රුසියානු පුරවැසියකු වන්න අවස්ථාව ක්

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,029
    2,100
    113
    යුක්‍රේන යුද්ධයේ දී රුසියාව වෙනුවෙන් සටන් කිරීමට කැමති විදේශිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට රුසියානු පුරවැසිභාවය පිරිනැමීම සඳහා වන නියෝගයක් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් නිකුත් කර තිබේ.

    රුසියාව විසින් විශේෂ හමුදා මෙහෙයුමක් ලෙස හඳුන්වන යුක්‍රේන යුද මෙහෙයුම සඳහා කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළැඹෙන විදේශිකයන් සඳහා මෙලෙස රුසියානු පුරවැසිභාවය ලබාදීමට ජනාධිපති පුටින් නියෝගයක් නිකුත් කර ඇත.

    මෙහි දී පවුල්වල සාමාජිකයන් ලෙස හඳුන්වන්නේ සටනට එක් වන පුද්ගලයාගේ භාර්යාව දරුවන් සහ දෙමාපියන්ය.

    රුසියානු පුරවැසිභාවය ලබාගැනීම සඳහා අදාළ විදේශිකයා අවම වශයෙන් වසරක කාලයක් සටන් බිමේ රැඳී සිටීම සඳහා කොන්ත්‍රාත්තුවට එළැඹීමේ ලේඛන ඉදිරිපත් කළ යුතු වේ.

    මෙහි දී රුසියාවේ නිත්‍ය හමුදාවන්ට මෙන්ම අනෙකුත් හමුදාමය යාන්ත්‍රණයන් සඳහා එක් වන විදේශිකයන්ට ද පුරවැසිභාවය ලබාගත හැකි බව ජනපති පුටින් ප්‍රකාශ කර ඇත.

    මෙහි දී අනෙකුත් යාන්ත්‍රණයන් ලෙස හඳුන්වා ඇත්තේ, වැග්නර් බළකාය වැනි යුක්‍රේන යුද්ධයේ දී රුසියාව සමඟ එක්වන සන්නද්ධ කණ්ඩායම්වලටයි.

    මෙම පියවර මඟින් රුසියානු හමුදාවන්ට එක් වන විදේශිකයන්ට අමතර දිරිගැන්වීමක් ලබාදීම ජනපති පුුටින්ගේ අරමුණ වී තිබේ.

    යුක්‍රේනය සමඟ යුද්ධයට රුසියාව සමඟ එක් ව සිටින විදේශිකයන් සංඛ්‍යාව රුසියාව නිල වශයෙන් ප්‍රකාශ කර නැත.

    රොයිටර්ස් වාර්තා කළ පරිදි රුසියානු හමුදාවන්ට එක් ව සිටින කියුබානුවන්ට, ඔවුන් තම රටේ දී උපයන මාසික වැටුප මෙන් සිය ගුණයක් පමණ උපයාගත හැකිය.

    2022 වසරේ සැප්තැම්බරයේ දී රුසියාව සිය හමුදාවන්ට 300,000ක පමණ අමතර පිරිසක් බඳවා ගත්තේ, 02 වැනි ලෝක යුද්ධයෙන් පසු හමුදාවට බඳවාගත් වැඩිම පිරිස ලෙසිනි.

    මේ අතර, රුසියාව විසින් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා උතුරු කොරියාවේ නිෂ්පාදිත කෙටිදුර බැලිස්ටික් මිසයිල භාවිත කරන බව අමෙරිකාව චෝදනා කරයි.

    ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි සඳහන් කළේ, ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත වාර්තා කරන බවයි.

    උතුරු කොරියාව විසින් රුසියාවට මිසයිල සැපයීම ගැටුම් උත්සන්න කිරීමට හේතු වන බවත් එලෙස රුසියාව සමඟ අවි ගිවිසුම්වලට එළැඹෙන පාර්ශ්වයන්ට එරෙහි ව නව සම්බාධක පැනවීමට අමෙරිකාව කටයුතු කරන බවත් ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කර ඇත.

    තම රටවල් අතර අවි හුවමාරුවක් සිදු නොවන බව රුසියාව මෙන්ම උතුරු කොරියාව ද පවසයි.

    එහෙත් දෙරට අතර හමුදාමය සහයෝගිතාව වර්ධනය කරලීමට පියවර ගන්නා බව රුසියාව මෙන්ම උතුරු කොරියාව ද පවසයි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    36,270
    46,722
    113
    Colombo
    මෙහේ හමුදාවෙ හිටිය එකෙක් යුක්‍රේන හමුදාවට ගිහිල්ල මැරුන කියල පෙන්නුව

    අද ඌ හිටියනම් ජෝකරයට පුම්ක දුන්නේ අපරාදේ කියල කියයි :(
     

    Sen-lu

    Well-known member
  • උතුරු කොරියාව විසින් රුසියාවට මිසයිල සැපයීම ගැටුම් උත්සන්න කිරීමට හේතු වන බවත්
    බයිඩගෙ සොන්න පාන්ඩුවේ බයියො ආතල් දෙනව 😂😂
     
    • Haha
    Reactions: dillsdilla

    honesty

    Well-known member
  • May 2, 2015
    2,254
    4,318
    113
    වියලි කලාපෙ සෙට් එක පැටෙවුවනං ලංකාවෙ ණයත් ඉවරයි, ඊළඟට උපදින්න ඉන්න low iq හැත්තත් ඉවරයි..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    11,034
    13,102
    113
    බෑනේ ඉතින්, හින්ගලු රුසියාවට පුප දුන්නට ආස දුෂ්ට™ කඩා වැටෙන™ බටහිර රටවල් වල පදිංචි වෙන්න නේ
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    4,782
    7,023
    113
    kandy
    north korean එවුන් නන් එහෙමයි
    මුනුත් එහෙමද
    2 ma use karanawa lu neda
    1704559239102.png
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,777
    11,827
    113
    මහනුවර
    බෑනේ ඉතින්, හින්ගලු රුසියාවට පුප දුන්නට ආස දුෂ්ට™ කඩා වැටෙන™ බටහිර රටවල් වල පදිංචි වෙන්න නේ (2)