රිය අනතුර සිදුකළ දියණියට නුගේගොඩ SSP පොලිසියේදී පහර දෙයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    රිය අනතුරුවලින් දිනකට ලංකාවේ පහක් දහයක් මිය යති. තුවාල ලබන ගණන බොහෝමය. එහෙත් එම අනතුරුවලට වඩා මුළු රටම ගිය සතියේ කතා කළේ කිසිවකුටත් සීරීමක් නොවූ රිය අනතුරක් ගැනය. ඊට හේතු වූයේ රිය අනතුර කළ බවට චෝදනා එල්ල වූ තරුණියට රියැදුරු බලපත්‍ර නෙතිබීම නිසාම නොව ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණියක් වීමයි. එම අනතුරත් නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායකගේ පැත්තෙන් බලන විට ඔහු මුහුණ දුන්නේ ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නා වගේ සිද්ධියකටය.

    ඒ උපහැරණයේ මුල 2019 පෙබරවාරි 24 වැනිදාය. ඒකල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක රාජකාරි කළේ ජනාධිපති ආරක්ෂක අංශයේය. ඔහු ජනපති ආරක්ෂක අංශයේ එස්.එස්.පී. වරයෙක් බවට කරළියට ආවේ ඔහුගේ පුතා කළ රිය අනතුරක් නිසාය. උපන්දින සාදයකට ගිය පිරිස ඇරලන්නට ඩිෆෙන්ඩර් රියක් පදවාගෙන ගිය එස්.එස්.පීගේ පුතා බම්බලපිටියේ දී බොරැල්ල පොලිසියේ ට්‍රැෆික් ඕ.අයි.සී යට කරගෙන ගියේය. එම අනතුරින් ඕ.අයි.සී. මිය ගියේය. මේ අනතුර වන විට ඔහු සමග යමින් සිටියේ ප්‍රභූවරුන්ගේ දරුවන් පිරිසකි. මහින්දානන්ද අලුත්ගමගේගේ පුතා රනිෂ්ක අලුත්ගමගේ. තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ සොයුරියගේ පුතා වූ සේසිත ගුණදාස. කැලණි රජමහා විහාරයේ බස්නායක නිලමේ ධම්මික අටිගලගේ පුත් කොළඹ නාගරික මන්ත්‍රී දුමින්ද ආටිගල ඇතුළු ප්‍රභූ දරුවෝ පිරිසක් මේ වාහනයේද පිටුපසින් පැමිණි වාහනයේද ගමන් කළහ.

    මාර්ග සංඥාවල රතු එළි දැල්වෙමින් තිබියදී ඒ බව නොතැකූ එස්.එස්.පීගේ පුත් නමිඳු රත්නායක පදවාගෙන ආ ඩිෆෙන්ඩරය ට්‍රැෆික් ඕ.අයි.සී. හප්පා නොනවත්වා ධාවනය විය. පසුව එම ඩිෆෙන්ඩරය සොයා ගත්තේ බත්තරමුල්ලේ නිවසක සඟවා තිබියදීය. මේ අනතුර තමා අතින් වූ බව නමිඳු රත්නායක අධිකරණයේ දී පිළි ගත්තේය. පුතා කළ රිය අනතුරට වසර එකහමාරක් ගත වෙද්දී එස්.එස්.පීගේ දුවත් ඉකුත් ඉරු දින (15 වැනිදා) සුඛෝපභෝගී ජීප් රියක් පදවාගෙන ගොස් ඇන ගත්තාය. කොළඹ හතේ හොර්ටන් පෙදෙසෙ නන්දා මෝටර්ස් හි ප්‍රදර්ශනාගරය තුළට ඇය පැද වූ වී එයිට් වර්ගයේ ලෑන්ඩ් කෘෘෂර් රථයක් කඩා වැදී නතර වූයේ ප්‍රදර්ශනාගාරයේ වීදුරු කඩාගෙන ගොස් නවතා තිබූ බෙන්ස් 2019 C 200 වර්ගයේ රථයක ගැටීය. මේ අනතුරට සැකපිට අත්අඩංගුවට ගත්තේ රොෂානි මලිෂා රත්නායක නමැති තරුණියකි.

    20 හැවිරිදි ඇය පෞද්ගලික අධ්‍යාපන ආයතනයක උසස් අධ්‍යාපනය ලබමින් සිටින්නීය.

    ‘‘අම්මයි තාත්තයි එක්ක මම ගිය ඉරිදා කොළඹ මගේ යාළුවෙකුගේ ගෙදරට ආවා ඔන් ලයින් පන්තියකට සහභාගි වෙන්න. මාව ගෙදරට ඇරලවල ඔවුන් යන්න ගියා. ඊට පස්සෙ අපිට පැය භාගයක පමණ විවේකයක් ලැබුණා. මම යාළුවොත් එක්ක කෝපි බොන්න එළියට ගියා. කෝපි බීලා ඉවර වෙලා ආපහු එන්න කුලී රථයක් ඇණවුම් කරලා ඉන්න කොට යාළුවෝ කට්ටිය වෙන් වෙලා ගියා.

    මම මගේ යාළුවොන්ට කිව්වා මාව ඇරලවන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ කුලී රථය කැන්සල් කරලා යාළුවගේ ජීප් රථය ළඟට ආවා. මට ඒ වාහනය දැක්කාම ආස හිතුණා. මම ඒ වාහනය හිමි යාළුවා සම්රාස්ගෙන් ඉල්ලුවා මට ඩ්‍රයිව් කරන්න දෙන්න කියලා. මට ඔහු යතුර දුන්නා. තව යාළුවෙක් හිටිය උස්මාන් කියලා. එයා පිටුපස වාඩු වුණා. සම්රාස් ඉස්සරහ සීට් එකේ හිටියා. ඒ වෙලාවේ මගේ වම් අතේ මොබයිල් එක තිබ්බා. මගේ වම් පැත්තෙන් එකපාරටම ලොරියක් වේගයෙන් ඉස්සර කරගෙන ගියා. ඉදිරියෙන් වංගුව තිබුණ නිසා එය ලොකු රවුමක් නිසා ෆෝන් එක බිමට අතහැරල වංගුව ගන්න ගියත් ස්ටිරියන් එක ලොක් වුණා වගේ දැනුණා.

    ඉදිරියේ තිබූ ගොඩනැගිල්ල තුළට කඩාගෙන ගිහින් වාහනය නැවතුණා. මගේ යාළුවා සින්ඩි හිටියේ වෙනත් වාහනයක එයත් ඒ වෙලාවේ එතැනට ආවා. මට බය හිතුණා ඒ නිසා මම එතැන වාඩි වෙලා හිටියා. මට ලයිසන් නැහැ කියලා සම්රාස් දන්නෙ නැහැ. ඒ වුණාට මට හොඳට වාහන එළවන්න පුළුවන්’’ ඇය කුරුඳුවත්ත පොලිසියට පවසා ඇත්තේ එසේය. ලයිසන් නැතිව වාහන පැදවීම නීති විරෝධීය. මේ තරුණියගේ එම වරද සමාජ මාධ්‍යවල වැඩියෙන් ඉස්මතු වූයේ ඇගේ පියා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් වීම නිසාය. මින් පෙර එම නිලධාරියාගේ පුතාද රට කැලඹූ රිය අනතුරක් කළ අයෙක් වීමය. සමාජ මාධ්‍යවලින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට චෝදනා කරන්නේ ඔහු දරුවන් හරියට හදාගන්නෙ නැති පියෙක් ලෙසය.

    මේ චෝදනාව ගැන අපි නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායකගෙන් ඇසුවෙමු.

    ‘‘ඕනෑම කෙනෙකුගේ අතින් අනතුරු වෙන්න පුළුවන්. මේ අනතුර විශේෂ වෙන්නේ මම කරන රැකියාව සහ මගේ තනතුර අනුව මෙය මාධ්‍යයට විශේෂයි.

    මම කිසිම දිනක මගේ දරුවන්ට වැරැදි කරන්න ඉඩ දීලා නෑ. ඔය සිදුවීම වුණු දිනයේ මම එයාට යාළුවෙක්ගෙ ගෙදර යන්න අවශ්‍යයි කියූ නිසා ගෙනිහින් ඒ ළමයින්ගේ ගෙදර ගිහින් බැස්සුවා. එතැනට පැමිණි එයාලත් එක්ක එකට අධ්‍යාපනය ලබන යාළුවෙක්ගෙ තමයි අනතුර වෙලා තිබෙන ජීප් රිය. දුව වාහනවලට ආසයි. ඒ නිසා තමයි යාළුවගෙන් ඉල්ලගෙන ඩ්‍රයිව් කරලා තියෙන්නේ.

    මට සිදුවීම ආරංචි වුණු ගමන් මම පොලිසියට ගිහින් දුවට පහරවල් කිහිපයක් ගැහුවා. ඒ තාත්තා කෙනෙක් හැටියට මට දුව කළ වැඩේ ගැන ඇති වූ කේන්තියට. 2019 අවුරුද්දේ පුතාගේ අතිනුත් අනතුරක් වුණා. ඒ අවස්ථාවේදීත් මමම තමයි පුතාව ගිහින් බම්බලපිටිය පොලිසියට භාර දුන්නේ. එදත් වුණේ වාහනය පදවපු කෙනා මත්පැන් පානය කරලා සිටි නිසා මගේ පුතා තමයි වාහනය අරගෙන ඇවිත් තියෙන්නේ. ඒ වෙලාවේ තමයි බොරැල්ල පොලිසියේ රථ වාහන අංශ ස්ථානාධිපතිගෙ යතුරුපැදිය ගැටිලා අනතුර වුණේ.

    ඒ වෙලාවේ තිබුණු පාලන ක්‍රමයත් එක්ක මගේ පුතත් සමග මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ දරුවත් සිටි නිසා විවිධ තැන්වලින් බලපෑම් ආවේ මන්ත්‍රීවරයාගේ පුතාගේ නම කියන්න කියන එකයි. මම දරුවන්ට බොරු කියන්න උගන්වල නැහැ. ඒ නිසා පුතා ස්ව කැමැත්තෙන් ඇත්ත පවසා සිටියා. කිසිම විටක මම පොලිසියට බලපෑම් කරලා නැහැ. සමාජ මාධ්‍යවලින් අනතුරට පත් වූ කාර් රථය මගේ කියලා ප්‍රචාරය කරලා තියෙනාව. මට එවැනි මිල අධික වාහනයක් මිලදී ගැනීමට හැකියාවක් නැහැ. වාහනය මගේ කියන එක සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයක්. මගේ දුව වැරැද්දක් කළා. එය දැන් අධිකරණයේ විභාග වන දෙයක්. අධිකරණයෙන් ලැබෙන ඕනෑම තීන්දුවක් බාර අරගෙන ඉදිරි කටයුතු කරනවා.

    මේ වන විට සැකකාර තරුණිය කුරුඳුවත්ත පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරාජ් අබේසේකර හා පොලිස් කොස්තාපල් ශිරන්ත (67137) විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිරෝෂි කාහිංගල නියෝග කළේ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත සැකකාර තරුණිය මුදාහරින ලෙසය.

    නන්දා මෝටර්ස් ආයතනය පවසන්නේ මේ අනතුරින් දැනට දල වශයෙන් ගණනය කර ඇති අලාභය රුපියල් ලක්ෂ 150කට අධික බව බවය. එම මුදල හරියටම තක්සේරු කිරීමට එම ආයතනය හානි තක්සේරු කිරීමේ ආයතනයට පවරා ඇත.

    (හේමන්ත ලියනපතිරණ – අරුණ පුවත්පත)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    dan duwata gehuwa kiyala sathutu wena keda nethi anatha sinhalu wenuwen 1min silence
    ලියන එකා ලස්සනට ලියලා නේ. අරූ දන්නේ නෑ මෙයාට ලයිසන් නෑ කියලා. එයා මෙයාගේ යාලුවෙක්. තුන් කාලටත් මරු ටොපිය
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඕනෑම කෙනෙකුගේ අතින් අනතුරු වෙන්න පුළුවන්. මේ අනතුර විශේෂ වෙන්නේ මම කරන රැකියාව සහ මගේ තනතුර අනුව මෙය මාධ්‍යයට විශේෂයි

    මුන්ගෙ අම්මලට හමුන්නුවන්න ඕනේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුන්ගෙ අම්මලට හමුන්නුවන්න ඕනේ.
    වෙන්න පුලුවන් සුට්ටෝ ඒ වුනාට ලයිසන් නෑතිව එලවනවා කියන්නේ බරපතල වරදක් කියලා ඒ එස් පී මහත්තයට කියන්න ඕනේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    බිල්ඩින් එකකට ඔහොම කරා නම් මිනිස්සු 10ක් පහලොවක් හිටියත් එච්චරයි :angry: :angry: :angry:
     
    • Like
    Reactions: malakadss

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    වෙන්න පුලුවන් සුට්ටෝ ඒ වුනාට ලයිසන් නෑතිව එලවනවා කියන්නේ බරපතල වරදක් කියලා ඒ එස් පී මහත්තයට කියන්න ඕනේ

    වෙන්න බැරි කමක් නෙමෙයි බං. මූ බලහංකෝ ඒක සාධාරණී කරනය කරන හැටි.

    අනික ඒ පොඩි හුත්ති කියලා තියෙන එක බලපං. වම් අතේ ෆෝන් එක තියන්ලු ඩ්‍රයිව් කලේ. මේකිගෙ අම්මට 😡😡 ඔතනින් ඔය වෙලේ අහිංසක මනුස්සයෙක් ගියානම්
     

    chuck_

    Member
    Oct 28, 2011
    21
    16
    3
    1) online class thiyenne lamainta gedara indian igena ganna. SSP ge gedara internet connection 1k nadda? Corona kale yaluwonge gedarata gihin dana 1a responsible parents la karana deyakda?

    2) coffee bonna corna kale eliyata yanna ona da? Yaluwage gedara coffee nadda?

    1/2 hour break 1akadi colombo wala cafe 1a kata gihin coffe bila aith welawata enna puluwanda?

    3) license nathuwa purudu nathi kenek wam athe mobile phone 1k thiyan padina 1a harida?

    4) license nathi unata driving puluwan kiyala kiyanne mita kalinuth me waradama karala thiyana nisane. Lankawe nithiyen driving igena gannath license walata kalin learning permit 1k ganna ona license walata apply karala. 1a nathi unith learners vehical 1aka giyath policeyen allanawa.

    5) kiyatawath driving puluwan kenek lu wanguwak thibuna kiyala show room 1k kadan yanne naha. Adika wegen giyoth or inexperience nisa brake, accelerate maru unoth hara mehema wenne naha.

    6) issaraha giya anith1ata hand brake 1a adinna tharam wath sihiyak thibila nadda?

    7)SSP nam paw, habai SSP ge duwa nam hadena 1ek nemei, mechchara deyak karalath license nathi unata mata driving puluwan kiyana hati withark.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ වෙලාවේ මගේ වම් අතේ මොබයිල් එක තිබ්බා. මගේ වම් පැත්තෙන් එකපාරටම ලොරියක් වේගයෙන් ඉස්සර කරගෙන ගියා. ඉදිරියෙන් වංගුව තිබුණ නිසා එය ලොකු රවුමක් නිසා ෆෝන් එක බිමට අතහැරල වංගුව ගන්න ගියත් ස්ටිරියන් එක ලොක් වුණා වගේ දැනුණා.
    වැරදි කීයක්ද?
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෙන්න බැරි කමක් නෙමෙයි බං. මූ බලහංකෝ ඒක සාධාරණී කරනය කරන හැටි.

    අනික ඒ පොඩි හුත්ති කියලා තියෙන එක බලපං. වම් අතේ ෆෝන් එක තියන්ලු ඩ්‍රයිව් කලේ. මේකිගෙ අම්මට 😡😡 ඔතනින් ඔය වෙලේ අහිංසක මනුස්සයෙක් ගියානම්
    සිරාවට මාර විනාශයක් කරන්න තිබ්බා. ඒකිට හොදට එලවන්න පුලුවන්ලු. බම්බුව තමා. වාහන අඩු පාරක වන්ගුවක් ගන්න බෑරි එකීට එලවන්න පුලුවන්ලු... දෙමාපියන්ගේ බලය ඔලුවට ගත්ත එවුන් මූ. දසයා කියනවා පුතාව ගෙනත් බාර දුන්නලු. ඔවු වෙරි හිදෙනකම් ඉදලා ගේන්න ඈති...
     
    • Like
    Reactions: shenat and ManjuT

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සිරාවට මාර විනාශයක් කරන්න තිබ්බා. ඒකිට හොදට එලවන්න පුලුවන්ලු. බම්බුව තමා. වාහන අඩු පාරක වන්ගුවක් ගන්න බෑරි එකීට එලවන්න පුලුවන්ලු... දෙමාපියන්ගේ බලය ඔලුවට ගත්ත එවුන් මූ. දසයා කියනවා පුතාව ගෙනත් බාර දුන්නලු. ඔවු වෙරි හිදෙනකම් ඉදලා ගේන්න ඈති...
    පොඩි එකාට තමයි නීතිය. වැඩක් නෑ කතාකරලා.
     
    • Like
    Reactions: malakadss

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වෙන්න බැරි කමක් නෙමෙයි බං. මූ බලහංකෝ ඒක සාධාරණී කරනය කරන හැටි.

    අනික ඒ පොඩි හුත්ති කියලා තියෙන එක බලපං. වම් අතේ ෆෝන් එක තියන්ලු ඩ්‍රයිව් කලේ. මේකිගෙ අම්මට 😡😡 ඔතනින් ඔය වෙලේ අහිංසක මනුස්සයෙක් ගියානම්

    ඔක්කොටම වැඩිය ඒ අැටකිච්චිට ඒ වගේ වාහනයක් ඩ්‍රයිව් කරන්න දෙන්නෙ මොන මෝඩයද..
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔක්කොටම වැඩිය ඒ අැටකිච්චිට ඒ වගේ වාහනයක් ඩ්‍රයිව් කරන්න දෙන්නෙ මොන මෝඩයද..
    ඒ ගෑන හරියටම කියන්න බෑ මොකද කෙල්ල මොනවා දෙනවා කියලා පොරොන්දු වුනාද කියලා අපි දන්නේ නෑ. මට ඩ්‍රයිව් කරන්න දුන්නොත් ඔයත් එක්ක කිරි කිරි බෝලේ කරන්න එනවා කිව්වද දන්නේ නෑනේ