රුධිර_හිඟයක්_නැහැ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රුධිර_හිඟයක්_නැහැ

‘රුධිර හිඟයක් නැහැ’

(ඩයනා උදයංගනී)

රට තුළ මේ වන විට රුධිර හිඟයක් නොමැති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

එබැවින් රුධිරය ලබාදීමට පැමිණීමෙන් වළකින ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටින බව එම ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පැවසීය.

තුවාල ලැබූවන් සඳහා අවශ්‍ය තරම් රුධිර සාම්පල රෝහල්වලට යවා ඇති බව ද අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

කතෝලික දේවස්ථාන තුනක් සහ කොළඹ ප‍්‍රධාන පෙළේ හෝටල් තුනක් ඇතුළු ස්ථාන කිහිපයක අද (21) සිදුවූ පිපිරීම් සිද්ධීන්ගෙන් තුවාල ලැබූ රෝගීන්ට අවශ්‍ය රුධිරය ලබාදීම ස`දහා පැමිණි රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් කොළඹ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පිරී ගිය අතර ඒ හේතුවෙන් එහි තදබදයක් ඇතිවිය.

රුධිර හිඟයක් පවතින බවට පැතිර ගිය ප‍්‍රචාර හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබිණි.

එසේ පැමිණි පිරිසකගෙන් පමණක් රුධිරය ලබාගැනීමක් සිදුව ඇති අතර ඇතිවූ තදබදය හේතුවෙන් සෙසු පිරිස්වලින් රුධිරය ලබාගැනීමට නොහැකි වූ බව ද වාර්තා විය.

මීට අමතරව රජයේ රෝහල් වෙත ද රුධිරය ලබාදීම සඳහා විශාල වශයෙන් පිරිස් පැමිණි බව වාර්තා විය.