රුදුරු පොළොව, සැහැල්ලුව සිත හා බලාපොරොත්&#3501

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
රුදුරු පොළොව, සැහැල්ලුව සිත හා බලාපොරොත්&#3501

23jml8n.jpg

අද අප්‍රේල් 22 දා, ලෝක මිහිතල දිනය (Earth Day), එය අපි ජීවත් වෙන පොලෝ තලය ගැන හිතන දිනයක් කරගමු. අදට විතරක් නොවේ, අදින් පටන් ගමු. එය අපි දරා සිටින පොලෝ මැණියන්ට කෘතගුණ සැලකීමක් වනු ඇත.

පුංචි දෙයකින් ලොකු වෙනසක් කරත හැකියි අපි හැමෝම අත්වැල් බැඳ ගතහොත්.

ඔබ පානය කරන ස්වාභාවික වතුර වීදුරුවක් කොච්චර නම් රසද ගුණද? මොන ලේබලයකින් ආවත් බොතල් වතුර ලෙබලයේ තරම් ම පිරිසිදුද? රැල්ලට එක්වී බොන පාට පාට බීම බොතලයක වතුර අපවිත්‍ර නම්? මෙ හැම දෙයම ස්වාභාවික ජල උල්පතකින් ඉපදී පොලෝ තලයෙන් මතුවන ජල බින්දු වලින් නිපදවෙන දේවල් නේ...

ඉතිං පොලවේ පස නොයෙක් රසායනික අපද්‍රව්‍ය වලින් අපිරිසුදුවෙලා නම්... ඔබ පානය කරන ජලය මගින් ඒවා ශරීරගත වෙනවා නේද? අද උපදින් කිරිකැටි දරුවන් හදවත් රෝගීන්, චූටි ලමුන් ගෙන් පටන් මහලු අය දක්වා විවිධ පිලිකා, වකුගඩු රෝග ආදියෙන් පීඩා විඳිනවා. මෙ හැම අභාග්‍යයම මිනිසා විසින්ම වනසන සොබාදහමින් ලැබෙන ප්‍රතිවිපාක. ඉතිං පුද්ගලිකව මෙය කියවන ඔබට මෙය වලකන්න පුන්චි පියවරක් ගන්න පුලුවනි.

ඒ කොහොමද... අද කාලයේ එදිනෙදා පාවිච්චි කරන හැම දෙයකම බැටරි (වියලි කෝෂ, dry cells), ඉතිං ඔබ ගලවා ඉවතලන බැටරි එහේ මෙහේ විසිකරන්නේ නැතිව නියමිත තැනක විසිකරන්න (බොහෝ රටවල මෙ සඳහා වෙන්කල කුණු බක්කි ප්‍රසිද්ධ තැන්වල තබා ඇත). මෙ අනුව, අපේ පසට බැටරි දිරාපත්වීමෙදී එකතු වෙන රසදිය, නිකල්, කැඩ්මියම්, ආදී හානිකර රසායනික ද්‍රව්‍ය එකතු නොවෙන්න ඔබ මහඟු සේවයක් කරා වෙනවා.

දැනට පසේ ඇති හානිකර කුණු කන්දරාව ඉවත් කිරීම ලෙසි නැහැ. ඔබ මා විදවන්නේ අපට පෙර සිටි අයවලුන් අතින් වූ වැරදිවල පලවිපාකයන්.

ඒත් ඔබ... නූපන් හෙට වෙනුවෙන් අපේ සොබාදහම සුරකිමු, අත්වැල් බැඳ එක්ව.
 
Last edited:
  • Like
Reactions: djtwinz

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අර්ථවත් නිර්මාණයක් අයියේ....
    ගොඩක් දෙනෙක්ට අද තමාට ලැබෙන ස්වභාවික පිරිසිදු ජල බිදත් අගයක් නැහැ.....ඒත් අපේ රටේම පුත්තලම,අනුරාධපුර පැති වල අයට වතුර හොයාගෙන සැපපුම් ගණන් තමාත් යන්න වෙනවා.....ඒවගේම සමහර රටවල බීමට සුදුසු ජලය ඉතා විරලයි...

    තව තවත් අර්ථවත් නිර්මාණ අප හමුවේ තැබුමට අයියට සුභ පැතුම් හා ජය....!!!
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    65
    Borlesgamuwa.
    හරිම කාලේචිත නිර්මානයක්.ගොඩක් අප්‍රිකානු රටවල දිය පොදක් හොයන්න මිනිසුන් අැවිදින හැටි හැබැහින්ම අත්විදි අපට වතුර පොදක් වත් අහකට දමන්න හිෙතන්නෙනෑ. අප රටෙත් ගොඩක් තැනවල මෙෙහමයි. නමුත් හුගදෙනෙක්ට මෙ ගැන හැගීමක් නෑ. මෙව සුරකින්න දරුවන් පුරුදු කරන්න ඔ්න කුඩාකාලෙදිමයි. අෙප දැන්දැන් ඒහෙම වැඩපිලිවෙලක් තිෙයනව දහම් පාසැල් වල ඒහෙම. කුනු නිසි පරිදි බැහැර කරන්න හුගරටවල පුංචි දරුවන් පවා පුරුදු කරවනව. මම නම් වැඩි හරියක් දකින්නෙ පාරෙ අැර දමා යන කරාමයි. ඒ ඒව පාවිච්චි කරන අයගෙ පැහැදිලි නොසැලකිල්ල නිසා. නිකම් පිනට ලැබෙන වතුර බින්දුව අගයක් නැතිකම. කවද හරි මෙව තෙරෙන කොට කාලය ගිහින්. පුංචිම කාලෙ ඉදලම දරුවන්ට මෙව කියල දෙන්න හැමදෙනෙක්ම මහන්සි ගන්න ඔන. ඒ දරුවන් ඒව දිගටම අාරක්ෂාකරාවි. ඒක දවසක් විතරක් මෙ ගැන හිතල පලක් නෑ. හැමදාම අපි බොන අමෘත පානයට අපි ස්තූති වන්ත වෙන්න ඔ්නෙ. ලේකයේ අැති මිහිරිම පානය ජලය බව කින්න ඔනෙ නෑනෙ. ගොඩක් වටින ලස්සන නිමිත්තක් පාදක උන ලස්සන නිර්මානයක්. ඔබට ස්තුතිය සමග ජය පතනව ඉදිරි ගමනට මල්ලි සෙනෙහසින්.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සොබා දහම කුරිරු වෙලා....පොලෝ තලය කම්පාවෙලා....

    වෙඩි උණ්ඩ...බිම් බෝම්බ... බිලිගත් හා බිලිවුණු අහිංසක මිනිස් ජීවිතවලින් ගලපු ලේ කන්දරාව මේවා ඔක්කොම විශ්වයේ සරු පසට එකතුවෙලා පසත් වියරු කරලා ...සාරවත් බව වෙනුවට රසායනික පසකින් සැදි ලොවක් මතුකරලා...ඒ පසේ ලස්සන මල් පූදින්නේ නෑ..රස වතුර උල්පත් හිඳිලා...ඉස්සර වගේ උඩට මතුවෙන්නේ නෑ...සොබා දහමත් කලකිරිලා.....

    උජාරුවට දෙතොල තබා ගිල දමනා විවිධ වර්ගයේ වතුර වර්ග හා සායම් බීම අද තරුණ රැල්ල අතර මහා ජනප්‍රිය මෝස්තරයක් වෙලා..

    එහෙම කටේ තියාගෙන බීම බෝතලය බොනකොටලූ හැඩකාර යෞවනියන් බැල්ම හෙලන්නේ කියල මහා ගොන් වර්ගයේ වෙලඳ ප්‍රචාරණත් තියෙනවනේ රට පුරා ලොකු ප්‍රමාණයේ හැම අස්සක් මුල්ලකම...

    ඉතින් ඒක ආරූඨ කරගත් අපේ සමහර නංගිලා මල්ලිලා බොන්නෙම වතුර බෝතල් හා සරුවත් බීම....බීලා ඒ ප්ලාස්ටික් බෝතලයත් බීපු තැනම විසි කරලා යන්න යනවා...

    ඉතා අගනා පණිවිඩයක් අපේ සමාජයට මේ නිර්මානය තුලින් දෙන්න ගත් සාර්ථක උත්සාහයට මගෙන් ඔබට සහෝදර ආචාරය..

    කාලීන වටිනාකමින් යුත් පද පෙලක්..

    ඔබට ජය.....
     
    Last edited:

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    අපි හැමෝ තනි තනිව හෝ අපට කළ හැකි උපරිමය කළ යුතුයි. තනි තනිව දැරූ පරිශ්‍රමය එකට එක්ව සැලකූ වූ විට එය විශාල පවුරක් වෙලා සොබා දහම ආරක්ෂා කරාවි. ඒ අතරම රටේ වගකිව යුත්තන් මුදලට වෙනත් ලාබයන්ට වහල් නොවී තම වගකීම් හරියට ඉෂ්ඨ කල යුතුයි. එය ඉහත කී පවුර ශක්තිමත් කිරීමට මහා පිටුබලයක් ‍වේවි. ඉතා අගනා කාලෝචිත නිර්මාණයක් සහෝ.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අර්ථවත් නිර්මාණයක් අයියේ....
    ගොඩක් දෙනෙක්ට අද තමාට ලැබෙන ස්වභාවික පිරිසිදු ජල බිදත් අගයක් නැහැ.....ඒත් අපේ රටේම පුත්තලම,අනුරාධපුර පැති වල අයට වතුර හොයාගෙන සැපපුම් ගණන් තමාත් යන්න වෙනවා.....ඒවගේම සමහර රටවල බීමට සුදුසු ජලය ඉතා විරලයි...

    තව තවත් අර්ථවත් නිර්මාණ අප හමුවේ තැබුමට අයියට සුභ පැතුම් හා ජය....!!!
    බොහෝම ස්තුතියි නංගී නිර්මණය අගයමින් ඔබ එක් කල අගනා සටහනට.
    අපේ රටේ භූගත ජලය තියෙන නිසා අපේ අයට අගයක් නැහැ.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ජලය.. ජීවයේ ආරම්භය වගේම එහි පැවත්මත් රදා පැවතියේ ජලය මතයි. අපි ජීවත් වෙන ලොකෙන් තුනෙන් දෙකකටත් වඩා ජලයෙන් යටවෙලා තිබුනත් ජීවත් වෙන මිනිස්සුන්ගෙන් අඩකටත් වැඩිය දෙනාට බීමට සුදුසු ජළය ලබා ගන්න මාර්ගයක් නැහැ. තිබෙන සීමිත ජල මූලාශ්‍රත් මිනිසාගෙම ක්‍රියාකාරකම් හින්දා අපවිත්‍ර වෙනවා. කාලෝචිත නිර්මානයක්...

    හැමදාමත් වගේ විද්‍යාත්මක ඇසත් කලාත්මක හදවතත් එකතු වෙලා කරපු නියම නිර්මානයක් අයියේ...
     
    හ්ම්...අර්ථවත් නිර්මාණයක්. ඒ වගේම අපිට හිතන්න යමක් ඉතුරු කරලා තියෙනවා. මේ තරම් මිනිසාට සේවය කරන මහපොලොවට මිනිසා කරන කුරිරුකම් කොතරම් දරුණුද....
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සොබාදහම සුරකිමු!!!! අපිත් එය‍‍ට හවුල්කරුවන් ‍‍‍වෙමු
    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම හා ඔබේ ඉදිරිපත්වීම
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හරිම කාලේචිත නිර්මානයක්.ගොඩක් අප්‍රිකානු රටවල දිය පොදක් හොයන්න මිනිසුන් අැවිදින හැටි හැබැහින්ම අත්විදි අපට වතුර පොදක් වත් අහකට දමන්න හිෙතන්නෙනෑ. අප රටෙත් ගොඩක් තැනවල මෙෙහමයි. නමුත් හුගදෙනෙක්ට මෙ ගැන හැගීමක් නෑ. මෙව සුරකින්න දරුවන් පුරුදු කරන්න ඔ්න කුඩාකාලෙදිමයි. අෙප දැන්දැන් ඒහෙම වැඩපිලිවෙලක් තිෙයනව දහම් පාසැල් වල ඒහෙම. කුනු නිසි පරිදි බැහැර කරන්න හුගරටවල පුංචි දරුවන් පවා පුරුදු කරවනව. මම නම් වැඩි හරියක් දකින්නෙ පාරෙ අැර දමා යන කරාමයි. ඒ ඒව පාවිච්චි කරන අයගෙ පැහැදිලි නොසැලකිල්ල නිසා. නිකම් පිනට ලැබෙන වතුර බින්දුව අගයක් නැතිකම. කවද හරි මෙව තෙරෙන කොට කාලය ගිහින්. පුංචිම කාලෙ ඉදලම දරුවන්ට මෙව කියල දෙන්න හැමදෙනෙක්ම මහන්සි ගන්න ඔන. ඒ දරුවන් ඒව දිගටම අාරක්ෂාකරාවි. ඒක දවසක් විතරක් මෙ ගැන හිතල පලක් නෑ. හැමදාම අපි බොන අමෘත පානයට අපි ස්තූති වන්ත වෙන්න ඔ්නෙ. ලේකයේ අැති මිහිරිම පානය ජලය බව කින්න ඔනෙ නෑනෙ. ගොඩක් වටින ලස්සන නිමිත්තක් පාදක උන ලස්සන නිර්මානයක්. ඔබට ස්තුතිය සමග ජය පතනව ඉදිරි ගමනට මල්ලි සෙනෙහසින්.
    බොහෝම ස්තුතියි සොයුරිය දීර්ග විමසුමක් සමග කල නිර්මාණය ඇගයීමට.

    ලොකයේ විවිධ රටවල බොන වතුර පොද සොයගන්න මොනතරම් දුක් විඳිනවාද? අපෙ රටේ ලෙසියෙන් ලැබෙන නිසාව වෙන්න ඕනේ අගයක් නැත්තේ. ඒත් ඉහත සටහනක් තැබූ නංගි කෙනෙක් පෙන්වා දී ඇත අපෙ රටේ සමහර පලාත්වල ඇති දුෂ්කරතාවය.

    ඔබේ සටහනේ කියැවුන කුණු ඉවතලීම පිලිබඳව දහම් පාසැල් කරන දැණුවත් කිරීම අගේය.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සොබා දහම කුරිරු වෙලා....පොලෝ තලය කම්පාවෙලා....

    වෙඩි උණ්ඩ...බිම් බෝම්බ... බිලිගත් හා බිලිවුණු අහිංසක මිනිස් ජීවිතවලින් ගලපු ලේ කන්දරාව මේවා ඔක්කොම විශ්වයේ සරු පසට එකතුවෙලා පසත් වියරු කරලා ...සාරවත් බව වෙනුවට රසායනික පසකින් සැදි ලොවක් මතුකරලා...ඒ පසේ ලස්සන මල් පූදින්නේ නෑ..රස වතුර උල්පත් හිඳිලා...ඉස්සර වගේ උඩට මතුවෙන්නේ නෑ...සොබා දහමත් කලකිරිලා.....

    උජාරුවට දෙතොල තබා ගිල දමනා විවිධ වර්ගයේ වතුර වර්ග හා සායම් බීම අද තරුණ රැල්ල අතර මහා ජනප්‍රිය මෝස්තරයක් වෙලා..

    එහෙම කටේ තියාගෙන බීම බෝතලය බොනකොටලූ හැඩකාර යෞවනියන් බැල්ම හෙලන්නේ කියල මහා ගොන් වර්ගයේ වෙලඳ ප්‍රචාරණත් තියෙනවනේ රට පුරා ලොකු ප්‍රමාණයේ හැම අස්සක් මුල්ලකම...

    ඉතින් ඒක ආරූඨ කරගත් අපේ සමහර නංගිලා මල්ලිලා බොන්නෙම වතුර බෝතල් හා සරුවත් බීම....බීලා ඒ ප්ලාස්ටික් බෝතලයත් බීපු තැනම විසි කරලා යන්න යනවා...

    ඉතා අගනා පණිවිඩයක් අපේ සමාජයට මේ නිර්මානය තුලින් දෙන්න ගත් සාර්ථක උත්සාහයට මගෙන් ඔබට සහෝදර ආචාරය..

    කාලීන වටිනාකමින් යුත් පද පෙලක්..

    ඔබට ජය.....
    බොහෝම ස්තුතියි සොයුරේ අගනා කරුණු රැසක් එක් කරමින් නිර්මාණයෙන් ගෙනා පණිවුඩය තව තවත් ඉස්මතු කර හරවත් කලාට.

    මෙ නිර්මාණයේ පදවැල හා සිතුවම මාර්තු 22 දා යෙදුන ලෝක ජල සම්පත පිලිබඳව දිනය (World Water Day) නිමිත්තෙන් මගෙ බ්ලොග් එකෙහි පල කර, පාවිච්චිකල බැටරි අනිසි ලෙස ඉවතලෑමෙන් සිදුවන ජල සම්පත් දූෂණය පිළිඹඳව දැනුවත් කරලීමේ අරමුණින්ම තබා ගත්තා. අපේ සොයුරු සොයුරියන් ගෙන් ලද ප්‍රතිචාර්යයන් අගේය.

    සොයුර ඔබට ද ජය පතමි.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අපි හැමෝ තනි තනිව හෝ අපට කළ හැකි උපරිමය කළ යුතුයි. තනි තනිව දැරූ පරිශ්‍රමය එකට එක්ව සැලකූ වූ විට එය විශාල පවුරක් වෙලා සොබා දහම ආරක්ෂා කරාවි. ඒ අතරම රටේ වගකිව යුත්තන් මුදලට වෙනත් ලාබයන්ට වහල් නොවී තම වගකීම් හරියට ඉෂ්ඨ කල යුතුයි. එය ඉහත කී පවුර ශක්තිමත් කිරීමට මහා පිටුබලයක් ‍වේවි. ඉතා අගනා කාලෝචිත නිර්මාණයක් සහෝ.
    සමාජයේ සෑම පුද්ගලයෙකුම සොබාදහම වටාපිටාව ගැන උනන්දු විය යුතුයි.

    මෙවන් අගේ අදහසක් එක් කරමින් නිර්මණය ඇගයීම ගැන බොහෝම ස්තුතියි නංගි.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ජලය.. ජීවයේ ආරම්භය වගේම එහි පැවත්මත් රදා පැවතියේ ජලය මතයි. අපි ජීවත් වෙන ලොකෙන් තුනෙන් දෙකකටත් වඩා ජලයෙන් යටවෙලා තිබුනත් ජීවත් වෙන මිනිස්සුන්ගෙන් අඩකටත් වැඩිය දෙනාට බීමට සුදුසු ජළය ලබා ගන්න මාර්ගයක් නැහැ. තිබෙන සීමිත ජල මූලාශ්‍රත් මිනිසාගෙම ක්‍රියාකාරකම් හින්දා අපවිත්‍ර වෙනවා. කාලෝචිත නිර්මානයක්...

    හැමදාමත් වගේ විද්‍යාත්මක ඇසත් කලාත්මක හදවතත් එකතු වෙලා කරපු නියම නිර්මානයක් අයියේ...
    කවදත් වගේ හරවත් විමසුමක් සමග අදත් ඔබ එක් කල සටහන අගේය මල්ලී.

    බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම