රෑ 7ට මිනියක් වලදැම්ම

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    එක පාරක් අපේ තාත්තගෙ මාම කෙනෙක් නැතිඋනා තනියම හිටියෙ බැන්දෙ එහෙම නෑ. එයා පපුව හිරවෙලා නැතිඋනා. මරණෙ අරං ගියා කනත්තට අපි කප්පපු වලේ කනත්තෙ උන් වෙන මිනියක් දාන්න විකුණල. කෝම හරි අපේ උන් රන්ඩු වෙලා ගහන්න ගිහිං උන් වල කපල දෙන්නං කියල වැඩේට බැස්ස දැන් පහමාරයි කපන්න ගත්‍ත. 6 වෙද්දි අඩි හය ශේප් ඔන්න බොලේ වැඩේ පත්තු වෙනව කලින් එකක් දාපු වලක් කපල තියෙන්නෙ කෝට් කෑලියි සපත්තු දෙකයි ඇට කටු එහෙම මතු වෙන්න ගත්ත පස්සෙ මොනා කරන්නද ඒක වෙනම පොඩි වලක් කපල කනත්තෙ උන්ම දැම්ම අපේ එක වලදාද්දි 7 පහුවෙලා. ඉවරවෙලා බලද්දි ඔක්කොම උන් ගිහිං ආපු අපිත් තියෙන වාහන වල නැගල ආව

    ඔයාලත් දාන්න ඒවගේ කුජීත අත්දැකීම්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    වලවල් කෑපුවොත් නම් ඉතින් අනිවා කලින් වල දාපු මිනි 2-3ක් සෙට් වෙනවා. ඒ කටු කෑලි ටික එකතුකරල වෙනම වල දානව, දැන් නම් ඉතින් ගෑස් තමා.

    මිනිය බර වෙනව සොහොනට ලන් වෙනකොට උබලට දැනිල තියෙනවද? 4 දෙනා උස්සපු එක 8ක් ඕනෙ සොහොන කිට්ටු කරල..
    තව කාටවත් වරදක් නැති හොඳ මනුස්සයෙක් මැරුනම අවමගුල දාට අහස කලු කරල මල් වැස්සක් වහිනවා...
    හොඳ මිනිහෙක් මිනිමැරුමකින් වගේ මලාම අකුනු ගහ ගහ වහිනව අවමගුල දාට.. ඕව මම පොඩි කාලෙ ඉදන් හොදට මතක තියාගෙන බලපු දේවල්,,
    ලගදි සත්‍යා ටෙලි නාට්ටියෙන් මේ ටිකම කිව්වා.පෙන්නුවා.

    බොරු නම් උඹලත් බලපල්ලා කාගෙ හරි මල ගෙයක් උනාම,.
    ඉස්සර නම් රෑ 12 ටත් මල ගෙවල් වල යනවා,, දැන් නම් නොයා බැරි මලගේක මිසක් යන්නෙ නෑ. මොකද මිනිහෙක් මලාට පස්සෙ මොනව බලන්නද, ඉන්න උන්ට බොරුවට මූණ පෙන්නලා, බොරු ගුණ කතන නිවන් සුව ලෑබේවා කියල බොරුවක් කියල එන එකනෙ වෙන්නෙ,
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    වලවල් කප කපා මහන්සි වෙනවට වඩා ආදාහනය කරන එක තමා ලේසීම..:yes:
    අනික කනත්තක් කියන්නේ හැම තැනම වගේ මිනී වලදාපු පාරිසරික බූමියක් නිසා කවුරුවත් වල දාපු නැති තැනක් හොයන්න අමාරුයි..:eek:
    කලින් වලදාපු අය මතුවෙනවා කොහොමත් ..:confused:

    එක පාරක් කනත්තට ගියා යාලුවෙක්ගේ අවසන් කටයුතු වලට..
    ලස්සනට වලක් කපලා පිලිවෙලට දැන් තියෙනවා ඔක්කොම :)
    ඔන්න එක පාරටම පස් කුට්ටියක් කඩන් වැ‍ටුනා පැත්තකින්..:dull:
    එතනින් පේනවා කලින් වලලපු මිනී පෙට්ටියක් :lol:
    ඔක්කොම එක ගොඩේ තියෙන්නේ..:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රෑ 12 ට පැය 4ක් තියෙද්දී ඔක්කොම කම්ප්ලිට් කරන්න ඕනා ඊට වඩා පහු උනොත් 12 වෙද්දී මරුන එකා වල හාරාගෙන උඩට එන්න පුළුවන්ලු
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වලවල් කෑපුවොත් නම් ඉතින් අනිවා කලින් වල දාපු මිනි 2-3ක් සෙට් වෙනවා. ඒ කටු කෑලි ටික එකතුකරල වෙනම වල දානව, දැන් නම් ඉතින් ගෑස් තමා.

    මිනිය බර වෙනව සොහොනට ලන් වෙනකොට උබලට දැනිල තියෙනවද? 4 දෙනා උස්සපු එක 8ක් ඕනෙ සොහොන කිට්ටු කරල..
    තව කාටවත් වරදක් නැති හොඳ මනුස්සයෙක් මැරුනම අවමගුල දාට අහස කලු කරල මල් වැස්සක් වහිනවා...
    හොඳ මිනිහෙක් මිනිමැරුමකින් වගේ මලාම අකුනු ගහ ගහ වහිනව අවමගුල දාට.. ඕව මම පොඩි කාලෙ ඉදන් හොදට මතක තියාගෙන බලපු දේවල්,,
    ලගදි සත්‍යා ටෙලි නාට්ටියෙන් මේ ටිකම කිව්වා.පෙන්නුවා.

    බොරු නම් උඹලත් බලපල්ලා කාගෙ හරි මල ගෙයක් උනාම,.
    ඉස්සර නම් රෑ 12 ටත් මල ගෙවල් වල යනවා,, දැන් නම් නොයා බැරි මලගේක මිසක් යන්නෙ නෑ. මොකද මිනිහෙක් මලාට පස්සෙ මොනව බලන්නද, ඉන්න උන්ට බොරුවට මූණ පෙන්නලා, බොරු ගුණ කතන නිවන් සුව ලෑබේවා කියල බොරුවක් කියල එන එකනෙ වෙන්නෙ,
    අඩෝ මාත් මේක ෆලෝ කරනවා. මමපොඩි වැඩක් කියන්නම්. උබත් මේක කරලා බලපන්. උබගේ ෆෝන් එකේ නිතරම පාචිච්චි කරන්න වෙදර් ඇප් එකක් දාගනින්. මගේ එකේ නම් ස්ක්‍රීන් එකේ උඩ තියනවා. මම යන ලොකේෂන් එක අනුව ඒක ඔටෝ පේනවා. මම දැන් අනුරාධපුරේ ගියා කියලා හිතපම්කෝ. මම බලනවා අද මෙහෙට වහිනවද පායනවද කියලා. පොඩි පොදයක් හරි යනව නම් අදාල වෙලාවත් එක්ක ඒ ඇප් එකේ වැටෙනවා.

    දැන් මේ මළගෙවල් සීන් එකට මම මේක ආදේශ කරලා බැලුවා . සිද්දි 2-3ක්ම තියෙයි. එක හොද මනුස්සයෙක් මැරුණ දවසේ මේ වගේම වැස්සා. මම නිකමට බැලුවා ඇප් එක. ඒකේ වහින පාටක්වත් නෑ. වැස්සෙත් ඒ මිනී කනත්ත තියන ඒරියා එකට විතරයි බන්. :confused:ඒකත් පොඩි මල් වැස්සක් වගේ එකක්. ඒත් ඇප් එකට අනුව වහින්නෙ නෑ.ඇප්වල වරදකුත් නෑ බන්. මම මේවා අනිත් වැඩවලතත් පාචිව්වි කරන නිසයි කියන්නෙ . මේ වැහි කොහෙන් එනවද කියලා හිතා ගන්න බැහැ

    අනිත් සිද්දිය නම් හිතා ගන්නවත් බැරි එකක්. මේ කියන ගෙදර පිරිමි කෙනා මැරුනා.. එයාගේ ලමයි,ගෑනි මෙයාට සැලකුවේ බල්ලෙක්ට වගේ. මෙයාගේ මිනියත් ගෙදරින් එලියට ගද්දි මල් වැස්සක් වැස්සා. මිනිය ආදාහනාගාරෙකට ගෙනිච්චෙ. අහසම කළු කරලා හෙන වැස්සක් වැටුනා බන්. ඒ දවස්වල වහින්නෙත් නෑ බන් ඒ පැත්තට. හොදම වැඩේ කියන්නේ මාස ගානකට පස්සෙ තමයි වැස්සක් වැටුනේ ඒ හරියට. එදායින් පස්සේ ආයෙත් සති 2ක් විතර ආයේත් වැස්ස නෑ.:baffled: දැන් මචන් එදා හවස මල බත එහෙම දීලා ඉවර කරලා කට්ටිය ගෙවල්වලට ආවා. මාත් ආවේ රෑ9 ට විතර. කොහොම හරි රෑ 12ට කිට්ටු කරලා සුපිරි වැස්සක් වැහැලා. එකම එක අකුණක් ගහලා. ඒක ගහලා තියෙන්නෙත් ඒ මනුස්සයා ඉදපුගෙදරට. ගෙදර ගොඩක් බඩු ගොඩක් පිච්චුනා. අදටත් ගමේ මිනිස්සු කියන්නේ අර මැරිච්ච මිනිහට කරපු දේවල්වලට් හෙන වැදුනා කියලා. මේව විද්‍යාත්මකව පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ . ඒත් නොපොනෙන දෙයකුත් මේවගේ තියනව බන්
     
    අපේ සීය පවුල් තුනකට (ළමයි 22ක් ඒකාලෙ ළමයි ගොඩයි ) නංගිල දෙන්නගෙ පවුලත් එක්ක කන්න දුන්න ඉස්කෝලෙ යැව්ව පොඩි පොඩි වැඩ කර කර දුක් විද විද අන්තිමට මිනිය ගද්දි හීන් පොදක් වැටුන ආදාහනය කරල ඉවරවෙනකන්ම ඊට පස්සෙ ගෙදර ගියාම අමුතු නිහැඩියාවක් හැමතැනම නිකන් පරිසරයත් ශෝක වෙනව වගේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    මේ නානාප්‍රකාර ග්‍රහයෝ අයිති මේ විස්වයට
    අපි, ගහ කොල.සතා සිව්පාවා අයිති මේ
    මහපොලවට බන්. මොන කැටයම් දැම්මත් මහ පොලව
    අපි එනකම් දන්නේ නෑ වගේ බලන් ඉන්නව.
    හිතන්න ගියාම පිස්සු හැදෙනව වෙලාවක.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඕවා කියන්ක එපා යකුනෙ ගෙදර මල ගෙයක් වෙලා මිනියත් තනි උනා වරුවක් විතර. දැන් ගෙදර උන් ගජරාමෙට බය වෙලා එලියටවත් බහින්නෙ නැතුව එකට ගුලි වෙලා ඉන්නෙ ටකු ටුකු ගානව දත් හිටන්

    මොකද්ද බං ඔය මිනිය කනත්තට ළං වෙද්දි බර වෙන සීන් එක?
    ගොඩක් අය කියනව.
    මං හිතන්නෙ කනත්තෙ ඉන්න අනිත් පෙරේතයො දුසිං ගණන් අලුතෙන් එන මිනියට පනිනවා ඇති එක පොකුරට