රුසියන් පර්යේෂකයන්ට හමුවූ අපායේ සැබෑ හඬ !

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රුසියන් පර්යේෂකයන්ට හමුවූ අපායේ සැබෑ හඬ !

    රුසියන් පර්යේෂකයන්ට හමුවූ අපායේ සැබෑ හඬ !

    d8-1.jpg
    අපාය ගැන ඔබ දන්නේ මොනවාද? ආගමික මාතෘකාවක්‌ වන මෙය පව් කිරීමෙන් මනුෂ්‍යයා වැළැක්‌වීම සඳහා යොදා ගනු ලබන කඩඉමය. එහෙත් පාපය විවිධ ආගම්වලදී විග්‍රහ වන අයුරු විවිධය. උදාහරණයක්‌ ලෙස සතුන් මැරීම බුදු දහමට අනුව පාපයකි. එහෙත් කිතුනුවෝත්, මහමදිනයෝත් එය පාපයක්‌ ලෙස නොසළකති. මිනිසුන් මැරීම පාපයකි. එහෙත් මනුෂ්‍යයන් බිලිදෙන ගෝත්‍රික ආගම් ලෝකයේ තිබේ. සියදිවි නසා ගැනීම සියලු ප්‍රධාන ආගම් පාපයක්‌ ලෙස සළකන නමුත් ආගමික හේතූන් මත පුණ්‍යකර්මයක්‌ වශයෙන් සාමුහික වශයෙන් සිය දිවි නසාගත් ආගමික කල්ලි ගැන වාර්තා තිබේ.

    අද අප ඔබට කියන්නට යන්නේ රුසියානු විද්‍යාඥයන් සමූහයකට අපාය හමුවීම පිළිබඳ කතාවය. 1989 දී සයිබීරියාවට ගිය රුසියානු පර්යේෂකයන් පිරිසක්‌ පොළොවෙහි සිදුරක්‌ විදින්නට පටන් ගත්හ. අඟල් 10 ක්‌ පමණ පළලකින් යුතු මේ සිදුර කිලෝමීටර් 14.5 ක්‌ යටට විදින ලදී. පසෙහි සිදුරක්‌ විදින විට විදුම් යන්ත්‍රවල සර්පිලාකාර විදුම් කටු මගින් පස්‌ පොළොව මතුපිටට ගෙනෙන අතර එවිට හටගන්නා සිදුරෙහි කණ්‌ඩි කඩාවැටීම වළක්‌වනු සඳහා යකඩ බට සිදුර තුළට බස්‌සනු ලැබේ. මෙය මෙකල ළිංවලට වළලු බැස්‌සවීම හා සමාන කටයුත්තකි. සයිබීරියාවේ විදින ලද සිදුරටද අඩි 20 බැගින් දිග යකඩ බට කිලෝමීටර් 14.5 ක්‌ වන තුරු බස්‌සවන ලදී. තවදුරටත් විදීම සිදු කරන විට විදුම් කටුව විශාල අගාධයක්‌ වැනි තැනක පියස්‌ස වැදී පොත්ත හිල් කරගෙන ගිය බව පර්යේෂකයන්ට දැණින. ඒ ගැන සෙවීම සඳහා තාපයට ඔරොත්තු දෙන මයික්‍රෙෆෝන සහ දෘශ්‍ය උපකරණ සිදුර දිගේ පහළට යවන ලදී. මයික්‍රෙෆෝනය ගොස්‌ නැවතුන තැන උණුසුම ෆැරන්හයිට්‌ අංශක 2000 ක්‌ විය. ඉතාම පුදුම සහගත කාරණය වූයේ කිලෝමීටර් 14.5 ක්‌ පොළව යටින් නැගුණ විලාප තැබීමේ හඬවල් සමූහයක්‌ මයික්‍රෙෆෝන හරහා පොළව මතුපිටට ලබාගෙන පටිගත කර ගැනීමට පර්යේෂකයන්ට හැකිවීමය. තප්පර 17 ක කාලයක්‌ මේ හඬ පටිගත කරන විට මයික්‍රෙෆෝන උණු වී වැගිරුණ බව කියනු ලැබේ.

    තමන් ශ්‍රවණය කළේ අපායේ පව්කාරයන් වධ විඳින විට නඟන විලාප බව තේරුම් ගත් පර්යේෂකයන් රැසක්‌ වහාම රැකියාවලින් ඉවත් වී ගෙවල් බලා ගිය බව කියනු ලැබේ. ඉතිරි වූ පර්යේෂකයන් කිහිප දෙනා රාත්‍රි කාලයේ දී ඉතා බියකරු දර්ශනයක්‌ දුටුවාහ. එනම් කනින ලද සිදුරෙන් පිටතට ආ විශාල ගිනි කදම්බයකින් ඉතා ආගන්තුක විලාප නිකුත් වීමය. මෙය දැකීමෙන් සිහි විකල් වූ පර්යේෂකයන්ට යළි යථා තත්ත්වයට පැමිණීම සඳහා නිද්‍රාජනක ඖෂධ ප්‍රතිකාර කිරීමට සිදු විය. මේ කතාව යට ගසන ලදී. කොමියුනිස්‌ට්‌ රුසියාව විඥණවාදය බැහැර කළ බැවින් අපායේ පැවැත්ම පිළිගැනීමට සූදානම් වූයේ නැත. එහෙත් ලොව පුරා රටවල ඇතැම් කතෝලික පුවත්පත් මේ පුවත පළ කළහ. පටිගත කරන ලද අපායේ විලාප සමහර ගුවන් විදුලි මධ්‍යස්‌ථාන මගින් ප්‍රචාරය කරන ලදී. අන්තර්ජාලය හිස එසවීමත් සමගම මේ පුවත ලොව පුරා පැතිර යන්නට විය. මෙයින් වැඩිපුරම වැඩ ගත්තේ කතෝලික ලෝකයයි. ලෝක ප්‍රකට ටි්‍රනිටි බ්‍රොඩ්කාස්‌ටිං නෙට්‌වර්ක්‌ නමැති ආයතනය තම ගුවන්විදුලි හා රූපවාහිනි වැඩසටහන මගින් මේ ප්‍රවෘත්තිය ප්‍රචාරය කළහ.

    d8-2.jpg
    මේ අතර සයිබීරියාවේ පොළව යට අපායට විරුද්ධව විශාල ව්‍යාපාරයක්‌ ආරම්භ විය. මේ ව්‍යාපාරයේ මූලික අරමුණ වූයේ රුසියන් විද්‍යාඥයන් සිදුර කනින ලද්දේ කොහේද යන්නය. රුසියාවේ කෝලා අර්ධද්වීපය නමැති ප්‍රදේශයේදී මේ සිදුර කණින ලද බව සොයා ගැනිණ. සිදුර තිබූ තැනට රුසියාවේ සිට යනවාට වඩා නෝර්වේවලට ගොස්‌ යැම වඩාත් කිට්‌ටු වූයේ එය නෝර්වේ සිට සැතපුම් 16 ක්‌ ඈතින් පිහිටි බැවිනි. රුසියානුවන් ඇතුළු දියුණු රටවල් මහ පොළොවෙහි සිදුරු විදින්නේ භූ ගර්භයෙහි තොරතුරු ලබා ගැනීමට පමණක්‌ම නොවේ. පොළව ඩි්‍රල් කිරීමේ හෙවත් විදීමේ තාක්‌ෂණික උපකරණ තවදුරටත් දියුණු කිරීම සඳහාත් මෙවැනි පර්යේෂණ කැණීම් සිදු කෙරේ. ඊටත් අමතරව ඛනිජ වර්ග ගැන විස්‌තර ලබා ගැනීමටත් ලෝකයේ ගැඹුරුම සිදුර කණින ලද්දේ තමන්ය යන වාර්තාව සඳහාත් රුසියානුවෝ මේ සිදුරු විද්දාහ. කතෝලික කණ්‌ඩායම් මේ කැණීමෙන් ප්‍රයෝජන ගෙන අපායේ විලාප පිළිබඳ කතාව නිර්මාණය කළ බවත් 1972 දී තිරගත කරන ලද "බැරන් බ්ලඩ්" නැමති චිත්‍රපටයේ මර විලාප සහිත හඬ පටයේ කොටසක්‌ ගෙන එය ගුවන්විදුලිය මගින් ප්‍රචාරය කරමින් අපාය මිහිපිට මවා පෙන්වූ බවටත් චෝදනා එල්ල විය. ඒ අතර ඇතැම් පර්යේෂකයන් කීවේ ෆැරන්හයිට්‌ අංශක 2000 ක උෂ්ණත්වයක මයික්‍රෙෆෝන ක්‍රියාත්මක කළ නොහැකි බවය. පැරන්හයිට්‌ අංශක 1000 කට අඩු උෂ්ණත්වයක්‌ තුළ ඒවා උණුවන බවත් පර්යේෂකයෝ කීහ. ඊටත් අමතරව එබඳු උෂ්ණත්වයක්‌ යටතේ විලාප තැබීමට කිසිදු පව්කාරයකුගේ ස්‌වරාලය ඉතිරි නොවන බවද ඔවුහු කීහ.

     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කතෝලික කණ්ඩායම්? ලොල්
    මේක ලියලා තියෙන එකා බෞද්ධාගමත් මුළට පටලවලා අන්තිමට කතෝලික බයිලා එක ලස්සනට ගෙනල්ලා තියෙන එකෙන්ම පේනවා මොකටද එන්න හදන්නේ කියලා.
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කතෝලික කණ්ඩායම්? ලොල්
    මේක ලියලා තියෙන එකා බෞද්ධාගමත් මුළට පටලවලා අන්තිමට කතෝලික බයිලා එක ලස්සනට ගෙනල්ලා තියෙන එකෙන්ම පේනවා මොකටද එන්න හදන්නේ කියලා.
    :rolleyes:
    http://www.divaina.com/2012/06/03/diyaga08.html
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අමු පචයක් මේක

    මේ video එක බලන්න. මේකේ හැටියට මේ sound එක අරගෙන තියෙන්නේ Baron Blood කියන Horror movie එකකින්. ඒ වගේම ඊට පස්සේ මේ site එකට යන්න


    Christian මූළ ධර්මවාදීන්ගේ තවත් ජිල්මාට් එකක් Exposed. !
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    මගේ කලින් comment එක බලන්න.

    මේ දිවයින පත්තරේ article එක ලියලා තියෙන්නේ
    "අනුර සොලමන්ස්‌" කියලා මිනිහෙක් මේ නම දිහා හොදට බලන්න. මේක ක්‍රිස්තියන් නමක්.
    සොලමන්ස් හෙවත් සොලමන් කියන්නේ ක්‍රිස්තියන් ආගමේ සදහන් වෙන නමක්. King David Salomon (සොලමන්) කියන්නේ ඊශ්‍රාලයේ හිටපු රජ කෙනෙක්.

    "Christianity has traditionally accepted the historical existence of Solomon, though some modern Christian scholars have also questioned at least his authorship of those biblical texts ascribed to him. Such disputes tend to divide Christians into traditionalist and modernist camps."

    බොරු බයිලා ගහලා මිනිස්සුන්ව බය කරලා ක්‍රිස්තියන් කිරිමට ලක් කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක ගැනනම් මන් හරියටම දන්නෙ නෑ. ඒත් රැස් වලල්ල කියලා දෙයක් හමොටම තියෙනවා කියන එක නම් ඔප්පු කරලා තිබුනා. කරුමෙකට වගේ මම රැස් වලල්ලට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකද්ද කියලා දන්නෙ නෑ.:sorry:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    The "Well to Hell" is a putative borehole in Russia which was purportedly drilled so deep that it broke through to hell. This urban legend has been circulating on the Internet since at least 1997. It is first attested in English as a 1989 broadcast by Trinity Broadcasting Network, which had picked up the story from Finnish newspaper reports.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    The legend holds that in 1989, some Russian scientists of Siberia (Russia) had drilled a hole that was nine miles (14.5 km) deep before breaking through to a cavity. Intrigued by this unexpected discovery, they lowered an extremely heat tolerant microphone, along with other sensory equipment, into the well. The temperature deep within was 2,000 °F (1,100 °C) — heat from a chamber of fire from which (purportedly) the tormented screams of the damned could be heard. The recording, however, was later revealed to have been a cleverly remixed portion of the soundtrack of the 1972 movie Baron Blood, with various effects added.
    The Soviet Union had, in fact, drilled a hole nearly eight miles deep, the Kola Superdeep Borehole, located not in Siberia but on the Kola Peninsula, which shares borders with Norway and Finland. Upon completing the borehole in 1989, the Soviets found some interesting geological anomalies, although they reported no supernatural encounters.[1] Temperatures reached 180 °C (360 °F), making deeper drilling prohibitively expensive.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    yako polowa yatanam apaya tiyenne unta monawa netath ona taram thel & gas atine :eek: , tawa diamond ehemat tiyanawa kiyanne, un fatta wasanawantayone :lol::lol::lol: