මේ ගැන පුලුවන්නම් වෙලාවක අදහසක් කියන්න.
ධර්මයද, ඉපදුණ තැනද?
https://www.elakiri.com/forum/showthread.php?t=1866891
ගොඩක් අය තමන් මෙච්චර කාලයක් විශ්වාස කරගෙන ආපු දේ අතාරින්න බැරි කමට මේකට ගහනවා. මම මේ කතාව අහපු කාලේ ඒක මට අල්ලලා ගියා. ඒ නිසා මම කාලයක් ඔය කතාව follow කරා. රිටිගල, හිරිවඩුන්න ගියා. මැදවච්චියේ ඉසින්බස්සගල බලන්නත් ගියා. පොත් ටික කියෙව්වා. ඔය ටික මම කරපු නිසා, මම අහන්නේ නෑ "එතකොට ඉන්දියාව ගැන තියෙන ඒවා බොරුද, එහෙන් ලංකාවට බුද්ධාගම ගෙනාපු ඒවා බොරුද" වගේ ඒවා. මොකද, ඒවාට උත්තර හාමුදුරුවෝ දීල තියෙන්නේ.
ඒත් මම පෞද්ගලිකව මේක පිළිගන්නේ නෑ. හැබැයි තාම මේ තර්කය හරියටම කවුරුවත් බිඳලා නෑ. "ඕව වෙන්න බෑ, බොරු කතා" කිව්වට වැඩක් නෑ, මොකද තර්කය ගේන අය ඒවාට සාක්ෂි පෙන්නනවා. එහෙනම් ඒවා බින්දින්නත් ඕන ඒ විදියට.
හරියටම විද්‍යාත්මක කාල නිර්ණයක් ඔය හැම තැනම කරලා ඕවයේ වයස හොයාගන්න පුලුවන්නම්, මේ ගැටලුව ලිහන්න පුළුවන්. උදාහරණයක් විදියට රිටිගල නටබුන් වල කාලය හරියටම කියන්න පුලුවන්නම් වැඩේ හරි. ත්‍රිපිටකය පාවිච්චි කරලා මේක කරන්න බැරි, ඒකෙ එන පද වලටත් හිතාගන්න බැරි නිරුක්ති සහ තේරුම් දෙන නිසා. මම ඉස්සෙල්ල කිව්වා වගේ, සක්කස්ස කියන්නේ ලංකාවේ රජ කෙනෙක්, තව්තිසාව කියන්නේ ලංකාවේම තැනක්, මාතලී කියන්නේ එයාගේ රියදුරු කිව්වා ගමන් අර ත්‍රිපිටකේ තියෙන සේරම ඒවා ටික මෙහාට ගලපනවා. ඉතින් මේක ඒ පැත්තෙන් තර්ක කරලා වැඩක් නෑ.
තව තැනක් තමයි, ඉන්දියානු උප මහාද්වීපය වටා තිබුණු රටවල මුලාශ්‍ර සහ පුරාන දේශාටකයන්ගේ වාර්තා අධ්‍යනය කිරීම. එතකොට අපිට මේක අනිත් කතා එක්ක ගැලපෙනවද කියල බලන්න පුළුවන්.
ඒත් ඒ effort එක තේරුමක් නෑ. හැබැයි ඇත්තටම බුදුන් ලංකාවේ ඉපදිලානම්, සමහර මිනිස්සුන්ට සිත පහදවා ගන්න ඒක උදව්වක් වේවි. අපි අපි තාම මේවා කතා කලාට තාම උඩ තැන්වලින් මේක හොයන්න සෙට් වෙලා නෑ. එහෙම උනොත් අපිට බලාගන්න පුළුවන් නිවැරදි කාල නිර්ණයක් වගේ දෙකින් මේක විසඳනවා.


