අක්කයි මස්සිනයි මාසෙට ලක්ෂ 10-15කට වඩා හෙව්වා මෙහෙ, දෙන්නම ඉහළම රස්සා කරා, ඉඩම් තිබුනා, බිස්නස් තිබුනා.... වටේ ඉන්න යාළුවො අයියගේ නෑදෑයෝ සෙට් එකක් එහෙ ඉඳන් මෙයාලව පොඩ්ඩක් චූන් කරා, දෙන්නම UK ගියා ළමයින්ට උගන්නන්න ඕනේ කියලා. මුල් කාලේ හෙන ටෝක් දුන්නා මටත්, අවුරුද්දකින් විතර ඔන්න බලද්දි අක්කා රස්සාව කරලා ඇවිත් part time කරනවා, මුල් කාලේ ෆොටෝස් එහෙම එවනවා. පස්සේ පස්සේ ෆොටෝස් නෑ, ඊටත් පස්සේ අක්කයි ළමයිනුයි විතරයි එවන ෆොටෝවල අයියා දවසම වැඩ, පස්සේ යුනි යන ළමයෙක් ගෙදර නවත්තගත්තා ඇහුවම ගෙදර ලොකු වැඩියිලු, අපරාදෙලු...
ඕක මචං මට හිතෙන්නේ හැමදේම perfect උනාමත් අපිට හිතෙනවා මීටත් වඩා තව මොනවහරි එළියේ ඇති කියලා, දැන් මට උනත් එහෙම හිතෙනවා... සමහර යාළුවො කියන දේවල්, දාන ෆොටෝස්, පෙන්නන ජීවිත දැක්කම අඩේ මෙහෙ ගියානම් මරුනේ කියල හිතෙනවා... හැබැයි බලද්දි උන් ජීවිතේ එක පැත්තක් සම්පුර්ණයෙන්ම හංගනවා. උන් පැය 12-13ක් අදින shift එක, සීතලේ වැඩට යන එක, හිම අදින එක, ලෙඩ උනාම බෙහෙත් පෙත්තක්වත් නොගෙන වැඩ කරන්න වෙන එක, ඉන්න single bedroom ගිණිපෙට්ටි වගේ apartments මේවා එළියට හංගනවා. උන් පෙන්නන්නේ බොන බෝතලේ, පදින වාහනේ, ඒ රටේ ලස්සන තැන්, යන park එක එහෙම....ඔය කියන තරමින් සැපක් විඳින උනුත් ඇති අනිවාර්යෙන්ම. හැබැයි ඒ ගොඩක් කලින් ගිය උන් සහ එහෙම උන් ඉන්නේ අතලොස්සයි. බහුතරේකගේ කතාව මේ දූපතේ උන්ගේ කතාවටත් අන්තයි.