රුපියල පා කරයි.. අගය නිදහසේ තීරණයට…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට පනවා තිබූ සියලු සීමා මෙම සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මේ වන විට විදේශ විනිමය ‌වෙළෙඳපොළ දියුණු වී ඇති බවත්, වෙළෙඳපොළ තුළින්ම විනිමය අනුපාතිකය තීරණය කිරීමට ඉඩප්‍රස්ථා ලබා දී ඇති බවත් අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් ‌කළේය.


    පසුගිය 2022 වසරේ මාර්තු මාසයේ දී එතෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ පාලනය යටතේ පැවති ශ්‍රී ලංකා රුපියල, පා කිරීමට තීරණය කෙරුණි. එම අවස්ථාවේ දී එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ, රුපියලට වැඩි නම්‍යශීලීභාවයක් ලබා දීමට කටුයුතු කිරීමේ දී රුපියලේ අගය පිරිහීමට ලක්විය හැකි නමුත් ඒ හරහා රටට ගලාඑන විදේශ විනිමය ඉහළ යාම වැනි සුභදායී කටයුතු සිදුවීමට හැකි බවයි.

    කෙසේවෙතත් එතැන් සිට ශ්‍රී ලංකා රුපියල අධික ලෙස අවප්‍රමාණය වීමෙන් පසුව, ආනයනික මිල ගණන් හරහා උද්ධමනය සැලකිය යුතු ලෙස වේගවත් වූ අතර, අනෙකුත් භාණ්ඩ හා සේවා මතද එවැනි අධික ලෙස අවප්‍රමාණය වීමේ බලපෑම් එල්ල විය.

    දේශීය විදේශ විනිමය වෙළඳපොළේ පවතින උග්‍ර විදේශ විනිමය හිඟය මෙන්ම, විනිමය අනුපාතිකයේ අඛණ්ඩ අවප්‍රමාණයවීම සමඟ, විනිමය අනුපාතිකය තවදුරටත් අවප්‍රමාණයවනු ඇතැයි ද, අවිධිමත් වෙළඳපොළ තුළ විනිමය අනුපාතිකය සඳහා අධි මිලක් ලැබෙනු ඇතැයි ද වන අපේක්ෂාවන් හමුවේ විදේශ විනිමය හිමියන් විසින් විදේශ විනිමය පරිවර්තනය කිරීම් ප්‍රමාද වූ අතර, එමඟින් විනිමය අනුපාතිකය මත තවදුරටත් අඛණ්ඩ පීඩනයක් ඇති විය. මේ අතර, අවිධිමත් වෙළඳපොළේ විදේශ විනිමය සඳහා ඇති අධික ඉල්ලුම බැංකු පද්ධතියෙන් පිටත ඉහළ යන ආනයන ඉල්ලුම අර්ධ මූල්‍යකරණය කිරීමට යොදා ගැනීම විනිමය අනුපාතිකය මත තවදුරටත් පීඩනය ඇති කිරීමට හේතු වුණු එය බැංකු පද්ධතිය මත ඇති පීඩනය ඉහළ යෑමට ද හේතු වී තිබුණි. විනිමය අනුපාතිකවල මෙම සැලකිය යුතු අස්ථාවරත්වය හේතුවෙන් අන්තර් බැංකු විනිමය අනුපාතික මෙන්ම පාරිභෝගික ගැණුම් හා විකුණුම් අනුපාත අනපේක්ෂිතව ඉහළ ගිය අතර, විනිමය අනුපාතිකය මත අහිතකර සමපේක්ෂණ බලපෑම් ඇති විය.

    මෙම පසුබිම මත වෙළෙදපොළ හවුල්කරුවන්ගේ අදහස් ලබාගනිමින් පෙර දින අන්තර් බැංකු වෙළඳපොළේ තීරණය වූ විනිමය අනුපාතිකය මත පදනම්ව, මහා බැංකුව විසින් 2022 වසරේ මැයි මස 13වැනි දින සිට සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට විචලන මට්ටම (දෙපසටම අදාළ විචලන සීමා ඉඩ හැරීම් සමඟ) පිළිබඳව දෛනික මාර්ගෝපදේශ සැපයීම ආරම්භ කරන ලදී.

    එහිදී මහ බැංකුව අවධාරණය කළේ, විනිමය අනුපාතිකයෙහි අවප්‍රමාණය වීම හා අධික අස්ථාවරත්වය සීමා කිරීම අවශ්‍ය බවත්, එසේ නොවන්නේ නම්, මේ මොහොතේ රට මුහුණ දෙන ගෙවුම් තුලන අර්බුදයේ බරපතලකම සැලකිල්ලට ගත් කළ, විනිමය අනුපාතිකයේ එවැනි අසීමිත අවප්‍රමාණයවීම සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරත්වයට අතිශයින්ම අහිතකර බලපෑමක් ඇති කිරීමට හේතු විය හැකි බවයි. අන්තර් බැංකු වෙළෙඳපොළ එතැන් විනිමය අනුපාතිකය තීරණය කිරීම වාණිජ බැංකු මඟින් සිදු කළද, විනිමය අනුපාතිකයෙහි විචලනයන් පිළිබඳව මහ බැංකුවෙන් වෙළඳපොළට යම් මග පෙන්වීමක් අවශ්‍ය බව එම අවස්ථාවේදී අවධාරණය කෙරුණි.

    මෙම වැඩපිළිවෙළ බොහෝ විට ‘ස්ථාවර විනිමය අනුපාතික’ ක්‍රමයක් ලෙස වැරදි ලෙස අර්ථකථනය කරනු ලැබුව ද, මෙම වර්තමාන තාවකාලික සැකැස්ම සහ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය අතර පැහැදිලි වෙනස්කම් තිබෙන බව මහ බැංකුව කියා සිටියේය.

    ඒ අනුව පසුගිය සතිය වන විට, පෙර දින අන්තර් බැංකු වෙළඳපොළේ තීරණය වූ විනිමය අනුපාතිකය මත පදනම්ව, සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට විචලන මට්ටම (දෙපසටම අදාළ විචලන සීමා ඉඩ හැරීම් සමඟ) රු. 10 ක් දක්වා පුළුල් කිරීමට මහ බැංකුව කටයුතු කර තිබුණි.

    මේ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා (03) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.

    “අපි අර තිබුණ band එක ටික ටික පළල් කළා. මොකද වෙළෙඳපොළ තුළ ද්‍රවශීලීතාවය වැඩිවෙන කොට බැංකු ක්‍රමය තුළම වෙළෙඳපොළ තවදුරටත් ශක්තිමත් වෙන්න සහ ද්‍රවශීලතාවය වැඩිවීම මගින් වෙළෙඳපොළ තුළින්ම විදේශ විනිමය අනුපාතය තීරණය කරන ක්‍රමවේදයට නැවත යන්න අවශ්‍ය නිසා තිබුණු යම් යම් සීමා ක්‍රමයෙන් ලිහිල් කළා සතිය තුළ. ‍ඒ අනුව මේ සතිය පටන් ගන්න කොට 15% ක් අපි ගන්නවා කියලා මහ බැංකුව දැනුම් දීලා තිබුණා. ඊට අමතරව band එක ටික ටික වැඩි කරලා අද වෙන කොට රු. 10 ක් කළා. අපි බලා‌පොරොත්තු වෙනවා ලබන සතියේ ඉඳලා මේ band එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න.”

    “දෙවෙනි කාරණය ලබන සතියේ ඉඳලා අනිවාර්යයෙන්ම බැංකුවලින් මහ බැංකුවට විකිණිය යුතුයි කියන 15% මට්ටමත් අයින් කරනවා. ඒ තුළින් ඒ මුදලත් බැංකු ක්‍රමය තුළ විදේශ විනිමය වෙළෙඳපොළ තවදුරටත් ශක්තිමත් වෙලා වෙළෙඳපොළ තුළින්ම තීරණය වන විනිමය අනුපාතයක් ක්‍රියාත්මක වෙන්න ඉඩප්‍රස්ථා සලසලා, සාමාන්‍ය කාලයක දී පැවති ආකාරයට ඒ ක්‍රමය නැවත ස්ථාපිත කිරීම තමයි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ.”

    “පහුගිය කාලේ අපි දන්නවා කිසිම spot transaction එකක් සිදුවුණේ නැහැ සෑහෙන කාලයක්. swaps විතරයි සමහර වෙලාවට තිබුණේ. දැන් හොඳ active spot market එකක් තියෙනවා. swaps තියෙනවා. මාර්කට් එක හොඳට ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඒ අනුව ඒ වෙළෙඳපොළ තුලින්ම විනිමය අනුපාතය ස්ථාවර විදියට තීරණය කරන්න පුළුවන් මට්ටමට විනිමය වෙළෙඳපොළ දියුණු වෙලා තියෙන්නේ දැන්. ඒක තමයි අපිට අවශ්‍ය වුණේ. ඒ වැඩපිළිවෙලට සහාය දැක්වීමට සඳහා දැන් ක්‍රියාත්මක වෙන විනිමය වෙළෙඳපොළේ තිබිච්ච ඒ සීමා ලබන සතියේ ඉඳන් සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා.”

    මේ අනුව අද (07) සිට දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට තිබුණු සීමා ඉවත් කෙරෙන අතර නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ රුපියලේ අගය තීරණ වනු ඇත.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,305
    113
    Colombo
    කෝ මේකේ ඉන්න්න ආර්තික ඔස්තාර්ලා ටික කව් ලියන්න ලැස්ස්ති වෙන්න 😂😂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි ටික ටික පළල් කළා.
    Will Forte Snl GIF by MacGruber
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ජෙප්පෝ ready ද?
    තාව මාස තුනකින් බලමුද?

    මුන් අවුරුදු හොඳට කවලා ඒ එක්කම චන්දෙ තියයි. ඊට පස්සෙ පුකෙන් දුම් දානකල් අරී නේද @EVC @2osama
    ------ Post added on Mar 7, 2023 at 4:07 PM
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    Sri Lanka business tv kiyanwa rupee eka hoda athata harenwa kyla ,so ayema usd eka wadi wana ekak nathi waida? imf eken loan ekath dunnth? p2p wala lkr to usdt 1 326 buying@#$@!$#!
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඕකත් IMF එක කොන්දේසියක් . මන් නම් කියන්නෙ මේ රට IMF එකටම දීල දැම්මනම් හරි උන්ගෙ එක්ස්පෙරිමන්ට් වලට
    උන්ට එක්ස්පෙරිමන්ට් කරන්න දෙයක් නෑ . උන් හෑම රටටම කරන්නේ ඔය වගේ ඒවා තමා. එකම දේ බහුතරයක් රටවල් වල මිනිස්සු මගදී විරුද්ධ වෙනවා ඒ වෑඩ වලට. එතකොට වෑඩේ කඩාකප්පල් වේනවා..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    උන්ට එක්ස්පෙරිමන්ට් කරන්න දෙයක් නෑ . උන් හෑම රටටම කරන්නේ ඔය වගේ ඒවා තමා. එකම දේ බහුතරයක් රටවල් වල මිනිස්සු මගදී විරුද්ධ වෙනවා ඒ වෑඩ වලට. එතකොට වෑඩේ කඩාකප්පල් වේනවා..
    දන් නැති හින්ද අහන්නෙ උන් හරියට ෆිනිශ් කරල ගොඩ දාපු රටක් තියෙනවද?
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    දන් නැති හින්ද අහන්නෙ උන් හරියට ෆිනිශ් කරල ගොඩ දාපු රටක් තියෙනවද?
    ලන්කාව ගාණට වෑටිලා ගොඩ දාපු රටක් නම් දන්නේ නෑ. හෑබෑයි වෙන රටවල් තියෙනවා අයි එම් එෆ් සපෝට් එක අරන් ගොඩ ගිය. ඉන්දියාව , දකුණු කොරියාව වගේ රටවල් වුනත් අයි එම් එෆ් සපෝට් එක අර ගත්ත රටවල්