රුපියල් බිලියනයක නිවසක්
යෝෂිත රාජපක්‍ෂ මහතා විසින් දෙහිවල ප‍්‍රදේශයේ රුපියල් බිලියනයක නිවසක් සාදා ඇති බවට පල වන වාර්තාව මෙරට ප‍්‍රකට නිවාස ඉදිකිරීම් සමාගමක ගෘහ නිර්හාණ ශිල්පියෙක් අභියෝගයට ලක් කරයි.
නම හෙලි කරනවාට අකමැති වූ ඔහු පෙන්වා දෙන්නේ අද වන විට මෙරට නිවසක් ඉදිකිරීම සඳහා උපරිම ඉහල තත්වයේ අමුද්‍රව්‍ය, භාණ්ඩ යොදා ගත්තද වර්ග අඩියක් රුපියල් 10000-15000ක් අතර මිලකට සිදු කල හැකි බවයි.
එනම් බිලියනයක් වියදමින් ඉදිකරන නිවස අඩුම තරමේ වර්ග අඩි ලක්‍ෂයක් විය යුතු බවද පෙන්වා දෙන ඔහු මෑතකදී මාසික කුලිය කෝටි එකහමාරකට කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ගෙන තිබෙන්නේද මේ තරමේ වර්ග අඩි ප‍්‍රමාණ්‍යක් ඇති ගොඩනැගිල්ලක් යයිද කියයි. මෙම වර්ග අඩි ප‍්‍රමාණය ජනාධිපති මන්දිරයේ හෝ අරලියගහ මන්දිරයේ පවා ඇතැයි තමන් නොසිතන බවද ඔහු සඳහන් කරයි.
එනිසා නිවසක් ඉදිකර ඇතිද නැතිද යන්න කෙසේ වෙතත් මෙම වටිනාකම් කිසිසේතම විය නොහැක්කක් යයිද ඔහු කියා සිටී.

Last edited: