රැව්ල කැපීමේදී මේ ගැනත් සිතන්න​...shaving tips

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    රැව්ල කැපීමේදී මේ ගැනත් සිතන්න​...shaving tips

    රැවුල කපනකොට පරිස්සමින්​
    රැවුල කැපීම අප සැමදා සිදු කළත් සමහර දෙනා එය නිවැරදිව කරන පිළිවල නොදනී.එනිසා මුහුණේ සමේ නොයෙකුත් ප්‍රශ්න ඇතිවන අතර දීර්ඝ කාලීන බලපෑම් පවා ඇති විය හැක​.එනිසා පහත කරුණු ඔබ පිලිපදිනවා දැයි බලන්න​.​
    rby-manscaping-shaving-de.jpg

    1.රැවුල බෑමට වඩාත් සුදුසු වන්නේ සම තෙත්වත්,මෘදුවත් ඇති අවස්ථාවකි.රැවුල් ගස් 30% පමණ ජලය උරා ගන්නා අතර එමගින් රැවුල් ගස් විශාල වීම සිදු වේ.එමගින් රැවුල් ගස් කැපී යාම පහසුවටත් තියුණුවත් සිදු වෙයි.එනිසා විශේෂයෙන්ම නෑමෙන් පසු ඒ සඳහා වඩාත් සුදුසුය​නෑම අපහසු නම් රැවුල කැපීමට පෙර නෑමට අපහසු නම් රැවුල කැපීමට පෙර ජලයෙන් මුහුණ තෙත් කොට මිනිත්තු කිහිපයක් තබා ගැනීම සුදුසුය​.​

    2.රැවුල කැපීමට Shaving Cream/foam වර්ගයක් භාවිතා කිරීම සුදුසුය​.එමගින් රේසරය හොඳින් හැසිරවීම පහසු වන අතර වඩාත් සුමුදු කැපීමක් ලබා දෙයි.ආලේප කිරීමට shaving brush පාවිච්චි කළ හැකි නම් වඩාත් සුදුසුය​.එමගින් රැවුල් ගස් කෙළින් කර ලීම සිදු කරන අතර වඩාත් සමීප කැපීමක් ලබා දෙයි.Shaving cream ආලේප කළ යුත්තේ මුහුණේ පහළ සිට උඩු අතටය​.එමගින් රැවුල් ගස් හොඳින් කෙලින් වීම සිදු වී රැවුල බෑම පහසු වෙයි.

    3.හොඳ තත්වයේ තියුණු තලයක් සහිත රේසරයක් භාවිතා කරන්න​.සැබැවින්ම රැවුල කැපීමේදී රැවුල් ගස් කැපී යනවා පමණක් නොව මුහුණේ සමේ මතුපිට ස්ථරය ඉවත් වීමද සිදුවෙයි.මොට තලයක් මගින් මුහුණේ සමට හානි වීම සිදු වේ.
    එමෙන්ම මොට තලයක්/blade මගින් රැවුල කැපීම නිසි ලෙස සිදු නොවන අතරම කැපීම් හා සීරීම් ඇතිවීමේ සම්භාවිතාවයද වැඩි වේ.

    4.රේසර තලය මාරු කළ යුතු කාලය තීරණය වන්නේ ඔබේ රැවුලේ ඝණකම මතය​.සාමාන්‍යයයෙන් කැපීම් 3ත් 10ත් අතර කාල සීමවකදී රේසර තලය මාරු කළ යුතුය​.අවම වශයෙන් සති දෙකකින් පසු රේසරය හෝ තලය මාරු කළ යුතුය​.ඊට පෙර තලය මොට වී ඇති බව දැනුන හොත් තලය මාරු කිරීම සුදුසුය​.

    5.රැවුල කැපීම සුදුසු වන්නේ රැවුල් ගස් වැවෙන දිශාවටමය​.ඊට විරුද්ධ දිශාවට කැපීමෙන් කැපීම්,සීරීම් ඇතිවීම වැඩිවන අතර සමටද හානි සිදු වෙයි.මුහුණේ දෙපසින් අරඹා අවසානයේ නිකට හා ගෙළ පෙදෙසට පැමිණීම සුදුසුය​.එමගින් රැවුල කැපීම වඩාත් අපහසු ප්‍රදේශ වලට තෙතමනය උරා ගැනීමට වැඩි කාලයක් ලැබෙන අතර කැපීම පහසු වෙයි.

    6.කැපීම් කිහිපයකින් පසු රේසරය සෝදා ගැනීමට අමතක නොකරන්න​.රැවුල කැපීම අවසාන වීමෙන් පසු රේසරය සෝදා තබන්න​.එය පිස දැමීමෙන් වළකින්න​.එමගින් රේසරය ඉක්මනින් මොට වීම සිදු වෙයි.

    7. රැවුල කැපීමේදී මුහුණේ මතු පිට ස්ථරය ඉවත් වන අතර සම සංවේදී වෙයි.එනිසා moisturizer/ after shave lotion වර්ගයක් ආලේප කිරීම සුදුසුය​.එමගින් සමේ යහ තත්වය හොඳින් පවත්වා ගත හැක​.


    122310372246Fl6G.jpg

    nfm08402_11_sensitive_range.jpg
    :yes::yes::yes::D:D:D:D

    ඉස්සුවේ මෙතනින්......
     
    Last edited:

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මචං shave කරාට පස්සේ use කරන්න හොඳ after shave lotion එකද ? After shave colon එකද ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113

    5.රැවුල කැපීම සුදුසු වන්නේ රැවුල් ගස් වැවෙන දිශාවටමය​.ඊට විරුද්ධ දිශාවට කැපීමෙන් කැපීම්,සීරීම් ඇතිවීම වැඩිවන අතර සමටද හානි සිදු වෙයි.මුහුණේ දෙපසින් අරඹා අවසානයේ නිකට හා ගෙළ පෙදෙසට පැමිණීම සුදුසුය​.එමගින් රැවුල කැපීම වඩාත් අපහසු ප්‍රදේශ වලට තෙතමනය උරා ගැනීමට වැඩි කාලයක් ලැබෙන අතර කැපීම පහසු වෙයි.

    මම කපන්නෙත් විරුද්ධ පැත්තට බන්. දැන් පුරුද්දට ගිහින් :oo:
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මචන් කිහිල්ලේ මවිල් සහ රහස් ප්‍රදේශයේ මවිල් බාන කොට ත් මේ ක්‍රියා පටිපාටිය අනුගමනය කරන්න ඕනෙද?

    වෘෂණ කෝෂ වල මාවිල් කැපීමේදී ලේසි විදිහක් කියන්න පුළුවන් ද