රුසියානු ඔත්තුකරුවා ('Zenit 2')

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    රුසියානු ඔත්තුකරුවා ('Zenit 2')

    රුසියානු ඔත්තුකරුවා ('Zenit 2')
    ඔන්න කීවාවගේම රුසියානු ඔත්තුකරුවා අරන් ආවා,,,,, මේ ඔත්තුකාරයා මනුස්සයෙක් නම් නෙමේයි මෙයා චන්ද්‍රිකාවක් මම කලින් ලිපියක ඇමරිකන් ඔත්තු චන්ද්‍රිකාවක් ගැන කිවා මේ එ වගේ රුසියන් මොඩලයක්......මේ චන්ද්‍රිකාවට දුන්න නම තමයි සෙනිත් 2 ('Zenit 2')

    Ahoxts1.jpg


    1956 දී (Sputnik 3) යානය (මේක ගැන පස්සේ කියන්නම්) කක්ශගත කරන්න Object D නමින් රසිගත ලිපිගොනුවක් නිකුත් කරනවා මෙකෙ තමයි මුලින්ම ඔත්තු බැලීමේ චන්ද්‍රිකවක් ගැන සදහන් වෙන්නේ ,හැබැයි තාමත් මේ ලිපිගොනුව එලියටනම් ඇවිල්ලා නැත.

    vQqNZX1.jpg


    ස්පුට්නික් 1 සැලසුම් කරන්න නායකත්වය දීපු සර්ජි කොරොල්යොෆ් මහත්තයාට 1959 මිනිසෙකු අභය්වකාශයට යවන්න මෙහෙයුමක් භාර වෙනවා ඔන්න ඒ අවස්තාවෙන්ම ප්‍රයොජනයක් අරගන යානා 3 නිර්මානය වෙනවා ඒ 1k, 2k, 3k නමින් මින් 1k සියල්ලගේම මූලාදර්ශකය වෙනවා 3k අපි කවුරුත් දන්න යුරී ගගාරින් ( Yuri Gagarin) අභ්‍යවකාශ ගත වුන වොස්ටොක් (Vostok) යානය 2k තමයි අපි කතා කරන සෙනිත් යානය මේකත් මුලින්ම නම් කරන්නේ වොස්ටොක් 2 ලෙස නමුත් පසුව සෙනිත් 2 ('Zenit 2') (සෙනිත් 1 කියලා යානයක් නිර්මානය කරන්නේ නෑ) ලෙස නම් කරනවා.

    JWsZj19.jpg

    වොස්ටොක් (Vostok)


    සෙනිත් 2 යානයත් වොස්ටොක් යානයත් පෙනුමෙන් එක සමානයානා 2 නමුත් වොස්ටොක් යානය මිනිස් වාසය සදහා සැලසුම් කරනලද්දක් උනා.. පලමු සෙනිත් මෙහෙයුම 1961 දෙසැම්බර් 11 දියත් වුනත් රොකට්‍ටුවේ දොශයක් නිසා එය අසාර්තක වෙනවා.1962 අප්‍රේල් 26 පලමු සාර්තක සෙනිත් මෙහෙයුම දියත් කරනවා


    fj2TVu3.jpg



    3PJrZed.jpg



    O1WftEF.jpg



    සෙනිත් යානය ඉදිරිපස ගෝලාකාර ඒකකයක්, සහ පි‍ටුපස කේතුආකාර එකකයකින් සමන්විත වුනා,ඉදිරිපස වු ගෝලාකාර ඒකකය ලබාගත් දත්ත සමග පෘතුවියට නැවත පැමිනෙන ලෙස සැලසුම් කර තිබුනා. ගෝලාකාර ඒකකය තුල කැමරා පද්ධතිය, දත්ත ගබඩාව ,නැවත පැමිනීමට අවශ්්‍ය පැරශුට අන්තර් ගත වුනා.කේතු ආකාර ඒකකය තුල බලය ලබා ගැනීමට අවශ්‍යය බැටරි , ඇන්ටනා,රොකට් එන්ජින් අන්තර්ගත වීය. සම්පුර්න යානය 4740kg බරකින් යුක්තය


    wAUCzgW.jpg


    සෙනිත් චන්ද්‍රිකාව රුසියානු බිමට ඉහලින් ගමන් කරන විට පමනක් එහි සංඥා ලැබෙන අතර කැසට් පට දත්ත ගබඩා කිරීමට යොදාගෙන ඇත, පසුව ආ සෙනිත් මොඩලයන්ට රේඩාර් හදුනාගැනීමේ පද්දති පවා ඇතුලත් කිරීමට සෝවියට් විදයාඥායින් කටයුතු කොට ඇත
    සෙනිත් චන්ද්‍රිකාවට කැමරා 4 අන්තර්ගත කර තිබී ඇත 1000mm - 200mm නාභි දුරකින් යුක්ත වු මේවා 200 ඉහල සිට 60km x 60km විභේදනයක් සහිත චායාරූප 1500 ගැනීමේ හැකියාව තිබී ඇත සියළු සෙනිත් මෙහෙයුම් මගින් වර්ග කිලෝමීටර මිලියන 5.4 චායාරූපගත කොට ඇත මෙම කැමරා නිර්මානය කර ඇත්තේ Krasnogorsk Optical-Mechanical Factory යන සමාගම මගින්ය පසුව ඉතා ජනප්‍රිය වූ Zenit SLR කැමරාව මේ සමාගමේ නිශ්පාදනයක් වීය

    KTHvavq.jpg


    ඇමරිකානු කොරොනා චන්ද්‍රිකා මෙන් නොව මෙහි කැමරා ඒකකය පෘතුවියට පැමිනෙන නිසා එවා නැවත භාවිතයට ගැනීමේ හැකියාව තිබී ඇත

    bbMNI5P.jpg



    1962 ආරම්භ කොට 1994 දී සෙනිත් මෙහෙයුම් අවසන් කරන ලදී

    මුලදී සෙනිත් යානා වොස්ටොක් රොකට්‍ටු මගින්ද පසුව වොස්ක්හොඩ් (Voskhod ) සහ සොයුස් ( Soyuz) රොකට්‍ටු යොදාගන කක්ශගත කොට ඇත

    aKZvBVe.png

    වොස්ටොක් රොකට්‍ටු


    ඔන්න රුසියන් ඔත්තුකාරයත් අවසානයි ඊලගට "අභ්‍යවකාශ නෑයා" මගින් හමු වෙමු එතෙක් ජය හොරෙන් යන්න එපා බම්පියක් දාපල්ලා

    චන්ද්‍රිකා ගැන මගේ අනෙක් ලිපි
    චන්ද්‍රිකා- http://www.elakiri.com/forum/showthread.php?t=1779719
    චන්ද්‍රිකා 2 යතුරු හිලෙන්- http://www.elakiri.com/forum/showthread.php?t=1779803
    චන්ද්‍රිකා 3 (satellite)- http://www.elakiri.com/forum/showthread.php?t=1779900
    චන්ද්‍රිකා අවසානය (ඉපදීම සහ මරණය)- http://www.elakiri.com/forum/showthread.php?t=1780117
    කබල් නොවන හබල් - http://www.elakiri.com/forum/showthread.php?t=1780341
    අදත් චන්ඩියා (Soyuz) - http://www.elakiri.com/forum/showthread.php?t=1780678




     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    nice thread again ,Thanks for sharing.

    තාරකා යුද්ධය ගැනත් අමතක නොකර දාපන් ඔන්න.