රියාජ් බදියුදීන් - CID පරීක්ෂණවල අඩුපාඩු නීතිපති පෙන්වා දෙයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන්ට ආධාර අනුබලදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි රියාජ් බදියුදීන් පිළිබඳ විමර්ශන අතරමග නැවතීම සාධාරණීකරණය කළ නොහැකි බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත අද (12) දැනුම්දී තිබේ.

    නීතිපති දප්පුලද ලීවේරා මහතා අද රියාජ් බදියුදීන් පිළිබඳ විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ එහි ලිපිගොනු ගෙන්වා විමර්ශනයට ලක්කිරීමෙන් පසු මේ බව දැනුම්දී තිබුණි.

    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන්ට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ තබාගැනීමෙන් අනතුරුව හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව පසුගියදා නිදහස් කෙරුණි.

    ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, එහි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස්, සහකාර පොලිස් අධිකාරි විජිත පෙරේරා සහ ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුගත් කුමාර යන නිලධාරීන් අද නීතිපති දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබීය.

    එලෙස එම නිලධාරීන් කැඳවීමට නීතිපතිවරයා පියවර ගෙන තිබෙන්නේ අදාළ විමර්ශන සම්බන්ධයෙන් තමා දැනුවත් කිරීමකින් තොරව හා තමාගේ අධීක්‍ෂණයකින් තොරව එම සැකකරු නිදහස් කළේ කෙසේද යන්න පිළිබඳව කරුණු පැහැදිලි කර ගැනීම සඳහාය.

    නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය,

    “අද දින ගරු නීතිපතිතුමා විසින් රියාජ් බදියුදීන් යන අයව නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස් සහ සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් කුමාර් යන නිලධාරින් හමුවුණා.“

    රියාජ් බදියුදීන් යන අයව 2020.04.14 යන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමක් සිදුකර තිබෙනවා. එයට ප්‍රධාන හේතුව වන්නේ සිනමන්ඩ්ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බකරු වන ඉන්සාෆ් අහමඩ් යන අය විසින් රියාජ් බදියුදීන් යන අයට ගත් දුරකථන ඇමතුම් හතක් පදනම් කරගෙනයි. රියාජ් බදියුදීන් යන අය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දෙකක් 2020.04.17 සහ 2020.07.13 යන දින ලබාගෙන තිබෙනවා. එම රැඳවුම් නියෝග ඔක්තෝබර් 13 වන දිනට අවසන් වීමට නියමිතව තිබුණද, අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2020.09.06 වන දින විමර්ශන අවසන් කර රැඳවුම් නියෝගය අවලංගු කිරීම ඉල්ලීමක් 2020.09.20 වන දින හිටපු නියෝජ්‍ය පොලිස්පති වන නුවන් වෙදසිංහ විසින් සිදුකර ඔහුව 2020.09.30 වන දින මුදා හරින ලදි. ඉහත නම් සඳහන් නිලධාරීන් විසින් ගරු නීතිපතිතුමා සමඟ සිදුකරන ලද සාකච්ඡාවකදී අනාවරණය වූ කරුණු මත අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය හිටපු පොලිස්පති වන නුවන් වෙදසිංහ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස් යන අයවළුන් විසින් රියාජ් බදියුදීන් යන අයව නිදහස් කිරීම සම්බන්ධයෙන් සහ විමර්ශන නැවැත්වීමට කටයුතු කිරීම මගින්, එම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන කිරීමේ අවශ්‍යතාවයක්, වැඩිදුර විමර්ශන කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව විමර්ශන නතර කිරීම නිසා අඩපණ වී ඇති බවත් එම විමර්ශන නවතා රියාජ් බදියුදීන් යන අයවළුන් නිදහස් කිරීම සඳහා ගත් පියවර සාධාරණීයකරණය නොහැකි තීරණයක් බවටත්, පෙනී ගියා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පහත කරණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර නොමැති බවද අනාවරණය වුණා.“

    “රියාජ් බදියුදීන් යන අයට අදාළව මුදල් විශුද්ධිකරණ වරද සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදුනොකිරීම, එනම් ඊට අදාළව රියාජ් බදියුදීන් යන අයගේ වත්කම්, බැරකම් එනම් වාහන ඇතුළුව අනෙතුත් දේපල, බැංකු ගිණුම්, බැංකු කටයුතු සහ ව්‍යාපාර කටයුතු පිළිබඳ සුදුසු විමර්ශයනයක් සිදු නොකිරීම එසේම මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශය කිරීමට දැනුමක්, කිසිදු වැටහීමක් හෝ පළපුරුද්දක් නොමැකි නිලධාරියෙකු අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව විසින් පත්කිරීම, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දැනුමක් නොමැති නිලධාරීයෙකු පත්කර ඇති බවට අනාවරණය වුණා.“

    “එසේම ත්‍රස්තවාදී කටයුතුවලට මුදල් යෙදවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර නොමැති තත්ත්වයක් අනාවරණය වුණා. එසේම රියාජ් බදියුදීන් යන අය භාවිත කරන ලද ජංගම දුරකථන 16ක් පිළිබඳ අනාවරණය වුවත්, විමර්ශකයින් විසින් ජංගම දුරකථන 12ක් සොයා ගැනීමට අපොහොසත් වීම සහ එම ජංගම දුරකථන 12 සොයා ගැනීම සඳහා සම්පූර්ණ විමර්ශනයක් හරියාකාරව සිදුකර නොතිබීම, යන කරුණුත් පෙනී ගියා.“

    “ඉහත සියලු කරුණු කාරණා සැලකිල්ලට ගෙන ගරු නීතිපතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන සිදුකිරීමේ අවශ්‍යතාවය සහ ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර සම්බන්ධයෙන් ලිඛිත උපදෙස් අද දින ලබාදීමක් සිදුකළා. එම සම්පූර්ණ ගොනු මසක් තුළ ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදීමක් සිදුවුණා. ඉහත සඳහන් අසම්පූර්ණ විමර්ශන හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු නිදහස් කිරීමට කළ නිර්දේශය යුක්ති සහගත නොවන බව ගරු නීතිපතිතුමාගේ අවධානයට යොමු වුණා.“
    යනුවෙන් නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

    මේ අතර තමා නිදහස් කිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් වැරදි ප්‍රචාර සිදුකරමින් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් රියාජ් බදියුදීන් සඳහන් කරයි.

    පැහැදිලි සාක්ෂි කිසිවක් නොමැතිවීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාව නිදහස් කිරීමට තීරණය කළ බවත් ඒ සම්බන්ධයෙන් එම විමර්ශනවලට අදාළ නඩුවිභාගය සිදුකරන මහෙස්ත්‍රාත්වරයා විසින් මීට පෙර ලබාදුන් නියෝගයක් උපුටා දක්වන බවත් රියාජ් බදියුදීන් මෙම ලිපියෙන් සඳහන් කර තිබේ.

    එම උපුටා දැක්වීමට අනුව අදාළ සැකකරුවන්ට එරෙහිව සාක්ෂි අනාවරණය නොවන්නේ නම් සහ රැඳවුම් නියෝග අවසන් වී ඇත්නම් ඔවුන් අත්අඩංගුවෙන් මුදාහැර ඒ බව අධිකරණයට වාර්තා කිරීම පමණක් කළ හැකි බව මහෙස්ත්‍රාත්වරයා විසින් මීට පෙර නියෝග කර ඇතැයි රියාජ් බදියුදීන් පෙන්වා දෙයි.


     
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,623
    1
    32,378
    113
    - උඩරට -
    ඔය මොන දේ උනත් ඕකා අන්තිමට නිදොස් කොට නිදහස් කරනවා.
    ඒක වෙනවා..
    නිදොස් කරපු එකා ගැන ආයේ කතා කරන්න ගත්තේ ජනතා බලපෑම් සෝසල් මීඩීයා ඔස්සේ ජනපතිට එල්ල වූ නිසා.
    Anonymous Hackerලා ඒ කාලේම කීවා නේද රජයේ ප්‍රබලයන් ඕකට සම්බන්දයි කවදාවත්ම ජනතාවට සාධාරණයක් ඉ‍ටු වෙන්නේ නෑ කියලා..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය මොන දේ උනත් ඕකා අන්තිමට නිදොස් කොට නිදහස් කරනවා.
    ඒක වෙනවා..
    නිදොස් කරපු එකා ගැන ආයේ කතා කරන්න ගත්තේ ජනතා බලපෑම් සෝසල් මීඩීයා ඔස්සේ ජනපතිට එල්ල වූ නිසා.
    Anonymous Hackerලා ඒ කාලේම කීවා නේද රජයේ ප්‍රබලයන් ඕකට සම්බන්දයි කවදාවත්ම ජනතාවට සාධාරණයක් ඉ‍ටු වෙන්නේ නෑ කියලා..
    ප්‍රශ්නේ තියෙන්නේ චමල් පාර්ලිමේන්තුවේ කරපු කතාවට අනුව පොලිසිය හරි. නමුත් නීතිපති පෑහෑදිලිව දක්වලා තියෙනවා තත්වේ. ඒ කියන්නේ අනිවා ඩීල් එකක් තමා. වෑරදි කාරයෝ එක්ක ඩීල් දානවා කියන්නේ මට අනුව නම් මීනි මෑරුමටත් වඩා වෑරෑද්දක්.. වෙච්ච හානිය දෑන දෑන මෙහෙම හෑසිරෙන එක මිනිස්කමට නිගාවක්
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පුලුවන් නම් කරලා. බෑරි හින්දා තමා ඉන්නේ මම හිතන්නේ. මේ නීතිපති රස්සාව හරියට කරනවා වගේ නේද?

    ඩප්පුල මහින්දගේ බොක්ක, ඕක වටේ යවනවා බොරුවට
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඩප්පුල මහින්දගේ බොක්ක, ඕක වටේ යවනවා බොරුවට
    මට තව එකෙක් කිව්ව ඩප්පුල මයිත්‍රීගේ බොක්කා කියලා. කවුරු මොනවා කිව්වත් මේ දක්වා මිනිහාගේ තීරණ කෙලින් දීලා තියෙනවා. චොකා මල්ලි පාර්ලිමේන්තු ගේන එකෙත් මිනිහා කෙලින්ම කිව්වානේ අදහස
     
    • Like
    Reactions: Boralugoda01

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පුලුවන් නම් කරලා. බෑරි හින්දා තමා ඉන්නේ මම හිතන්නේ. මේ නීතිපති රස්සාව හරියට කරනවා වගේ නේද?
    විස්ස ගෙනාව නම් පුළුවන් නේ. ඉතින් විස්ස සම්මත කරලා දෙමු
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    විස්ස ගෙනාව නම් පුළුවන් නේ. ඉතින් විස්ස සම්මත කරලා දෙමු
    විස්ස ගෑන වෙනම කතා කරන්න වෙනවා. මොකද විස්සේ හොද නරක දෙකම තියෙනවානේ. 19 වගේම තමා. ඒක වෙනම සාකච්චාවක්
     
    • Like
    Reactions: hirashgeff

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,136
    1
    58,490
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සර් කියන දේ අහන නීතිපති කෙනෙක් අවශ්‍යයි. නැත්නම් කොහොමද රට පාලනේ කරන්නෙ. සමහර වෙලාවල් තියෙනව සර්ට සම්‍යක් ප්‍රයෝග දාන්න වෙන
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    bump


    ඩප්පුල මහින්දගේ බොක්ක, ඕක වටේ යවනවා බොරුවට
    ලිවේරා මහත්තයව නිතිපති කරේ මහින්දද??? නිකන් ගොන් ටෝක් නොදි ඉදපන් බන්..
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අර කතාවක් තියෙනවනේ ගලේ පහරපු බලලට වෙච්ච දේ කියලා. මේ සීන් එකත් ඒවගේ වෙලා මට පේන්නේ. කොහොම වුනත් ෆෑන් එකට කක්කා වෑදිලා වගේ
     
    • Haha
    Reactions: Boralugoda01

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔච්චර ගේමක් දීල ආයෙත් උස්සන් ඇවිත් සාක්කී නැතිවුනොත් තමා වැඩේ :baffled: දෙවනි පාරටත් නිදහස් උනාම නීතිපතිට වහකන්නයි වෙන්නෙ
     
    • Like
    Reactions: malakadss