රුපියල් හතරේ ඉතිරිය නොදුන්නාට කොන්දොස්ත&

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    රුපියල් හතරේ ඉතිරිය නොදුන්නාට කොන්දොස්ත&

    රුපියල් හතරේ ඉතිරිය නොදුන්නාට කොන්දොස්තරට පොල් ගෝනියකින් ප‍්‍රහාරයක්
    2012 අගෝස්තු මස 01 09:35:05 | විශ්ව ගැමුණු ප්‍රියංකර
    Share
    රුපියල් හතරකට පොල් ගෝනියකින් සංග‍්‍රහයක් ලැබුණ කතාවකි මේ. රතුගම කොළඹ බස් රථයකි. සෙනඟ අඩුක්කු කර මුදල් අය කරමින් සිටි කොන්දොස්තර මහතෙකි. මැදිවියේ කතකි.
    ළමයෝ මගේ ඉතිරි සල්ලි දෙන්නකෝ තැනකින් ඇසුණි. ඉන්න ඉන්න ආච්චි මං ඔයාගෙ රුපියල් හතර අරගෙන බැහැල යන්නෙ නෑ.
    මද වේලාවක් ගතවිය. එම දෙබසම ආයෙත් ඇසුණි. කොන්දොස්තර නිහඬය. කළුතරදී බස් රථයෙන් බැසගත් කාන්තාව නැවතත් ඉතිරි මුදල ඉල්ලීය.
    එවිට කොන්දොස්තර මෙසේ කීවේය. ඉතිරි නෑ.... ගාන හරි රුපියල් හතරකට මැරෙන්න හදනවා.... පරුෂ වචන කීපයක් ද කීවේය. ඒත් සමගම කොන්දොස්තරගේ පිට හරහා අකුණු පහරක් වැදුණි.
    ඒ විශාල පොල් ගෝනියකි. සිදුවීම දෙස බලා සිටි මගියකු ප‍්‍රහාරය එල්ල කර තිබුණි.
    ඒත් සමග මෙසේ ඇසුණේය.
    ඕයි මිනිස්සුන්ගේ ඉතුරු සල්ලිවලට වංචා කරන්න එපා ලබන ආත්මයේදී මේ වගේ බර අදින බූරුවන් වෙලා උපදීවි. මෙහාට දෙනවා මේ අම්මගේ ඉතුරු සල්ලි.
    රුපියල් හතරට වැඩියෙන් රුපියලක් දී ගණන් බේරා හරි... හරි යාං... කියමින් කොන්දොස්තර බස් රථයේ පාපුවරුවට ගොඩවූයේය. බසය කොළඹ දෙසට ඇදුනි.

    PATTA NE
    Src : :yes::yes::yes:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Api bus wala yaddi minissunta karadara weddi ahaka balan yanna hoda na katha karanna one anik aya wenuwen ethkota thamai waradi wada karanna minissu baya, ee kanthawa wenuwen idiripath una pirimiyat mage pranamaya. :rolleyes: