රැඩිකල් රස්තියාදුව

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රැඩිකල් රස්තියාදුව

    මුලු බුකියම පිටසක්වල ජීවීන් ආක්‍රමණය කළ පෘතුවියේ වෙස් ගෙන ඇත. එනම් මෙතෙක් කල් අප අතරම, අපිද නොදැන ජීවත් වෙමින් සමාජයෙන් සැඟවී සිටි "අමුතු ජීවින්" පිරිසක් කල එළි බැසීම හේතුවෙනි.

    බුකිවාසීන් මෙම "අමුතු ජීවින්" හදුන්වන්නේ 'රැඩිකල්ලු' ලෙසය. ඇතැමෙක් 'කාලකන්නි' 'අපතයො' වැනි නම් වලින්ද මේ ජීවින් හදුන්වා තිබෙනු දැක ගත හැකිය.

    ජීවිතේ මුල්ම වරට "රැඩිකලයෙක්" දුටු බොහෝ බුකිවාසීන් අන්ද මන්ද වී සිටින නිසා මා පසුගිය දින කිහිපයේ රැඩිකලුන් අධ්‍යනය කරමින් කාලය ගත කළේය.. එහිදි රැඩිකලුන් පිළිබද ඔබ මවිත කරවන, ඔබට වැදගත් විය හැකි බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය..

    හඳුනා ගැනීම!

    රැඩිකලයෙක් හඳුනා වෙන් කරගැනීම එතරම් අපහසු ක්‍රියාවක් නොවේ.. එය විද්‍යාගාරයක ලිට්මස් පරීක්ෂණයකට නොගොස් සරලව සිදු කර ගත හැකිය.

    බුකියේ ඡායාරූපයකින් පවා රැඩිකලයෙක් පහසුවෙන් වෙන් කර හඳුනාගැනීමට හැක.

    අපිලිවෙලට වැවුනු කොන්ඩය, රැවුල, ඉරුනු ඇඳුම් රැඩිකලයන්ට ආවේනික සංකේතය. ඊට අමතව බීර විදුරුවක්, ගංජා සුරුට්ටුවක් අතෙහි රුවා සිටිනවා නම් ඒ රැඩිකලයෙක් වීමේ ඉඩ ඉතා වැඩිය.

    සැබෑ ජීවිතයේදී රැඩිකලයෙක් හඳුනා ගැනීම තරමක් අපහසුය. ඒ සාමාන්‍ය සමාජයේදී රැඩිකලයන් සිය අන්‍යයතාවය පෙන්වීමට එතරම් ප්‍රිය නොකීරිම නිසාය.

    කුලෑටි ගතිය, සමාජයෙන් කොන් වී සිටිම හා අසලින් ගිය විට උරුලෑවෙක් සිහිගන්වන දුඟද රැඩිකලයෙක් සාමාන්‍ය ජීවිතයේදී හඳුනා ගත හැකි ලක්ෂණ ය.

    සිතුම් පැතුම්!

    රැඩිකලයන් සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් චින්තනයක් සහිත ජීවින් පිරිසක් යැයි පෙන්වීමට ඔවුන් නිරතුරුවම උත්සාහ කරති.. සාමාන්‍ය මිනිසුන්ට වඩා දාර්ශනික ස්වරූපයක් ආරෝපනය කරගැනීමට රැඩිකලයන් ඉතා ප්‍රිය කරයි.

    සරල උදාහරනයක් ලෙස ඔබව හදුන්වා දෙන්න යැයි අසනා ඉතාම සරල පැනයට පවා රැඩිකලුන් සතුව ඇත්තේ අතිශය සංකීර්ණ පිළිතුරකි..

    උක්ත සරල ප්‍රශ්නයට

    "මං ආසයි මාව 'ඇඩවර්ටයිසින්කාරයෙක්' විදියට හඳුන්වලා දෙන්න. මම සරල දේවල් අස්සේ ලොකු දෙවල් යටි පෙළක් විදියට ගොඩනගනවා. ඒක හෙජමොනියට අවුල් වීම මේ සිස්ටම් එකේ වරදක්" වැනි කුණුහරුප පිළිතුරක රැඩිකලුන්ගෙන් ඔබට ලැබෙනු ඇති.

    දර්ශනය!

    රැඩිකලුන්ට අනුව ඔවුන්ට සාමාන්‍ය මිනිසුන්ට වඩා උසස් දැක්මක්, බුද්ධියක් පවතී. එම නිසාම තමන්ගේ රසවින්දනය සාමාන්‍ය මිනිසුන්ට වඩා ඉතා ඉහළ යැයි රැඩිකලුන් කියති.

    ඔවුන්න්ගේ නිර්මාණශීලිත්වය කොතරම්ද යත් ඕනෑම රෙද්දක් කලාත්මකව සහ දාර්ශනිකව දැකීමේ කුප්ප හැකියාවක් රැඩිකලුන්ට ඇත.

    වරක් අප ගමේ සිටි එකම රැඩිකලයා වූ අබිලිංට මේ උසස් රසවින්දනය නිසා අපූරු අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය.

    අබිලිං ප්‍රේම කෙරුවේ ගමේම සුන්දර තරුණිය වු කුසුමාටය.

    එහෙත් නෝංජල් පෙනුමකින් යුත් අබිලිංට කොතරම් උත්සාහ කළද කුසුමාගේ හිත දිනා ගැනීමට නොහැකි වීම එතරම් මවිත වීමට කරුණක්ද නොවේ. දිනක් පිට ගමකින් කුසුමාගේ නිවසට පැමිණි කඩවසම් තරුණයෙකු නිසා ඇයගේ පිටගම්කාර පෙම්වතා පිළිබඳව ගමම දැන ගත්තේය.

    සිත් බිඳීමත්, තමන් පණ මෙන් ආදරය කරනා කුසුමා තවකෙකුට හිමි වීමත් අබිලිංට දැඩි සිත් වේදනාවක් විය. ආදරයේ නාමයෙන් මීළගට සිදු කළ යුතු දේ ඔහු දැන සිටියේය.

    පසුදිනට හිරු පහන් වූයේ මුලු ගමම එකම කලබගෑනියකිනි. කුසුමා පිළිබඳ අමු කෙබර ලියා ගම පුරාම කැළෑ පත්තර අලවා තිබීම ඊට හේතුවයි. සුදු පත්තරයේ කහ පැහැති වර්ණ ගැන්වූ පසුබිමක රතු අකුරින් ලියූ කැළෑ පත්තර දුටු විට එය කාගේ වැඩක් දැයි සිතා ගැනීම කුසුමාගේ සහෝදරයන්ට අපහසු නොවීය..

    මුලු ගමම සමග පොලු මුගුරුද රැගෙන මිනිත්තුවක් හෝ පමා නොවී ඔවුන් අබිලිංගේ නිවසට යන්නේ ඒ නිසාය..

    ගමේ දාමරිකයා ලෙස ප්‍රසිද්ධ කුසුමාගේ බාල සොහොයුරා නිවස තුලට ගොස් බෙල්ලෙන්ම අල්ලා අබිලිං පිරිස ඉදිරියට ගෙන ආවේය..

    කුසුමාගේ වැඩිමහල් සොහොයුරා සංසුන් ය. අහිංසකයෙකුට තඩි බෑම කිසිදින අනුමත නොකරන ඔහු පිරිස ඉදිරියේ අබිලිංගෙන් ප්‍රශ්න කිරීම ඇරඹිය..

    "උබද අපේ නංගිට කැළෑ පත්තර ගැහුවේ?"

    "ඔව්"

    සිය පා ඇගිලි තුඩු වලින් පොලව හාර හාරා බිම බලා සිටි අබිලිං කෙදුරුවේය.

    "ඇයි උබ එහෙම කලේ?" කෝපය පිට වෙන රත්වූ දෑසින් යුත් කුසුමාගේ වැඩිමහල් සොහොයුරාගෙන් තවත් ප්‍රශ්නයකි.

    පිරිස දෙස බැල්මක් හෙලු අබිලිං උගුර පාදා පෙර සිට සුදානම් කර ගත් කොලය අතට ගෙන එය දෙස බලා සිය කතාව ඇරඹිය..

    "ඒ කැළෑ පත්තරය මගේ නිර්මාණයක්. ඒකෙන් කුසුමට අපහාස වෙලා නම් විවාදයකට එන්න. මෙහෙම ගෝත්‍රිකයො වගේ පොලු අරන් ගහගන්න එන්නේ නැතුව. නිර්මාණ කරන එක කලාකරුවගේ වැඩක්. නිර්මාණ වාරණය මහා ගෝත්‍රික සමාජ ලක්ෂණයක්. කලාව වාරණය කරන මේ ගෝත්‍රික පසූගාමි ගම කොහොම දියුණු ...." අබිලිංට කියන්නට හැකිවුයේ එපමණය. ඉන්පසුව සිදුවූ දේ විස්තර කිරීමට අවැසි නොවේ.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සෙසු රැඩිකලයන්ටත් ලගදීම "අබිලිං"ට සිදුවූ දේ සිදුවන බව නම් විස්වාසය.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහේ අබිලිංලට නම් ජහපාලන ආරක්ෂාව තියෙනවා.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    33530490_10211551280568911_1361657061221335040_n.jpg
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    :rofl:

    ඔය වෙන්න රැඩිකල්ලු හිතාගෙන ඉන්නේ ගංජා ගැහුවාම දිව්‍ය ඥානය පහළවෙනවා කියලා...
    හරි සිහියක් නැතිව ලියන ගොන් හෑලි දාර්ශනික ලේඛන කියලා... :D