මහා පරිනිබ්බාන සුත්‍රයේ දැක්වෙන පරිදි ගෞතම බුදුපියාණන් වහන්සේ ම එදා ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප්‍රකාශයක් කර ඇත.
“ චත්තාරි මානි ආනන්ද,
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානි, සංවේජනීයානි ඨානානි
කතමානි චත්තාරි”
1) “ඉධ තථාගතෝ ජාතෝති ආනන්ද
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං
2) ඉධ තථාගතෝ අනුත්තරෝ සම්මා සම්බෝධිං
අභිසම්බුද්ධෝති ආනන්ද
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං
3) ඉධ තථාගතෝ අනුත්තරං ධම්ම චක්කං
පවත්තන්ති ආනන්ද
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං
4) ඉධ තථාගතෝ අනුපදිසේසාය, නිබ්බාන ධාතුයා
පරිනිබ්බුතෝති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං”
ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,
1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
http://maps.google.com/maps?q=7.289069,80.760788&hl=en&t=h&z=16
2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
http://maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16
3) ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
http://maps.google.com/maps?q=8.567707,80.481675&hl=en&t=h&z=16
4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
http://maps.google.com/maps?q=6.633791,80.875546&hl=en&t=h&z=16
යන හතරයි.