රෑ අහසේ...කෙතරම් සුන්දරද
රෑ අහසේ
තරු කැට පායා දිලුනා...
මා තනි වී
සිතිවිලි සයුරේ වෙලුනා...
ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක් පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැඳී දිලෙනවා
සිතට දැනෙනවා...
තරු එළියක් වී දෙනෙතට වැටිලා
සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරුකැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා...
පදමාලාව - ප්‍රේමලාල් උඩුමුල්ල
ගායනය, තනුව - ආත්මා ලියනගේ
රෑ අහසේ
තරු කැට පායා දිලුනා.......
මා තනිවී
සිතිවිලි සයුරේ වෙලුනා........
තරු කැට පායා දිලෙන රැයක....... තනි වූ සිතකට දැනෙන දැනීම්, හැඟෙන හැඟුම්..... ගැන කවර කතාද. එවන් මොහොතක තනි වූ සිතක් සිතිවිලි සයුරේ එබී, කිමිදී, වෙලී ලබනා සැනසුම අතිශය සෞන්දර්යාත්මක නොවේද.......
ඔබේ සුමුදු අත මා අත් පටලා......
තරු දහසක් පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැඳී දිලෙනවා
සිතට දැනෙනවා
මේ පෙම්වතා තරු පිරි රැයක තනිව සිතිවිලි සයුරක නිමග්නව සිටිනවා.
ඔහුට සිහිපත් වෙනවා. ආදරබර පෙම්වතිය සමග ගත කළ ජීවිතය. දෙදෙනා අතිනත පටලාගෙන තරු පිරි රැයක ඇවිද ගිය හැටි..... ඒ මතකය ඔහුට අහසේ තරුකැට අතරින් පෙනී නොපෙනී යනවා. එදා ඇය හා විඳි ආදරයේ මිහිරියාව අදත් ඔහුගේ සිතට දැනෙනවා.
තරු එළියක් වී දෙනෙනට වැටිලා
සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා....
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරු කැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා.
මේ තරුද සමගින් සඳ පායා ඇති රැයක්....... තරු එළියෙන් ඔබේ මුහුණ වැහිලා...... චන්ද්‍ර කාන්තියෙන්....... ඔබේ මුහුණ සේදිලා....... පායා ඇති තාරුකා මා මතකයට නංවන්නේ ආදරණීය හැඟුමන්. ඒ ඔබත් මමත් ප්‍රේමයෙන් වෙලිලා පියමං කළ ආකාරයයි.