රුසියානු ජනපති විවේචනය කිරීමේ චෝදනාවට වි
රුසියානු ජනපති විවේචනය කිරීමේ චෝදනාවට විරුද්ධ පක්‍ෂ නායකයා අත්අඩංගුවට
රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින් විවේචනයට ලක් කිරීමේ චෝදනාව මත ජන රැලියකට සහභාගි වෙමින් සිටි විරුද්ධ පක්‍ෂ නායක ඇලෙක්‌සි නවල්නි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ඊට පෙර නවල්නිsගේ පක්‍ෂ මූලස්‌ථානය වැටලූ පොලිසිය එහි බෝම්බයක් ඇති බව කියමින් පරීක්‍ෂාවකට ලක්‌කර තිබේ.
පැය කිහිපයකට පසු නවල්නි නිදහස් කර ඇතත් ඔහුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර ඇත. ලබන මාර්තු මස පැවැත්වෙන ජනාධිපතිවරණයේදී දූෂණ ක්‍රියා සිදුවන නිසා එම මැතිවරණය වර්ජනය කරන ලෙස නවල්නිs ජනතාවගෙන් ඉල්ලා තිබේ.
මේ අතර රුසියානු මාධ්‍ය පැවසුවේ පාරදිගේ ඇදගෙන ගිය නවල්නිව පොලිස් රියකට දමාගන්නා අයුරු විශාල පිරිසක් දුටු බවයි.
මේ පිළිබඳව මොස්‌කව් පොලිසිය සඳහන් කළේ පොලිස් අවසරය නොතකා නවල්නි ජන රැළියක් පැවැත්වීම ගැන අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මොස්‌කව් පොලිසියේ මේ ක්‍රියාමාර්ග ගැන 1500 කට අධික විරෝධතාකරුවන් ක්‍රෙම්ලිනය අසල විරෝධතාවක්‌ද පවත්වා ඇත.
රුසියානු විරුද්ධ පක්‍ෂ නායකයා අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් සංවිධානද විරෝධය දක්‌වා තිබුණි.