රිදී විහාරය~ වන්දනාව
මේ අවුරුද්දෙ වෙසක් දවස්වල අපේ තරින්දත් එක්ක ගිය වන්දනා ගමන ගැන කිවුවා යාලුවන්ට මතක ඇති...
ඔන්න නොබලපු අයට බලාගන්න...මේ මරළුවාව රජ මහා විහාරය..
http://www.elakiri.com/forum/showthread.php?t=1427257
මේ තමයි මොනරාගල විහාරයේ ශෙලමය බුද්ධප්‍රතිමා වහන්සේ (තරින්ද මහතාගේ නූලකි)..
http://www.elakiri.com/forum/showthread.php?p=12674365#post12674365
අද ඔයාලත් එක්ක බෙදාගන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කෙ රිදියගම කියන ගමේ තියන රිදී විහාරය ගැන පුංචි විස්තරයකුයි...
කුරුණෑගල නගරයේ ඉඳන් නුවර පාරේ කිලෝමීටර් 4 ක් විතර ගියාම හමුවෙන මල්ලවපිටිය නගරයෙන් වම්පැත්තට හැරෙන කැප්පිටිගල මාර්ගයේ කිලෝමිටර් 15ක් විතර ගියාම මේ පුදබිමට ලඟාවෙන්න පුලුවන්
වසර 2000 ගනනක ඉතිහාසයක් තියෙන මේ පින් බිම මේ නමින් හඳුන්වන එක ගැන පුරාන කතාවක් තියෙනව..
මේ පින් බිමේ තිබුන ගල් ලෙනක රිදී ගොබයක් හමු වෙලා තියෙනවලු වෙලෙන්දො කණ්ඩායමකට..ඔවුන් ඒ බව දුටු ගැමුණු රජතුමාට දැනුම් දුන්නම , ඒ රිදී ගැල්වල පටවන් ගිහිල්ල අනුරපුරේ ස්වර්ණමාලී චෛත්‍යරාජයානන් වහන්සේගේ නිමැවුම් කටයුතු වලට ගත්තලු.
ඉතින් මේ රිදී විහාරයත් සෑහෙන වෙලාවක් ගතකරල වන්දනාමාන කරන්න වගේම නරඹන්නත් දේවල් තියෙන ස්ථානයක්!!
පිවිසුමට තියෙන්නෙත් පුරාන දොරටුවක්....
මේ තියෙන වරකා වැළඳූ විහාරයේ තියෙන අර්ධඋන්නත නෙළුම් මලේ මැද කොටසට පැරැන්නො කියන්නෙ "වරකා නැට්ට" කියල. උඩපැනල ඔය කොටස අල්ලල තමන් උස යන්නැයි ප්‍රාර්ථනා කළාම එය ඉටුවෙන බව විශ්වාසයක් අදත් පවතිනව..
මේ වරකා වැළඳූ විහාරයේ පිළිම වහන්සේ..
මේ පෙනෙන්නෙ ප්‍රධාන විහාරගෙය..ලෙන් විහාරය...
මේ ප්‍රධාන විහාර පිවිසුමේ තිබුන පල්ලැක්කියක්..යාලුවෝ දන්නවනේ මේකත් අර දෝලාව වගේම උපකරණයක් කියලා?
මේ දහඅට රියන් සැතපෙන පිළිම වහන්සේ ගේ මලසුනට අල්ලල තියන පිඟන් ගඩොලු වලින් ජේසු තුමාගේ ජීවන චරිතය නිරූපනය කරනවලු. මේ වා කීර්තී ශ්‍රී රාජසිංහ රජතුමාට ලන්දේසීන්ගෙන් තෑගී ලෙස ලැබුන ඒවා කියලත් කියනව. (අවාසනාවට අපි මේ ගැන දැනන් හිටියේ නෑ..ඒනිසා ඒවා ඔයාලට බලාගන්න කැමරාවෙ සටහන් කරගන්නත් බැරිවුනා
)
මේ රන් ආලේපිත බුදු පිළිම වහන්සේ වැඩමවද්දී ගැල එරී ගිය බවත් පිළිම වහන්සේ අහසින් වැඩමවූ බවත් ජනප්‍රවාදයේ සඳහන්...
මේ ප්‍රධාන පිළිමගෙයින් මඳක් දුරස් වූ පිළිම ගෙයක වැඩහිඳින තනි ලීයකින් නිමකළ පිළිම වහන්සේ නමක්...
චෛත්‍ය රාජයානන් වහන්සේ
බෝධීන් වහන්සේ
මේ විහාර මන්දිරය උඩ තියෙන කටාරම් කොටපු ගල් තලාවේ පැරණි සිතුවම් වගයක නෂ්ඨාවශේෂ දැකගන්නට පුලුවන්...
රිදී විහාරයෙ තියෙන තවත් සුවිශේෂී දෙයක් තමයි පංචනාරී කැටයම සහිත උළුවස්ස.මේ කැටයම කරල තියෙන්නෙ ඇත්දළ වලින්.
වටාපිටාවේ බොහොම ලස්සන දර්ශන , ලෙන් විහාර දැක ගන්නට පුලුවන්..
මේ ගමනට එක්වුන තරින්ද ට මගේ ස්තුතිය....

තෙරුවන් සරණයි