රෑ 7ට මිනියක් වලදැම්ම

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    ඕවා කියන්ක එපා යකුනෙ ගෙදර මල ගෙයක් වෙලා මිනියත් තනි උනා වරුවක් විතර. දැන් ගෙදර උන් ගජරාමෙට බය වෙලා එලියටවත් බහින්නෙ නැතුව එකට ගුලි වෙලා ඉන්නෙ ටකු ටුකු ගානව දත් හිටන්

    මොකද්ද බං ඔය මිනිය කනත්තට ළං වෙද්දි බර වෙන සීන් එක?
    ගොඩක් අය කියනව.
    මං හිතන්නෙ කනත්තෙ ඉන්න අනිත් පෙරේතයො දුසිං ගණන් අලුතෙන් එන මිනියට පනිනවා ඇති එක පොකුරට
    බරවෙන සීන් එකක් අහල මමනං උස්සං ගිහිං නෑ ලගදි. ඕව වැඩිය හිතට ගන්නෙපා
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,147
    113
    - උඩරට -
    කනත්තට වඩා බය හිතෙනවා මිනී පෙට්ටි සාප්පුවට ගියාම ඕයී.. :confused:
    එක පාරක් අංකල් බුවෙක් මැරුනා ඇක්සිඩෙන්ට් එකකින්.
    පොරගේ ගෙවල් දුර තියෙන්නේ ඉතින් ඊට කලින් බලලා එන්න ඕනී කියලා මල් ශාලාවට ගියා ගෙදර අය එක්ක ... :yes:
    මල්ශාලාවට යනකොට පාන්දර 1 ට විතර ඇති..:rolleyes:
    උන් පැය 24 ම ඇරලා නේ තියෙන්නේ ගිහින් කතා කරලා සීන් එක කිව්වාම එන්න පෙන්නන්නම් කියලා එක්කන් ගියා ඇතුලට..
    ලස්සන ලස්සන පෙට්ටි ගොඩක් තිබ්බා ..:love2:
    ඔන්න අංකල් බුවාගේ පෙට්ට්ය ඇරලා පෙන්නුවා..
    මම ඉතින් ඒ අතරේ පොඩි රවුමක් දැම්මා එහෙ මෙහේ..:D
    එක පාරටම පෙට්ටියක් ඇරිලා අතක් එක්ක මගේ ඉස්සරහට වැ‍ටුනා කියපන්කෝ..:eek:
    ගල් වෙලා ගියා බයටම..:dull:
    බලනකොට මිනී පෙට්ටි සාප්පුවේ රෑ ඉන්න දෙන්නගෙන් එකෙක් නිදි පෙට්ටියක් ඇතුලේ සැපට..:angry:
    ඌ ආයේ පෙට්ටියේ පැත්තක් වහගෙන නිදි..:baffled:
    තනියම එහෙම හිටියා නම් එතනම මැරෙනවා බයට:lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මෙහෙමයි මෙතන අර කිවිඩ් පන්ඩිතයා ටෝක් එකක් දාලා තියෙ නෙ මිත්‍යා විශ්වාස කියලා.. මිත්යාවන් කියලා දෙයක් තියෙනවා. ඒක පිලිගන්නවා.. ඔය හක්ගෙඩි වාලම්පූරි තනිකරම මිත්යාවක්.. නමුත් භූත ආත්ම හොල්මන් පෙරේත ආත්ම කියන දේවල් බැහැර කරන්න බෑ... මොකද බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා ඒවා ගැන. මල ගෙවල් වල වහින කතා හෙන ගහන ඒවා යම්කිසි විද්‍යාත්මක පැත්තක් තියෙන්න පුළුවන්.. නමුත් ඒවා මිත්‍යාවන් කියලා බැහැර කරන්න බෑ. එහෙම බැහැර කරනවා නම් බැහැර කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඇහැට නොපෙනෙන නොදකින දේවල් වලට මේ ලොකෙ වෙනස් කරන්න පුළුවන් නම්, සමහර පර්යේශණාත්මකව තහවුරු කරන්න බැරි දේවල් නුත් මේ ලෝකෙ වෙන්න පුළුවන්.. නොපෙනෙන ලෝකයක් තියෙනවා... නෑ කියන්න බෑ..

    මැජික් - විශ්වාස කරන්න වෙනවා නේ.. අපි දන්නවා මේක තනිකරම ඇස් බැන්දුමක් කියලා... නමුත් අපී එහෙම කරන විදිය දන්නෙ නෑ.. සමහර මැජික් තියෙනවා විශ්වාස කරන්නම බැරි.. නමුත් ඒවා කුමන හෝ ක්‍රමයකින් සිද්ද වෙනවා නේ..

    මිත්‍යාව කියන්නෙ විද්‍යාත්මකව තහවුරු කල නොහැකි සියල්ලම නෙවෙයි... විද්‍යාත්මකව තහවුරු කරන්න බැරි සමහර දේවල් අපිට පිලිගන්න වෙනවා... සමහර දේවල් කෙලින්ම බැහැර කරන්නම වෙනවා... මේ සම්බන්දව මම ගොඩක් හොයලා බලපු කෙනෙක්..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කාලෙකට කලින් එම්බාම් කරන එකෙක් පත්තරේක දාල තිබුන දෙයක් මම කියන්නම්. මිනිහා කවදාවත් හොල්මන් නං දැකල නෑ කියල තිබ්බේ. හැබැයි, කාර් එකේ මිනිය අරන් යන වෙලාවට සමහර වෙලාවට තැන් දෙක තුනේ මග නතර වෙනවලු. හැබැයි මිනිය නැතුව එද්දි කිසි අවුලක් නෑ කියල තිබුන. මිනිහ කිපසැරයක් මේක නෝටිස් කළා කියලත් තිබුන.
    හැබැයි එම්බාම් කරන වෙන කොළඹ ඉන්න පොරක් නං කියල තිබුන මිනිහට එහෙම අමුතු අත්දැකීම් නැහැකියල.

    මේක පොතක තිබුණු දෙයක්. කර්මය ගැන පර්යේෂණ කරපු බටහිර කෙනෙක් කියපු දෙයක්. ස්වාපන විද්‍යාව ඇසුරෙන් ගොඩක් නිරීක්ෂණ කරලා තියෙන්නේ. ඒ නිසා සම්පුර්ණයෙන්ම හරි කියන්න බැහැ . හැබැයි පිළිගන්න කෙනෙකුට අවුලකුත් නැහැ. මොකද පෙර ආත්ම සම්බන්ධ ලෙඩ එයා ඒ අනුව සනීප කරලා තිබුණු නිසා. එයා කියපු දෙයක්, හදිසියේ කෙනෙක් මැරුව උනත් ඒ විඥානයට (මේකට කියන හරිම නම විඥණය නෙවෙයි නම් හරිගස්සන්න) තමන්ව මැරුවේ කවුද කියන එක දැනගන්න පුළුවන් කියලා.

    මතක විදිහට මිනිහට තිබුනේ ඇඟේ දැඩි දැවිල්ලක්. ගැස්ට්‍රයිටිස් සහ තව ගොඩක් ලෙඩ. මිනිහගේ පවුලත් නොහිතන මොහොතක දාල යනවා. මේකට අවුරුදු ගණන් බේත් බිලත් හොඳ නොවුණු තැන බුවා මේ විද්‍යාඥයා ගාවට එනවා. ස්වාපනය කරාම මිනිහ කියනවා තමන් කලින් ආත්මෙක සල්ලි වලට කෑදර ඉඩම් බලෙන් අත්පත් කරගත්ත පෙරේත මිනිහෙක් කියල. ඌ අනිත් මිනිස්සුන්ට ගින්දර දී දී ඉඳල තියෙන්නේ. මිනිහගේ කරදර ඉවසන්න බැරුව ගැනි මූට වස දීල මරලා . මූ මැරුණට පස්සේ තමයි ඒක දැනගන්නේ. ඊට පස්සේ ඌ දුක් වෙනවා. ඊට පස්සේ දුක් විඳින්න තමා අපහු ඉපදෙන්නේ.
    පොර අවන්කවම කරපු වැරදි ගැන දුක් වෙනවා කියල යටි හිතට යෝජනා කලාම ලෙඩේ අඩු වෙලා ගිහින්.
    හැබැයි මේ විද්‍යාඥයා කියනවා එහෙමයි කියල ලෙඩේ හොඳ වෙන්නේ නැහැ කියල. සමර විට මේ ආත්මේ හරි ඊළඟ ආත්මේ හරි ආපහු විඳවන්න වෙනවා.
    මේවගේ වෙනස් අත්දැකීම් මහා ගොඩක් තිබුනා.

    මේ දේවල් අහනකොට බුදු දහම කොච්චර ඇත්තද කියල හිතෙනවා.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම කලින් මෙඩිකල් කොලේජ් හිටපු කෙල්ලෙක් එක්ක සෙට් වේලා හිටියා.(යාලුවෙක්) කෙල්ලගේ කාමරේට ගිහිං මම කයියක් එහෙම ගහන් ඉන්නවා ෆ්‍රී වෙලේට. දවසක් ඔහොම ගිහිං මම කෙල්ලගේ පුටුවේ වාඩිවෙලා කකුල් දෙකත් පද්ද පද්දා හිටියා තේ එකක් බිබී. කෙල්ල එහා පැත්තේ පාඩම් කරනවා හරි වෙන මොකක් හරි වැඩක් හරි. ඔහොම ඉද්දි මේසේ යට බෑග් එකක් තිබිලා මම කකුලෙන් ඇනලා බැලුවා. බලද්දී එකේ ඇතුලේ වොලී බෝලයක් වගේ එකක් දැනුනේ. මම ඉතිං ඒ පාර ආතල් එකේ කකුල ඒක උඩ තියං, එහෙට මෙහෙට ඇන ඇන ආතල් එකේ හිටියා. ඔහොම ටිකක් වෙලා ගියාම පස්ස කෙල්ල කිව්ව හිනා වේලා බෑග් එක බලන්න කියලා. එකේ තිබ්බේ මිනි ඔළුවක්, ඇටකටු ටිකක්. උන්ගේ ෆ්රස්ට් ඉයර් වලට ඕනි වෙන එකක් කිව්වා. මම නං ගෙදර ඇවිත් ගූ බයේ හිටියේ මැරිච්ච ඩයල් එක පස්සෙන් එයි කියලා :(
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වලවල් කෑපුවොත් නම් ඉතින් අනිවා කලින් වල දාපු මිනි 2-3ක් සෙට් වෙනවා. ඒ කටු කෑලි ටික එකතුකරල වෙනම වල දානව, දැන් නම් ඉතින් ගෑස් තමා.

    මිනිය බර වෙනව සොහොනට ලන් වෙනකොට උබලට දැනිල තියෙනවද? 4 දෙනා උස්සපු එක 8ක් ඕනෙ සොහොන කිට්ටු කරල..
    තව කාටවත් වරදක් නැති හොඳ මනුස්සයෙක් මැරුනම අවමගුල දාට අහස කලු කරල මල් වැස්සක් වහිනවා...
    හොඳ මිනිහෙක් මිනිමැරුමකින් වගේ මලාම අකුනු ගහ ගහ වහිනව අවමගුල දාට.. ඕව මම පොඩි කාලෙ ඉදන් හොදට මතක තියාගෙන බලපු දේවල්,,
    ලගදි සත්‍යා ටෙලි නාට්ටියෙන් මේ ටිකම කිව්වා.පෙන්නුවා.

    බොරු නම් උඹලත් බලපල්ලා කාගෙ හරි මල ගෙයක් උනාම,.
    ඉස්සර නම් රෑ 12 ටත් මල ගෙවල් වල යනවා,, දැන් නම් නොයා බැරි මලගේක මිසක් යන්නෙ නෑ. මොකද මිනිහෙක් මලාට පස්සෙ මොනව බලන්නද, ඉන්න උන්ට බොරුවට මූණ පෙන්නලා, බොරු ගුණ කතන නිවන් සුව ලෑබේවා කියල බොරුවක් කියල එන එකනෙ වෙන්නෙ,

    උඹ කියන කතාව ඇත්ත. අත්දැකීමෙන් කියන්නෙ. මාර විදිහට බර වෙනව.. අන්තිම වට තුන යද්දි උහුලගන්න බැරි විදිහට බර වැඩිවෙනව.
    වහින සීන් එකත් ඇත්ත. අත්දැකීම් දෙක තුනක්ම තියෙනව. අපේ අප්පච්චි නැතිවෙච්චි වෙලෙත් ඔය වගේ වැස්ස. (අප්පච්චි මේ පැත්තෙ බොහොම ගරු කටයුතු චරිතයක්)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,147
    113
    - උඩරට -
    මම කලින් මෙඩිකල් කොලේජ් හිටපු කෙල්ලෙක් එක්ක සෙට් වේලා හිටියා.(යාලුවෙක්) කෙල්ලගේ කාමරේට ගිහිං මම කයියක් එහෙම ගහන් ඉන්නවා ෆ්‍රී වෙලේට. දවසක් ඔහොම ගිහිං මම කෙල්ලගේ පුටුවේ වාඩිවෙලා කකුල් දෙකත් පද්ද පද්දා හිටියා තේ එකක් බිබී. කෙල්ල එහා පැත්තේ පාඩම් කරනවා හරි වෙන මොකක් හරි වැඩක් හරි. ඔහොම ඉද්දි මේසේ යට බෑග් එකක් තිබිලා මම කකුලෙන් ඇනලා බැලුවා. බලද්දී එකේ ඇතුලේ වොලී බෝලයක් වගේ එකක් දැනුනේ. මම ඉතිං ඒ පාර ආතල් එකේ කකුල ඒක උඩ තියං, එහෙට මෙහෙට ඇන ඇන ආතල් එකේ හිටියා. ඔහොම ටිකක් වෙලා ගියාම පස්ස කෙල්ල කිව්ව හිනා වේලා බෑග් එක බලන්න කියලා. එකේ තිබ්බේ මිනි ඔළුවක්, ඇටකටු ටිකක්. උන්ගේ ෆ්රස්ට් ඉයර් වලට ඕනි වෙන එකක් කිව්වා. මම නං ගෙදර ඇවිත් ගූ බයේ හිටියේ මැරිච්ච ඩයල් එක පස්සෙන් එයි කියලා :(
    උබේ ඔලුවත් ඇටකටුත් ඔහොම බෑග් එකකට දාලා දවසක කෙල්ල සෙල්ලම් කරයි කියලා හිතෙනවා 😂😂💣
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබේ ඔලුවත් ඇටකටුත් ඔහොම බෑග් එකකට දාලා දවසක කෙල්ල සෙල්ලම් කරයි කියලා හිතෙනවා 😂😂💣
    මගේ කෙල්ල නෙමෙයි ඒ. යාලුවෙක්. මේක වෙලත් අවුරුදු සැහෙන ගානක්.
     
    • Like
    Reactions: charitha2011

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    කනත්තට වඩා බය හිතෙනවා මිනී පෙට්ටි සාප්පුවට ගියාම ඕයී.. :confused:
    එක පාරක් අංකල් බුවෙක් මැරුනා ඇක්සිඩෙන්ට් එකකින්.
    පොරගේ ගෙවල් දුර තියෙන්නේ ඉතින් ඊට කලින් බලලා එන්න ඕනී කියලා මල් ශාලාවට ගියා ගෙදර අය එක්ක ... :yes:
    මල්ශාලාවට යනකොට පාන්දර 1 ට විතර ඇති..:rolleyes:
    උන් පැය 24 ම ඇරලා නේ තියෙන්නේ ගිහින් කතා කරලා සීන් එක කිව්වාම එන්න පෙන්නන්නම් කියලා එක්කන් ගියා ඇතුලට..
    ලස්සන ලස්සන පෙට්ටි ගොඩක් තිබ්බා ..:love2:
    ඔන්න අංකල් බුවාගේ පෙට්ට්ය ඇරලා පෙන්නුවා..
    මම ඉතින් ඒ අතරේ පොඩි රවුමක් දැම්මා එහෙ මෙහේ..:D
    එක පාරටම පෙට්ටියක් ඇරිලා අතක් එක්ක මගේ ඉස්සරහට වැ‍ටුනා කියපන්කෝ..:eek:
    ගල් වෙලා ගියා බයටම..:dull:
    බලනකොට මිනී පෙට්ටි සාප්පුවේ රෑ ඉන්න දෙන්නගෙන් එකෙක් නිදි පෙට්ටියක් ඇතුලේ සැපට..:angry:
    ඌ ආයේ පෙට්ටියේ පැත්තක් වහගෙන නිදි..:baffled:
    තනියම එහෙම හිටියා නම් එතනම මැරෙනවා බයට:lol:
    මම හිතන්නේ ඔය පෙට්ටි හදන එකා වෙන්න ඔන. ඌ නිදාගන්න වෙනම එකක් හදන් ඇති හොදට කුසන් දාල. බලන්න එන එකාට පෙන්නන්න්ත් එක්ක. :lol:
     
    • Haha
    Reactions: charitha2011

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    වයිෆ් ගේ ලොකු අම්මා කෙනෙක් හිටියා මාමණ්ඩියා එක්ක ඉඩම බෙදා ගන්න බැහැ කියලා තනියම ගෙදර හිට්යේ. පට්ට තණ්හාවක් තියෙන්නේ. ළමයි නැහැ. ලොකු තාත්තා army එකේ ඉදලා තියෙන්නේ 1999 නැති වෙලා. ගෙවල් දොරවල් වාහන තනියෙන් උයන් ඉන්නේ. ගමේ මිනිස්සුවත් කතා කරන නැහැ. ඒ තරම් පණ්ඩිතයි. දවස් දෙක තුනකට සැරයක් වත්ත අතුගාලා සුද්ද කරන්න ගැණු කෙනෙක් යනවා. එයා විතරයි ඒ ගෙදරට යන්නේ. දවසක් ගිහින් දොරට ගහලා ගහලා සද්දයක් නැති තැන ජනේලේන් එබිලා බලනකොට සාලේ වැටිලා ඉන්නවලු. කරුමේ කියන්නේ මාත් ඒ ටිකේ වයිෆ් ලා ගමේ හිටියේ. කැ ගහන සද්දෙට අපිත් දුවන් ගියා. දොර කාඩන ඇතුලට ගියා. අම්මෝ ඒ ගද කවදාවත් අමතක වෙන් නැහැ. දවස් 3 කට විතර කලින් නැති වෙලා තියෙන්නේ.