රැපියල පා කිරීම

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මචං ලා දන්නෙ නැති නිසා අහන්නෙ. රැපියල පා කරනවා කියන්නේ මොකක්ද ?
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    රුපියල් පා කිරීම කියන්නේ කබ්රාල් කියනවා ඩොලර් එවන්න කියලා,මිනිස්සු සල්ලි එවද්දී, බැසිල් එතකොට බාන්ඩාගාරේ හිල් කරලා සල්ලි අරන් ඇමරිකාවේ යන එක.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,985
    22,014
    113
    ගම මහනුවරයි
    kabraal udin awilla rupiyal kola pa karanawa..

    money chloe GIF by Lucifer
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    දැන් වගේ බලෙන් අල්ලන් ඉන්නෙ නැතුව ඉල්ලුමට සැපයුම එන විදිහට නිදහසේ මිල තීරනය වෙන්න අරින එක....

    ඔය සයිඩ් එක දන්න එකෙක් ගැඹුරින් කියයි...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,279
    166,551
    113
    එකමත් එක රටක
    රුපියලේ අගය අවප්‍රමානය වීම සහ ඩොලර් සංචිත ගැන පහුගිය කාලේ නිතරම වගේ අහන්න ලැබුනා. හැමෝම මේ ගැන කතා උනා. නමුත් ගොඩ දෙනෙක්ට හරි අවබෝදයක් නෑ කොහොමද මේ දේ සිද්ද වෙන්නේ සහ ඒක අපේ අනාගතයට / ආර්තිකයට කොහොම බලපානවද කියන එක. මට පුලුවන් විදිහට මම මේක කියන්න උත්සාහ කරන්නම්. මුලින්ම කියන්න ඕනි මම ආර්තික විදයාව ගැන ලොකුවට ඉගෙන ගෙන නැහැ. ඒක නිසා මේ ආටිකල් එකේ වැරදි තිබ්බොත් පෙන්නලා දෙන්න.

    1. විදේශ විනිමය වෙලදපොල සහ විනිමය අනුපාත ( Foreign exchange market and exchange rate)

    විදේශ විනිමය වෙලදපොල කියන්නෙ සල්ලි නැත්නම් මුදල් ඒකක විකුනන මාකට් එක. විනිමය අනුපාත කියන්නෙ එක් එක් මුදල් ඒකකය තවත් මුදල් ඒකකයක් එක්ක කොච්චර වටිනවද කියන එක. නැත්නම් එක මුදල් ඒකකයක් මිලදී ගන්න තව මුදල් ඒකක කොච්චරක් වැය කල යුතුද කියන එක. කොහොමද මේ මුදල් ඒකක වලට මිලක් නියම වෙන්නෙ? අපි සරල උදාහරනයක් ගමු.

    හිතන්න ඩොනල්ඩ් ලග ඩොලර් 100 ක් තියෙනවා, හිලරි ලගත් ඩොලර් 100 ක් තියෙනවා. ජින්ටාවෝ ලග යුවාන් 1000 ක් තියෙනවා. ජින්ටාවෝට යුවාන් දීලා ඩොලර් ගන්න ඕනි වෙනවා. ඩොනල්ඩ් ටත් හිලරි ටත් දෙන්නටම යුවාන් ගන්න ඕනි. යුවාන් 10ක් ඩොලර් එකක් කියලා තමයි එදා වටිනාකම පෙන්නන්නේ. ඉතින් ජින්ටවෝ යුවාන් 100 ක් දෙනවා ඩොලර් 10 කට. ඒ යුවාන් 100 දැම්ම ගමන් ඩොනල්ඩ් සල්ලි දීලා ගන්නවා. ජින්ටාවෝ දැන් හිතනවා එයාගේ යුවාන් වලට ඉල්ලුම හොදයි කියලා. එයා ආයෙත් යුවාන් 90 ක් දානවා ඩොලර් 10කට. ඒක හිලරි පට ගාලා ගන්නවා. මොකද තරගේ වඩි නිසා. දැන් යුවාන් වලට තරගයක් තියෙනවා. ඒක නිසා යුවාන් එක ඩොලර් එකට සාපේක්ශව මිල ඉහල යනවා. ඉස්සෙල්ලා යුවාන් 10ක් ඩොලර් එකකට ගියේ.දැන් යුවාන් 9ක් ඩොලර් එකකට යන්නෙ. මේ වගේ මිලියන් ගනනක් ගනුදෙනු වෙනකොට මුදල් ඒකකයක් ඉහල පහල යනවා. මේක supply demand curve එකකින් පෙන්නන්න පුලුවන්.

    1*MpNqdC0OhLdfxkX9eA6D3Q.png

    හිතන්න ඇමරිකාවේ මිනිස්සු යුවාන් වලට එච්චර කැමති නෑ. ඒක නිසා එයාලා යුවාන් වලට ඉතා අඩු වටිනාකමක් ලංසු තියනවා. වටිනාකම අඩු නිසා චීන්නු කැමති නෑ ගනුදෙනුවට. ඒක නිසා ගනුදෙනු කරන යුවාන් ගාන අඩුයි. ලංසුව වැඩි වෙන්න වෙන්න ගනුදෙනු කරන යුවාන් ගනන ඉහල යනවා. යුවාන් එකේ වටිනාකම් වැඩි වෙන්න වෙන්න ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුමට සැපයුම සමාන වන තැන තමා සමතුලිත තාවයට පත් වෙන තැන. මේ රූපයේ මේ වෙලාවෙදි යුවාන් එකක් ඩොලර් සත 10යි. දැන් හිතන්න එක පාරටම චීනෙ ආන්ඩුව ඇමරිකාවට හිතකර ආයෝජන ප්‍රතිපත්ති සකස් කරනවා. අමෙරිකාවෙ අය චිනෙ ඉඩම් ගන්නවා. ගෙවල් හදනවා. ආයෝජනය කරනවා. එතකොට යුවාන් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. එතකොට අලුත් ඉල්ලුම් රේඛාවක් අදින්න වෙනවා. දැන් ඉල්ලුම වැඩි නිසා සැපයුමත් වැඩි. සමතුලිත අවස්තාවෙදි යුවාන් එකක් ඩොලර් සත 15ක් වෙලා. ඒ කියන්නේ යුවාන් වල අගය වැඩි වෙලා. ඔන්න ඔහොමයි රජයන් ප්‍රතිපත්ති මගින් තම මුදල් ඒකකය ශක්තිමත් කරන්නේ. මුදල් ඒකක ශක්තිමත් කරන්න නම් විදේශ ආයෝජන රට තුලට ගේන්න ඕන. ඒ කියන්නේ ඩොලර් රටට ගෙනත් රුපියල් වලින් වැඩ කරන්න ඕනි. විදේශ ආයෝජන කියන්නේ විදේශ ණය නෙමේ.

    දැන් බලමු සැපයුම වැඩි උනාම මොකද වෙන්නෙ කියලා. ඒ කියන්නේ රටේ සල්ලි ඩොලර් වලට හුවමාරු වන ප්‍රමානය වැඩි වෙන එක. උදාහරන : පිට රටින් බඩු ගෙන්වීම, වාහන ආනයනය, විදේශ අද්‍යාපනය සදහා මුදල් යැවීම වගේ දේවල්. එතකොට සැපයුම් රේඛාව ඉස්සරහට තල්ලු වෙනවා. දැන් අලුත් සමතුලත ලක්ශයක් ඇවිත්. දැන් යුවාන් එකක මිල අඩු වෙලා. යුවාන් එකක් ගන්නෙ ඩොලර් සත 8 කට. රටේ මුදල් පිටට යද්දි මේ විදිහට මුදල් අවප්‍රමානය වෙනවා. ඔන්න ඕකයි රජයන් මගින් අනවශ්‍ය විදිහට රටේ මුදල් පිටට යන එක වලක්වන්න නොයෙක් බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නෙ. තව දේශීය කර්මාන්ත වලට අත හිත දෙන්න ඕනි. අපනයන අවස්තා වැඩි කරලා ඒවාට බදු ලිහිල් කරන්න ඕනි.


    1*ObKbhEsI94u22a0Y-Xhi-A.png

    2. පොලී අනුපාත

    අපි කතා කලා මුදල් ඒකක වල අගය කොහොමද ඉහල පහල යන්නෙ කියලා. මේ ඉහල පහල යන එක ස්තාවර මට්ටමක තියාගන්න එක ඒ රටේ ව්‍යාපාර වලට වගේම විදේශ ආයෝජන වලටත් හිතකරයි. රටේ මුදල් ඒකකය අස්තාවර උනාම අපනයන වෙලද පොලට වගේම ආනයන වෙලදපොලටත් රිජුවම බලපානවා. ඒක නිසා රජයන් මගින් විවිද දේවල් කරනව තම රටේ මුදල් ඒකකය ස්තාවර කරන්නත් ශක්තිමත් කරන්නත්. අපි කලින් කතා කලා වගේ මුදල් ඒකක ශක්තිමත් කර්න්න නම් පිට රටින් මුදල් රට ඇතුලට ගේන්න ඕනි. නැත්නම් රටේ මුදල් පිටට යන එක අඩුකරන්න ඕනි. ඉතින් ඔය දෙකම කරන්න පුලුවන් විදිහක් තමයි රටේ ඉතුරුම් පොලී අනුපාත ඉහල අගයක පවත්වා ගන්න එක. උදාහරනයක් ගමු.

    ඩොනල්ඩ්ගෙ අතේ ඩොලර් 100ක් තියෙනවා. එයා ඒක අමෙරිකාවේ ඉතුරු කරනවා. අමෙරිකාවේ පොලී අනුපාතිකය 8%. ඒ කියන්නේ ඩොනල්ඩ්ට ඩොලර් 8ක් වාසි වෙනවා. නමුත් චීනයේ පොලී අනුපාතිකය 12% ක් කරලා තියෙනවා. දැන් ඩොනලඩ් බලනවා එයා ඩොලර් 100 චීනෙ බැංකුවක දැම්මොත් කොච්චර ලාබද කියල. අපි බලමු.

    ඩොලර් 100කට ඩොනල්ඩ්ට යුවාන් 1000ක් ලැබෙනවා. ඩොනල්ඩ් යුවාන් 1000 චීනේ ආයෝජනය කරනවා. දැන් ඩොනල්ඩ්ට යුවන් 120ක් ලාභයි. ඒ කියන්නෙ ඩොලර් 12ක් ලාභයි. අමෙරිකාවෙ ආයොජනය කලාට වඩා ඩොලර් 4ක් වාසි. ඉතින් ඩොනල්ඩ් තමන්ගේ සල්ලි අමෙරිකාවෙ නොදා චීනේ දානවා. චීනේට පිට රටින් ඩොලර් එනවා. ඒ කියන්නේ යුවාන් වලට ඉල්ලුම වැඩි වෙනවා. යුවාන් එක ශක්තිමත් වෙනවා. ඔය විදිහට රට තුලට මුදල් ගෙන්වා ගන්නත් නොයෙකුත් රජයන් කටයුතු කරනවා.

    මේ අතරේ තවත් විවිද දේවල් කරනවා මුදල් ඒකක ස්තාවර කරගන්න. එක තාවකාලික ක්‍රමයක් තමයි විදේශ සංචිත මුදා හැරීම. මේ කියන්නේ රටේ මහ බැංකුවෙ තියෙන ඩොලර් වලින් තමන්ගේ රටේ මුදල් මිලදී ගෙන තම රටේ මුදල් ඒකකය අගය වැඩි කිරීම. මේ ක්‍රමය ඉතා තාවකාලික අනතුරුදායක ක්‍රමයක්.

    3. විදේශ සංචිත

    මොනවද මේ විදේශ සංචිත කියන්නෙ සහ මොනවටද මේ විදේශ සංචිත යොදා ගන්නෙ? අපි මේක තේරුම් ගන්න රටවල් දෙකක් ගමු. ඇමෙරිකාවයි චීනෙයි. මේ වෙලාවෙදි ඇමරිකන් ඩොලර් එකක වටිනාකම චීන යුවාන් එකකට සමානයි කියලා ගමු. දැන් චීනෙයි ඇමෙරිකාවෙයි ගනුදෙනු ලස්සනට වෙනවා. චීනෙන් යුවන් එකක් ඇමෙරිකාවට යද්දි ඇමෙරිකාවෙන් ඩොලර් එකක් චීනෙට යනව. ඔන්න චීන්නු පොඩ්ඩක් ඉස්සරහ හිතලා ඇමෙරිකාවට චීනේ ආයෝජන අවස්තා වැඩි කරනවා. පොලී අනුපාත වැඩි කරලා හරි, ඉඩම් ගන්න දීලා හරි මොනවා හරි උප්පරවැට්ටි දාලා. ( පිට රට වැඩ කරන චීනෙ කට්ටියට සල්ලි එවන්න කියල නෙමේ හැබැයි). ඔන්න දැන් වැඩිපුර ඩොලර් චීනෙට ඇදිල යනවා. හැබයි චීනෙන් යුවාන් යන්නෙ ටිකයි. දැන් ඉබේම යුවාන් එකක මිල ඉහල යනවා.

    රටක මුදල් ඒකකය අගය වැඩි වෙන එක හැම වෙලේම හොද නෑ. ඒක ස්තාවර මට්ටමක තියාගන්න එක තමා හොද. හැබැයි මුදල් ඒකකයක අගය වැඩි උනාම ඒ රටේ මහ බැංකුවට අත දිග ඇරලා ඕනි ඕනි සෙල්ලම් දාන්න පුලුවන් වෙන නිදහස එනවා. (සල්ලි තියෙන මිනිස්සු ලැම්බෝගිනි ගන්නවා වගේ). මෙන්න මේ නිදහසත් එක්ක චීනේ මහ බැංකුව යුවාන් එක ඉහල යන එක පාලනය කරන්න මුදල් අච්චු ගහනවා. අච්චු ගහපු මුදල් වලින් ඩොලර් සල්ලි දීලා ගන්නවා. දැන් යුවාන් ගොඩක් ඇමෙරිකාවට යනවා. යුවාන් වල අගය ටිකෙන් ටික පහල බහිනවා. දැන් චීනෙ මහ බැංකුව ලග ඩොලර් මල්ලක් තියෙනවා. මෙන්න මේ ඩොලර් ටික මහ බැංකුව එහෙම්මම තියාගන්නවා සේප්පුවෙ දාලා. මේ ඩොලර් වලට තමයි විදේශ සංචිත (Foreign currency reserves) කියන්නෙ. මෙහෙම ඩොලර් තියාගන්නේ බැරි වෙලා හරි මුදලේ අගය අවප්‍රමානය උනොත් ඒ ඩොලර් වියදම් කරලා යුවාන් අරගෙන යුවාන් වලට ඉල්ලුමක් ඇති කරලා අගය ස්තාවර කරන්න පුලුවන් නිසා.

    දැන් අපි බලමු මේක ලංකාවට ගලපලා. පහුගිය කාලේ ඩොලර් එක 140 වගේ ඉදන් 170 ට ගියා ගොඩක් කෙටි කාලයකින්. අපේ රටේ ලොකුවට අපනයන ශක්තිමත් උනෙත් නැති හින්දා, රටේ තිබ්බ විදේශ සංචිත මුදා හැරලා ඩොලර් එක ස්තාවර කරගෙන අල්ලන් ඉන්න බැරි හින්දත් රජය රුපියල නිදහසේ පාවෙන්න ඉඩ දුන්නා. මේක නිකන් රබර් බෝලයක් වතුර යට තියාගෙන ඉදලා අත ඇරියා වගේ. මේ අතරේ රජය කල්පනා කරන්න ඇති අපනයන ආර්තිකය දියුනු කරනවා, විදේශ සංචිත වැඩි කරනවා වගේ කාරනා. සමහරවිට මහ බැංකු කොල්ලයත් මේ ඉහල යාමට රිජුවම බලපාන්න ඇති. හැබැයි ඩොලර් සංචිත කියන්නේ රටක මහ බැංකුවට තියෙන ප්‍රතමාදාර පෙට්ටිය වගේ. ඒක පාවිච්චි කරන්න තියාගන්න ඕනි අවශ්‍ය උනොත් විතරයි. හැම වෙලේම ඕක ගත්තම හදිසියකදි ගන්න දෙයක් නැතුව යනවා. ඔය විදේශ සංචිත වලින් මුදල් ඒකකය පාලනය කරගෙන ඉදලා ඉදලා විදේශ සංචිත ඉවර උන ගමන් මුදල් ඒකකය හිතා ගන්න බැරි විදිහට පාවෙනවා. සිම්බාබ්වෙ ග්‍රීසිය වගේ රටවල් උදාහරන. ඔය අතරේ ආන්ඩුව මාරු වෙනවත් එක්කම දැනටමත් විදෙහ් ආයෝජන ගොඩක් ආපහු අරගෙන ගිහින් තියෙනවා. ඒ කියන්නෙ රුපියල් බිලියන ගානක් පිටට ගියා කියන එක. එතකොට රුපියලේ අගය තව අඩු වෙන්න ඕනි. නමුත් ආයෙ ඩොලර් එක රුපියල් 3කින් විතර අඩු වෙනවා. මේක උනේ මම හිතන විදිහට රටේ ජනතාව සතුටු කරන්න එක පාර විදේශ සංචිත මුදා හැරීම නිසයි. රටේ දේශපාලනය අස්තාවර වෙලාවක මේ වගේ දෙයක් කිරීමෙන් ආර්තිකයට විශාල පහරක් එල්ල වෙන්න පුලුවන්. විදේශ සංචිත සීග්‍රයෙන් ඉවර උනොත් හරි එහෙම වෙනවා කියලා තේරුනොත් හරි, speculative attack (මේකට කියන සිංහල වචනෙ දන්නෙ නෑ) වෙන්න පුලුවන්. එහෙම උනොත් රට තවත් වලපල්ලට යයි.

    4. Speculative attack

    අපි 3 කොටසෙ කතා කලා විදේශ සංචිත කියන්නේ මොනවද සහ රටක මහ බැංකුව කොහොමද මේවා පාවිච්චි කරන්නෙ කියලා. ඊට පස්සෙ කතා කලා විදේශ සංචිත දිය කරලා රුපියලේ අගය පාලනය කරන එක තාවකාලික සහ අනතුරුදායක පැලැස්තර විසදුමක් කියන එක. මෙහෙම විදේශ සංචිත මගින් අගය පාලනය කරන රටවල් වල ආර්තිකයට එන්න පුලුවන් ප්‍රහාරයක් තමයි speculative attack එකක් කියන්නෙ.

    අපි දන්නවා විදේශ සංචිත වලින් රටක මුදල් ඒකකය පාලනය කරන්න පුලුවන් ඉතා සීමිත කාලයකට විතරයි කියලා. මෙහෙම පාලනය කරගෙන ඉදලා විදේශ සංචිත ඉවර උන ගමන් මුදල් ඒකකය අසීමිත ලෙස පාවෙනවා කියලත් අපි දන්නවා. Speculative attackers ලා මෙන්න මේ සංසිද්ධිය ප්‍රයෝජනයට අරගෙන අධික ලාභ උපයන පිරිසක්.

    Speculative attackers ලා රටවල් වල ආර්තිකය ගැන හොදට ඇහැ ගහගෙන ඉන්නවා. විදෙස් සංචිත මගින් මුදල් ඒකකය අල්ලගෙන ඉන්න රටවල් වලින් මෙයාලා ලොකු ණය මුදල් අරගන්නවා පොඩි පොලී අනුපාත වලට. මේ ගත්තු ණය වලින් මේ ගොල්ලො කරන්නේ ඩොලර් මිලදී ගන්න එක. දැන් මොකද වෙන්නේ? දැන් රටේ සල්ලි තව තවත් ඩොලර් වලට හැරෙනවා. ඒ කියන්නේ රුපියල් සැපයුම වැඩි වෙනවා. සැපයුම වැඩි කියන්නේ මිල අඩු වෙනව. ඒ කියන්නෙ රුපියලේ වටිනාකම අඩු වෙනව. උදාහරනයක් ගමු.

    රුපියල් 100 ක් ඩොලර් 1 යි කියලා හිතමු. දැන් speculative attackers ලා රුපියල් ලක්ශයක් ණය ගන්නවා 10% පොලියට. ඒ ලක්ශෙන්ම ඩොලර් ගන්නවා 1000ක්. ඔන්න දැන් එක පාරටම ඩොලර් එකක් රුපියල් 200ක් වෙනව. දැන් ඩොලර් 1000 ක් රුපියල් ලක්ශ දෙකයි. 10% පොලිය රුපියල් 10000.00. ඔක්කොම ගෙව්වම රුපියල් 90000.00 ක් ලාභයි.

    ඔන්න ඔය විදිහට ලාභ ගන්න ගොඩ දෙනෙක් මේ වැඩේ කරන කොට රටේ සල්ලි එන්න එන්නම පාවෙනව. මේ වගේ උනාම අගය පාලනය ඉතාම අමාරු වෙලා ආර්තිකය කඩා වැටෙනවා. 80 ගණන් වල තායිලන්තයේ උන economic crisis එක උනෙත් speculative attack නිසා.



    ඉස්සුවා : මෙතනින්
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මචං ලා දන්නෙ නැති නිසා අහන්නෙ. රැපියල පා කරනවා කියන්නේ මොකක්ද ?
    market eka anuwa price eka
    dan central bank eka fix karala thiyen ne
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    Exchange rate determined by the market supply and demand.

    Before they do that need to do something about the printed cash in circulation right now.

    We all know how cheap almost everything in other countries. That's because there's so much cash in circulation with a fixed exchange rate we feel things are really affordable in other countries. Those who have the ability can enjoy this but with all the restrictions in the local economy most people don't have access to these.
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මචං හොද පැහැදිලි කිරීමක්. මට දැනගන්න දෙයක් තියෙනවා. රජය රුපියල පා කරන්න තීර්ණය කලොත් එක පාර ඩොලර් එකෙ අගය වැඩි වෙනවා, එතකොට භාණ්ඩ මිල අසීමාන්තිකව වැඩි වෙනවා. ඒ වගේ වෙලාවක් එහෙම උන රටක ඒ රටේ මුදල් ඒකකයෙන් ගෙවීම් කරන ජොබ් එකක් කරන එකෙක්ට සැලරි ඒ හා සමාන්තිකව වැඩි වීමක් තියෙනවද. මම දැකල තියෙනවා සිම්බාවෙ උන් සල්ලි අච්චු ගගහ අන්තිමට රටේ වියදම් වලට සල්ලි ගත්තා. ඒකෙන් උන්ගෙ මුදල් ඒකකය අන්තිමටම පිරිහුනා.
    ඇත්තම කතාව මගෙ foreign training වගයක් exam වගයක් තියෙනවා මම ඩොලර් වලින් ගෙවන්න ඕනෙ ඒවා. මට තියෙන බය බාගයක් කරගත්ත එක ඉවරයක් කරගන්න පුලුවන් වෙයිද කියලා මේ මගුල් හින්දා. එක පාර රුපියල බාල්දු උනොත් ඒ වගේ දේවල් වලට මොකද වෙන්නෙ.
     
    • Like
    Reactions: dilann

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Kisidu Institutional Involvement ekak nathuwa illuma ha sapayuma mata mila theeranaya weemata ida hareema.

    මචං හොද පැහැදිලි කිරීමක්. මට දැනගන්න දෙයක් තියෙනවා. රජය රුපියල පා කරන්න තීර්ණය කලොත් එක පාර ඩොලර් එකෙ අගය වැඩි වෙනවා, එතකොට භාණ්ඩ මිල අසීමාන්තිකව වැඩි වෙනවා. ඒ වගේ වෙලාවක් එහෙම උන රටක ඒ රටේ මුදල් ඒකකයෙන් ගෙවීම් කරන ජොබ් එකක් කරන එකෙක්ට සැලරි ඒ හා සමාන්තිකව වැඩි වීමක් තියෙනවද. මම දැකල තියෙනවා සිම්බාවෙ උන් සල්ලි අච්චු ගගහ අන්තිමට රටේ වියදම් වලට සල්ලි ගත්තා. ඒකෙන් උන්ගෙ මුදල් ඒකකය අන්තිමටම පිරිහුනා.
    ඇත්තම කතාව මගෙ foreign training වගයක් exam වගයක් තියෙනවා මම ඩොලර් වලින් ගෙවන්න ඕනෙ ඒවා. මට තියෙන බය බාගයක් කරගත්ත එක ඉවරයක් කරගන්න පුලුවන් වෙයිද කියලා මේ මගුල් හින්දා. එක පාර රුපියල බාල්දු උනොත් ඒ වගේ දේවල් වලට මොකද වෙන්නෙ.
    Baldu unata awulak na Economic Growth ekak thiyenawanam. Eken Exports thawa thawath encourage wenawa.
    Dan thiyena prashne rate Reserves nathi kama & USD nathikama banks wala. Genanna salli na. Gennuwe nathi unama business watenawa. Economy eka shrink wenawa. Ultimate result eka Rupiyal thiyenawa, eth ganna badu na. Ethakota ithin hyper-inflation. Ohoma giyama Zimbabwe wage wennath bari na.
    ------ Post added on Dec 29, 2021 at 9:20 AM
     
    • Like
    Reactions: hiKz123

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    Kisidu Institutional Involvement ekak nathuwa illuma ha sapayuma mata mila theeranaya weemata ida hareema.


    Baldu unata awulak na Economic Growth ekak thiyenawanam. Eken Exports thawa thawath encourage wenawa.
    Dan thiyena prashne rate Reserves nathi kama & USD nathikama banks wala. Genanna salli na. Gennuwe nathi unama business watenawa. Economy eka shrink wenawa. Ultimate result eka Rupiyal thiyenawa, eth ganna badu na. Ethakota ithin hyper-inflation. Ohoma giyama Zimbabwe wage wennath bari na.
    ------ Post added on Dec 29, 2021 at 9:20 AM
    mata thiyena prashene meka ban. mage aurudu ganaka effort eka and salli okkoma vathure yaida kiyana eka

    Quote Reply
    Report Edit
    ඇත්තම කතාව මගෙ foreign training වගයක් exam වගයක් තියෙනවා මම ඩොලර් වලින් ගෙවන්න ඕනෙ ඒවා. මට තියෙන බය බාගයක් කරගත්ත එක ඉවරයක් කරගන්න පුලුවන් වෙයිද කියලා මේ මගුල් හින්දා. එක පාර රුපියල බාල්දු උනොත් ඒ වගේ දේවල් වලට මොකද වෙන්නෙ.
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    mata thiyena prashene meka ban. mage aurudu ganaka effort eka and salli okkoma vathure yaida kiyana eka

    Quote Reply
    Report Edit
    ඇත්තම කතාව මගෙ foreign training වගයක් exam වගයක් තියෙනවා මම ඩොලර් වලින් ගෙවන්න ඕනෙ ඒවා. මට තියෙන බය බාගයක් කරගත්ත එක ඉවරයක් කරගන්න පුලුවන් වෙයිද කියලා මේ මගුල් හින්දා. එක පාර රුපියල බාල්දු උනොත් ඒ වගේ දේවල් වලට මොකද වෙන්නෙ.
    ehema lokuwata depreciate karana ekak na.. maximum 240 ta wage karai kaloth.. pay karanna tiyenne tawa awuruddakin wage nan kohomath dan gewanna tiyana ganata 1/4 k wage wadiyen pay karanna lasthi wela inna eka hondai..
     
    • Like
    Reactions: hiKz123