මචන්, සිරාවටම ලංකාවේ මුඛ රෝග වැඩි වෙන්න ලොකුම හේතුව, හරි ප්‍රමිතියක දත් බුරුසු නැති එක.. Signal, Denta, Clogard නේ තියෙන්නේ මුළු රටටම දත් බුරුසු.. මේ එකක් වත් එකිනෙකට වෙනස් නෑ අඩුම තරමේ කෙදි වල softness එකෙන් වත්..
ඉතින් මේ රටේ මිනිස්සු කොච්චර දත් මැද්දත් වැඩක් නෑ, දත් බුරුසුවෙන් වෙන දේ වෙන්නේ නැත්නම්...
මට මේක හොදටම තේරුනේ, රට ඉදල ආපු නෑදෑයෙක්, එයා හොටෙල් එකේ පාවිච්චි කරන්න දුන්න දත් බුරුසු දෙකෙන් extra එකක් මට දුන්න වෙලාවේ.. මං ඒක දවසක් මැදලා විසි කරන්න හිතාගෙන ගත්තේ.. මොකද ඒක disposable toothbrush එකක් නිසා.. මං හිටුවා වැඩි කොලිටියක් නෑ කියල..
දත් මදින්න ගත්ත ගමන් තමයි වෙනස තේරුනේ මචන්.. මාර ම සොෆ්ට් කෙදි.. අනික මාර හීනි කෙදි.. ඉතින් දත් දෙකක් අස්සෙන් පවා කෙන්ද යනවා.. ආයිත් නෑ ඔය ඉස්සරහ දත් අස්සේ හිරවෙන මස්, පලා වර්ග එහෙම නියමෙටම සුද්ධ වෙනවා.. කටට මාර ෆ්‍රෙෂ් ගතියක් දැනුනේ පාවිච්චි කරලා ඉවර උනාම.. මෙච්චර කල් මං මැද්දේ පොල් මුඩ්ඩකින් නේද කියල හිතුනා... ( Clogard එකක් මං පාවිච්චි කලේ)
ඉතින් කොහොම හරි මං හිතුව කෙදි සොෆ්ට් නිසාත් මේක, disposable කියල ගහලම තියෙන නිසාත්, සතියෙන් කෙදි ටික නැවිලා යයි කියලා.. මොකද මෙහෙ තියෙන බ්‍රෂ් එකක් වත් මං මදින විදිහට සති 3 කට වඩා පාවිච්චි කරන්න බෑ, කෙදි ඔක්කොම නැවෙනවා.. මං ඉතින් කෙදි නැවෙයි කියල හිතන් (දුක සේ) දිගටම පාවිච්චි කළා.... දැනට මාස 3 ක් මචන්... කෙන්දක් නැමෙන්න හිතල වත් නෑ... ඒ වගේම කෙදි වල සොෆ්ට් ගතියත් එහෙම්මම තියෙනවා...
මට අපේ රටේ ටූත් බ්‍රෂ් ගැන සියලු ආසාවල් නැති උනා ඔය වැඩෙන් පස්සේ.. මං දැනටමත් ebay එකෙන් order කළා මචන් ලා... අපේ රටේ මිනිස්සුන්ගේ සෞක්‍යය නැති කරන්නේ මේ රටේ තියෙන වෙළද ඒකාධිකාරය මිසක් වෙන දෙයක් නෙමෙයි...