#....රිදීතිරය තුලට.....#

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    #....රිදීතිරය තුලට.....#

    ................................රිදීතිරය තුලට.....

    .......
    movies.jpg


    :D මම කාලයක ඉදල හිතාගන උන්න දෙයක්, ඉඩ ලැබුන හැටියට ඉදිරිපත් කරන්න හිතුනා...අපි හුගදෙනෙක් Movies බලනවනෙ, ඒ වගේම කවුරුරි හොදයි කියපු ඒවා හොයාගන බලනව. නමුත් කවුරුහරි ඇහුවොත් ඇයි ඔබ ඒකට කැමති කියල බොහෝදෙනෙකුට පැහැදිලි හා විස්තරාත්මක උත්තරයක් දෙන්න අමාරුයි..:rolleyes:

    එමනිසා මම අදහස්කරන්නෙ මේ හුය තුලින් තමා රසවිදි සිනමා කෘතියක් සරල විචාරයක්ද සමග අනිත් සහෝදර සහෝදරියන්ට හදුන්වාදීමට අවස්තාවක් ඇති කිරීමටයි. බොහෝවිට මේවගේ දේවල් වලට තම අදහස් එකතුකිරීමට අගේ යාලුවො ටිකක් මැලිකමක් දක්වනබව මගේ හැගීමයි!;) සිනමාකෘති ගැන කතාකරන ජනප්‍රිය, වැදගත් හුයන් කිහිපයක්ම මෙම එලකිරි සමාජයතුල තිබුනත් බොහෝදෙනෙක් කරන්නෙ ඒවාට
    Movies හදුන්වාදීම පමනයි.

    නමුත් ඉඩලැබෙන හැටියටහරි නිදහස් විචාරයක් එක්ක හොද කෘතියක් හදුන්වා දෙන්න පුලුවන්නම් නවපරපුර තුල ඉහල රසඥතාවක් ඇතිකරන්න එය මහත් පිටුවහලක් වේවි. මම හිතන ආකාරයට සමාජය පුහු/හිස් දේවල්කරා ඇදීයාමට මූලික වෙතුවක් ලෙස සමාජය තුල ඉහල රසඥතාවයේ පිරිහීමත් හේතුකාරනා වෙනව:yes:. එමනිසා ඉදල හිටල හරි වැදගත් ඔබේ හදුන්වාදීමක් මෙයට එකරන්න කියලා අවසාන වසයෙන් ඔබෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.....:D
     
    Last edited:
    • Like
    Reactions: sandaru1rox

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    The Painted Veil

    සොබා සොදුරැ සිරි මෙලාවේ ඔබේ නෙතිනි මා දුටුවේ.........

    The-Painted-Veil-%282006%29-picture-MOV_6cd44747_b.jpg


    ඇරබුම විදිහට තාත්වික හදවතින් වින්දනය කලහැකි සිනමා සිත්තමක් ගැන් වචන කිහිපයක් ලියන්න හිතුනා. ඒ තමයි "The Painted Veil" කියන 2006දී තිරගතවූ නාට්‍යමය සිනමා පටය. මේ සිනමා පටය ලාංකීය අපට විශේසයි. ඒ මන්ද යත් මේ සිනමා පටයටම පදනම්වූ නවකතාවම පාදක කරගන 90 දශකෙය මැදබාගෙය ලංකාවේ ඉතා ජනප්‍රිය වූ ටෙලිනාට්ටියක් විකාශනය වූවා. ඒතමයි "ඉසිවර අසපූව". අපට සිටින දක්ශ නලූනිලියන් රැසක් මෙහි චරිත නිරෑපනය කල අතර, ජනක කුඹුකගේ හා අචලා අලස් විසින් ප්‍රධාන චරිත හැඩකලා."The Painted Veil" ගැන කතාකෙලාත්, මෙහි කතාහරය 100%ම "ඉසිවර අසපූව්" හා ගැලපුනත් සිනමා බාවිතය, රෑපරචනය හා කැමරාකරනය අතින් යම් යම් වෙනස්කම් දැකිය හැකියි.

    මෙහිදී කතාව දිගහැරෙන ආකාරය ගැන වැඩි විස්තරයක් කියන්න මම බලෙපාෙරාත්තු වෙන්නේනෑ. මොකද "ඉසිවර අසපූව" බලපු බොහෝදෙනෙකුට යම්කිසි මතකයක් ඇතැයි සිතන නිසා. කෙටියෙන් කීවොත්....... තරුන Doctor කෙනකුට් ධනවත් පවුලක තරැනියක් එක්තරා උත්සවයකදී මුනගැසෙනවා (එංගලන්තය -1920'). මේ මුනගැසිෙමන් ඉතා ටිකකාලයකදී මෙම දෙදෙන විවාහවෙනවා. මෙයට සමකාලීනව චීනෙය පැතිරයන කොලරා වසන්ගතයට එෙරහිව සටන් වදින්න මේ Doctor තම බිරිදත් එක්ක චීනයට යනවා. එහිදී ඔහු රැකියාවට කැපවී වැඩකරන අතර බිරිද හුදකලා වෙනව.

    ටිකකලකින් Doctorෙග් දැඩි කැපවීම නිසා වසන්ගතයට එෙරහිව ඔහු ෙගනයන සටන සාර්තක වන අතර, පවුල්ජීවිතය තුල හටගන්නා පුශ්න හා එයට ඇතුලුවන අතරමැදියන් නිසා පවුල් දිවියතුලදී ඔහු පරාජය වනබවක් ෙපෙනනවා. මේ අතර බිරිද තම සැමිය හා කලකිෙරන අතර එම ඒකාකාරී ජීවිතෙයන් පාලායමට තමාවිසින්ම විකල්පයන් ෙසායාගනුලබනවා. අවසානෙයදී ෙමම Doctor කොලරාව වැලදීෙමන් චීනෙයදීම මියයනවා..... පසුව සැමියෙග් සිතුම් පැතුම් හා ඔහු තමාට දැක්වූ සෙනිහස බිරිද විසින් ෙත්රැම් ගන්නා අතර ඔහුෙග් මරනය ඇයතුල දැඩි කම්පනයක් ඇතිකරනුලබනවා. තම සැමියා තුල තිබු උපේක්ශා සහගත මනව දයාවත්, ඇයෙවත නොපැව්සූ ආදරයත් ෙහාදින් අවබෝධ කරගන්නා ඇය ඔහුෙග් නෙතු තුලින් ලෝයක ෙදස බලන්නට පටන්ගන්නවා.... මෙහි
    ප්‍රධාන චරිත ෙදක Naomi Watts හා Edward Norton විසින් රගදක්වයි.

    මම මේ ෆිල්ම් එක ගැන ලියන්න එක ෙහතුවක් තමයි ප්‍රබල අධ්‍යෂනය හා, විශිස්ට කැමරා කරනය ගැන උදාහර්නයන් ෙගාඩක්
    මෙහි සැගවී තිබීම. මම මුලින් සදහන් කලා වෙග් මේ කතාවට පණපොවන්නේ අලුත විවාහවූ මෙම යුවලෙග් සිතුම් පැතුම් හා අරමුනු අතර ඇතිවන්නාවූ ගැටුමයි. වචන සියගනනක් වැයෙකාට පාටකයාට ඒත්තුගැන්වියයුතු මේ විසන්වාදය ඉහත අධ්‍යෂශකවරයා හා කැමරාකරු විසින් තප්පර ගනනක් තුල රෑපරාමු කිහිපයකින් නරබන්නාවෙත ගෙන ඒමට ආරම්බෙය්දීම සමත්වෙනවා.

    (Naomi හා Norton ෙවල්යායක් ඉදිරිපිට කුඩ දෙකක් යටටවී සිටින දර්සනය බලන්න; Norton පොතක් කියවන අතර Naomi දැඩි අසතුටකින් ෙවෙහසට පත්වී ඇත.)
    pv800b.jpg.728x520_q85.jpg

    මෙන්න මේකයි සිනමාව කියන්ෙන්.........මුලින්ම මා මේම සිනමාපටය නර්බපු අවස්තාෙව ඉහත කැමරා බාවිතය ගැන පුදුමවුනා. ඇයි අපේ මිනිස්සුන්ට
    මේවෙග් නිර්මාණ කරන්න බැරි? ඇයි අපේ මිනිස්සු මේවා අධ්‍යනය නොකරන්නෙ ? අපේ එකකිරි වෙබ් අඩවියේ සහෝදරයෙක් හරි සහෝදරියක් හරි කවදාෙහා සිනමා අධ්‍යෂකවරෙයක් ෙවන්න අදහස් කරනවානම් මේ වගේ විශිස්ට නිර්මාන ෙහාදින් අධ්‍යනය කරන්න මතක තියගන්න..........

    Torrent_Link : http://torrents.thepiratebay.org/36...MiTED.DVDRip.XviD-DiAMOND.3672950.TPB.torrent

    Name X
     
    Last edited:
    • Like
    Reactions: <DNA

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    චිත‍්‍රපට චිචාරය පිළිබඳව මෙවැනි කතිකාවතක් ආරම්භ කිරිම ගැන ඔබට මගේ ස්තුතිය. චිත‍්‍රපට බලන්න බොහෝ දෙනා කැමති වුනත් ඒ පිළිබඳ විචාර ඉදිරිපත් කරන්න අපේ එළකිරි යහලූවන් වැඩි කැමැත්තක් නැති බවක් තමයි පෙනේනේ, මට වුනත් චිත‍්‍රපට චිචාරය කරන්න චිචාරාත්මක දැනුමක් නෑ. එහෙත් අදහස් දක්වන්න පුලූවන්. තමන්ට පුලූවන් විදියට අදහස් එකතු කලොත් එම අදහස් එකතු කරලා අපට චිචාරයක් ගොඩනගන්න පුලූවන් වෙයි.

    ඔබ මේ කියන සිනමා පටය මම නරඹලා නෑ. නමුත් ඉසිවර අසපුව ටෙලිනාට්‍ය නම් මම නරඹලා තියෙනවා. ඉසිවර අසපුව අධ්‍යක්ෂණය කලේ විමලරත්න අධිකාරි වගේ මගේ මතකයේ තියෙන්නේ එත් එය නිවැරදිද දන්නේ නෑ. එකල එම ටෙලිනාට්‍ය ජනප‍්‍රිය තලයේ තිබුනා

    සිනමාව කියන්නේ ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යක් නමුත් මම හිතන්නේ සිනමාවේ ප‍්‍රබලතාවය රැදිලා තියෙන්නේ රූපය මත කියලයි. චිත‍්‍රපටයක කතාව කුමක් වුවත් තිරයේ පෙනෙන රූපයේ ප‍්‍රබලතාවය මත තමා චිත‍්‍රපටක සාර්ථකත්වය රදා පවතින්නේ. එයට උදාහරණ වශයෙන් මට කියන්න පුලූවන් ලොකයේ බිහිවුන විශිෂ්ඨ අධ්‍යක්ෂකවරයකු මෙන්ම නලූවකු වන චාලි වැප්ලියන් විසින් නිර්මාණය කල නිහඬ යුගයේ චිත‍්‍රපට හඬ නෑ නමුත් රූපය විසින් පේ‍්‍රක්ෂකයා ඇඳබැඳ තබාගන්නවා.

    මම දකින විදියට අපේ චිත‍්‍රපටවල බොහො විට ප‍්‍රමුඛතාවය දෙන්නේ කතාවට, යම් යම් අවස්ථාවල සංකේතාමක ලෙස රූපය භාවිතා කලත්, සමස්ත සිනමා නිර්මාණය තුල රූපය ප‍්‍රබල ලෙස භාවිතා වන අවස්ථා නැති තරම්, කතාවට අනුව රූපය යොදාගැනිමක් තමයි බොහෝවිට සිදුවන්නේ.

    නමුත් ඔබ කියන මෙම චිත‍්‍රපටයේ මෙන්ම මා නරඹා ඇති බටහිර චිත‍්‍රපටවල රූපය ඔවුන් ප‍්‍රබල ලෙස යොදාගන්නවා මම දකින්නේ ඔවුන් කැමරා කාච තුල රූපය ඉතාමත් දක්ෂ ලෙස සියුම් විදියට හසුකර ගන්නවා. ඒ සඳහා විවිධ කැමරා කෝණ ආම්පන්න යොදා ගන්නවා විශාල පිරිවැයක් දරනවා හොඳ රූපයක් කැමරා කාච තුල රඳවා ගන්න.

    අපගේ නිර්මාණ තුල විවිධ කැමරා කෝණ, විශේෂ කැමරා උපකරණ යොදාගැනිමට නිෂ්පාදකයින් ප‍්‍රතිපාදන වෙන්කරනවා අඩුයි. නමුත් වර්තමානයේ අධික පිරිවැය යොදා සිංහල චිත‍්‍රපට නිර්මාණය කරනවා. නව තාක්ෂණික ක‍්‍රම යොදා ගන්නවා. එය හොඳ ප‍්‍රවණතාවක්, නමුත් ඒ දැවැන්ත නිර්මාණ වල රූපය ප‍්‍රබල ලෙස යොදාගන්නවද කියන එක මට නම් ප‍්‍රශ්ණයක් ?

     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    බම්ප්. මේක බලලා නැති වුනත් විචාරය කරන්නට ඒ තරම් බැරි වුනත්, මේ වගේ දෙයක් පටන් ගත්ත එකට මාගේ හද පිරි තුති.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    බම්ප්. මේක බලලා නැති වුනත් විචාරය කරන්නට ඒ තරම් බැරි වුනත්, මේ වගේ දෙයක් පටන් ගත්ත එකට මාගේ හද පිරි තුති.

    ස්තුති සහෝ! අපි කවුරුත් සුපිරි නෑ , පුළුවන් විදිහට වෙලාව තියන විදිහට ඇදගනයමු !!:yes: