රිටිගල_ජේතවනාරාමය

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    මේ ගැන පුලුවන්නම් වෙලාවක අදහසක් කියන්න.
    ධර්මයද, ඉපදුණ තැනද?
    https://www.elakiri.com/forum/showthread.php?t=1866891

    ගොඩක් අය තමන් මෙච්චර කාලයක් විශ්වාස කරගෙන ආපු දේ අතාරින්න බැරි කමට මේකට ගහනවා. මම මේ කතාව අහපු කාලේ ඒක මට අල්ලලා ගියා. ඒ නිසා මම කාලයක් ඔය කතාව follow කරා. රිටිගල, හිරිවඩුන්න ගියා. මැදවච්චියේ ඉසින්බස්සගල බලන්නත් ගියා. පොත් ටික කියෙව්වා. ඔය ටික මම කරපු නිසා, මම අහන්නේ නෑ "එතකොට ඉන්දියාව ගැන තියෙන ඒවා බොරුද, එහෙන් ලංකාවට බුද්ධාගම ගෙනාපු ඒවා බොරුද" වගේ ඒවා. මොකද, ඒවාට උත්තර හාමුදුරුවෝ දීල තියෙන්නේ.
    ඒත් මම පෞද්ගලිකව මේක පිළිගන්නේ නෑ. හැබැයි තාම මේ තර්කය හරියටම කවුරුවත් බිඳලා නෑ. "ඕව වෙන්න බෑ, බොරු කතා" කිව්වට වැඩක් නෑ, මොකද තර්කය ගේන අය ඒවාට සාක්ෂි පෙන්නනවා. එහෙනම් ඒවා බින්දින්නත් ඕන ඒ විදියට.

    හරියටම විද්‍යාත්මක කාල නිර්ණයක් ඔය හැම තැනම කරලා ඕවයේ වයස හොයාගන්න පුලුවන්නම්, මේ ගැටලුව ලිහන්න පුළුවන්. උදාහරණයක් විදියට රිටිගල නටබුන් වල කාලය හරියටම කියන්න පුලුවන්නම් වැඩේ හරි. ත්‍රිපිටකය පාවිච්චි කරලා මේක කරන්න බැරි, ඒකෙ එන පද වලටත් හිතාගන්න බැරි නිරුක්ති සහ තේරුම් දෙන නිසා. මම ඉස්සෙල්ල කිව්වා වගේ, සක්කස්ස කියන්නේ ලංකාවේ රජ කෙනෙක්, තව්තිසාව කියන්නේ ලංකාවේම තැනක්, මාතලී කියන්නේ එයාගේ රියදුරු කිව්වා ගමන් අර ත්‍රිපිටකේ තියෙන සේරම ඒවා ටික මෙහාට ගලපනවා. ඉතින් මේක ඒ පැත්තෙන් තර්ක කරලා වැඩක් නෑ.

    තව තැනක් තමයි, ඉන්දියානු උප මහාද්වීපය වටා තිබුණු රටවල මුලාශ්‍ර සහ පුරාන දේශාටකයන්ගේ වාර්තා අධ්‍යනය කිරීම. එතකොට අපිට මේක අනිත් කතා එක්ක ගැලපෙනවද කියල බලන්න පුළුවන්.

    ඒත් ඒ effort එක තේරුමක් නෑ. හැබැයි ඇත්තටම බුදුන් ලංකාවේ ඉපදිලානම්, සමහර මිනිස්සුන්ට සිත පහදවා ගන්න ඒක උදව්වක් වේවි. අපි අපි තාම මේවා කතා කලාට තාම උඩ තැන්වලින් මේක හොයන්න සෙට් වෙලා නෑ. එහෙම උනොත් අපිට බලාගන්න පුළුවන් නිවැරදි කාල නිර්ණයක් වගේ දෙකින් මේක විසඳනවා.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    කවුද කියන්නෙ බුද්ධකාලයට අයිති දෙයක් නැ කියල ඉන්දියාවෙ ඉතිහාසය ලකා ඉතිහාසයට වඩා ගොඩක් එහා ඒක නැ කියනවනම් උබ මරි මෝඩයෙක්, ඉන්දියාවෙ පුරා විද්යා ගවේශන වෙන්නෙ හරි අඩුවෙන්..

    ඒකයි ලකා ආණ්ඩුවෙන් පවා මුදල් යොදවන්නෙ එහෙ ඉන්න හමුදුරුවරුන්ගෙ ඉල්ලීම් අනුව උබල මොනාද බන් දන්නෙ..මුදල් දුන්නත් මෙහෙන්, එහෙන් අවසර ගන්ඩත් ගොඩක් ආමරුයි , භූමිය ලoකා ආණ්ඩුවට අයිති නැ කැමති තැන් හාරන්ඩ..උබ වගේ මරි මෝඩයො මොනාද දන්නෙ ආමේන් ගාගෙන ඉදපන්..

    ඔබතුමාම දාපු නැට්ජියෝ ඩොකියුමන්ට්‍රි එක කරෙත් ලංකාවේ හාමුදුරුවරුන්ගේ ඉල්ලීමට, ලංකාවේ සල්ලිවලින් වෙන්න ඇති. ඉන්දියාව කියන්නේ කොහේ හරි වලක් හාරලා, බුදු හාමුදුරුවන්ව විකුණලා සංචාරක කර්මාන්තය දියුණු කරන්න හැම තප්පරයකදීම මහන්සි වෙන රටක්. අතේ පැළවෙන කුහකකම කියන්නේ මේකට.

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    1.පොත් ටික කියෙව්වා.

    2.ත්‍රිපිටකය පාවිච්චි කරලා මේක කරන්න බැරි, ඒකෙ එන පද වලටත් හිතාගන්න බැරි නිරුක්ති සහ තේරුම් දෙන නිසා.
    1.දැන් එතකොට උබ කියෝපු පොත් ටිකයි.. 2.ත්‍රිපිටකෙයි සුද්ද වෙනස් කරල නෑ කියන්නෙ කොහොමද? :rofl:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ගොඩක් අය තමන් මෙච්චර කාලයක් විශ්වාස කරගෙන ආපු දේ අතාරින්න බැරි කමට මේකට ගහනවා. මම මේ කතාව අහපු කාලේ ඒක මට අල්ලලා ගියා. ඒ නිසා මම කාලයක් ඔය කතාව follow කරා. රිටිගල, හිරිවඩුන්න ගියා. මැදවච්චියේ ඉසින්බස්සගල බලන්නත් ගියා. පොත් ටික කියෙව්වා. ඔය ටික මම කරපු නිසා, මම අහන්නේ නෑ "එතකොට ඉන්දියාව ගැන තියෙන ඒවා බොරුද, එහෙන් ලංකාවට බුද්ධාගම ගෙනාපු ඒවා බොරුද" වගේ ඒවා. මොකද, ඒවාට උත්තර හාමුදුරුවෝ දීල තියෙන්නේ.
    ඒත් මම පෞද්ගලිකව මේක පිළිගන්නේ නෑ. හැබැයි තාම මේ තර්කය හරියටම කවුරුවත් බිඳලා නෑ. "ඕව වෙන්න බෑ, බොරු කතා" කිව්වට වැඩක් නෑ, මොකද තර්කය ගේන අය ඒවාට සාක්ෂි පෙන්නනවා. එහෙනම් ඒවා බින්දින්නත් ඕන ඒ විදියට.

    හරියටම විද්‍යාත්මක කාල නිර්ණයක් ඔය හැම තැනම කරලා ඕවයේ වයස හොයාගන්න පුලුවන්නම්, මේ ගැටලුව ලිහන්න පුළුවන්. උදාහරණයක් විදියට රිටිගල නටබුන් වල කාලය හරියටම කියන්න පුලුවන්නම් වැඩේ හරි. ත්‍රිපිටකය පාවිච්චි කරලා මේක කරන්න බැරි, ඒකෙ එන පද වලටත් හිතාගන්න බැරි නිරුක්ති සහ තේරුම් දෙන නිසා. මම ඉස්සෙල්ල කිව්වා වගේ, සක්කස්ස කියන්නේ ලංකාවේ රජ කෙනෙක්, තව්තිසාව කියන්නේ ලංකාවේම තැනක්, මාතලී කියන්නේ එයාගේ රියදුරු කිව්වා ගමන් අර ත්‍රිපිටකේ තියෙන සේරම ඒවා ටික මෙහාට ගලපනවා. ඉතින් මේක ඒ පැත්තෙන් තර්ක කරලා වැඩක් නෑ.

    තව තැනක් තමයි, ඉන්දියානු උප මහාද්වීපය වටා තිබුණු රටවල මුලාශ්‍ර සහ පුරාන දේශාටකයන්ගේ වාර්තා අධ්‍යනය කිරීම. එතකොට අපිට මේක අනිත් කතා එක්ක ගැලපෙනවද කියල බලන්න පුළුවන්.

    ඒත් ඒ effort එක තේරුමක් නෑ. හැබැයි ඇත්තටම බුදුන් ලංකාවේ ඉපදිලානම්, සමහර මිනිස්සුන්ට සිත පහදවා ගන්න ඒක උදව්වක් වේවි. අපි අපි තාම මේවා කතා කලාට තාම උඩ තැන්වලින් මේක හොයන්න සෙට් වෙලා නෑ. එහෙම උනොත් අපිට බලාගන්න පුළුවන් නිවැරදි කාල නිර්ණයක් වගේ දෙකින් මේක විසඳනවා.
    කිරියේ කෙනෙක්ගෙන් වැඩක් ඇති කතාවක් ඇහුවමයි.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    1.දැන් එතකොට උබ කියෝපු පොත් ටිකයි.. 2.ත්‍රිපිටකෙයි සුද්ද වෙනස් කරල නෑ කියන්නෙ කොහොමද? :rofl:
    මොනවා කවුරු කොහොම වෙනස්කරත් නොකරත් කල්පනා කරන්න පුළුවන් මිනිහෙකුට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    1.දැන් එතකොට උබ කියෝපු පොත් ටිකයි.. 2.ත්‍රිපිටකෙයි සුද්ද වෙනස් කරල නෑ කියන්නෙ කොහොමද? :rofl:

    සුද්දෙක් කරපු එකක් නෙවෙයි බන්. ඒවත් කතන්දර තමයි. හොඳට තියෙන ත්‍රිපිටකේට අමුතු අමුතු තේරුම් දෙනවා. පොත් ලියන්නෙත් මෙයාලමයි. වැරදි තේරුම් දෙන්නෙත් මෙයාලමයි. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කිව්වට පස්සේ ආයිත් එකෙන්ම උදාහරණ අරන් දුන්නට වැඩක් නෑනේ. මෙයාල කියනවනේ නෑ ඔකේ තේරුම වෙන එකක් කියල.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    සුද්දෙක් කරපු එකක් නෙවෙයි බන්. ඒවත් කතන්දර තමයි. හොඳට තියෙන ත්‍රිපිටකේට අමුතු අමුතු තේරුම් දෙනවා. පොත් ලියන්නෙත් මෙයාලමයි. වැරදි තේරුම් දෙන්නෙත් මෙයාලමයි. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කිව්වට පස්සේ ආයිත් එකෙන්ම උදාහරණ අරන් දුන්නට වැඩක් නෑනේ. මෙයාල කියනවනේ නෑ ඔකේ තේරුම වෙන එකක් කියල.
    බුදුහාමුදුරුවෝ එපා කියපු විදිහට සංස්කෘත වචන දාල ත්‍රිපිටකය පරිවර්තනය කරානම් ඒක හොඳට තියෙන ත්‍රිපිටකයක් වෙන්න බෑ නේද? සංස්කෘත වචන දාන එක වැරදි බව ඉන්දියාවේ ඉපදුනා කියන අයත් ලංකාවේ ඉපදුනා කියන අයත් දෙගොල්ලොම පිළිගන්න දෙයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබතුමාම දාපු නැට්ජියෝ ඩොකියුමන්ට්‍රි එක කරෙත් ලංකාවේ හාමුදුරුවරුන්ගේ ඉල්ලීමට, ලංකාවේ සල්ලිවලින් වෙන්න ඇති. ඉන්දියාව කියන්නේ කොහේ හරි වලක් හාරලා, බුදු හාමුදුරුවන්ව විකුණලා සංචාරක කර්මාන්තය දියුණු කරන්න හැම තප්පරයකදීම මහන්සි වෙන රටක්. අතේ පැළවෙන කුහකකම කියන්නේ මේකට.

    පල කුරුස පකයො යන්ඩ..තොටනෙ කුහකකම තියෙන්නෙ..තෝ බෞද්ධයො එක්ක කුහකයි උබ බුදු දහම එක්ක කුහකයි උබ අපේ ඉතිහාසය එක්ක කුහකයි උබ ඉන්දියාව එක්ක කුහකයි ..මොනව ගැනද උබ කුහක නැත්තෙ ෆේක් හද හදා නිරුවත පෙන්නන මොන්ගල් කුරුසයෙක් උබ කුරුසෙ ගහ ගනින් උබේ උකේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදුහාමුදුරුවෝ එපා කියපු විදිහට සංස්කෘත වචන දාල ත්‍රිපිටකය පරිවර්තනය කරානම් ඒක හොඳට තියෙන ත්‍රිපිටකයක් වෙන්න බෑ නේද? සංස්කෘත වචන දාන එක වැරදි බව ඉන්දියාවේ ඉපදුනා කියන අයත් ලංකාවේ ඉපදුනා කියන අයත් දෙගොල්ලොම පිළිගන්න දෙයක්.

    සිහල හරියට නොදන්න තෝ කොහෙද බොල සස්කෘත දන්නෙ නිකන් ඉදින් පාන්කඩ කුරුසයො..තෝ හිතාගෙන ඉන්නෙ ආමෙන් ගෑවාම ඔක්කොම හරියයි කියද ලොල් කරුමෙ පස්සෙන් එනව පරිස්සමට..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    සුද්දෙක් කරපු එකක් නෙවෙයි බන්. ඒවත් කතන්දර තමයි. හොඳට තියෙන ත්‍රිපිටකේට අමුතු අමුතු තේරුම් දෙනවා. පොත් ලියන්නෙත් මෙයාලමයි. වැරදි තේරුම් දෙන්නෙත් මෙයාලමයි. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කිව්වට පස්සේ ආයිත් එකෙන්ම උදාහරණ අරන් දුන්නට වැඩක් නෑනේ. මෙයාල කියනවනේ නෑ ඔකේ තේරුම වෙන එකක් කියල.
    කවදහරි සම්බුද්ද උප්පත්තිය ශ්‍රී ලංකාවෙ කියල ඔප්පු වෙනව නම් එතනින් එහාට මේ බුදුදහම ආගම කරගෙනවත් අදහලවත් වැඩක් නෑ. මොකද උප්පත්තිය, සම්බුද්ධවය, පිරිණිවපෑම, මව පියා ඇතුලු සමස්ත රාජ පරම්පරාව සහ බුදුසිරිතේ මුනගැහෙන අනෙකුත් රාජ පරම්පරාවන් වන බිම්බිසාර, කොසොල්, අජාසත්ත පරම්පරවනුත්, සියලුම ප්‍රදේශයන්, ගංඟා, පර්වත සහ කුලයනුත්, වෙහෙර විහාර ඇතුලු බුද්දහමේ හමුවෙන සියලුම දේ මේ විදියට වංචනිකව වෙනස් කරල සහමුලින්ම අතුගාල දාන්න පුලුවන් උනා නම්..,

    සමස්ත මූල ධාතුව සහමුලින්ම වෙනස් කරපු ආගමක තියෙන කරුනු සත්‍යයැයි පැවසීම, ඒව වෙනස් උනේ නැහැයි කියල කියන එක, අලුතෙන් කෑලි එකතු කලේ නැහැයි කියන එක කිසිසේත්ම පිලිගන්න බැරි කරුණක්.

    මහාමායා දේවිඅය පුරුශයෙක් උන කතාව හන්ගන්න පුලුවන් උනානම්, පරිවර්තනය වැරදුනා නම්, සත් පියුම් උඩ උන සිදුහත් උපත ඇත්තයි කියල පිලිගන්න එක කිසිම පදනම් නෑ. තිබ්බ දෙයක් අයින් කල මිනිසුන්ට, වෙනස් කල මිනිසුන්ට අලුතෙන් දාන එකත් කරන්න පුලුවන්. ඒ වගේම

    ඒ නිසා බුද්දහමෙ සියලුම කරුණු නිසැකවම අභියෝගයකට ලක් වෙනව.

    නිර්මල බුදුදහම බොරු කියන්න මෙයාලට බැරි නිසා බුදුදහමෙ පැවත ඒම බොරුයි කියල ඔප්පු කරල දහමෙ තියෙන දහම් කරුණු අභියෝග කරල බොරුවක් බවට මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න හදන්නෙ.

    මොකද බුද්දහමේ ආරම්භය හා ඉගෙන ගත්ත බුදුසිරිත බොරුවක් කියල කෙනෙක් හිතන්න ගත්තාම එයාගෙ හිතේම නිතැනින්ම බුද්දහමේ අන්තර්ගතයත් මේ විදියට වෙනස් කලා වෙන්න බැරිද කියල සැකයක් ඇතිවෙනව. ඊලගට එයාල දහමක් නැතිව අයාලෙ යන්න යනව. සත්තු මරණ කෙනා හිතන්න ගන්නව සත්තු මැරුවොත් පවු කියල තියෙන්නෙ සුද්ද එකතුකරපු එකක් වෙන්න බැරිද කියල. (හිත සනසගන්න මෙහෙමත් හිතනව. මිනිස්සු මරන එක පවු කියල මිනිස්සු හිතද්දි යුද්ධ කරන්න මිනිස්සු නැතිවෙනව. ඒ නිසා සුද්දට රට අල්ලන් ඉන්න පහසු වෙන්න මිනිස්සු සත්තු මැරුවොත් පවු කියල සුද්දගේ වාසිය වෙනුවෙන් සුද්ද ඕව බොරුවට බුද්දහමට එකතු කලා වෙන්න බැරිද කියල හිතනව ) ඉතුරු පන්සිල්පදත් එහෙමයි. මොකද කිසිම දහම් කරුණක් පිලිබඳ විස්වාසය නැතිවෙලා ගිහින් තිසරණයේ පිහිටන්න බැරි වෙනව.
     
    • Like
    Reactions: Executer

    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    මිත්‍යා මත හදන්න එපා යාලුවේ උබලට ආයේ ඉපදෙන්න වෙන්නේ අවීචි මහා නරකාදියේ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුදුහාමුදුරුවෝ එපා කියපු විදිහට සංස්කෘත වචන දාල ත්‍රිපිටකය පරිවර්තනය කරානම් ඒක හොඳට තියෙන ත්‍රිපිටකයක් වෙන්න බෑ නේද? සංස්කෘත වචන දාන එක වැරදි බව ඉන්දියාවේ ඉපදුනා කියන අයත් ලංකාවේ ඉපදුනා කියන අයත් දෙගොල්ලොම පිළිගන්න දෙයක්.

    :yes::yes::yes:කාලාම සුත්‍රයේ කියනවා පරම්පරාවෙන් ආ පමණින් යමක් නොපිලිගන්න කියලා.බුද්දඝෝෂ ඕල්කට් වික්ටොරියානු සිoහල බෞද්දයින්ට නොතේරුනාට ඒකයි බුදුවදන ..
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    බුදුහාමුදුරුවෝ එපා කියපු විදිහට සංස්කෘත වචන දාල ත්‍රිපිටකය පරිවර්තනය කරානම් ඒක හොඳට තියෙන ත්‍රිපිටකයක් වෙන්න බෑ නේද? සංස්කෘත වචන දාන එක වැරදි බව ඉන්දියාවේ ඉපදුනා කියන අයත් ලංකාවේ ඉපදුනා කියන අයත් දෙගොල්ලොම පිළිගන්න දෙයක්.

    මෙහෙම ගනින් මචන්. උදාහරනෙකට සක්දෙවි ගැනම ගමු. සක්කස්ස දේවානමින්ද කියන නම පරිවර්තනය උනේ සක් දෙවි කියලනේ. උඹල කියන්නේ ඒ රජ කෙනෙක්ගේ නමක් කියලනේ. කොහොමද එහෙම කියන්නේ. direct සාක්ෂි තියේද? ඒක සක් දෙවි වෙන්න බෑ කියල කොහොමද කියන්නේ. Direct සාක්ෂි තියේද? මේක රජ කෙනෙක්ගේ නමක් කියන එකට සාක්ෂි නැතුව (සාක්ෂි කියන්නේ වචන හරඹ නම් නෙවෙයි ) නම් කියන්නේ, උඹලට බෑනේ සක්දෙවි කියන එක වැරදියි කියන්නත්.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කවදහරි සම්බුද්ද උප්පත්තිය ශ්‍රී ලංකාවෙ කියල ඔප්පු වෙනව නම් එතනින් එහාට මේ බුදුදහම ආගම කරගෙනවත් අදහලවත් වැඩක් නෑ. මොකද උප්පත්තිය, සම්බුද්ධවය, පිරිණිවපෑම, මව පියා ඇතුලු සමස්ත රාජ පරම්පරාව සහ බුදුසිරිතේ මුනගැහෙන අනෙකුත් රාජ පරම්පරාවන් වන බිම්බිසාර, කොසොල්, අජාසත්ත පරම්පරවනුත්, සියලුම ප්‍රදේශයන්, ගංඟා, පර්වත සහ කුලයනුත්, වෙහෙර විහාර ඇතුලු බුද්දහමේ හමුවෙන සියලුම දේ මේ විදියට වංචනිකව වෙනස් කරල සහමුලින්ම අතුගාල දාන්න පුලුවන් උනා නම්..,

    සමස්ත මූල ධාතුව සහමුලින්ම වෙනස් කරපු ආගමක තියෙන කරුනු සත්‍යයැයි පැවසීම, ඒව වෙනස් උනේ නැහැයි කියල කියන එක, අලුතෙන් කෑලි එකතු කලේ නැහැයි කියන එක කිසිසේත්ම පිලිගන්න බැරි කරුණක්.

    මහාමායා දේවිඅය පුරුශයෙක් උන කතාව හන්ගන්න පුලුවන් උනානම්, පරිවර්තනය වැරදුනා නම්, සත් පියුම් උඩ උන සිදුහත් උපත ඇත්තයි කියල පිලිගන්න එක කිසිම පදනම් නෑ. තිබ්බ දෙයක් අයින් කල මිනිසුන්ට, වෙනස් කල මිනිසුන්ට අලුතෙන් දාන එකත් කරන්න පුලුවන්. ඒ වගේම

    ඒ නිසා බුද්දහමෙ සියලුම කරුණු නිසැකවම අභියෝගයකට ලක් වෙනව.

    නිර්මල බුදුදහම බොරු කියන්න මෙයාලට බැරි නිසා බුදුදහමෙ පැවත ඒම බොරුයි කියල ඔප්පු කරල දහමෙ තියෙන දහම් කරුණු අභියෝග කරල බොරුවක් බවට මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න හදන්නෙ.

    මොකද බුද්දහමේ ආරම්භය හා ඉගෙන ගත්ත බුදුසිරිත බොරුවක් කියල කෙනෙක් හිතන්න ගත්තාම එයාගෙ හිතේම නිතැනින්ම බුද්දහමේ අන්තර්ගතයත් මේ විදියට වෙනස් කලා වෙන්න බැරිද කියල සැකයක් ඇතිවෙනව. ඊලගට එයාල දහමක් නැතිව අයාලෙ යන්න යනව. සත්තු මරණ කෙනා හිතන්න ගන්නව සත්තු මැරුවොත් පවු කියල තියෙන්නෙ සුද්ද එකතුකරපු එකක් වෙන්න බැරිද කියල. (හිත සනසගන්න මෙහෙමත් හිතනව. මිනිස්සු මරන එක පවු කියල මිනිස්සු හිතද්දි යුද්ධ කරන්න මිනිස්සු නැතිවෙනව. ඒ නිසා සුද්දට රට අල්ලන් ඉන්න පහසු වෙන්න මිනිස්සු සත්තු මැරුවොත් පවු කියල සුද්දගේ වාසිය වෙනුවෙන් සුද්ද ඕව බොරුවට බුද්දහමට එකතු කලා වෙන්න බැරිද කියල හිතනව ) ඉතුරු පන්සිල්පදත් එහෙමයි. මොකද කිසිම දහම් කරුණක් පිලිබඳ විස්වාසය නැතිවෙලා ගිහින් තිසරණයේ පිහිටන්න බැරි වෙනව.

    :yes::yes:

    +44
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔබතුමාම දාපු නැට්ජියෝ ඩොකියුමන්ට්‍රි එක කරෙත් ලංකාවේ හාමුදුරුවරුන්ගේ ඉල්ලීමට, ලංකාවේ සල්ලිවලින් වෙන්න ඇති. ඉන්දියාව කියන්නේ කොහේ හරි වලක් හාරලා, බුදු හාමුදුරුවන්ව විකුණලා සංචාරක කර්මාන්තය දියුණු කරන්න හැම තප්පරයකදීම මහන්සි වෙන රටක්. අතේ පැළවෙන කුහකකම කියන්නේ මේකට.

    :yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha

    :yes::yes::yes:කාලාම සුත්‍රයේ කියනවා පරම්පරාවෙන් ආ පමණින් යමක් නොපිලිගන්න කියලා.බුද්දඝෝෂ ඕල්කට් වික්ටොරියානු සිoහල බෞද්දයින්ට නොතේරුනාට ඒකයි බුදුවදන ..
    රෙද්ද තමයි කාලාම සූත්‍රය දේශනා කලේ කාටද කාවෙනුවෙන්ද කියල හොයල බලපන්.. අපිට කාලාම සුත්‍රය දේශනා කරල නෑ. පල්ලියේ උබට නම් ඒ දේශනාව අදාලයි. :rofl::rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගොඩක් අය තමන් මෙච්චර කාලයක් විශ්වාස කරගෙන ආපු දේ අතාරින්න බැරි කමට මේකට ගහනවා. මම මේ කතාව අහපු කාලේ ඒක මට අල්ලලා ගියා. ඒ නිසා මම කාලයක් ඔය කතාව follow කරා. රිටිගල, හිරිවඩුන්න ගියා. මැදවච්චියේ ඉසින්බස්සගල බලන්නත් ගියා. පොත් ටික කියෙව්වා. ඔය ටික මම කරපු නිසා, මම අහන්නේ නෑ "එතකොට ඉන්දියාව ගැන තියෙන ඒවා බොරුද, එහෙන් ලංකාවට බුද්ධාගම ගෙනාපු ඒවා බොරුද" වගේ ඒවා. මොකද, ඒවාට උත්තර හාමුදුරුවෝ දීල තියෙන්නේ.
    ඒත් මම පෞද්ගලිකව මේක පිළිගන්නේ නෑ. හැබැයි තාම මේ තර්කය හරියටම කවුරුවත් බිඳලා නෑ. "ඕව වෙන්න බෑ, බොරු කතා" කිව්වට වැඩක් නෑ, මොකද තර්කය ගේන අය ඒවාට සාක්ෂි පෙන්නනවා. එහෙනම් ඒවා බින්දින්නත් ඕන ඒ විදියට.

    හරියටම විද්‍යාත්මක කාල නිර්ණයක් ඔය හැම තැනම කරලා ඕවයේ වයස හොයාගන්න පුලුවන්නම්, මේ ගැටලුව ලිහන්න පුළුවන්. උදාහරණයක් විදියට රිටිගල නටබුන් වල කාලය හරියටම කියන්න පුලුවන්නම් වැඩේ හරි. ත්‍රිපිටකය පාවිච්චි කරලා මේක කරන්න බැරි, ඒකෙ එන පද වලටත් හිතාගන්න බැරි නිරුක්ති සහ තේරුම් දෙන නිසා. මම ඉස්සෙල්ල කිව්වා වගේ, සක්කස්ස කියන්නේ ලංකාවේ රජ කෙනෙක්, තව්තිසාව කියන්නේ ලංකාවේම තැනක්, මාතලී කියන්නේ එයාගේ රියදුරු කිව්වා ගමන් අර ත්‍රිපිටකේ තියෙන සේරම ඒවා ටික මෙහාට ගලපනවා. ඉතින් මේක ඒ පැත්තෙන් තර්ක කරලා වැඩක් නෑ.

    තව තැනක් තමයි, ඉන්දියානු උප මහාද්වීපය වටා තිබුණු රටවල මුලාශ්‍ර සහ පුරාන දේශාටකයන්ගේ වාර්තා අධ්‍යනය කිරීම. එතකොට අපිට මේක අනිත් කතා එක්ක ගැලපෙනවද කියල බලන්න පුළුවන්.

    ඒත් ඒ effort එක තේරුමක් නෑ. හැබැයි ඇත්තටම බුදුන් ලංකාවේ ඉපදිලානම්, සමහර මිනිස්සුන්ට සිත පහදවා ගන්න ඒක උදව්වක් වේවි. අපි අපි තාම මේවා කතා කලාට තාම උඩ තැන්වලින් මේක හොයන්න සෙට් වෙලා නෑ. එහෙම උනොත් අපිට බලාගන්න පුළුවන් නිවැරදි කාල නිර්ණයක් වගේ දෙකින් මේක විසඳනවා.

    :yes::yes::yes:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org

    මචෝ මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීහන්කෝ, බුදුන් වහන්සේ මෙහෙ ඉපදුනනන් , උන්වහන්සේ හිටිපු කාලේ හිටිය නිගන්ටයෝ කෝ? එකෙක්වත් නැහැනේ ලංකාවේ? 62ක් මිත්‍යා දෘෂ්ටික ආගම වලින් 10ක් වත් නැහැ නේ අද? ඉන්දියාවේ නං ඉන්නවා. මම පිලිගන්නවා බුද්දගොෂ ස්වාමින්වහන්සේගේ අනිච්ච දුක්ක අනත්ත පරිවර්තනය වැරදි කියල, එත් බුදුන් මෙහෙ ඉපදුන කියන එකට ශාක්ෂි මදි නේද?
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0

    මෙහෙම ගනින් මචන්. උදාහරනෙකට සක්දෙවි ගැනම ගමු. සක්කස්ස දේවානමින්ද කියන නම පරිවර්තනය උනේ සක් දෙවි කියලනේ. උඹල කියන්නේ ඒ රජ කෙනෙක්ගේ නමක් කියලනේ. කොහොමද එහෙම කියන්නේ. direct සාක්ෂි තියේද? ඒක සක් දෙවි වෙන්න බෑ කියල කොහොමද කියන්නේ. Direct සාක්ෂි තියේද? මේක රජ කෙනෙක්ගේ නමක් කියන එකට සාක්ෂි නැතුව (සාක්ෂි කියන්නේ වචන හරඹ නම් නෙවෙයි ) නම් කියන්නේ, උඹලට බෑනේ සක්දෙවි කියන එක වැරදියි කියන්නත්.
    හරි සක්කස්ස දෙවානමින්ද කියන්නේ ශක්‍ර දෙවෙන්ද්‍රයමයි කියල ඒ කතාව පැත්තකට දාමු. ඒකෙන් නිවනට වැඩක් නෑ කියමු.
    නමුත් නිවන් ලබාගැනීමට උපකාර වන පිරිසිදු මාගධී වචන බුදු හාමුදුරුවෝ එපා කියල සියලු දෙනා පිළිගෙන තිබියදී සංස්කෘතයට පරිවර්තනය කර තේරුම් ගැනීමට උත්සාහ කිරීම ගැන ඔයාගේ අදහස මොකක්ද?

    උදා:

    ගොඩක් අය කියන දෙයක් තමයි බුදු හාමුදුරුවෝ ඉපදුන තැන ගැන තර්ක නොකර, උන්වහන්සේ දේශනා කරපු ධර්මය පිළිපැද්ද නම් ඉවරයි කියන එක.

    මෙතන ගොඩක් අයට අමතක වෙන දේ තමයි අද බුදු දහම කියලා පිළිගන්න, පොත්වල ලියවෙලා තියෙන කාරණා සම්පූර්ණයෙන්ම හැඩ ගැසිලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ ඉපදුනා කියන තැනට අනුව බව.
    ඒක වෙන්නේ මෙහෙමයි.

    1. දැන් ත්‍රිපිටක පොත් වහන්සේලා ලියවෙලා තියෙන්නේ පාලි භාෂාවෙන්, අපි ඒවා කියවන්න උත්සාහ කරාට තේරුම් ගන්න බැහැ, මොකද අපේ මවු බස සිංහල නිසා. ඉතින් අපි කියවන්නේ ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයක්.

    2. ත්‍රිපිටකය පාලි බසින් සිංහලට පරිවර්තනය කරේ 1950 ගණන්වල වගේ මෑත කාලයකදී. ඊට කලින් පාලි තිරිපිටකය අවුරුදු 2000 ගණනක් තිස්සේ ලංකාවේ තිබුනත් ඒවා රැකගත්තු අපේ පුරාණ ස්වාමීන් වහන්සේලා කිසි දිනක ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කළේ නැහැ. ඒ ඉතාම වැදගත් හේතුවක් නිසා.

    3. 1950 ගණන්වල ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරන්න පැවරුන හාමුදුරුවරුන්ගේ මතය උනෙත් බුදු හාමුදුරුවෝ හිටියේ උතුරු ඉන්දියාවේ කියලා. මේ මතය සහමුලින්ම බලපෑවා ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයට, ඒ මෙහෙමයි.

    4. 1. දැන් ත්‍රිපිටක පරිවර්තක හාමුදුරුවරු පාලි සූත්‍රයක් කියවගෙන යනකොට හම්බවෙනවා මජ්ජිමා, අනිච්ච, අනත්ත වගේ පාලි වචන.
    2. බුදු හාමුදුරුවෝ හිටියේ ඉන්දියාවේ නිසා මේ වචනවල ශබ්දයට සමාන ඉන්දියානු භාෂාවක වචන වලින් තේරුම හරියටම ගන්න පුළුවන්.
    3. ඉන්දියාවේ පූජනීයම භාෂාව සංස්කෘත, ඒ නිසා මේ වචනවල ශබ්දයට සමාන සංස්කෘත වචන වල තේරුම හොයාගත්තනම් හරි.
    ඉතින් පාලි >> සංස්කෘත >> සිංහල විදිහට වැඩේ යනවා
    මජ්ජිමා >> මධ්‍යම >> මැදුම්
    අනිච්ච >> අනිත්‍ය >> ස්ථිර නොවන
    අනත්ත >> අනාත්ම >> ආත්මයක් නැහැ.
    පල්ලංකං >> පර්යංකය >> එරමිණිය ගොතාගෙන ගල් පිළිමයක් මෙන් සිටීම
    තව උදාහරණ අප්‍රමාණව තියෙනවා

    මහා චත්තාරීසක සූත්‍රය සහ සිංහල පරිවර්තනයයෙන් උදාහරණයක්. (හැම සංස්කෘත වචනෙටම ඉරි ගහන්න බැරිවුනා)

    55wqvXM.png

    ඉතින් මේකේ වැරැද්ද මොකක්ද??

    සංස්කෘත භාෂාවේ මූලික ස්වරූපයක් වුන චන්දස් වෛදික භාෂාව බුදු පියාණන් වහන්සේගේ කාලයේ මේ හෙළබිමේ තිබුනා, ඒ කිව්වේ ප්‍රධාන භාෂාව හැටියට නෙවෙයි. අද ඉංග්‍රීසි, අරාබි බාසා ලංකාවේ තියෙනවා වගේ. දවසක් හාමුදුරුවරු දෙදෙනෙක් ඇවිත් බුදු පියාණන් වහන්සේගෙන් අහනවා බුදු දහම සංස්කෘත වලට පරිවර්තනය කරන්නද කියලා, බුදු පියාණන් වහන්සේ ඔවුන්ට මෝඩ පුරුෂ කියන ආමන්ත්‍රණයෙන් පටන් ගෙන, උතුම් බුදු දහම සංස්කෘත බසට පරිවර්තනය කිරීම නොපැහැදුන අයගේ පැහැදීම පිණිස, පැහැදුන අයගේ වඩාත් පැහැදීම පිණිස හේතු නොවන බවත්; නොපැහැදුන අයගේ නොපැහැදීමටත්, පැහැදුන අයගේ හිත වෙනස් වීමටත් හේතුවන බව දේශනා කරලා බුදු දහම සංස්කෘත බසට පරිවර්තනය කිරීම තහනම් කරලා විනය නීතියක් පැනෙව්වා.

    rkMUC2Z.png
    rkMUC2Z.png
    rkMUC2Z.png

    දැන් ත්‍රිපිටක පොතක් අරන් බලන්න සිංහල පරිවර්තනයේ තියෙන සංස්කෘත වචන ගොඩ!
    අද ඉන්න බොහෝ දෙනා නොදන්නවා වුනාට 1950 - 60 ගණන් වල මේ ගැන අවබෝධයක් ඇති පැවිදි ගිහි දෙපිරිසෙන්ම මතුවුණ විශාල විරෝධතා මැද තමයි ත්‍රිපිටකය පරිවර්තනය කළේ.
    පාලි තිරිපිටකය අවුරුදු 2000 ගණනක් තිස්සේ ලංකාවේ තිබුනත් ඒවා රැකගත්තු අපේ පුරාණ ස්වාමීන් වහන්සේලා කිසි දිනක ත්‍රිපිටකය පරිවර්තනය කළේ නැත්තෙත් මේ හේතුව නිසාමයි.

    බුදු පියාණන් වහන්සේ ඉපදුන තැන අනුව ධර්මය වෙනස් වෙන හැටි වැටහෙනවද?
    බුදු පියාණන් වහන්සේ එපා කියපු දෙයක් නේද සිංහල ත්‍රිපිටකය හැටියට අද අපි ඔලුව උඩින් තියාගෙන ආරක්ෂා කරන්න දඟලන්නේ.

    බුද්ධාගම කියල අද සම්මතයෙන් පිළිගන්න දේ ඔලුවේ තියාගෙන හිටියොත් වෙන්නේ අරියෝපවාද, සංඝභේද පාප කර්ම බව පමණක්ම නුවණැත්තෝ වටහා ගනිත්වා!

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රෙද්ද තමයි කාලාම සූත්‍රය දේශනා කලේ කාටද කාවෙනුවෙන්ද කියල හොයල බලපන්.. අපිට කාලාම සුත්‍රය දේශනා කරල නෑ. පල්ලියේ උබට නම් ඒ දේශනාව අදාලයි. :rofl::rofl:

    බුදුදහම කියන්නේ කුලය,ගොත්‍රය,වර්ගය බලලා නොදෙසපු දහමක් බව කාලීන බණ අහලා මනස විකුර්ති වුණු සද්ධර්මපුණ්ඩරීකයන්ට හසුවුණු බුද්දඝෝෂ ඕල්කට් වික්ටොරියානු සිoහල බෞද්දයින්ට මතක් කොරන්න කැමතියි.:P:P