අපි නොදන්න රුසියාව-2
විලැඩ්මීර් පුටීන් යනු ප්‍රකෝප ගැන්වීමෙන් පරාජයට පත් කල හැකි විශේෂයෙන්ම පසුගිය වසරේදී තුර්කිය විසින් සිදුකල සුකොයි-24 යානය බිම හෙළීම වැනි සිදුවීම් ඔස්සේ හෝ අධෛර්යයට පත් කල හැකි පුද්ගලයෙක් නොවේ.නමුත් මෙවැනි ප්‍රහාරයක් සෘජු යුද ගැටුමක් ඇතිවීම දක්වා දුරදිග යෑමට හැකි සිද්ධියක් වුවද එවැන්නක් සිදුනොවීය.නමුත් රුසියාව අවුස්සා ගැනීම කොතරම් භයානකද යන්න ගැන ඔබට යම් අදහසක් තිබේද?
රුසියාවේ නූතන ආරක්ෂක ක්ෂේත්‍රය යනු පැරණි සෝවියට් දේශය සමග සංසන්දනයේදී එහි සෙවනැල්ලක් පමණි.එක්සත් ජනපදය සමග සැසඳීමේදී රුසියාව තම ආරක්ෂක වියදම සඳහා වැය කරන්නේ එක්සත් ජනපදයේ වියදමෙන් 12%ක ප්‍රතිශතයකි.
2013 වසරේ වාර්තාවලට අනුව ආරක්ෂක වියදම වැඩිම රාජ්‍යය වූයේ එක්සත් ජනපදයයි.දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.8%ක් හෙවත් දළ වශයෙන් ඇ.ඩො.බිලියන 619ක් ලෙස මෙම වියදම සඳහන් වේ.ඔවුන්ගේ යුදෝපකරණ අපනයනය ඇ.ඩො.බිලියන 6.2කි.එනම් අවි වෙළඳාමේ දෙවැන්නාය.නමුත් ආරක්ෂක වියදම ගැන සැලකීමේදී රුසියාව සිටින්නේ තුන්වන ස්ථානයේය.ඒ චීනයට පිටුපසින්ය.රුසියාව වාර්ෂිකව ඇ.ඩො.බිලියන 84ක් පමණ සිය ආරක්ෂාව සඳහා වියදම් කරයි.මෙය එරට දළ ජාතික නිෂ්පාදිතයෙන් 4.1%කි.නමුත් අවි අපනයනයෙන් රුසියාව 2013 වර්ෂයේදී ඇ.ඩො.බිලියන 8.3ක් උපයාගෙන තිබෙන්නේ එම වසරේදී විශාලතම අවි අලෙවිකරන්නා බවට පත්වෙමින්ය.
රුසියාවේ යුද තාක්ෂණය ගැන කතා කිරීමේදී බටහිර රටවල් තමන් රුසියානුවන්ට වඩා ඉහළ තැනක සිටින බව සිතා සිටියි.ඔවුන්ගේ කතාබහෙන් හැසිරීමෙන් එය මොනවට ඔප්පු වේ.ඔවුන් සිතා සිටින්නේ රුසියාව තවමත් 1970 දශකයේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මත යැපෙන,එතැනින් ඉදිරියට යා නොහැකිව සිටින,ගොරෝසු නිෂ්පාදන ප්‍රමිතීන් භාවිතා කරන සහ දෝෂවලට පිළියම් යෙදීමට අවශ්‍ය මුදල් නැතිකමෙන් පෙළන රටක් ලෙසයි.නමුත් රුසියානුවන් වඩා හොඳ දෙයක් නිර්මාණය කල හොත් බටහිරයන් කියන්නේ එය බටහිර රටවල් අනුකරණය කීරීම් එනම් තමන්ව කොපි කිරීමක් බවයි.2003 ඉරාක යුද්ධයේදී ඉරාක හමුදාව සන්නද්ධව සිටියේ දුර්වල කාර්ය සාධනයක් සහිත රුසියානු යුදෝපකරණවලින් වීම නිසා රුසියානු හමුදා තාක්ෂණය සම්බන්ධව තිබෙන බටහිර මතය තවත් ප්‍රත්‍යක්ෂ කෙරිණි.
නමුත් යතාර්ථය වන්නේ රුසියාවට,බටහිර රටවලට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටිය හැකි අවි සැලසුම් කිරීමේ හැකියාවක් තිබෙන බවයි.සෝවියට් දේශය පැවති සමයේදී ඔවුන් අපූරු තාක්ෂණයන් සහ අවි නිපදවීමට දැරූ උත්සාහයන් බටහිර රටවල් දුටුවේ විකාර අදහස් ලෙසයි.එක්සත් ජනපදයට ප්‍රති උත්තර රහිත අවි රුසියාව සතුව තිබේ.
කිසිවෙකුට රුසියානු රොකට් තාක්ෂණය සම්බන්ධව වාදවිවාද තිබිය නොහැකිය.2011 වර්ෂයේදී ඇමෙරිකානු අභ්‍යාවකාශ ෂටල විශ්‍රාම යැවීමෙන් පසුව ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගඟනගාමීන් ගෙන යෑම,එහි සිට පෘථිවියට යළි රැගෙන ඒම සිදුකරන්නේ රුසියානු යානා යොදාගෙනය.රුසියානු හමුදා රොකට් දිගු පෙළපතකට හිමිකම් කියයි.
සෝවියට් දේශය නිපදවූ යුද ටැංකි නාශක නියාමක මිසයිල 1973 වර්ෂයේදී ඊජිප්තු පාබල හමුදා ඊශ්‍රායල යුද ටැංකිවලට එරෙහිව මහා පරිමාණයෙන් භාවිතා කරන ලද්දේ ප්‍රථම වරටයි.ඒටී-3 සගර් යන නේටෝ නාමයෙන් හැඳින්වූ මෙම යුද ටැංකි නාශක මිසයිල යොම් කිපූර් යුද්ධයේ ආරම්භයේදී ඊශ්‍රායල යුද ටැංකි රැසක් විනාශවිය.මෙම යුද්ධයේදී භාවිතා කල එස් ඒ-7 "ස්ට්‍රෙලා" නම් තාප සංවේදී ගොඩබිමට සිට ගුවනට එල්ල කරන උරහිසේ තබාගෙන දියත් කල හැකි මිසයිල විදිනද ඊශ්‍රායල ගුවන් හමුදාවට යම් ප්‍රමාණයක හානියක් සිදුකිරීමට සමත්විය.මෙම අවිය යුද්ධයේදී සැලකිය යුතු ගුවන් යානා ප්‍රමාණයක් බිම නොහෙළුවද ගුවන් නියමුවන්ගේ උපාය මාර්ග වෙනතකට හරවන්නට සමත්විය.තැනින් තැනට ගෙන යා හැකි මිසයිල යනු ගුවන් යානයකට කෙලින්ම සිය ඉලක්ක වෙත ගමන් කිරීම වළක්වාලිය හැකි අවියකි.එස් ඒ -7 යනු එෆ්අයිඑම්-43 රෙඩ්අයි නම් ඇමෙරිකානු මිසයිලයේ සමකාලීනයෙකි.මෙම අවි දෙකෙහි ඉලක්කය වූයේ ජෙට් ප්‍රහාරක යානාවල එන්ජිමේ පිටුපස නැසින්නයි.ඒ නිසා යානයක් බිම හෙළන්නට තරම් හානියක් කරන්නට ඒවාට නුපුලුවන් විය.ඊට විසඳුමක් ලෙස 1974දී සෝවියට් දේශය "ස්ට්‍රෙලා-3" මිසයිල විදිනය හඳුන්වා දුන්නේය.සෝවියට් "ස්ට්‍රෙලා-3" මිසයිලයට සමාන හැකියාවක් සහිත එෆ්අයිඑම්-92 ස්ටින්ජර් මිසයිල පද්ධතිය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් හඳුන්වා දෙන ලද්දේ 1982 තරම් මෑත කාලයේදීය.
රුසියානු සෑම් මිසයිලවලට(ගොඩබිම සිට ගුවනට එල්ල කල හැකි මිසයිල)බටහිර රටවල් තවමත් බිය වන බවට තිබෙන හොඳම සාක්ෂියක් වන්නේ ඉරානයට රුසියානු එස්-300 මිසයිල පද්ධති ලබාදීම සම්බන්ධව ඔවුන්ට තිබූ බලවත් විරෝධයයි.නමුත් බටහිර විරෝධය නොතකා රුසියාව එම මිසයිල පද්ධති ඉරානයට ලබාදුන් බවට වාර්තා පළවිය.2015 වසරේදී සිරියාවේ ගුවන් මෙහෙයුම් සඳහා අනියුක්ත කර තිබූ රුසියානු සුකොයි-24 යානයක් තුර්කි ප්‍රහාරයකින් විනාශ වීම නිසා සිරියාවේ මෙහෙයුවල නියුතු සිය ගුවන් හමුදාවේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාව එස්-400 මිසයිල පද්ධති යෙදවූ බව සඳහන් වේ.මේවා අතිශය භයානක අවිවේ.රුසියාව රේඩාර් තාක්ෂණය සහ ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික හැකියාවන් අතින් බටහිර රටවල් පසුකර ගොස් තිබේ.
ගුවනේ කෙරෙන සංග්‍රාම වලදී තනි ප්‍රහාරයක වඩා වැඩිගණනක් ගැන විශ්වාසය තැබීමට රුසියානුවන් පුරුදුව සිටියේ බොහෝ කාලයක සිටය.සුකොයි-27 ෆ්ලෑන්කර් ප්‍රහාරක යානයට දුසිමක් පමණ මිසයිල රැගෙන යා හැකිය.තව ඊට වරකට මිසයිල දෙකක් හෝ තුනක් දියත් කිරීමටද පුලුවනි.මෙම මිසයිල සතුව වෙනස් මාර්ගෝපදේශන ක්‍රම තිබේ.එනම් අධෝරක්ත සහ රේඩාර් නියාමක හැකියාවන්ය.මෙම හැකියාව සතුරන් විසින් දියත් කරන සංඥා විකෘතිකිරීම් හෝ අඩාල කිරීම් හමුවේ සිය ඉලක්කය ඉහළ සම්භාවිතාවයකින් සපුරා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.රේඩාර් නියාමක මිසයිලයක් සමග තවත් වර්ගයක මාර්ගෝපදේශන ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වන මිසයිලයක් දියත් කිරීමෙන් සතුරන් රේඩාර් ජෑමින් ක්‍රමවේද භාවිතා කලද අනෙක් මිසයිලය ඉලක්කය සොයා යෑම නැවැත්වීම පහසුනොවනු ඇති.
රුසියානු ගුවන් යානා භාවිතා කරන මිසයිල අතිනවීන ඒවාය.රුසියානු වෙම්පල් ආර්-73 ඩෝග්ෆයිට් මිසයිලය සතු "off-boresight" හැකියාව සුවිශේෂී වේ."off-boresight" යනු නියමුවා සතු හෙල්මටයේ සවි කර තිබෙන දර්ශනය පථය ඔස්සේ සතුරු ගුවන් යානයක් දෙස බැලීමෙන් පමණක් එය ඉලක්ක කිරීම සහ ප්‍රහාරය එල්ල කිරීමයි.මෙම මිසයිල හඳුන්වා දුන්නේ 1982 වර්ෂයේදීය.තමන් සතු ඒඅයිඑම්-9 සයිඩ්වයින්ඩර් මිසලය හා සංසන්දනයේදී නවතම සෝවියට් මිසයිලය ගුවන් සටනකදී සෝවියට් නියමුවන්ට ලබාදෙන වාසිය ගැන නේටෝව වහා හඳුනාගත්තද ඊට සටනක් දිය හැකි "off-boresight" හැකියාව සහිත ඒඅයිඑම්-9 හි මිසයිල මොඩලයක්(AIM-9X) හඳුන්වා දීමට එක්සත් ජනපදයට තවත් වසර 20ක පමණ කාලයක් වැය කරන්නට සිදුවිය.ඒ අතර කාලයේදී රුසියානුවන් ආර්-73 මිසයිලයේ හැකියාවන් කිහිපවරක්ම ඉහළ දමන ලද්දේ ඊට අභියෝග කල හැකි වෙනත් මිසයිලයක් නොමැතිබව පෙන්වාදෙමින්ය.
දිගු දුර ගුවන් සටන් සඳහා(සැතපුම් 40 හෝ ඊට වැඩි)රුසියානුවන් සතුව තිබෙන හොඳම අවිය වන්නේ වෙම්පල් ආර්-77 මිසයිලයයි.එහි නවතම සංස්කරණය සතුව ඇන්ටනාවක් තිබේ.ඒ නිසා වෙම්පල් ආර්-77 මිසයිලයක් මග හැර යෑම ලේසි පහසු නැත.මෙම මිසයිලය ලෙස හඳුන්වන්නේ ඒ නිසාය.තවද කේ-77එම් හෙවත් මෙහි දැනට භාවිතා කරන මිසයිල මොඩලය එහි බටහිර සමකාලීනයා වන ඒඅයිඑම්-120 ඇම් රාම් වඩා හැකියාවෙන් ඉහළ බවයි කියවෙන්නේ."එක්සත් ජනපද හමුදාව සතුව ඒ හා සමාන කිසිවක් නැත " යනුවෙන් වෝ ඊස් බෝරින් යන වෙබ් අඩවියේ දක්වා තිබේ.කේ-77එම් මිසයිලය 2013 වර්ෂයේදී හඳුන්වා දුන් අතර මේ වන විට එය පස්වන පරම්පරාවේ රුසියානු ප්‍රහාරක යානයක් වන ටී-5 යානය වෙනුවෙන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරමින් ඇත.
ඕනෑම සංග්‍රාමයකදී එක්සත් ජනපද යුද ගුවන් යානා බරපතල ලෙස ස්ටෙල්ත් තාක්ෂණය මත යැපෙන්නේ සතුරු රේඩාර් පද්ධතිවලට හසුනොවී සිය ඉලක්ක සපුරා ගැනීමටයි.පළමු සහ දෙවන පර්සියන් ගල්ෆ් යුද්ධ වලදී ඒ බව හොඳින්ම පැහැදිලිවිය.ඇමෙරිකාව හා සැසඳීමේදී රුසියාව සිය යුද ගුවන් යානා සඳහා ස්ටෙල්ත් තාක්ෂණය භාවිතා කිරීම ඉතා අල්පව සිදුකරයි.බොහෝදෙනා කියන්නේ මෙම අවාසිය නිසා ගුවන් සටනකදී රුසියාව ඇමෙරිකාව ඉදිරියේ පරාජය වීමට තිබෙන ඉඩ වැඩි බවයි.ස්ටෙල්ත් තාක්ෂණය අතින් රුසියාව පසුපසින් සිටියද ඔවුන්ගේ ප්‍රති-ස්ටෙල්ත් පද්ධති/රේඩාර් තාක්ෂණය බටහිර රටවල් අභිබවා ගොස් තිබේ.2013 වර්ෂයේදී හඳුන්වාදුන් රුසියානු 55Zh6ME ගුවන් ආරක්ෂණ රේඩාර් පද්ධතිය සතුව වෙනස් තරංගායාම යටතේ ක්‍රියාකරන බහු රේඩාර් මොඩියුල තිබේ.එක් තරංගායාමයකට අනාවරණය නොවන සේ ගුවන් යානයක් සැලසුම් කිරීම පහසු වුවද තරංගායාම වැඩිගණනක් සඳහා එම කාර්යය සිදුකිරීම ලේසි පහසු නැත.මෙම ප්‍රති-ස්ටෙල්ත් රේඩාර් පද්ධතිය කොතරම් සාර්ථකද යන්න තවමත් බොහෝදෙනෙක් නොදන්නා මුත් ගුවන් තාක්ෂණය ගැන විශේෂඥයෙක් වන බිල් ස්වීට්මන් කියා සිටින්නේ රුසියාව මේ සම්බන්ධව පර්යේෂණ සිදුකරන්නේ වසර 25ක පමණ කාලයක සිට බවයි.
රාමුවෙන් පිටතට ගොස් සිතීම සම්බන්ධව රුසියානුවන් ප්‍රසිද්ධියක් උසුලයි.එහි ප්‍රතිඵලය හොඳ හෝ නරක වීමට පුලුවනි.ස්ක්වල් රොකට් ටෝර්පිඩෝව යනු සෝවියට් දේශය මීට වසර දශක හතරකට පමණ පෙර නිපදවූ සුපිරි අවියකි.මෙහි තිබෙන විශේෂත්වය වන්නේ පැයට කි.මී.370ක පමණ උපරිම වේගයක් ලබාගත හැකිවීමයි.එය බටහිර රටවල් සතු ටෝර්පිඩෝවක වේගයට වඩා හතර ගුණයක් වැඩිය.ස්ක්වල් ටෝර්පිඩෝවේ නූතන මොඩලය වන්නේ Shkval 2 ය.රුසියාවේ තවත් අපූර්ව නිර්මාණයක් වන්නේ දිය යටදී වෙඩි තැබීමට හැකි APS රයිෆලයයි.1970 දශකය තරම් ඈත කාලයේදී මෙම රයිෆලය නිපදවා තිබේ.සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව මෙම රයිෆලය ලෝක වෙළඳපොලට එක්විය.මෙය ඒ කේ-74 රයිෆලය ඇසුරින් නිර්මාණය කර තිබේ.සාම්ප්‍රදායික රයිෆල් ජලය යටදී ක්‍රියාත්මක කිරීම කල නොහැකි අතර යොදා ගන්නා උණ්ඩද ප්‍රමාණවත් දුරක් ගමන් නොකරයි.මීට පිළියමක් ලෙස සෝවියට් දේශය APS නම් රයිෆලය හඳුන්වා දුන්නේය.ඊට යොදන විශේෂිත උණ්ඩයක් උපරිම මීටර් 5ක් ගැඹුරු ජලයේදී උපරිම මීටර් 30ක දුරක් ගමන් කරයි.මීටර් 40ක් ගැඹුරේදී එම දුර මීටර් 11 දක්වා අඩුවේ.
2012 වර්ෂයේදී ජනපති පුටීන් විසින් රොසිස්කයා ගසෙටා නම් පුවත්පතට පවසා තිබුණේ අවි පද්ධති කදම්බ,භූභෞතික,තරංග,ජානමය,මනෝභෞතික අනෙකුත් නවතම තාක්ෂණයන් මත පදනම්ව නිර්මාණය වීමෙන් උපායමාර්ගිකව යුද ශක්තිය සමබර කරගත හැකිබවයි.නමුත් ඉන් සමහරක් දේ සාක්ෂාත් කරගැනීම සැක සහිතය.නව තරංග මූලධර්ම ක්ෂේත්‍රය තුල සෝවියට් විද්‍යාඥයින් පිරිසක් ව්‍යාවර්තන ක්ෂේත්‍ර අවි සම්බන්ධව පර්යේෂණ ඇරඹුවේ 1987 වර්ෂයේදීය.මෙය ශක්ති ක්ෂේත්‍ර සමග විද්‍යුත් සහ ගුරුත්වාකර්ෂණ ආචරණ යොදාගෙන බැලස්ටික් මිසයිල බිම හෙළීමට හැකි ලෙස දියුණු කල හැකිබව කියමින් පර්යේෂකයින් ව්‍යාපෘතිය සඳහා රජයෙන් අරමුදල් සපයා ගත්තද පසුව හෙළිවූයේ එය ප්‍රෝඩාවක් බවයි.ඒ සඳහා යෙදවූ මුදල රූබල් මිලියන 5ක් හෙවත් දළ වශයෙන් ඇ.ඩො.මිලියන 15ක් පමණය.
රුසියානු පර්යේෂකයින්ගේ තවත් අසාර්ථක වූ උත්සාහයක් වන්නේ පාරමනෝවිද්‍යාත්මක අවි යොදාගෙන පුද්ගලයින්ගේ මනස පාලනය කිරීමයි.සාර්ථක නොවූ තවත් පර්යේෂණ ක්ෂේත්‍රයක් වන්නේ භූ භෞතික අවි යොදාගෙන භූමිකම්පා නිර්මාණය කිරීමයි.වරක් එක් රුසියානු විශේෂකයෙක් කියා සිටියේ යෙලෝස්ටෝන් ගිනිකඳු කලාපය(අක්‍රියව පවතියි)න්‍යෂ්ඨික අවි ප්‍රහාරයකින් සක්‍රීය කර එක්සත් ජනපදය විනාශ කල හැකිබවයි.
රුසියාව යනු අපේක්ෂා කල නොහැකි දේ කරන මිනිසුන් සිටින රටකි.වරක් රුසියානු රූපවාහිනි චැනලයක් ඔස්සේ එළිකලේ මෙගාටොන් 10ක ශක්තියක් සහිත ඩර්ටි බෝම්බයක්(dirty bomb) ගෙන යා හැකි මිනිසුන් රහිතව යාත්‍රා කරන සබ්මැරීනයක් නිපදවීමේ සැලැස්මක් පුටීන් සතුව තිබෙන බවයි.ඩර්ටි බෝම්බයක් යනු සාම්ප්‍රදායික පුපුරණ ද්‍රව්‍ය සහ විකිරණශීලී අමුද්‍රව්‍ය අඩංගු බෝම්බයකි.මේවා වරාය නගරයක්,සබ්මැරීන කඳවුරක් හෝ වෙනත් වෙරළාශ්‍රිත ප්‍රදේශයක් ඉලක්ක කරගෙන පුපුරවා හැර මාරාන්තික විකිරණය මුදා හැර අදාල ප්‍රදේශය ජනශූන්‍ය කල හැකිය.මෙවැනි බෝම්බයක් රැගෙන යාමට ඉහත සඳහන් කලා මෙන් අසාමාන්‍ය විසර්ජනයක් ක්‍රමවේදයක් යොදාගෙන්නේ ප්‍රති-මිසයිල ආරක්ෂණ පද්ධති මඟ හැර යෑමටය.
සෝවියට් දේශය බිඳ වැටුණද රුසියාවේ හැකියාවන් කිසිවෙකුට අවතක්සේරු කල නොහැකිය.සිරියානු යුද්ධය යනු ලොව දෙවන විශාලතම යුද ශක්තිය මැඩලීම කල හැකි ස්ථානය යැයි එක්සත් ජනපදය සිතන්නේ නම් එය සිතනවාටත් වඩා රුධිරය හලන තැනක් වීම නොනැවැත්විය හැකිවනු ඇති.
Source
opularmechanics.com
-HarshaLulzSec-
රුසියානු හමුදාව ඔබ සිතනවාට වඩා දියුණු තැනක සිටියි
විලැඩ්මීර් පුටීන් යනු ප්‍රකෝප ගැන්වීමෙන් පරාජයට පත් කල හැකි විශේෂයෙන්ම පසුගිය වසරේදී තුර්කිය විසින් සිදුකල සුකොයි-24 යානය බිම හෙළීම වැනි සිදුවීම් ඔස්සේ හෝ අධෛර්යයට පත් කල හැකි පුද්ගලයෙක් නොවේ.නමුත් මෙවැනි ප්‍රහාරයක් සෘජු යුද ගැටුමක් ඇතිවීම දක්වා දුරදිග යෑමට හැකි සිද්ධියක් වුවද එවැන්නක් සිදුනොවීය.නමුත් රුසියාව අවුස්සා ගැනීම කොතරම් භයානකද යන්න ගැන ඔබට යම් අදහසක් තිබේද?
Su-24 බෝම්බ හෙළන යානයක්
තුර්කිය විසින් විනාශ කල රුසියානු සුකොයි-24 යානය ගිනිගෙන කඩා වැටෙන අයුරු
රුසියාවේ නූතන ආරක්ෂක ක්ෂේත්‍රය යනු පැරණි සෝවියට් දේශය සමග සංසන්දනයේදී එහි සෙවනැල්ලක් පමණි.එක්සත් ජනපදය සමග සැසඳීමේදී රුසියාව තම ආරක්ෂක වියදම සඳහා වැය කරන්නේ එක්සත් ජනපදයේ වියදමෙන් 12%ක ප්‍රතිශතයකි.
අදහාගත නොහැකි ඇමෙරිකානු ආරක්ෂක වියදම
2013 වසරේ වාර්තාවලට අනුව ආරක්ෂක වියදම වැඩිම රාජ්‍යය වූයේ එක්සත් ජනපදයයි.දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.8%ක් හෙවත් දළ වශයෙන් ඇ.ඩො.බිලියන 619ක් ලෙස මෙම වියදම සඳහන් වේ.ඔවුන්ගේ යුදෝපකරණ අපනයනය ඇ.ඩො.බිලියන 6.2කි.එනම් අවි වෙළඳාමේ දෙවැන්නාය.නමුත් ආරක්ෂක වියදම ගැන සැලකීමේදී රුසියාව සිටින්නේ තුන්වන ස්ථානයේය.ඒ චීනයට පිටුපසින්ය.රුසියාව වාර්ෂිකව ඇ.ඩො.බිලියන 84ක් පමණ සිය ආරක්ෂාව සඳහා වියදම් කරයි.මෙය එරට දළ ජාතික නිෂ්පාදිතයෙන් 4.1%කි.නමුත් අවි අපනයනයෙන් රුසියාව 2013 වර්ෂයේදී ඇ.ඩො.බිලියන 8.3ක් උපයාගෙන තිබෙන්නේ එම වසරේදී විශාලතම අවි අලෙවිකරන්නා බවට පත්වෙමින්ය.
දෙවන ගල්ෆ් යුද්ධයේදී විනාශ වී ගිය ඉරාක යුද ටැංකියක්
රුසියාවේ යුද තාක්ෂණය ගැන කතා කිරීමේදී බටහිර රටවල් තමන් රුසියානුවන්ට වඩා ඉහළ තැනක සිටින බව සිතා සිටියි.ඔවුන්ගේ කතාබහෙන් හැසිරීමෙන් එය මොනවට ඔප්පු වේ.ඔවුන් සිතා සිටින්නේ රුසියාව තවමත් 1970 දශකයේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මත යැපෙන,එතැනින් ඉදිරියට යා නොහැකිව සිටින,ගොරෝසු නිෂ්පාදන ප්‍රමිතීන් භාවිතා කරන සහ දෝෂවලට පිළියම් යෙදීමට අවශ්‍ය මුදල් නැතිකමෙන් පෙළන රටක් ලෙසයි.නමුත් රුසියානුවන් වඩා හොඳ දෙයක් නිර්මාණය කල හොත් බටහිරයන් කියන්නේ එය බටහිර රටවල් අනුකරණය කීරීම් එනම් තමන්ව කොපි කිරීමක් බවයි.2003 ඉරාක යුද්ධයේදී ඉරාක හමුදාව සන්නද්ධව සිටියේ දුර්වල කාර්ය සාධනයක් සහිත රුසියානු යුදෝපකරණවලින් වීම නිසා රුසියානු හමුදා තාක්ෂණය සම්බන්ධව තිබෙන බටහිර මතය තවත් ප්‍රත්‍යක්ෂ කෙරිණි.
නමුත් යතාර්ථය වන්නේ රුසියාවට,බටහිර රටවලට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටිය හැකි අවි සැලසුම් කිරීමේ හැකියාවක් තිබෙන බවයි.සෝවියට් දේශය පැවති සමයේදී ඔවුන් අපූරු තාක්ෂණයන් සහ අවි නිපදවීමට දැරූ උත්සාහයන් බටහිර රටවල් දුටුවේ විකාර අදහස් ලෙසයි.එක්සත් ජනපදයට ප්‍රති උත්තර රහිත අවි රුසියාව සතුව තිබේ.
රොකට්
කිසිවෙකුට රුසියානු රොකට් තාක්ෂණය සම්බන්ධව වාදවිවාද තිබිය නොහැකිය.2011 වර්ෂයේදී ඇමෙරිකානු අභ්‍යාවකාශ ෂටල විශ්‍රාම යැවීමෙන් පසුව ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගඟනගාමීන් ගෙන යෑම,එහි සිට පෘථිවියට යළි රැගෙන ඒම සිදුකරන්නේ රුසියානු යානා යොදාගෙනය.රුසියානු හමුදා රොකට් දිගු පෙළපතකට හිමිකම් කියයි.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධව වීමට දැනට තිබෙන එකම ක්‍රමය - රුසියානු සෝයුස් රොකට්
සෝවියට් දේශය නිපදවූ යුද ටැංකි නාශක නියාමක මිසයිල 1973 වර්ෂයේදී ඊජිප්තු පාබල හමුදා ඊශ්‍රායල යුද ටැංකිවලට එරෙහිව මහා පරිමාණයෙන් භාවිතා කරන ලද්දේ ප්‍රථම වරටයි.ඒටී-3 සගර් යන නේටෝ නාමයෙන් හැඳින්වූ මෙම යුද ටැංකි නාශක මිසයිල යොම් කිපූර් යුද්ධයේ ආරම්භයේදී ඊශ්‍රායල යුද ටැංකි රැසක් විනාශවිය.මෙම යුද්ධයේදී භාවිතා කල එස් ඒ-7 "ස්ට්‍රෙලා" නම් තාප සංවේදී ගොඩබිමට සිට ගුවනට එල්ල කරන උරහිසේ තබාගෙන දියත් කල හැකි මිසයිල විදිනද ඊශ්‍රායල ගුවන් හමුදාවට යම් ප්‍රමාණයක හානියක් සිදුකිරීමට සමත්විය.මෙම අවිය යුද්ධයේදී සැලකිය යුතු ගුවන් යානා ප්‍රමාණයක් බිම නොහෙළුවද ගුවන් නියමුවන්ගේ උපාය මාර්ග වෙනතකට හරවන්නට සමත්විය.තැනින් තැනට ගෙන යා හැකි මිසයිල යනු ගුවන් යානයකට කෙලින්ම සිය ඉලක්ක වෙත ගමන් කිරීම වළක්වාලිය හැකි අවියකි.එස් ඒ -7 යනු එෆ්අයිඑම්-43 රෙඩ්අයි නම් ඇමෙරිකානු මිසයිලයේ සමකාලීනයෙකි.මෙම අවි දෙකෙහි ඉලක්කය වූයේ ජෙට් ප්‍රහාරක යානාවල එන්ජිමේ පිටුපස නැසින්නයි.ඒ නිසා යානයක් බිම හෙළන්නට තරම් හානියක් කරන්නට ඒවාට නුපුලුවන් විය.ඊට විසඳුමක් ලෙස 1974දී සෝවියට් දේශය "ස්ට්‍රෙලා-3" මිසයිල විදිනය හඳුන්වා දුන්නේය.සෝවියට් "ස්ට්‍රෙලා-3" මිසයිලයට සමාන හැකියාවක් සහිත එෆ්අයිඑම්-92 ස්ටින්ජර් මිසයිල පද්ධතිය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් හඳුන්වා දෙන ලද්දේ 1982 තරම් මෑත කාලයේදීය.
9M14 Malyutka/AT-3 Sagger - රුසියානු යුද ටැංකි නාශක අවිය
යොම් කිපූර් යුද්ධයේදී විනාශ වූ ඊශ්‍රායල හමුදාවේ M60 Patton යුද ටැංකි
9K32 Strela-2/SA-7 Grail ගුවන් යානා නාශක අවිය
ඇමෙරිකානු FIM-43 Redeye ගුවන් යානා නාශක අවිය
රුසියානු 9K32 Strela-2/SA-7 Grail අවියේ නූතන මොඩලය - SA-14 (Gremlin) / 9K34 Strela-3
රුසියානු Strela-3 අවියට ඇමෙරිකානු පිළිතුර - FIM-92 Stinger
රුසියානු සෑම් මිසයිලවලට(ගොඩබිම සිට ගුවනට එල්ල කල හැකි මිසයිල)බටහිර රටවල් තවමත් බිය වන බවට තිබෙන හොඳම සාක්ෂියක් වන්නේ ඉරානයට රුසියානු එස්-300 මිසයිල පද්ධති ලබාදීම සම්බන්ධව ඔවුන්ට තිබූ බලවත් විරෝධයයි.නමුත් බටහිර විරෝධය නොතකා රුසියාව එම මිසයිල පද්ධති ඉරානයට ලබාදුන් බවට වාර්තා පළවිය.2015 වසරේදී සිරියාවේ ගුවන් මෙහෙයුම් සඳහා අනියුක්ත කර තිබූ රුසියානු සුකොයි-24 යානයක් තුර්කි ප්‍රහාරයකින් විනාශ වීම නිසා සිරියාවේ මෙහෙයුවල නියුතු සිය ගුවන් හමුදාවේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාව එස්-400 මිසයිල පද්ධති යෙදවූ බව සඳහන් වේ.මේවා අතිශය භයානක අවිවේ.රුසියාව රේඩාර් තාක්ෂණය සහ ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික හැකියාවන් අතින් බටහිර රටවල් පසුකර ගොස් තිබේ.
රුසියානු S-300 මිසයිල පද්ධති
රුසියානු S-400 මිසයිල පද්ධති
ගුවන් සටන්
ගුවනේ කෙරෙන සංග්‍රාම වලදී තනි ප්‍රහාරයක වඩා වැඩිගණනක් ගැන විශ්වාසය තැබීමට රුසියානුවන් පුරුදුව සිටියේ බොහෝ කාලයක සිටය.සුකොයි-27 ෆ්ලෑන්කර් ප්‍රහාරක යානයට දුසිමක් පමණ මිසයිල රැගෙන යා හැකිය.තව ඊට වරකට මිසයිල දෙකක් හෝ තුනක් දියත් කිරීමටද පුලුවනි.මෙම මිසයිල සතුව වෙනස් මාර්ගෝපදේශන ක්‍රම තිබේ.එනම් අධෝරක්ත සහ රේඩාර් නියාමක හැකියාවන්ය.මෙම හැකියාව සතුරන් විසින් දියත් කරන සංඥා විකෘතිකිරීම් හෝ අඩාල කිරීම් හමුවේ සිය ඉලක්කය ඉහළ සම්භාවිතාවයකින් සපුරා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.රේඩාර් නියාමක මිසයිලයක් සමග තවත් වර්ගයක මාර්ගෝපදේශන ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වන මිසයිලයක් දියත් කිරීමෙන් සතුරන් රේඩාර් ජෑමින් ක්‍රමවේද භාවිතා කලද අනෙක් මිසයිලය ඉලක්කය සොයා යෑම නැවැත්වීම පහසුනොවනු ඇති.
Su-27 Flanker යානයක්
රුසියානු ගුවන් යානා භාවිතා කරන මිසයිල අතිනවීන ඒවාය.රුසියානු වෙම්පල් ආර්-73 ඩෝග්ෆයිට් මිසයිලය සතු "off-boresight" හැකියාව සුවිශේෂී වේ."off-boresight" යනු නියමුවා සතු හෙල්මටයේ සවි කර තිබෙන දර්ශනය පථය ඔස්සේ සතුරු ගුවන් යානයක් දෙස බැලීමෙන් පමණක් එය ඉලක්ක කිරීම සහ ප්‍රහාරය එල්ල කිරීමයි.මෙම මිසයිල හඳුන්වා දුන්නේ 1982 වර්ෂයේදීය.තමන් සතු ඒඅයිඑම්-9 සයිඩ්වයින්ඩර් මිසලය හා සංසන්දනයේදී නවතම සෝවියට් මිසයිලය ගුවන් සටනකදී සෝවියට් නියමුවන්ට ලබාදෙන වාසිය ගැන නේටෝව වහා හඳුනාගත්තද ඊට සටනක් දිය හැකි "off-boresight" හැකියාව සහිත ඒඅයිඑම්-9 හි මිසයිල මොඩලයක්(AIM-9X) හඳුන්වා දීමට එක්සත් ජනපදයට තවත් වසර 20ක පමණ කාලයක් වැය කරන්නට සිදුවිය.ඒ අතර කාලයේදී රුසියානුවන් ආර්-73 මිසයිලයේ හැකියාවන් කිහිපවරක්ම ඉහළ දමන ලද්දේ ඊට අභියෝග කල හැකි වෙනත් මිසයිලයක් නොමැතිබව පෙන්වාදෙමින්ය.
රුසියානු R-73 මිසයිලයක්
රුසියානු R-73 මිසයිලයක්
ඇමෙරිකානු AIM-9 Sidewinder මිසයිලයක්
ඇමෙරිකානු AIM-9X මිසයිලයක්
දිගු දුර ගුවන් සටන් සඳහා(සැතපුම් 40 හෝ ඊට වැඩි)රුසියානුවන් සතුව තිබෙන හොඳම අවිය වන්නේ වෙම්පල් ආර්-77 මිසයිලයයි.එහි නවතම සංස්කරණය සතුව ඇන්ටනාවක් තිබේ.ඒ නිසා වෙම්පල් ආර්-77 මිසයිලයක් මග හැර යෑම ලේසි පහසු නැත.මෙම මිසයිලය ලෙස හඳුන්වන්නේ ඒ නිසාය.තවද කේ-77එම් හෙවත් මෙහි දැනට භාවිතා කරන මිසයිල මොඩලය එහි බටහිර සමකාලීනයා වන ඒඅයිඑම්-120 ඇම් රාම් වඩා හැකියාවෙන් ඉහළ බවයි කියවෙන්නේ."එක්සත් ජනපද හමුදාව සතුව ඒ හා සමාන කිසිවක් නැත " යනුවෙන් වෝ ඊස් බෝරින් යන වෙබ් අඩවියේ දක්වා තිබේ.කේ-77එම් මිසයිලය 2013 වර්ෂයේදී හඳුන්වා දුන් අතර මේ වන විට එය පස්වන පරම්පරාවේ රුසියානු ප්‍රහාරක යානයක් වන ටී-5 යානය වෙනුවෙන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරමින් ඇත.
රුසියානු K-77 මිසයිලයක්
රුසියානු Su-30MK යානයකින් R-77 මිසයිලයක් දියත් කරන අවස්ථාවක්
ඇමෙරිකානු AIM-120 AMRAAM මිසයිලයක්
ඕනෑම සංග්‍රාමයකදී එක්සත් ජනපද යුද ගුවන් යානා බරපතල ලෙස ස්ටෙල්ත් තාක්ෂණය මත යැපෙන්නේ සතුරු රේඩාර් පද්ධතිවලට හසුනොවී සිය ඉලක්ක සපුරා ගැනීමටයි.පළමු සහ දෙවන පර්සියන් ගල්ෆ් යුද්ධ වලදී ඒ බව හොඳින්ම පැහැදිලිවිය.ඇමෙරිකාව හා සැසඳීමේදී රුසියාව සිය යුද ගුවන් යානා සඳහා ස්ටෙල්ත් තාක්ෂණය භාවිතා කිරීම ඉතා අල්පව සිදුකරයි.බොහෝදෙනා කියන්නේ මෙම අවාසිය නිසා ගුවන් සටනකදී රුසියාව ඇමෙරිකාව ඉදිරියේ පරාජය වීමට තිබෙන ඉඩ වැඩි බවයි.ස්ටෙල්ත් තාක්ෂණය අතින් රුසියාව පසුපසින් සිටියද ඔවුන්ගේ ප්‍රති-ස්ටෙල්ත් පද්ධති/රේඩාර් තාක්ෂණය බටහිර රටවල් අභිබවා ගොස් තිබේ.2013 වර්ෂයේදී හඳුන්වාදුන් රුසියානු 55Zh6ME ගුවන් ආරක්ෂණ රේඩාර් පද්ධතිය සතුව වෙනස් තරංගායාම යටතේ ක්‍රියාකරන බහු රේඩාර් මොඩියුල තිබේ.එක් තරංගායාමයකට අනාවරණය නොවන සේ ගුවන් යානයක් සැලසුම් කිරීම පහසු වුවද තරංගායාම වැඩිගණනක් සඳහා එම කාර්යය සිදුකිරීම ලේසි පහසු නැත.මෙම ප්‍රති-ස්ටෙල්ත් රේඩාර් පද්ධතිය කොතරම් සාර්ථකද යන්න තවමත් බොහෝදෙනෙක් නොදන්නා මුත් ගුවන් තාක්ෂණය ගැන විශේෂඥයෙක් වන බිල් ස්වීට්මන් කියා සිටින්නේ රුසියාව මේ සම්බන්ධව පර්යේෂණ සිදුකරන්නේ වසර 25ක පමණ කාලයක සිට බවයි.
රුසියානු 55Zh6ME ගුවන් ආරක්ෂණ රේඩාර් පද්ධතිය
අනෙකුත් අපූර්ව රුසියානු නිපැයුම්
රාමුවෙන් පිටතට ගොස් සිතීම සම්බන්ධව රුසියානුවන් ප්‍රසිද්ධියක් උසුලයි.එහි ප්‍රතිඵලය හොඳ හෝ නරක වීමට පුලුවනි.ස්ක්වල් රොකට් ටෝර්පිඩෝව යනු සෝවියට් දේශය මීට වසර දශක හතරකට පමණ පෙර නිපදවූ සුපිරි අවියකි.මෙහි තිබෙන විශේෂත්වය වන්නේ පැයට කි.මී.370ක පමණ උපරිම වේගයක් ලබාගත හැකිවීමයි.එය බටහිර රටවල් සතු ටෝර්පිඩෝවක වේගයට වඩා හතර ගුණයක් වැඩිය.ස්ක්වල් ටෝර්පිඩෝවේ නූතන මොඩලය වන්නේ Shkval 2 ය.රුසියාවේ තවත් අපූර්ව නිර්මාණයක් වන්නේ දිය යටදී වෙඩි තැබීමට හැකි APS රයිෆලයයි.1970 දශකය තරම් ඈත කාලයේදී මෙම රයිෆලය නිපදවා තිබේ.සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව මෙම රයිෆලය ලෝක වෙළඳපොලට එක්විය.මෙය ඒ කේ-74 රයිෆලය ඇසුරින් නිර්මාණය කර තිබේ.සාම්ප්‍රදායික රයිෆල් ජලය යටදී ක්‍රියාත්මක කිරීම කල නොහැකි අතර යොදා ගන්නා උණ්ඩද ප්‍රමාණවත් දුරක් ගමන් නොකරයි.මීට පිළියමක් ලෙස සෝවියට් දේශය APS නම් රයිෆලය හඳුන්වා දුන්නේය.ඊට යොදන විශේෂිත උණ්ඩයක් උපරිම මීටර් 5ක් ගැඹුරු ජලයේදී උපරිම මීටර් 30ක දුරක් ගමන් කරයි.මීටර් 40ක් ගැඹුරේදී එම දුර මීටර් 11 දක්වා අඩුවේ.
Shkval ටෝර්පිඩෝව
VA-111 Shkval ටෝර්පිඩෝවක ඉදිරිපස සහ පසුපස පෙනුම
රුසියානු APS රයිෆලය සහ ඊට යොදන උණ්ඩ
APS රයිෆලය දිය යටදී පාවිච්චි කරන රුසියානුවෙක්
2012 වර්ෂයේදී ජනපති පුටීන් විසින් රොසිස්කයා ගසෙටා නම් පුවත්පතට පවසා තිබුණේ අවි පද්ධති කදම්බ,භූභෞතික,තරංග,ජානමය,මනෝභෞතික අනෙකුත් නවතම තාක්ෂණයන් මත පදනම්ව නිර්මාණය වීමෙන් උපායමාර්ගිකව යුද ශක්තිය සමබර කරගත හැකිබවයි.නමුත් ඉන් සමහරක් දේ සාක්ෂාත් කරගැනීම සැක සහිතය.නව තරංග මූලධර්ම ක්ෂේත්‍රය තුල සෝවියට් විද්‍යාඥයින් පිරිසක් ව්‍යාවර්තන ක්ෂේත්‍ර අවි සම්බන්ධව පර්යේෂණ ඇරඹුවේ 1987 වර්ෂයේදීය.මෙය ශක්ති ක්ෂේත්‍ර සමග විද්‍යුත් සහ ගුරුත්වාකර්ෂණ ආචරණ යොදාගෙන බැලස්ටික් මිසයිල බිම හෙළීමට හැකි ලෙස දියුණු කල හැකිබව කියමින් පර්යේෂකයින් ව්‍යාපෘතිය සඳහා රජයෙන් අරමුදල් සපයා ගත්තද පසුව හෙළිවූයේ එය ප්‍රෝඩාවක් බවයි.ඒ සඳහා යෙදවූ මුදල රූබල් මිලියන 5ක් හෙවත් දළ වශයෙන් ඇ.ඩො.මිලියන 15ක් පමණය.
රුසියානු පර්යේෂකයින්ගේ තවත් අසාර්ථක වූ උත්සාහයක් වන්නේ පාරමනෝවිද්‍යාත්මක අවි යොදාගෙන පුද්ගලයින්ගේ මනස පාලනය කිරීමයි.සාර්ථක නොවූ තවත් පර්යේෂණ ක්ෂේත්‍රයක් වන්නේ භූ භෞතික අවි යොදාගෙන භූමිකම්පා නිර්මාණය කිරීමයි.වරක් එක් රුසියානු විශේෂකයෙක් කියා සිටියේ යෙලෝස්ටෝන් ගිනිකඳු කලාපය(අක්‍රියව පවතියි)න්‍යෂ්ඨික අවි ප්‍රහාරයකින් සක්‍රීය කර එක්සත් ජනපදය විනාශ කල හැකිබවයි.
තවත් නොදන්නා දේ බොහොමයි