රුම් එකක් වෙනුවට නියම තැනක්

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    රුම් එකක් වෙනුවට නියම තැනක්

    1skylodge-adventure-suites-natura-vive-glass-pods-peru-designboom-01.jpg

    2A161C3700000578-3143368-Room_with_a_view_If_you_make_it_up_there_the_Skylodge_Adventure_-a-37_1435591845268.jpg

    Comfortable-Camping-On-The-Cliffs-Of-Peru-Skylodge-Adventure-Suites-660x400.jpg

    2A161C2F00000578-3143368-The_Skylodge_is_composed_of_three_capsule_suites_which_can_sleep-a-33_1435591845075.jpg

    අපි කෑලාවක ඇවිදින්න ගියත් එහෙම නැත්තන් නිවාඩුවක් ගත කරන්න ගියත් කඳවුරු බැඳගෙන එකතැනකට වෙලා ඉන්න එක ටිකක් කම්මැලි වැඩක් වෙන්න පුළුවන්. නමුත් ඔබ මේ ආපු ගමන් ඊටවඩා ත්‍රාසජනක මතක හිටින ආකාරයේ අත්දැකීමක් කරගන්න අවශ්‍ය ද ? මේ ලිපිය ඔබ සඳහාම යි. මේවගේ දේවල් ලංකාවේ නම් වැඩිය අහන්න ලැබෙන්නේ නෑ. ඒ වුනත් ලෝකයේ මේවගේ දේවලුත් තියනවා කියලා දැනගෙන ඉන්න එක හොඳයිනේ.

    මේ ආරංචිය අපිට ලැබෙන්නේ පේරු වලින්. පේරුවල පුජනීය නිම්නයක් වන කුස්කෝ (Cuzco) නිම්නයේ පිහිටලා තියන කඳු මුදුනක නිර්මාණය කරලා තියනවා Skylodges. මේවගේ ඒවා තියෙන්නේ ලෝකෙටම තුනයි. පොලව මට්ටමේ ඉඳලා අඩි 400ක් තරම් ඉහලින් තමයි මේවා පිහිටලා තියෙන්නේ. මේවා විනිවිද පෙනෙන ආකාරයේ කැප්සියුල කිව්වොත් වඩා නිවැරදියි. මෙතන උඩට නැග්ගම වටපිටාවේ තියන දර්ශනය නම් ඉතාමත් මනස්කාන්තයි. හැබැයි මේ කප්සියුලා පිහිටලා තියෙන්නේ කඳු බෑවුමට වෙන්න හින්දා මේකට ගොඩවෙන්න කැමති කෙනෙක්ට කන්ද තරණය කරන්න සිද්ධ වෙනවා. කඹ වල එල්ලිලා ආරක්‍ෂිත හිස්වැසුම් එහෙම දාගෙන ලැස්ති වෙලා තමයි මේ ගමන පටන් ගන්න වෙන්නේ. මේ පාරේ එන්නම කැමති නැතිනම් තවත් පාරකින් මෙතනට එන්න පුළුවන්. හැබැයි ඒ කන්ද හරහා වැටෙන දුෂ්කර මාර්ගයකින්.

    කොහොමහරි අමාරුවෙන් මෙතනට නැග්ගට පස්සේ ඕගොල්ලොන්ට Skylodges හම්බුවෙනවා. මේවා නිර්මාණය කරලා තියෙන්නේ ගුවන් යානා නිර්මාණය කරන්න ගන්න ඇලුමිනියම් ලෝහ වලින්. ඒවගේම ඝන polycarbonate තට්ටුවක් භාවිතයෙන් කාළගුණික වෙනස්වීම් වලට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කරලා තියනවා. මේ කැප්සියුල හොඳින් හඳුමුදුනට සවිකරලා තියනවා. මේ අඩි 24 x අඩි 8 කැප්සියුලය ඇතුලට ආවම නම් හොඳ සැප පහසු සුඛෝපභෝගී වටපිටාවක් දැකගන්න ලැබෙනවා. අපි ඉන්නේ කොහෙද කියලත් මොහොතකට අමතක වෙන්න පුළුවන්. කෑම කාමරයක්, නිදන කාමරයක්, වැසිකිලියක් , ජනෙල් 6ක් වගේම වායුකවුළු 4කුත් මේකේ තියනවා. ඒවගේම රාත්‍රී කාලයට ආලෝකය ලබාගන්නේ සුර්ය පැනල වල ගබඩා වන ශක්තියෙන්.

    upata ganima.
    sira.lk