රිමෝට් ක්‍රන්ට්‍රෝල් එක

ncbrando

Member
Jan 31, 2014
838
115
0
රිමෝට් ක්‍රන්ට්‍රෝල් එක



මම
මිනිහෙක්
නිදහසේ නැගිටින්න හදන



අපි
මිනිස්සු
නිදහස මොකක්ද කියලා හොයන




දැන් අපේ ජීවිතවල
රිමෝට් ක්‍රන්ට්‍රෝල් එක තියෙන්නේ
අපේ ගාවද එහෙම නැත්නම් වෙන කාගේ ගාව හරිද කියලා දන්නේ නැති නිසා
ඒක පොඩි කාලේදිත් එහෙමයි
තරැණ කාලේදිත් එහෙමයි
වැඩිහිටියෝ වුණාමත් එහෙමයි



ඒත්
මට මාව ඕනේ කියලා විතරක් මම දන්නවා
අපිට අපිව ඕනේ කියලත් මම දන්නවා



හැබැයි
තමන්ගේ රිමෝට් ක්‍රන්ටෝල් එක මොකක්ද කියලාවත්
අපිටම හොයාගන්න බැරි අපිට
නිදහසේ නැගිටින්න හදන එක ගැනවත්
හොයාගන්න බැරි අපිට
නිදහස කියන්නේ මොකක්ද කියලාවත්
හොයාගන්න බැරි අපිට
නිදහස ලැබෙන කාලයක් ගැනවත්
හොයාගන්න බැරි අපිට
නිදහසේ අත්තටු දෙක
කවදා කොතැනකදි ලැබෙයිද කියලා
මට නම් තේරෙන්නේ නැහැ
අපිට තේරෙන්නේත් නැහැ

 

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Kiyala thiyana de nam mata theruna widihata ettha
    රිමෝට් ක්‍රන්ටෝල් එක මොකක්ද
    <h1>Kiyala hoya gatthanam goda yanna thibuna :D<h1>