රුපියල් වලින් දුර මැනීම..........

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    රුපියල් වලින් දුර මැනීම..........

    99584590.jpg


    ලෝකේ එක එක මිනුම් ගන්න එක එක වර්ගයේ ඒකක තියනවා. බර මනින්නේ කිලෝ ග්‍රෑම් වලින්, පරිමාව ලීටර් වලින්, උස දිග පළල මීටර් වලින් වගේ. මේවා අපිට ඕන විදියට මාරු කරලා කියන්න බෑනේ.

    හිතන්න කෙනෙක් කිලෝ 5 ක් දිග එහෙම නැත්නම් මීටරයක් විතර බර කිවොත් එක අණ්ඩර දෙමළයක් කියන එක අහන්නත් දෙයක් යැ.

    මේ කියන්න යන්නේ ඒ වගේ අණ්ඩර දෙමළයක් තමයි.

    බලන්න මේක ඔයාලටත් වෙලා තියනවද කියල.

    බීප්......." මගෙ හිනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ.......... හිත් මානයේ දැවටෙන්නට"

    හලෝ...

    ඒයි .... කුනිස්සි මං....

    ආ...... අපිව මතක් වෙලා තියෙන්නේ.......... ඉතිං....

    අවුලක් නෑ බං ඔහේ ඉන්නවා........ මං ගත්තේ පොඩි ......හදිසි පණිවිඩේකට......

    ඇයි .... සුජි ...මොකක්ද අවුල?.

    ඔයාට මතකද අපේ ජුනියර් බැච් එකේ අලේ......

    අලේ කීවේ අපේ කඩියගේ.....

    ඔව් .. ඔව්.

    ඉතින්.?

    ඒකිගේ තාත්ත නැතිවෙලා.... අපේ උන් හෙට කැම්පස් ඇවිත් ඔහෙන් යනවා කිවා.

    ඔහ්..... යන්නම ඕන බං... මං මෙහෙන් කෙලින්ම යන්නං. ආයි කැම්පස් යන්න දෙයක් නෑනේ..

    ඔව් ඉතිං උබල අල්ලපු ගමේ වෙලා.....ඔතන කට උඩ ඉදගෙනත් මළගෙයක් වෙලා දන්නේ නෑ. හරි හරි අවුලක් නෑ.... මට කියපන් කොහොමද පාර කියලා. මං බයික් එකේ එන්නේ.

    උබ මැණික්හින්නට එන්ඩ දන්නවනේ....

    හරි මං හොයාගෙන එන්නම්කෝ ...... ඊට පස්සේ .....?

    මැණික්හින්නෙන් ..........ම්ම්ම්ම් ....මං කියන්නේ ස්ටෑන්ඩ් එකට කලින් තියනවා පාරක්. ...

    යකෝ........ වමටද දකුණටද?

    ම්ම්ම්ම්ම් ....... දකුණට ඔහෙන් එනකොට මට මතක විදියට. ඒකෙ රු 12 ක විතර ගිහින් හතර මං හන්දියක් තියනවා එතනින් බැහැල රු 50 ක ත්‍රී විල් එකක යන්න ඕන.

    යකෝ .... ම්ම්#@%^*(*$@#%&)*^ %$$^*((???

    දැන් පලයන්කෝ බයික් එකේ රු 12 ක්, ඒ මදිවට ත්‍රී විල් රු 50 කත් යන්න ඕන.

    යකෝ රුපියල් වලින් දුර මැන්නම් කිලෝ මීටර් වලින් මනින්නේ දළ දේශීය නිෂ්පාදනයද ?

    අනික ඔය ගණන් මේ කාලෙනම් කමක් නෑ. මිට අවුරුද්දකට උඩදී නම්.......? ඊටත් වඩා කල් නම්....?

    කෙල්ලෙක්ගෙන් පාරක් අහනවට වඩා හොදයි පාරේ ඉන්නේ කුකෙක්ගෙන් අහනවා.

    හා මං බොරුද කියන්නේ.

    මේ වගේ අත්දැකීම් ඔයාලටත් ඕන තරම් ඇති.... එන්න මොනාහරි කොටලා යන්න....

    මට ගැහුවොත් මාත් අත පුරෝලා ඇගිලි පහම හිටින්න ගහනවා.... අතේ පණ තියනකන්...

    + + + + +

     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    :lol::lol::lol::lol::lol::lol:
    තාමත් ගොඩක් අය දුර කියන්නේ ඔහොම තමා.....

    ඔන්න මගෙන් කිලො 5ක්
     
    • Like
    Reactions: sujeewahms

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    :lol::lol::lol::lol::lol::lol:
    තාමත් ගොඩක් අය දුර කියන්නේ ඔහොම තමා.....

    ඔන්න මගෙන් කිලො 5ක්

    මං කිවනේ කලින්ම ගැහුවොත් ගහනවා කියලා, දැන් කරන්න දෙයක් නෑ. මෙන්න ඇගිලි 5 ම හිටින්න කනේ පාරක්....

    තව දෙයක්...

    ඔයාට මං ගොඩක් ස්තුති වන්ත වෙන්න ඕන. ඔය තමයි මගේ 1500 වෙනි රෙප් එක දුන්නේ. ඒ කියන්නේ මව අන්තිම කොටුවට පැන්නුවේ.
    ඔයාට නැවත වරක් ස්තුතියි යාළු.

    thankyouglitters7.gif

     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අනිවා
    ගොඩක් උන් දුර කියන්නේ ඔහොම තමා බන්ස්