අඩෝ මාත් මේක ෆලෝ කරනවා. මමපොඩි වැඩක් කියන්නම්. උබත් මේක කරලා බලපන්. උබගේ ෆෝන් එකේ නිතරම පාචිච්චි කරන්න වෙදර් ඇප් එකක් දාගනින්. මගේ එකේ නම් ස්ක්රීන් එකේ උඩ තියනවා. මම යන ලොකේෂන් එක අනුව ඒක ඔටෝ පේනවා. මම දැන් අනුරාධපුරේ ගියා කියලා හිතපම්කෝ. මම බලනවා අද මෙහෙට වහිනවද පායනවද කියලා. පොඩි පොදයක් හරි යනව නම් අදාල වෙලාවත් එක්ක ඒ ඇප් එකේ වැටෙනවා.
දැන් මේ මළගෙවල් සීන් එකට මම මේක ආදේශ කරලා බැලුවා . සිද්දි 2-3ක්ම තියෙයි. එක හොද මනුස්සයෙක් මැරුණ දවසේ මේ වගේම වැස්සා. මම නිකමට බැලුවා ඇප් එක. ඒකේ වහින පාටක්වත් නෑ. වැස්සෙත් ඒ මිනී කනත්ත තියන ඒරියා එකට විතරයි බන්.

ඒකත් පොඩි මල් වැස්සක් වගේ එකක්. ඒත් ඇප් එකට අනුව වහින්නෙ නෑ.ඇප්වල වරදකුත් නෑ බන්. මම මේවා අනිත් වැඩවලතත් පාචිව්වි කරන නිසයි කියන්නෙ . මේ වැහි කොහෙන් එනවද කියලා හිතා ගන්න බැහැ
අනිත් සිද්දිය නම් හිතා ගන්නවත් බැරි එකක්. මේ කියන ගෙදර පිරිමි කෙනා මැරුනා.. එයාගේ ලමයි,ගෑනි මෙයාට සැලකුවේ බල්ලෙක්ට වගේ. මෙයාගේ මිනියත් ගෙදරින් එලියට ගද්දි මල් වැස්සක් වැස්සා. මිනිය ආදාහනාගාරෙකට ගෙනිච්චෙ. අහසම කළු කරලා හෙන වැස්සක් වැටුනා බන්. ඒ දවස්වල වහින්නෙත් නෑ බන් ඒ පැත්තට. හොදම වැඩේ කියන්නේ මාස ගානකට පස්සෙ තමයි වැස්සක් වැටුනේ ඒ හරියට. එදායින් පස්සේ ආයෙත් සති 2ක් විතර ආයේත් වැස්ස නෑ.

දැන් මචන් එදා හවස මල බත එහෙම දීලා ඉවර කරලා කට්ටිය ගෙවල්වලට ආවා. මාත් ආවේ රෑ9 ට විතර. කොහොම හරි රෑ 12ට කිට්ටු කරලා සුපිරි වැස්සක් වැහැලා. එකම එක අකුණක් ගහලා. ඒක ගහලා තියෙන්නෙත් ඒ මනුස්සයා ඉදපුගෙදරට. ගෙදර ගොඩක් බඩු ගොඩක් පිච්චුනා. අදටත් ගමේ මිනිස්සු කියන්නේ අර මැරිච්ච මිනිහට කරපු දේවල්වලට් හෙන වැදුනා කියලා. මේව විද්යාත්මකව පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ . ඒත් නොපොනෙන දෙයකුත් මේවගේ තියනව බන්