නැගෙනහිර මුදාගත් යුද හමුදාවේ ඊළඟ ඉලක්කය වූයේ උතුරු පළාත දෙමළ කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමයි.නමුත් එය සමහරු හිතන තරම් පහසු දෙයක් නොවීය.යුද්ධය කෙරීගෙන ගියේ සැලැස්මකට අනුව සෙමින්ය.එම කාලයේ විපක්ෂයේ සිටි එ.ජා. මන්ත්‍රී රවී කරුණානායක නැමැත්තා මෙම යුද්ධය දුටුවේ අමුතුම ආකාරයකටය.යුද්ධ සැලසුම් ගැන අවබෝධයක් නැති ඔහුගේ කටින් මෙවැනි වැකියක් පිටවිය.