රුම් - Computer RAM

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    Computer RAM - රැම්

    සුභ දවසක් යහඑවනේ......
    මම සමාන්යයෙන් පොස්ට් දනවා අඩුයි....මොකද කොටන්න කම්මැලි.......
    computer-ram.jpg

    මෙතන ඉන්න සියඵ දෙනාටම වගේ කම්පියුටර් තියෙනවා........සමහරු කම්පියුර් කපර්ලා...... ඉතින් මම අද කියන්න හදන්නේ ටිකක් ප්රයොජනය වෙන දෙයක්...... .. අපි හැමොම වගේ RAM දන්නවානේ අපි ගොඩක් වෙලාවට RAM එකේ ජාතිය ජම්මය හොයන්නේ ගහලා තියෙන ස්ටිකරයෙන්...... එහෙම නේද.......
    සටිකර් නැතතුව හොයන්න පුඵවන ක්‍රම ගොඩක් තියෙනවා. මම දන්න ක්‍රමය මම කියලා දෙන්න හිතුවා.

    නොදනුන අයා දැන ගන්න......දන්න අයා අඩුපාඩු ඇති නම් නිවැරදි කරන්න.

    SD RAM

    SD_zps841edf14.gif

    උඩ පෙන පින්තුරෙ වගේ අනු පිළිවෙලින් කොටස් 3කට බෙදා පෙන්වන රැම් එක SD RAM වේ.
    ඔව් මේක හොයන හැටි නොදන්නවනම් වෙන්න බෑ......

    DDR 1

    ddr1_zps697fb828.jpg

    DDR RAM හොයාගන්න ටිකක් අමරුයි කට්ටියට මොකද ඒ DDR RAM ඔක්කොම එකවගේ.... වෙනස් තියෙන්නේ ගහන පැත්ත හදුනා ගැනිමේ ලෙසියට හසලා තියෙන මැද මැද හිඩස....
    පින්තුරයෙන් අංක 1 න් පෙන්වා ඇති ඩොට් එක හැම DDR RAM එකකම පහේ තියෙන දෙයක් එම ඩොට් එක් තමාගේ වම් පසට හිටින්න RAM අතට ගන්න...
    දැන් බලන්න RAM මැද හිඩසින් වෙන් වී ඇති වම් කොටස දකුණු කොටසට වඩා විශාල විය යුතුයි. අංක 2න් පෙන්වා ඇති පරිදි දකුණු පස කොටසේ අවසාන pin එකත් මැද කණුවත් අර ඇති පරතරය විශාලයි.
    අංක 2න් පෙන්වා ඇති පරිදි වම් පස කොටසේ අවසාන pin එකත් මැද කණුවත් අර ඇති පරතරය ඉතා අඩුයි. pin 184යි. එක පැත්තක pin 92යි.

    DDR 2

    DDr2_zpsd36cd1e8.jpg

    පින්තුරයෙන් අංක 1 න් පෙන්වා ඇති ඩොට් එක වම් පසට හිටින්න RAM අතට ගන්න...
    දැන් බලන්න RAM මැද හිඩසින් වෙන් වී ඇති වම් කොටස දකුණු කොටසට වඩා විශාල විය යුතුයි(DDR 1 එකේ දකුණු කොටසට වඩා DDR 2 එකො දකුණු කොටස විශාලයි එකියන්නේ මැද ඇති කාණුව DDR 1 එකට වඩා DDR 2 එකෙ මැද සෙන්ටර් එකට ලගයි ). අංක 2න් පෙන්වා ඇති පරිදි දකුණු පස කොටසේ අවසාන pin එකත් මැද කණුවත් අර ඇති පරතරයත්, වම් පස කොටසේ අවසාන pin එකත් මැද කණුවත් අර ඇති පරතරය ඉතා අඩුයි. දකුණු පස කොටසේ අවසාන pin එකත් මැද කණුවත් අර ඇති පරතරයට වම් පස කොටසේ අවසාන pin එකත් මැද කණුවත් අර ඇති පරතරය සමානයි. pin 240යි. එක පැත්තක pin 120යි.

    DDR 3

    DDR3_zps23a92cb9.jpg

    පින්තුරයෙන් අංක 1 න් පෙන්වා ඇති ඩොට් එක වම් පසට හිටින්න RAM අතට ගන්න...
    දැන් බලන්න RAM මැද හිඩසින් වෙන් වී ඇති වම් කොටස දකුණු කොටසට වඩා කුඩා විය යුතුයි(DDR 2 එකේ දකුණු කොටසට වඩා DDR 3 එක දකුණු කොටස කුඩා විය යුතුයි.). අංක 2න් පෙන්වා ඇති පරිදි දකුණු පස කොටසේ අවසාන pin එකත් මැද කණුවත් අර ඇති පරතරයත්, වම් පස කොටසේ අවසාන pin එකත් මැද කණුවත් අර ඇති පරතරය ඉතා අඩුයි. දකුණු පස කොටසේ අවසාන pin එකත් මැද කණුවත් අර ඇති පරතරයට වම් පස කොටසේ අවසාන pin එකත් මැද කණුවත් අර ඇති පරතරය සමානයි. pin 244යි. එක පැත්තක pin 122යි.

    DDR 4

    DDR4_zps372d94d5.jpg

    පින්තුරයෙන් අංක 1 න් පෙන්වා ඇති ඩොට් එක වම් පසට හිටින්න RAM අතට ගන්න...
    දැන් බලන්න RAM මැද හිඩසින් වෙන් වී ඇති වම් කොටස දකුණු කොටසට වඩා විශාල විය යුතුයි. අංක 2න් පෙන්වා ඇති පරිදි වම් පස කොටසේ අවසාන pin එකත් මැද කණුවත් අර ඇති පරතරය විශාලයි.
    අංක 2න් පෙන්වා ඇති පරිදි දකුණු පස කොටසේ අවසාන pin එකත් මැද කණුවත් අර ඇති පරතරය ඉතා අඩුයි. pin 288යි. එක පැත්තක pin 144යි.

    එහෙනම් ඔං අපි යනවා නැවතත් දවසක හමුවෙමු....
    සියඵ දෙනාටම තෙරැවන් සරණයි!

    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    මේ වගේ වැදගත් ලිපියක් ශෙයා කලාට ඔබට ජනාදිපතිතුමාගේ, ශිරන්ති ආර්යාවගේ සහ රාජපක්ශ පවුලේ පිහිට ලැබේවා.
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    mama hithuwe room gana kiyala :(

    සොරි සහොදරයා.....මම පොස්ට් එකේ හෙඩ් එක වෙනස් කරා එත් වෙනස් වෙන්නේ නෑ

    මේ වගේ වැදගත් ලිපියක් ශෙයා කලාට ඔබට ජනාදිපතිතුමාගේ, ශිරන්ති ආර්යාවගේ සහ රාජපක්ශ පවුලේ පිහිට ලැබේවා.

    මම ඔය කාගෙන්වත් පිහිටෙන් නෙමෙයි ජීවත් වෙන්නේ මගේම පිහිටෙන්....තම හිසට තම අතමය සෙවනැල්ල.....
    මම ජීවත් වෙන්නේ මම කරපු පිං වල පිහිටෙන්..

    මෙම පොස්ට් එකෙන් ප්‍රයොජනයක් අරන් අහක බලා නොගිය සියලු දෙනාට බොහොම ස්තුතියි
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    සොරි සහොදරයා.....මම පොස්ට් එකේ හෙඩ් එක වෙනස් කරා එත් වෙනස් වෙන්නේ නෑ

    මම ඔය කාගෙන්වත් පිහිටෙන් නෙමෙයි ජීවත් වෙන්නේ මගේම පිහිටෙන්....තම හිසට තම අතමය සෙවනැල්ල.....
    මම ජීවත් වෙන්නේ මම කරපු පිං වල පිහිටෙන්..

    මෙම පොස්ට් එකෙන් ප්‍රයොජනයක් අරන් අහක බලා නොගිය සියලු දෙනාට බොහොම ස්තුතියි

    තම හිසට තම අතමය සෙවනැල්ල:yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Nov 24, 2014
    789
    64
    0
    මම ඔය කාගෙන්වත් පිහිටෙන් නෙමෙයි ජීවත් වෙන්නේ මගේම පිහිටෙන්....තම හිසට තම අතමය සෙවනැල්ල.....
    මම ජීවත් වෙන්නේ මම කරපු පිං වල පිහිටෙන්..

    මෙම පොස්ට් එකෙන් ප්‍රයොජනයක් අරන් අහක බලා නොගිය සියලු දෙනාට බොහොම ස්තුතියි

    එහෙනං ඇයි මචං උම්බ තනියම ගිහිං යුද්ද කල්ල ප්රබාකරන්ව මැරුවෙ නැත්තෙ ? කවුරු කොහොම මොනා කිව්වත්, අපේ හිසට එකම සෙවනැල්ල මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා පමනයි. ඒ නිසා එතුමා කෙරෙහි හිත පහදවා ගන්න.