රුදුරු සමාජයක් බිහිවන්නේ ඇයි?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රුදුරු සමාජයක් බිහිවන්නේ ඇයි?

    8240-divorcechildren-1256677532.jpg


    Street_fight.jpg



    බුදු දහමේ දැක්වෙන පරිදි මිනිස් ලොව ආරම්භයේදී පහළ වු මිනිසා නොදියුණු පුද්ගලයකු නොව දියුණු පුද්ගලයෙකි. මිනිසාගේ ආරම්භය වැදි යුගයෙන් සිදු වූ බවට විවිධ මානව විද්‍යාඥයන් විසින් විවිධ මත පළ කර ඇතත් බුද්ධ දේශනාවට අනුව ආදීතම මිනිස් වර්ගයා දේවත්වයට සමීප බවක් පෙන්නුම් කරයි. දීඝ නිකායේ පාථික වග්ගයෙහි ඇතුළත් අග්ගඤ්ඤ සූත්‍රය මඟින් මේ පිළිබද පූර්ණ විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. මෙම මහා පෘථිවිය විනාශ වී නැවත හටගත් මුල් අවදියේ වෙනත් ලෝකයකින් (ආභස්සර බඹලොව) මෙම පෘථිවිය කරා පැමිණි ආගන්තුක සත්ත්ව කොටසක් ඇසුරින් මිනිස් සාමාජය ප්‍රතිනිර්මාණය වන අයුරු එහි සවිස්තරව දැක් වේ.

    ශරීරය පවත්වා ගැනීමට අවශ්‍ය ආහාරයට පවා අශාවක් නොදක්වන සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම ආදී වැරැදි ක්‍රියාවන්ගෙන් තොර උසස් මානසික මට්ටමකින් යුතු ජිවීන්ගෙන් ආරම්භ වුණු මිනිසාට පළමුවෙන් ම ආහාරය සදහා තෘෂ්ණාව ඇති වන ආකාරයත් ඉන් අනතුරුව කාය සන්තර්පණය සඳහා සෙසු පස්පව් දස අකුසලයන් කෙරෙහි ක්‍රමයෙන් මිනිස් සමාජය නැඹුරු වන අන්දමත් එහි දැක් වේ. පැහැදිලිවම ඒ වගේම තම තමන් වාසය කරන රටවල් පාලනය සඳහා පාලකයකු නැතිනම් රජෙකු තෝරා ගනු ලබන්නේ ද මිනිස් සමාජය තුළ පැන නැගුණු විවිධ දුෂ්චරිත පාලනය කර ගැනීම සඳහා ය.

    මිනිස් ලොව රුදුරු ජන කොටස් බිහිවු අකාරය හා ඊට මුල් වූ හේතු පිළිබඳව මනා විග්‍රහයක් දීඝ නිකායේ පාථික වර්ගයෙහි ඇතුළත් චක්‍රවර්ථි සිහනාද සුත්‍රයේ දැක් වේ. ලොව කවර පුද්ගලයකුට හෝ සමාජයකට ප්‍රතික්ෂේප කළ නොහැකි සමාජ විග්‍රහයක් එම සුත්‍ර දේශනාවෙන් ඉදිරිපත් කර ඇත.

    එම සූත්‍ර පාඨයේ දැක්වෙන පරිදි මිනිස් සමාජය රෞද්‍ර බවට විෂම බවට පත්වීම සඳහා මුල් වී ඇත්තේ දිළිඳු බවයි. කවරම මිනිස් සමාජයක් හෝ වර්ධනය වී ජන සංඛ්‍යාව ව්‍යාප්ත වන විට සම්පත් හිඟතාවයක් හටගනී. එවිට ශක්තිමත් මිනිසා විසින් සෙසු සම්පත් සූරාකෑම ආරම්භ කරයි. ඒ ආශ්‍රයෙන් ඔහු ධනවතකු බවට ද පත් වේ. එබඳු සමාජයක ධනවත් - දුප්පත් භේදය මුල් කර ගෙන සමාජයේ ඇතැම් පිරිස් කොන් වී යයි.

    එමඟින් සමාජ පන්ති භේදයක් හටගනී. සමානාත්මතා සංකල්පය සමාජයෙන් බැහැර වේ. දිළඳු ජන කොටසක් සමාජය තුළින් බිහිවෙයි. ඒ ආකාරයෙන් බිහිවූ පිරිස වර්තමාණයේ හඳුන්වනු ලබන්නේ පීඩිත පන්තිය යනුවෙනි. මෙසේ වරප්‍රසාද රහිත දිළිඳු සමාජයක් ගොඩනැ¼ගුණු විට ඔවුන්ගේ ජීවන පැවත්ම සඳහා විවිධ ක්‍රියාකාරකම්වලට පෙළඹෙයි. එබඳු පිරිස් තමන්ගේ ජීවන ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා සොරකම, වංචාව, මංකොල්ලකෑම්, දූෂණය වැනි විවිධාකාර විෂම ක්‍රියාවන් සමාජය තුළ සිදුකිරීමට පෙළඹී ඇති අවස්ථාව වැඩිවිය හැකිය.

    එම සුත්‍ර පාඨයේ මුලින්ම දැක්වෙන ආකාරයට සාමාජය විෂම වීමට මුලිකම හේතුව දිළිඳුකම බවත්, එතුළින් මිනිස් සමාජයේ සොරකම, වංචාව ප්‍රචලිත වන බවත්, පෙනී යයි. ආරක්ෂක ක්‍රමවේද සහ බලවතුන් සහිත සමාජයක සොරකම් කිරීම පහසු කාර්යයක් නොවේ. අප තථාගත බුදුරජාණන් වහන්සේ ඉන් අනතුරුව සමාජය විකෘති වීම සඳහා පාදක වන කරුණක් ගෙනහැර දක්වති. එනම්; ‘සත්ථා වේපුල්ල මගමාසි’ යන්නයි. එනම් සොරකම සමාජය තුළ ව්‍යාප්ත වන විට මිනිසාට අවිආයුධ දැරීමට සිදුවන බව එයින් කියැවේ. මිනිසා විසින් අවි ආයුධ තනාගෙන අනුන් ඝාතනය කර හෝ අනුන්ගේ ධන සම්පත් පැහැර ගැනීමට කල්පනා කරයි.

    මේ ආකාරයෙන් සොරකම් කරන, මිනිස් ඝාතනයට පෙළඹෙන, පුද්ගයන් අල්ලා රාජ දණ්ඩනයට ලක් කරනු ලැබේ. මෙවන් අවස්ථාවකදී තමාගේ ජීවිතය රැකගැනීමේ අරමුණින් සොරකම් කළ, අන්‍යයන් ඝාතනය කළ තැනැත්තා අධිකරණය හමුවේ බොරුකීමට පෙළඹෙයි. මිනිස් සමාජයට බොරුකීම ආරම්භ වන ආකාරය එමගින් මනාව පෙන්වා දී ඇත. මෙසේ කේළාම් කීම, කාමයෙහි වරදවා හැසිරීම, පරුෂ වචන කීම, ආදි විවිධ වැරදිවල යෙදීමට පුද්ගලයා පෙළඹෙයි.

    මිනිසා තුළ දැඩි ලෝභකම, ක්‍රෝධය, වෛරය හා වැරැදි ආකල්ප බහුලව ව්‍යාප්ත වන විට මිනිස් සමාජය තුළ ප්‍රබල දුර්වලතා තුනක් ප්‍රචලිත වන බව ද මෙහි දැක් වේ. එනම්,

    1. අධම්ම රාගය
    2. විෂම ලෝභය
    3. මිච්ඡා ධර්ම යන කරුණු තුනයි.

    අධම්ම රාගය යන පුද්ගලයා වැරැදි ලෙස දිවිගෙවීමට ආශා කිරීමයි. මෙය වසර දහස් ගණනක් තිස්සේ පරම්පරා ගණනාවක පටන් පවතින බැවින් පොදුවේ ගත් විට යහපතට වඩා අයහපතට කැමති වන රුචිවන මිනිසුන් බහුලව ව්‍යාප්ත වීමට බලපාන සාධකයකි. දැහැමිව ජීවත්වීමට වඩා අධර්මයෙන් නීතිරීති කඩා බිඳ දමමින් ජීවත් වීමට කැමැති පුද්ගලයන් සහිත සමාජයක් ගොඩනැගීමට මෙම දුර්වලතාව ප්‍රධාන ලෙස හේතු සාධක වෙයි. මෙහි දෙවන කරුණ විෂම ලෝභයයි විෂම ලෝභය යනු වස්තුව, ධනය, කෙරෙහි ඇති දැඩි කෑදරකමයි. ධන සම්පත් තමා සතු කර ගැනීම සඳහා ජීවිත සිය දහස් ගණනක් හෝ විනාශ කිරීමට, ඝාතනය කිරීමට පුද්ගලයා පෙළඹෙන්නේ මෙම මානසිකත්වය මුල් වීමෙනි.

    තුන්වන කරුණ ලෙස දැක්වෙන්නේ මිච්ඡා ධර්මයයි. හොඳ දේ නරක ලෙසත් නරක දේ හොඳ ලෙසත් වැටහෙන්නේ පුද්ගලයා තුළ මිච්ඡා ධර්මය ව්‍යාප්ත වූ විට ය. වත්මන් සමාජය දෙස දෑස් යොමු කරන විට අප තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ දේශනාවේ ඇතුළත් මෙම කරුණු කොතරම් දුරට සත්‍යය ද යන වග මනාව පැහැදිලි වේ. මේ මනුෂ්‍ය සමාජයේ ජීවත්වන, යමක් වටහා ගැනීමේ ශක්තියක් ඇති මිනිසාට, අප තථාගතයන් වහන්සේ එදා පෙන්වා දුන් මේ සමාජයේ විෂමතාවය, අද හොඳින් වටහාගත හැකිය.

    මේ ආකාරයෙන් විෂම වූ සමාජය යම් තරමකින් හෝ සාමකාමී, විනීත සමාජයක් බවට පත්කිරීමට මනුෂ්‍යයන් වූ අප කටයුතු කරමු. එවන් වූ සුන්දර සමාජයක් බිහිකිරීමට නම් අප තථාගතයන් වහන්සේ දේශනා කළ උතුම් බුද්ධ දේශනා ඇසුරට ගනිමු.

    බුද්ධ දේශනාවන් ඇසුරෙන් තමාගේ ජීවිතය, යහපත් වූ ආකාරයෙන් පවත්වා ගැනීමට උත්සාහ කරන ගමන් තමා අවට සමාජයේ තවත් එක් අයෙක් හෝ සුමඟට ගැනීමට ඔබට හැකිනම් එය මහත් සත්ක්‍රියාවකි.

    පුජ්‍ය නිරල්ගම බුද්ධවංස හිමි
    හීනටිකුඹුර පුරාණ විහාරවාසී,
    ත්‍රිපිටකවේදී දර්ශනපති,
    සේදවත්ත සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    obata godak pin
    mata duka thamai me wage wedagath dewal kawruwath balanne nethi ekata

    ඔව් මචං සිරාවටම.. මම ඕවා බම්ප් කරන්නෙ නැත්තෙත් ඒකයි.. මම ආගමකට බැනලා ත්‍රේඩ් එකක් දැම්මා නම් ප්‍රතිචාර වැටෙයි.. :yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔව් මචං සිරාවටම.. මම ඕවා බම්ප් කරන්නෙ නැත්තෙත් ඒකයි.. මම ආගමකට බැනලා ත්‍රේඩ් එකක් දැම්මා නම් ප්‍රතිචාර වැටෙයි.. :yes:

    :yes::yes::yes::yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    ඔව් මචං සිරාවටම.. මම ඕවා බම්ප් කරන්නෙ නැත්තෙත් ඒකයි.. මම ආගමකට බැනලා ත්‍රේඩ් එකක් දැම්මා නම් ප්‍රතිචාර වැටෙයි.. :yes:

    මම නම් මේක දැක්කේ දැන් බන්..නැත්නම් බම්ප් එකක් දානවා..මේකේ ඉන්න සමහර කුහකයෝ නම් බම්ප් එකක්වත් දාන්නේ නැහැ.:yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නම් මේක දැක්කේ දැන් බන්..නැත්නම් බම්ප් එකක් දානවා..මේකේ ඉන්න සමහර කුහකයෝ නම් බම්ප් එකක්වත් දාන්නේ නැහැ.:yes:

    මම BUMP එකක් දැම්ම යකෝ තොගේ ඇස් පේන්නේ නැද්ද? :angry::angry: