රුපිකාවක්~විය~ඔබ~මට

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    රුපිකාවක්~විය~ඔබ~මට

    මුලින්ම කියන්න ඕනේ මේක ඇත්ත කතාවක් මට උන.ඒ කතාව මම 2010 A /L General English paper එකට ලියනකොට ඉතුරු උන පැයක් විතර වෙලාවේ කරන්න දෙයක් නැතුව ලියපු නිසදැසක් මේ. මට නිසදැස් ලියන්න නම් බෑ. ඒත් ඒ වෙලාවේ මතක් උන දෙයක් හින්ද තමය් ලිව්වේ. මේ සම්පුර්න කතාව මම ඔයාලට කියන්නම් පස්සේ.

    :(:(:(:(:(:(:(:(


    පළමු දිනේ නිල ඇදුමෙන් සැරසුණු මා
    ඔබ සමග එකම මේසයේ පුටුවකට වී
    හෝඩියේ අකුරු කියවූ හැටි
    තවමත් මා සිහියට නැගේ :(:(

    එදා සිට පස් වසරක් පුරාවට
    ඔබේ පන්තියේ ඔබේම යහළුවෙකු වී
    අත් අල්ලා දුව පැන සෙල්ලම් කල හැටි
    රණ්ඩු වී තරහ වී සිටි හැටි :(:(

    එදා වෙන් වූ පසු යලිත් කවදාවත්
    හමු නොවේ යැයි සිතුවත් මා
    යලිත් ඔබ දුටු දිනයේ
    හදවත් කොතරම් සතුටු වූයේද :(:(

    කුඩා කල තිබු යහළුකම
    ආදරයක් බවට පත්වී ඇත
    නමුත් කෙලෙසද ඔබට ආදරය කරනුයේ
    මා අන් සතු වී තිබු බැවින් :(:(

    ඔබ හැඩුවාට කීමක් කරම්ද
    මට නොහැක ඇයට දුකක් දීමට
    ඔබ පමා උනිද පැමිණෙන්නට
    මා ඉක්මන් වූවාද පුදනට හද :(:(

    මගේ මතකය මගේ සිත තුල
    තබා අගුල් ලා සිර කොට ඇත
    එකම දෙයක් පවසන්නට ඇත
    රුපිකාවක් විය නුබ මගේ දිවියට :(:(


    Thanks මේක කියෙව්වට
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    නිසදැස් ලියන්න බෑ කිය කිය ඔය හොදට ලියල තියෙන්නේ.................................

    ඔයවගේ සීන් එච්චර ගනන් ගන්න එපා බං..........
    Fun එකේ හිටපං....................

    :lol::lol::lol::lol::lol::lol::shocked: