහට නීතිය හදුන්වලා තියෙනවා කියලා ඔබට තේරෙනවා ඇති. ඒ ඇයි කියලා පොඩ්ඩක් හිතල බලන්න.

    මේ දේවල් කියන්නේ අපි නෙවේ. ලෝකයම පිලිගත්ත රටේ වියතුන්. කාවද විශ්වාස කලයුත්තේ කියලා තීරණය කරන්න ඕනේ විචක්ෂණශීලී ඔබයි.
     
    • Like
    Reactions: e4dilshan

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔය කාටද කඩේ යන්නේ??:lol::lol:කොකා උනත් කමක් නැ...ඔයාම කියල තියෙනවනේ රැග් උනා කාගෙන් හරි අහන්න කියල..එයල කියන නැ කියල...:dull:..කියන නැ තම රග උන ආය කාවවත් පවා දෙන්නේ නැ...එනිසා ඇහුවට වැඩක නැ..එත් මේ මගේ අදහස මම කියන්නේ...ඊට කලං ඔය කියනන් ඔය මොන කැම්පස් එකේද???:rolleyes:ඔය රැග් උනාද??නැද්ද??නැති කෙනෙක්ට කොහොමත් පිටින් බලල කතා කරන්න බැනේ..අද කලේ හුගක් දෙවල් එහෙමනේ..පිටින් බලල කැ ගහනව ඇත්ත තත්වේ දන් නැතිව....:lol::lol:


    රැග් හොද නරක 2 ම තියෙනව...රැග් එකේ හොදක් නැත්තම් ඕක මෙච්චර කාලයක් තියෙන නැ...අනික කව්රුවත් සම්පුර්ණයෙන්ම නතර කරන උත්ත්ස කරානෙත් නැ...එහෙම ඔනෙනේනම් ඕන තරම් කරනං පුළුවන්...lec උනත් කියන්නේ ඔක්කොමල එකට ඉන්න කියල...

    අපිට කව්රු හරි අපි කැමති නැටි දෙයක් කරනං කිවොත් බැ කියනන් පුළුවන්..කාටවත් බැ අගට අත තියනවත්...ගැනු ළමයෙක එක්කනම් සින්නෙක්ට බැ බැච් එකේ කොල්ලෙක් නැතිව තනියම කතා කරන්න්නවත්...ඔකේ නීති මාලවක් තියෙනවා...ඒවාට පිටින් යන අයට එයාලගේ සින්නො බනිනවා...අනික අපේ කැම්පස් එක මෙච්චර ලස්සනත් ඕක නිසා..ඔය දැකල තියෙනවද පෙරා වල තණකොළ ගොල්ලේ කව්රුවත් ඇවිදිනවා එහෙම විද්දනම් ඒවා මැරිලා ගණන දෙයක් නැති වෙනවා..අනික කොළයක්වත් බිම දන් නැ කව්රුවත්...ඕව මෙච්චර් කාලෙකට රැකුණේ ඒවා නිසා තම...අනික ඉස්කෝලයක් නෙවේ කැම්පස් එක කියන්නේ..ළමයි අතාරේ කොච්චර විෂමතා තියෙනවද??ඒවා අපි දකින්නේ මෙහාට අවහම තම...ඉස්කෝලේ එක පන්තියක ඉන්න කෙල්ලෝ ටිකක්වත් කොල්ලෝ ටිකක්වත් වගේ නෙවේ කැම්පස් එක...:)එක එක පැති වලින් එක එක ජාතියේ ආය එනවා...අනික වයස් පරතරත් තියෙනවා...දුප්පත් පෝසත් බෙදා තියෙනවා...ඕක නිසා ඒවා හැම එකම නැති වෙනව...මගේ ඉස්කෝලේ එක පන්තියේ හිටිය යාළුවගේ අග හිගමක් දන්නේ අපි කැම්පස් අවට පස්සේ ඒවා දැනගත්තම මට ලජ්ජත් හිතුන..ඊ මම එයට කලින් උදව් කරේ නැත්තේ කියල...අපි සේරම එකතු වෙලා පස්සේ එයට උදව් කර,,,ඒවගේ ළමයි ගොඩක් ඉන්නවා...කැම්පස් එක කියන්නේ වෙනම ලෝකයය්ක්...අපේ අම්මල ඉන්නේ අපිට ගොඩක් ඈතින් එතකොට...මෙහෙ අපිව ආරක්ෂා කරනං ඉන්නෙත් සහෝදරයෝ වගේ ඉන්න බැජාල ටික...මමත් ඉස්සර පිරිමි ලමයෙක් එක්ක කතා කරනත් බයයි,,,එත් දන් එහෙම නැ..අතින් ඇල්ලුවත් ඒ වල් ක්මාට් නෙවේ සහෝදරකමට් කියල මුලින්ම දැනුනේ එදා...අපි සයවල් අදාල පිළිවෙලට ඉන්න ඕන...අදටත් කෙල්ලෙක් හොද නැති ඇදුමක් ඇන්දොත් කොල්ලෝ ඇවිත් කෙලින්ම කියනව අඩුම හොද නැ කියල...නැතිව වල් කමට බලන නැ...කැම්පස් අවහම ගොඩක් දේවල් වෙනස් වෙනවා...ඒවා නිසා තම හුගක් අයය එකට ඉන්නේ..තව ගොඩක් දේවල් තියෙනවා..


    ඔනම් දෙකට මුණ දෙන්න අත්මෂක්තියක් තියෙන්න ඕන කොල්ලෙක් උනාම..ඩිප්ස් 5 10 ගැහුවා කියල මැරෙන් නැනේ...ඕව බැරිනම් වැඩක නැ...පව්ඩර් බබා ලා වගේ ඉදල වැඩක්ද කොල්ලෙක් උනාම..කෙල්ලොන්ට ඕව මොකවත් නැ..මම නම් කියන්නේ කිසිදඑකට බය වෙන්න දෙයක් නැ...තමන්ගේ කොන්ද හොදට පන තියෙනවනම් තමන් ඉන්න ඕන විදිහ දනන්වන්ම් රැග් ඇති වරදක් නැ,,,ලොකු කම පෙන් නන් නැතිව ඉන්න...හැමෝම එක වගේ කියල හිතානං...ලංකාව උරම හොද යාලුවෝ ඇති වෙය් එතකොට...මම කියාන් එහෙමයි නංගිලා මල්ලිලා...අනික දේශපාලනේ අන්තරේට අපිත් නැ...උද්ගෝෂණ වලට අපි යන්නෙත් නැ...කැමති ආය විතරයි ඒවාට යන්නේ...මටනම් දේශපාලනේ තියෙනවා කියල තෙරෙනෙත් නැ...:dull:

    අනික ඒ කලේ හරිම සුන්දරයි..අපි ගොඩක් විනෝද උනා...දුක් වින්ද සේරම එකට...පස්සේ මතක කරලා හිනා වෙන්නවත් තියෙනේ ඒවා විතරයි..ඊට පස්සේ ඉගෙන ගන්නවා ගණන්ව ඉවරයක්‌ නැ...ඒ කලේ මතක වෙනකොටත් අසයි...(ඒ කලේනම් අස නැ)එත් පස්සේ අස වෙනවා...


    මම මේ කිවේ මගේ පුද්ගලික අදහස..ඔයාල මෙකට එකග නොවෙන්නටත් පුළුවන්...මම අයිමත් කියන්නේ කැම්පස් එකට නොය ඒ ගැන කටත් කරත වැඩක නැ...මම කිවේ මගේගේ අත්දැකීම් වලින්...කව්රු කොහොම කිවත් රැග් එක සමහර කොටස් අනිවායෙන් අවශයි....:):):)
     
    Last edited:
    • Like
    Reactions: nlasasatha
    ළමයින්ට වධ දෙන කාලකණ්නි බල්ලොංව ශිෂ්‍යභාවය අහෝසි කරලා මාස 6කට විතර අච්චු කොරන්න ඕනේ එතකොට කරපු බලුවැඩවලට ජීවිතෙන්ම වන්දිගෙවන්න වෙනවා කෙසේ වෙතත් හෙට මගේ කොමෙන්ටුව දැක්කාසම දැක්කාම ලියෝ ලංකා මල්ලි මොනවා කියයිද මංදා :lol: ළමයි කියලා අනුකම්පා කරන්න බැහැ උං ළමයි නෙවෙයි තිරිසන් හැත්ත.
     

    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26
    0
    රෝප්;10700692 said:
    ළමයින්ට වධ දෙන කාලකණ්නි බල්ලොංව ශිෂ්‍යභාවය අහෝසි කරලා මාස 6කට විතර අච්චු කොරන්න ඕනේ එතකොට කරපු බලුවැඩවලට ජීවිතෙන්ම වන්දිගෙවන්න වෙනවා කෙසේ වෙතත් හෙට මගේ කොමෙන්ටුව දැක්කාසම දැක්කාම ලියෝ ලංකා මල්ලි මොනවා කියයිද මංදා :lol: ළමයි කියලා අනුකම්පා කරන්න බැහැ උං ළමයි නෙවෙයි තිරිසන් හැත්ත.

    :):):):):):):):)
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    රැග් වෙච්ච කිසිම කෙනෙක් තමන් ලබපු හැම අත්දැකීමක්ම අනෙක් අය සමග බෙදා ගන්නෙ නෑ. ඒකට හේතුව එහෙම බෙදා ගන්න තියෙන ලැජ්ජාව. හැබැයි ඔයාලට රැග් වෙච්ච තමන්ගෙම අයියෙක් හරි අක්කෙක් හරි ඉන්නවනං, රැග් එකේ ඇත්තට වෙන්නෙ මොකක්ද කියලා එයාලගෙන් අහල බලන්න. ඒ විදිහට විවෘතව කතා කරොත් රැග් එකේ නියම යථාර්තය තේරුම් ගන්න සමහරවිට ඔයාලට පුළුවන් වේවි.

    :yes::yes::yes:
    mchn uba kiyanne rag wenna epa kiyala neda?:rolleyes::rolleyes::rolleyes:
    :lol::lol::lol:
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    :yes::yes::yes:
    mchn uba kiyanne rag wenna epa kiyala neda?:rolleyes::rolleyes::rolleyes:
    :lol::lol::lol:

    ඇතුල්ට එන්න ඉන්න අයගෙ ප්‍රශ්ණයක් අල්ලලා ලිව්වේ ඕක. ගොඩදෙනෙක් අහනවා රැග් එක දරුණුද කියලා. ගොඩදෙනෙක් හිතන් ඉන්නේ හමුදා පුහුණුව වගේ ආතල් ලෝකයක් මෙතනත් තියෙනවා කියලා.

    වෙන්නෙ මොකක්ද කියලා හරියට දැනං වාත වුනත් මටනං ප්‍රශ්නයක් නෑ. වාත වෙනවද නැද්ද කියන එක ඒ ඒ පුද්ගලයගෙ තීරණයක්. එයාලට වාත වෙන්න එපා කියන්න මට අයිතියක් නෑ:)
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    kawru hari me sare uni yana kenekuta rag karanna haduwoth shape eke complain karapan.puluwan num rag dena ayage private details hoyagena kelinma SB ta inform karanna
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    රැග් දෙන බල්ලන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කරලා රජයේ රැකියාවක් කරන්න තියන සුදුසුකමත් නැති කරන්න ඕනි.. කැම්පස් යන හරක්. දැන් මේක ගුරු විද්‍යාල වලටත් පැතිරිලා. මුන් ගුරුවරු නෙමේ හරක්.. ඔව කරන එවුන් කැම්ප්ස් වලින් පැන්නුවා නම් ආයි එන එවුන් කරන්නේ නෑ...
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    kawru hari me sare uni yana kenekuta rag karanna haduwoth shape eke complain karapan.puluwan num rag dena ayage private details hoyagena kelinma SB ta inform karanna

    :lol::lol::lol: එව්වා කොහෙද......අල කරනවා අලි ද......:lol::lol::lol:

    මෙහෙමයි.........ෆිසිකල් දෙන එකටනං මාත් විරුද්ධයි.......වාතේ ඕනවට වඩා කල් අදින එකටත් මම විරුද්ධයි..........ඕනවට වඩා වාත කරහම තමයි කට්ටියට එපා වෙන්නේ..........සමහර කැම්පස් වල රැග්‍ දෙනව මහා දරුණු විදියට...........එකනම් අනිවා නවත්තන්න ඕනේ...........අනික මේකෙන් එක එක දේශපාලන පක්ෂ වලට මුකුත් නොදන්නා ජුන්නෝ බා ගන්න දෙන්න නරකයි....
    කැම්පස් එකට පොඩි අය ආවම උන අහසෙන් වැටිලා වගේ.......ඔහේ එක එක තෙල් කාරයෝ පස්සේ යනවා.........උන්ව හරි පාරට දාල ඇකඩමික් වැඩ වලට උදව කරන්න ඕනේ.......එක අපේ වගකීමක්.........
    :):):):)
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අපි කැම්පස් ආපු මුල් දවස් වල අපේ කොල්ලෝ වගයක් කොහේදෝ බෝඩිමකට එක්කන් ගිහින් අන්තරේට බැඳ ගන්න හදල...හෙන තෙලක් බස්සල තිබ්බ උන්ට....පස්සේ අපේ අයියලට එක ආරංචි වෙලා එයාල ඇවිල්ල අපිට හොද ලෙක්චර් එකක් දුන්න.....

    උබලයේ අම්මල තාත්තල මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් අමාරුවෙන් මෙහෙ අවේ එක එක උන්ට කඩේ යන්නවත් පෝස්ටර් ගහන්නවත් බෝඩ් උස්සන් ඉන්නවත් නෙවේ....

    ඒ නිසා පාඩුවේ ඉදන් ඉගෙන ගනින්....ඕනේ දෙයක් තියේනම් අපිට කියපන් අපි සල්ලි උනත් දෙන්නම්....එක එක උන්ට රැවැටෙන්න එපා කියල......

    මට එක අද වගේ මතකයි...........ඒ නිසා මම අපේ සීනියර් ල ගැන මාර පැහැදීමක් ඇති උනා....
     

    ruwan296

    Member
    Jun 5, 2011
    393
    28
    0
    Kandy
    kawru hari me sare uni yana kenekuta rag karanna haduwoth shape eke complain karapan.puluwan num rag dena ayage private details hoyagena kelinma SB ta inform karanna

    මචන් උබේ කොන්දක් තිබේද කියා අතගා බලපන් සමහරවිට ඇති
    yako face to face wedakarapan
     
    Last edited:

    ruwan296

    Member
    Jun 5, 2011
    393
    28
    0
    Kandy
    අපි කැම්පස් ආපු මුල් දවස් වල අපේ කොල්ලෝ වගයක් කොහේදෝ බෝඩිමකට එක්කන් ගිහින් අන්තරේට බැඳ ගන්න හදල...හෙන තෙලක් බස්සල තිබ්බ උන්ට....පස්සේ අපේ අයියලට එක ආරංචි වෙලා එයාල ඇවිල්ල අපිට හොද ලෙක්චර් එකක් දුන්න.....

    උබලයේ අම්මල තාත්තල මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් අමාරුවෙන් මෙහෙ අවේ එක එක උන්ට කඩේ යන්නවත් පෝස්ටර් ගහන්නවත් බෝඩ් උස්සන් ඉන්නවත් නෙවේ....

    ඒ නිසා පාඩුවේ ඉදන් ඉගෙන ගනින්....ඕනේ දෙයක් තියේනම් අපිට කියපන් අපි සල්ලි උනත් දෙන්නම්....එක එක උන්ට රැවැටෙන්න එපා කියල......

    මට එක අද වගේ මතකයි...........ඒ නිසා මම අපේ සීනියර් ල ගැන මාර පැහැදීමක් ඇති උනා....

    mokadda ban anthare kiyanne
    ;);););););););)
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    mama pera wala ...mam mokuth kiyanne ne oka gena...nikan athulata ena ewnwa bya nokara idapan...buru katha nokiya...campus athule thiyena prazna walata visadum nodi ewa rag eken wahanda hadana ewnta uda gedi dila....meka dapu kenata kiyanne...machan uba waren niwaduwaka pera walata...ma sahathika wennam idum hitum hemadema gena...e karala balapan athula kochchara lassanada...kohomada kollo kelllo athre thiyena ekamuthuwa...faculty athre thiyena ekamuthuwa....moratu o cmb wala inna ekekgen ahala balapalla eka batch eke unuth komada bedila inne kiyala...colombo set wenama...dakune un wenama...eka ekage munawath balanne ne samahara ewn...kollekta kunuharupen bennama athiwena manasika athathuya gena katha karana ewn,car walin behela dahas ganan wala phones thiyagena inna ewn ekkala inda wena ,gedara badu tikath ukas karala campus awa ekekta athi wana manasika athathiya gena katha karanne ne....campus giya bahutharayakagen ahapall machanla...campus life eke lassanama kale mokadda kiyala...ona ekek kiyanne rag wechcha kale gaththu athal eka kawadawath gaththe ne kiyala...wena mukuth ona ne..freshala tikak apuwama ona ekekta therenawa mun aluth ewn kiyala...polimata yaddi roththa pitin,,..ubala dekala thiyenawda ehema yana ewn diha fnl year ewn,smtms sirla kochchara adaren asawen balan innawada kiyala..hariyata api podi ekek schl yaddi balan innawa wage..e kaleta yanda asawen...okai aththa thama...eka ekata hithena vidihata rag karanda be yakoo....oya ena aluth ekek gena 2nd year eun enda kalin idala hoyanawa yakoo...uge pawl pasubima monada....leda mukuth thiyenawada...oya serama hoyanwa...kiyala wedak ne mewa...sekayak tiyenawanm machanla warella...sathiyak dekak athule fun eke idala yanda.....