බරවෙන සීන් එකක් අහල මමනං උස්සං ගිහිං නෑ ලගදි. ඕව වැඩිය හිතට ගන්නෙපාඕවා කියන්ක එපා යකුනෙ ගෙදර මල ගෙයක් වෙලා මිනියත් තනි උනා වරුවක් විතර. දැන් ගෙදර උන් ගජරාමෙට බය වෙලා එලියටවත් බහින්නෙ නැතුව එකට ගුලි වෙලා ඉන්නෙ ටකු ටුකු ගානව දත් හිටන්
මොකද්ද බං ඔය මිනිය කනත්තට ළං වෙද්දි බර වෙන සීන් එක?
ගොඩක් අය කියනව.
මං හිතන්නෙ කනත්තෙ ඉන්න අනිත් පෙරේතයො දුසිං ගණන් අලුතෙන් එන මිනියට පනිනවා ඇති එක පොකුරට









වලවල් කෑපුවොත් නම් ඉතින් අනිවා කලින් වල දාපු මිනි 2-3ක් සෙට් වෙනවා. ඒ කටු කෑලි ටික එකතුකරල වෙනම වල දානව, දැන් නම් ඉතින් ගෑස් තමා.
මිනිය බර වෙනව සොහොනට ලන් වෙනකොට උබලට දැනිල තියෙනවද? 4 දෙනා උස්සපු එක 8ක් ඕනෙ සොහොන කිට්ටු කරල..
තව කාටවත් වරදක් නැති හොඳ මනුස්සයෙක් මැරුනම අවමගුල දාට අහස කලු කරල මල් වැස්සක් වහිනවා...
හොඳ මිනිහෙක් මිනිමැරුමකින් වගේ මලාම අකුනු ගහ ගහ වහිනව අවමගුල දාට.. ඕව මම පොඩි කාලෙ ඉදන් හොදට මතක තියාගෙන බලපු දේවල්,,
ලගදි සත්‍යා ටෙලි නාට්ටියෙන් මේ ටිකම කිව්වා.පෙන්නුවා.
බොරු නම් උඹලත් බලපල්ලා කාගෙ හරි මල ගෙයක් උනාම,.
ඉස්සර නම් රෑ 12 ටත් මල ගෙවල් වල යනවා,, දැන් නම් නොයා බැරි මලගේක මිසක් යන්නෙ නෑ. මොකද මිනිහෙක් මලාට පස්සෙ මොනව බලන්නද, ඉන්න උන්ට බොරුවට මූණ පෙන්නලා, බොරු ගුණ කතන නිවන් සුව ලෑබේවා කියල බොරුවක් කියල එන එකනෙ වෙන්නෙ,

උබේ ඔලුවත් ඇටකටුත් ඔහොම බෑග් එකකට දාලා දවසක කෙල්ල සෙල්ලම් කරයි කියලා හිතෙනවාමම කලින් මෙඩිකල් කොලේජ් හිටපු කෙල්ලෙක් එක්ක සෙට් වේලා හිටියා.(යාලුවෙක්) කෙල්ලගේ කාමරේට ගිහිං මම කයියක් එහෙම ගහන් ඉන්නවා ෆ්‍රී වෙලේට. දවසක් ඔහොම ගිහිං මම කෙල්ලගේ පුටුවේ වාඩිවෙලා කකුල් දෙකත් පද්ද පද්දා හිටියා තේ එකක් බිබී. කෙල්ල එහා පැත්තේ පාඩම් කරනවා හරි වෙන මොකක් හරි වැඩක් හරි. ඔහොම ඉද්දි මේසේ යට බෑග් එකක් තිබිලා මම කකුලෙන් ඇනලා බැලුවා. බලද්දී එකේ ඇතුලේ වොලී බෝලයක් වගේ එකක් දැනුනේ. මම ඉතිං ඒ පාර ආතල් එකේ කකුල ඒක උඩ තියං, එහෙට මෙහෙට ඇන ඇන ආතල් එකේ හිටියා. ඔහොම ටිකක් වෙලා ගියාම පස්ස කෙල්ල කිව්ව හිනා වේලා බෑග් එක බලන්න කියලා. එකේ තිබ්බේ මිනි ඔළුවක්, ඇටකටු ටිකක්. උන්ගේ ෆ්රස්ට් ඉයර් වලට ඕනි වෙන එකක් කිව්වා. මම නං ගෙදර ඇවිත් ගූ බයේ හිටියේ මැරිච්ච ඩයල් එක පස්සෙන් එයි කියලා![]()
මගේ කෙල්ල නෙමෙයි ඒ. යාලුවෙක්. මේක වෙලත් අවුරුදු සැහෙන ගානක්.උබේ ඔලුවත් ඇටකටුත් ඔහොම බෑග් එකකට දාලා දවසක කෙල්ල සෙල්ලම් කරයි කියලා හිතෙනවා![]()
මම හිතන්නේ ඔය පෙට්ටි හදන එකා වෙන්න ඔන. ඌ නිදාගන්න වෙනම එකක් හදන් ඇති හොදට කුසන් දාල. බලන්න එන එකාට පෙන්නන්න්ත් එක්ක.කනත්තට වඩා බය හිතෙනවා මිනී පෙට්ටි සාප්පුවට ගියාම ඕයී..
එක පාරක් අංකල් බුවෙක් මැරුනා ඇක්සිඩෙන්ට් එකකින්.
පොරගේ ගෙවල් දුර තියෙන්නේ ඉතින් ඊට කලින් බලලා එන්න ඕනී කියලා මල් ශාලාවට ගියා ගෙදර අය එක්ක ...
මල්ශාලාවට යනකොට පාන්දර 1 ට විතර ඇති..
උන් පැය 24 ම ඇරලා නේ තියෙන්නේ ගිහින් කතා කරලා සීන් එක කිව්වාම එන්න පෙන්නන්නම් කියලා එක්කන් ගියා ඇතුලට..
ලස්සන ලස්සන පෙට්ටි ගොඩක් තිබ්බා ..
ඔන්න අංකල් බුවාගේ පෙට්ට්ය ඇරලා පෙන්නුවා..
මම ඉතින් ඒ අතරේ පොඩි රවුමක් දැම්මා එහෙ මෙහේ..
එක පාරටම පෙට්ටියක් ඇරිලා අතක් එක්ක මගේ ඉස්සරහට වැටුනා කියපන්කෝ..
ගල් වෙලා ගියා බයටම..
බලනකොට මිනී පෙට්ටි සාප්පුවේ රෑ ඉන්න දෙන්නගෙන් එකෙක් නිදි පෙට්ටියක් ඇතුලේ සැපට..
ඌ ආයේ පෙට්ටියේ පැත්තක් වහගෙන නිදි..
තනියම එහෙම හිටියා නම් එතනම මැරෙනවා බයට![]()
