රුදුරු පොළොව, සැහැල්ලුව සිත හා බලාපොරොත්ත
අද අප්‍රේල් 22 දා, ලෝක මිහිතල දිනය (Earth Day), එය අපි ජීවත් වෙන පොලෝ තලය ගැන හිතන දිනයක් කරගමු. අදට විතරක් නොවේ, අදින් පටන් ගමු. එය අපි දරා සිටින පොලෝ මැණියන්ට කෘතගුණ සැලකීමක් වනු ඇත.
පුංචි දෙයකින් ලොකු වෙනසක් කරත හැකියි අපි හැමෝම අත්වැල් බැඳ ගතහොත්.
ඔබ පානය කරන ස්වාභාවික වතුර වීදුරුවක් කොච්චර නම් රසද ගුණද? මොන ලේබලයකින් ආවත් බොතල් වතුර ලෙබලයේ තරම් ම පිරිසිදුද? රැල්ලට එක්වී බොන පාට පාට බීම බොතලයක වතුර අපවිත්‍ර නම්? මෙ හැම දෙයම ස්වාභාවික ජල උල්පතකින් ඉපදී පොලෝ තලයෙන් මතුවන ජල බින්දු වලින් නිපදවෙන දේවල් නේ...
ඉතිං පොලවේ පස නොයෙක් රසායනික අපද්‍රව්‍ය වලින් අපිරිසුදුවෙලා නම්... ඔබ පානය කරන ජලය මගින් ඒවා ශරීරගත වෙනවා නේද? අද උපදින් කිරිකැටි දරුවන් හදවත් රෝගීන්, චූටි ලමුන් ගෙන් පටන් මහලු අය දක්වා විවිධ පිලිකා, වකුගඩු රෝග ආදියෙන් පීඩා විඳිනවා. මෙ හැම අභාග්‍යයම මිනිසා විසින්ම වනසන සොබාදහමින් ලැබෙන ප්‍රතිවිපාක. ඉතිං පුද්ගලිකව මෙය කියවන ඔබට මෙය වලකන්න පුන්චි පියවරක් ගන්න පුලුවනි.
ඒ කොහොමද... අද කාලයේ එදිනෙදා පාවිච්චි කරන හැම දෙයකම බැටරි (වියලි කෝෂ, dry cells), ඉතිං ඔබ ගලවා ඉවතලන බැටරි එහේ මෙහේ විසිකරන්නේ නැතිව නියමිත තැනක විසිකරන්න (බොහෝ රටවල මෙ සඳහා වෙන්කල කුණු බක්කි ප්‍රසිද්ධ තැන්වල තබා ඇත). මෙ අනුව, අපේ පසට බැටරි දිරාපත්වීමෙදී එකතු වෙන රසදිය, නිකල්, කැඩ්මියම්, ආදී හානිකර රසායනික ද්‍රව්‍ය එකතු නොවෙන්න ඔබ මහඟු සේවයක් කරා වෙනවා.
දැනට පසේ ඇති හානිකර කුණු කන්දරාව ඉවත් කිරීම ලෙසි නැහැ. ඔබ මා විදවන්නේ අපට පෙර සිටි අයවලුන් අතින් වූ වැරදිවල පලවිපාකයන්.
ඒත් ඔබ... නූපන් හෙට වෙනුවෙන් අපේ සොබාදහම සුරකිමු, අත්වැල් බැඳ එක්ව.
Last edited:

