රුසියානු යකඩයා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියානු යකඩයා

    iQelWG9.jpg

    බැට් මෑන් චිත්‍රපට මාලාවේ එන බැට් මොබයිල් නම් සන්නද්ධ රථයේ ස්වරූපය ගත් සන්නද්ධ රථයක් රුසියානු ආරක්ෂක අංශ වෙනුවෙන් නිර්මාණය කර තිබේ,මෙය The Punisher - දඬුවම්කරන්නා යන නමින් හඳුන්වයි.මෙම සන්නාහ සන්නද්ධ රථය රුසියානු ජනපතිවරයාට පෙන්වන අයුරු ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිණි.ඇමෙරිකානු හම්වී ජිප් රථයට පිළිතුරක් ලෙස මෙය නිර්මාණය කල බවට රාවයක් තිබේ.

    ryt5HPO.jpg
    Batmobile​

    6v2roeV.jpg

    පසුගිය සිකුරාදා දිනයේදී ෆෙඩරල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂක ඇලෙක්සැන්ඩර් බොර්ට්නිකොව් විසින් මෙම රථය විලැඩ්මීර් පුටීන් හට හඳුන්වා දෙන ලදි.මේ අවස්ථාවට රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගුද සහභාගී විය.ZiL Karatel හෙවත් The Punisher කේත නාමයෙන් හඳුන්වන රථය ,KAMAZ "Viking" නම් සන්නද්ධ රථය සහ ඕනෑම ප්‍රදේශයක ගමන් කල හැකි 4x4 රථයක්ද මෙහිදි රුසියානු නායකයාගේ පරීක්ෂාවට ලක්විය.

    cfWQXdg.jpg


    cpljZ9P.jpg


    lcQzjoW.jpg

    Zil Karatel රථය පළමුවරට අත්හදා බලා තිබෙන්නේ 2013 මාර්තු මාසයේ දී බවයි කියවෙන්නේ.ඒ මොස්කව් ආසන්න ප්‍රදේශයකදීය.මෙම සන්නාහ සන්නද්ධ රථය රුසියානු ආරක්ෂ අංශවල ත්‍රස්තවිරෝධී මෙහෙයුම්,දේශසීමා මුර සංචාර සහ අභ්‍යන්තර මෙහෙයුම් සඳහා විශේෂයෙන් සැලසුම් කර තිබේ.

    m6Gv12u.jpg


    YgQn77h.jpg


    oU02ov0.jpg


    b4Me6OV.jpg

    රුසියාවේ ZiL සමාගම නිපදවූ මෙය රෝද හතරක චැසියක් සහිත (Kamaz-4911 ට්‍රක් රථයෙන් ලබාගෙන තිබේ)ටොන් 12ක බරක් සහිතව පැයට කි.මී.150ක් වේගයෙන් ගමන් කල හැකි සිලින්ඩර් 8ක් සහිත අශ්වබල 730 බලයක් උත්පාදනය කරන එන්ජිමකින් සමන්විත රථයකි.ඊට මි.මී.7.62 කැලිබරයක් සහිත අවිවලින් තබන වෙඩි ප්‍රහාරවලින් ආරක්ෂාව සැපයිය හැකි සන්නාහයක් තිබේ.රියදුරු ,අණදෙන්නා සහ තවත් පුද්ගලයන් 10 දෙනෙක් මෙහි ප්‍රවාහනය කල හැකිය.එහි දෙපසින්ම දොරවල් දෙක බැගින් තිබේ.මෙහි ඉදිරිපස V හැඩයක් ගනියි.







    Source:RT.com

    -HarshaLulzSec-