රුසියානු B-29 ක්ලෝනය
ගුවන් යානා තාක්ෂණය ගැන හොඳ දැනුමක් තියෙන එළකිරියේ ඉන්න සාමාජිකයෙක් තමයි SHEHAN GIWANTHA.ඔහු කාලයක් තිස්සේ ගුවන් තරණය සම්බන්ධව වැදගත් ලිපිපෙළක් ඔබට වෙත සමීප කලා මතක ඇතැයි සිතමි.විරාමයකින් පසුව ඊයේ දිනයේ යළිත් ඔහු තමාගේ ප්‍රියතම විෂය ගැන ලිපි දෙකක් පළකල නිසා වැඩි දෙනෙක් නොදන්න ගුවන් යානා ඉතිහාසයේ සිදුවූ පූර්වතම අනුකරණයක් ගැන ලිපියක් පළකරන්න සිතිණි.
ලෝක ගුවන් යානා ඉතිහාසයේ නිර්මාණය වූ සුවිශේෂීම ගුවන් යානයක් වන්නේ දිගු දුර මෙහෙයුම් සඳහා විශේෂයෙන් සෑදූ B-29 නම් බෝම්බ හෙළන යානයි.දෙවන ලෝක යුද සමයේදී නිර්මාණය කල මෙම ගුවන් යානය ජපානය වැනි එක්සත් ජනපදයෙන් බොහෝ ඈතින් පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව සහිත එකකි.ඒ කාලයේ රුසියානුවන්ටත් මෙවැනිම දිගු දුර බෝම්බ හෙළන යානයක අවශ්‍යතාවය තදින්ම දැනිණි.එම නිසා ඔවුන් ඇමෙරිකාවෙන් B-29 යානා ඉල්ලා සිටියද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි.තම උසස් ඉංජිනේරු ශිල්පය සහ කෞශ්‍යය මනාව උපයෝගී කරගෙන ඇමෙරිකානුවන් නිර්මාණය කල B-29 යානය රුසියානුවන් සොරාගන්නා ලදි.මේ ඇරඹෙන්නේ එම කතාවයි.
ජපානය පර්ල් වරායට බෝම්බ දැමීමෙන් පසුව,එකට එක කිරීමක් ලෙස ජපානයට බෝම්බ දැමීමේ නොනිමි අපේක්ෂාවක් ජනපති රූස්වෙල් හට තිබිණි.නමුත් එවැන්නක් සිදුකරන්නට තරම් දුර ගමන් කල හැකි ගුවන් යානයක් ඒ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය සතු නොවීය.ඔවුන් සතුව තිබූ එකම දිගු දුර බෝම්බ හෙළීමේ යානය B-17ය.ඊට බෝම්බ සහිතව ගමන් කල හැකිවූ උපරිම දුර වූයේ සැතපුම් 2000කි.මේ නිසා ඇමෙරිකානුවන්ට සුපිරි ගණයේ දිගු දුර බෝම්බ හෙළන යානයක අවශ්‍යතාවය දැනුනද එවැන්නක් සම්බන්ධව සැලසුමක් හෝ ඒ කාලයේ නොතිබිණි.නමුත් රූස්වෙල්ට්ගේ වාසනාවට එවැනි කාර්යයක් ඉටුකර දිය හැකි පුද්ගලයෙක් සිටියේය.ඔහු ජෙනරල් එච්.එච්.ආනොල්ඩ් හෙවත් HAPය.නවීන දිගු දුර ප්‍රහාරක හැකියාවක් සහිත ගුවන් හමුදාවක් ඇතිකිරීමේ ආශාවක් ඔහු තුලත් තිබිණි.ඔහු විසින් ගුවන් යානා නිපදවන සමාගම් සියල්ලට "සුපිරි බෝම්බ හෙළන යානයක්" නිර්මාණය කරන ලෙස ආරාධනා කලේය.බොයින් සමාගම වැනි යානයක් නිර්මාණය කරමින් සිටි අතර,ඇමෙරිකානු රජයේ ඉල්ලීම ඉටුකිරීමේ වගකීම ඔවුන්ට පැවරිණි.බොයින් සමාගම 1942 දී යානයේ මූලාකෘති දෙකක් නිර්මාණය කරන ලදි.එය වේගවත්ම,විශාලතම,බරැතිම සහ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කල ගුවන් යානය විය.එම වසරේදීම යානයේ පළමු ගුවන් ගමන සිදුවිය.ඇමෙරිකාව B-29 යානා 250ක් ඇණවුම් කලේය.ඒ සමගම ජර්මනිය රුසියාවට පහරදීම ආරම්භ කරන ලදි.එක්සත් ජනපදයේ යානා ඇණවුම 500ක් දක්වා ඉහළ ගියේය.මෙය ඩොලර් බිලියන 3ක ව්‍යාපෘතියක් විය.බොයින් සමාගම සතුව යානා නිපදවීමට එකලස් කිරීමේ කර්මාන්තශාලා 4ක් සහ කුඩා ප්‍රමාණයේ කර්මාන්තශාලා සියගණනක් යොදවා තිබිණි.පළමු යානය Wichita කර්මාන්තශාලාවෙන් එළියට එන්නේ 1943 දීය.අවසානයේදී B-29 යානා 4000ක් නිපදවන අතර සතියේ දවස හතම පුද්ගලයන් 26,000කගේ සේවය සහිතව Wichita කර්මාන්තශාලාවේදී B-29 යානා 1600ක් නිපද වේ.
මුල්ම B-29 යානා යැවෙන්නේ චීනය,බුරුමය,ඉන්දියා යන ප්‍රදේශ වෙතයි.ජපානයට බෝම්බ හෙළීමෙන් පසු හානියට පත්වන යානා ගොඩබැස්සවීමට ප්‍රදේශයක් අවශ්‍ය බව ජෙනරල් ආනොල්ඩ්ට වැටහේ.රුසියාවේ හෝ සර්බියාවේ තම යානා ගොඩබස්සවන්නට ඉඩ දෙන්න යැයි රූස්වෙල්ට් ජනපති විසින් ස්ටාලින්ගෙන් ඉල්ලා සිටියද ඔහු එය මඟ හරින්නේ ජපානය සමග යුද්ධයකට පැටලීම අවස්ථාවේ හැටියට දිවිනසා ගැනීමක් බව ඔහුට වැටහුණු නිසාය(ඒවන විට ජර්මනිය සමග යුද වැදීමට රුසියාව සිය සම්පුර්ණ ශක්තිය යුරෝපයේ නැගෙනහිර යුද පෙරමුණ වෙත යොදවා තිබිණි.).නමුත් ජපානයට බෝම්බ හෙළන්නට ගිය ඇමෙරිකානු B-29 යානාවල ගුවන් සෙබළුන්ට කියා තිබුණේ අවශ්‍ය වුවහොත් රුසියාවේ ව්ලැඩ්වොස්ටොක් වෙත ගොඩබාන්න යැයි කියාය.1944 අගෝස්තු මස 20 දා B-29 යානයක් සෝවියට් දේශයට(Khabarovsk) ගොඩබෑවේය.යානයේ සිටි පිරිස ඉවත්වූ පසු එය විනාශ වී ගියේය.ඇමෙරිකානුවන් පිරිස රුසියාවේ අත් අඩංගුවට පත්විය.
එම කාලයේදීම තවත් B-29 යානා තුනක් හදිසියේම විලැඩ්වොස්ටොක් වෙත ගොඩබස්සවන ලදි.ඒවාහි සිටි ඇමෙරිකානුවන් සිතා සිටියේ ඉන්ධන පුරවාගත් වහාම තමන්ට චීනය බලා ගමන් කල හැකිබවයි.නමුත් ඔවුන්ට තම ගුවන් යානා යළි දකින්නටවත් ඉඩක් නොලැබුණි.B-29 යානා සහ ඒවාහි පිරිස රුසියාව විසින් රඳවා ගන්නා ලදි.ඒ අනුව රුසියානුවන් විසින් සම්පුර්ණ B-29 යානා තුනක් සහ ගුවන් භටයන් සහ නියමුවන් ඇතුළු කණ්ඩායම් හතරක් රඳවාගෙන තිබිණි.රුසියානුවන්ට නතුවූ B-29 යානා තුන Ding Hao,Ramp Tramp,Hap Arnold Special යන නම් වලින් හඳුන්වන ලදි.සාකච්ඡා මගින් ගුවන් යානා සහ ඒවාහි පිරිස නිදහස් කරගන්නට එක්සත් ජනපදය දැරූ උත්සාහයන් සියල්ල අසාර්ථක වූයේ ස්ටාලින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කල නිසාය.
නමුත් B-29 ගුවන් යානා සහ ඇමෙරිකානුවන් නිදහස් කරන්න කියා ස්ටාලින් හට දිගින් දිගටම බලකෙරිණි.නමුත් ඒවා එතරම් ලෙහෙසියෙන් අතහැර දමන්නට අදහසක් ස්ටාලින් හට නොතිබිණි.එම නිසා යානාවල සැලසුම සොරාගන්නට ඔහු තීරණය කලේය.තමන්ගේම දිගු දුර බෝම්බ හෙළන යානයක් සැලසුම් කර නිර්මාණය කරන්නට වසර පහක පමණ කාලයක් ගතවන බව දන්නා ස්ටාලින් සිතුවේ ඇණයෙන් ඇණය ගලවා හෝ ඇමෙරිකානුවන්ගේ මෙම B-29 යානයේ පිටපත සොරාගැනීම ඊට වඩා ලෙහෙසිබවයි.ස්ටාලින් කියා සිටියේ B-29 යානයේ පිටපතක් වසර දෙකක් ඇතුලත නිර්මාණය කලයුතුබවයි.නමුත් රුසියානු ගුවන් යානා නිෂ්පාදකයන්ට අනුව එම කාලය තුල එය කල නොහැකි කාර්යයක් බවයි.
අවසානයේදී B-29 යානාවල පැමිණි ඇමෙරිකානුවන් නිදහස් කරන්නට රුසියාව එකඟ කරගත හැකිවිය.ඔවුන් ට්‍රාන්ස් සයිබීරියා දුම්රිය මාර්ගය ඔස්සේ පැමිණ ට්‍රක් රථවලින් ඉරානයේ ටෙහෙරානයට ළඟාවිය.නමුත් ඔවුන්ගේ නිදහස් වීම එතරම් සරල එකක් නොවීය.රුසියාව තුල සිදුවූ කිසිවක් හෙළි නොකරන ලෙසට අනතුරු අඟවා,එම සිද්ධීන්වල රහස්‍යභාවය රකින බවට ලියවිලිවලට අත්සන් ගෙන ඔවුන් නිදහස් කරන්නට ස්ටාලින් පාලනය ක්‍රියා කර තිබේ.ටෙහෙරානයෙන් ඔවුන්ව ඉතාලියේ නේපල්ස් වෙත යවා එතැනින් නිව්යෝක් වෙත නැව් මගින් ළඟාවිය.
ඇමෙරිකානු B-29 යානා කැබලි කර එකිනෙක අධ්‍යයනය කිරීමට රුසියාවේ හොඳම ගුවන් නියමුවන්,තාක්ෂණික ශිල්පීන්,ඉංජිනේරුවන් සහ ගුවන් තරණය සම්බන්ධ විශේෂඥයින් යොදවන ලදි.ඔවුන් විසින් B-29 යානයේ කොටස් 105,000ක් සම්බන්ධ විස්තර ලබාගෙන තිබේ.ඔවුන් Hap Arnold Special නම් B-29 යානය විශේෂයෙන් කොටස් වලට වෙන් කර අධ්‍යයනය කර ඇත.Ding Hao යානය නිර්දේශන මොඩලයක් ලෙස රුසියානුවන් භාවිතා කර තිබේ.Ramp Tramp යානය ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදාගෙන ඇත.රුසියානු ගුවන් නියමුවන්ට එම යානයේ තිබූ සුවිශේෂී උපකරණ සම්බන්ධව අවබෝධ කරගැනීම අසීරු වූ නිසා ඉංග්‍රීසි බස හොඳින් දන්නා රුසියානු නියමුවන් විසින් ඒවා රුසියානු බස සහිත ලේබල්වලින් සලකුණු කරන ලදි.රුසියානුවන්, B-29 යානයේ නිර්මාණය කිරීමට යොදාගත් තාක්ෂණය සහ කාර්මිකකෞෂ්‍යය සම්බන්ධව විස්මයට පත්ව තිබේ.සෝවියට් සංස්කරණය TU-4 නමින් හැඳින්වූ අතර එහි නේටෝ නාමය BULL නම් විය.Hap Arnold Special යානය සම්පුර්ණයෙන්ම කොටස් වලට ගලවන ලදි.නමුත් එම යානය reverse engineering කිරීම හෙවත් යළි කොටසින් කොටස් ගොඩ නැගීම සම්පුර්ණයෙන්ම වාගේ කල නොහැකි කටයුත්තක් බව රුසියානුවන්ට වැටහිණි.සමහර වාර්තාවලට අනුව රුසියානුවන් ඒ සඳහා රූල් සහ ගණක රාමු යොදාගත් බවයි.සියලුම මිනුම් මෙට්‍රික් පරිමාණයට හරවන ලදි.ඉන්පසු ඔවුන්ට මතුවූ ලොකු ප්‍රශ්නය වූයේ යානයේ තිබූ සංකීර්ණ R-3350 එන්ජිමට සමාන එකක් නිපදවීමයි.පියාපත්වල පිහිටි ඉන්ධන ටැංකි නිර්මාණය කිරීමේ හැකියාවක් ඔවුන්ට නොතිබිණි.ඉදිරිපස වක්‍ර වූ වීදුරු සහිත නාසය තවත් නොවිසඳුණු ප්‍රශ්නයකි.එසේම රුසියානු කොපියේ වැරදි සම්බන්ධව නියමුවන්ගෙන් පැමිණිලි ලැබිණි.B-29 යානයේ තිබෙන විශාල ටයර් නිපදවීමට ඔවුන්ට හැකියාවක් නොතිබිණි.එසේම ගොඩබැස්සවීමේ දැවැන්ත ගියරයද ඔවුන්ට ප්‍රශ්නයක් විය.යානයේ සැකිල්ල නිර්මාණය කිරීම Tupolev වෙත පැවරුණි.සැතපුම් ගණනක් දිග වයර් සහ නවීනතම තුවක්කු පද්ධතිය තවත් විශාල ප්‍රශ්නයක් විය.B-29 යානය සම්බන්ධ ඕනෑම සැලැස්මක්,එහි ටයර්,කොටස් හෝ ඕනෑම තොරතුරක් මුදල් ගෙවා හෝ ලබාගන්නට එක්සත් ජනපදයට රුසියානු ඒජන්තයන් යවන්නට පවා සෝවියට් දේශය ක්‍රියා කල බව කියවේ.මැෂින් තුවක්කු වෙනුවට කාලතුවක්කු යොදාගෙන තිබේ.එන්ජිම පිටපත් කිරීම සහ නිෂ්පාදනය Shvetsov වෙත පැවරිණි.
TU-4 ව්‍යාපෘතිය 1945 මුල් කාලයේ හොඳින් කරගෙන ගියේය.ජපානය සමග යුද්ධය අවසන් වීමෙන් පසුත් ඔවුන්ගේ උත්සාහයේ වෙනසක් නොවීය.එය වේගයෙන් ඉදිරියට කරගෙන ගියෝය.රුසියානුවන්ට B-29 යානය පිටපත් කර අනුකරණයක් නිර්මාණය කිරීමේ හැකියාවක් තිබේ යැයි මුලදී ඇමරිකාව විශ්වාස කලේ නැත.ඔවුන් සිතුවේ එය සිතාගන්නටවත් නුපුළුවන් කාර්යයක් ලෙසයි.1947 දී සෝවියට් දේශය තම ගුවන් ශක්තිය පෙන්වූ සංදර්ශනයක් අතරතුර දුටු දෙයින් පසුව ඇමෙරිකානුවන් තමන් සිතා සිටි දෙය බොරුවක් බවට පත්ව ඇතිබව තේරුම් ගත්තේය.TU-4 යානය යථාර්තයක් බව දැනගත් පසු ඇමෙරිකාව භීතියට පත්විය.එක්සත් ජනපදයේ ඕනෑම ඉලක්කයක් වෙත පහරදීමේ හැකියාව TU-4 යානය සතු බැව් වටහා ගත් ඔවුන් තමන්ගේ රේඩාර් පද්ධති,ගොඩබිම සිට ගුවනට විදින මිසයිල සහ ෆයිටර් වර්ගයේ ජෙට් යානා නවීකරණය ඉක්මණ් කලේය.
ඒ අතරතුර TU-4 ව්‍යාපෘතිය තවත් සංකීර්ණ විය.ඔවුන්ගේ යානයේ දුර්වලතා රැසක් තිබිණි.R-3350 එන්ජිමේ පිටපත අධික ලෙස රත්විය.එහි ආයු කාලයද කෙටි එකක් විය.අවි පද්ධතිය පාලනය සම්බන්ධ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ ප්‍රශ්න මතුවිය.සියලු ප්‍රශ්න සමග TU-4 යානයේ විශ්වාසනීයත්වය ඉතා අඩු මට්ටමක විය.නමුත් රුසියානුවන් මෙම ප්‍රශ්න විසඳීමේ යෙදී සිටි අතර 1949 වන තෙක් එම යානා සම්පුර්ණ සේවයේ යෙදවූයේ නැත.
TU-4 යානා සංග්‍රාම සඳහා යොදාගැනීමට අවස්ථාවක් උදා වූයේ නැත.TU-4 යානා 850 පමණ නිපදවූ බවත් 60 දශකයට පෙර ඒවා වෙනුවට ජෙට් බලයෙන් ක්‍රියාත්මක යානා යොදවන ලදි.ඉන් සමහරක් චීනයට ලබාදුන් අතර ඒවා 1968 වර්ෂය දක්වා භාවිතා කර තිබේ.Ramp Tramp,Ding Hao යානා කොටස් වලට වෙන් කරන ලදි.Hap Arnold Special යානය එකලස් කලේ නැත.B-29 යානය එක්සත් ජනපදයට මහත් අභිමානයක් ගෙන දුන් ගුවන් යානයකි.B-29 යානය එක්සත් ජනපද ඉතිහාසයේ කොටසක් වූවා මෙන්ම TU-4 යානයද රුසියානු ගුවන් යානා ඉතිහාසයේ කොටසකි.දැනට ලෝකය දන්නා පරිදි රුසියාව සතු එකම TU-4 යානය මොස්කව් හි යූරි ගගාරින් ගුවන් හමුදා ඇකඩමියේ පිටත රඳවා තිබේ.
Source:b-29s-over-korea.com
-HarshaLulzSec-

රුසියානු B-29 ක්ලෝනය හෙවත් TU-4 යානයේ උප්පත්තිය

B-17 යානයක්
B-17 යානයක් සහ B-29 යානයක් සංසන්දනය

Boeing B-29 Superfortress
නමුත් B-29 ගුවන් යානා සහ ඇමෙරිකානුවන් නිදහස් කරන්න කියා ස්ටාලින් හට දිගින් දිගටම බලකෙරිණි.නමුත් ඒවා එතරම් ලෙහෙසියෙන් අතහැර දමන්නට අදහසක් ස්ටාලින් හට නොතිබිණි.එම නිසා යානාවල සැලසුම සොරාගන්නට ඔහු තීරණය කලේය.තමන්ගේම දිගු දුර බෝම්බ හෙළන යානයක් සැලසුම් කර නිර්මාණය කරන්නට වසර පහක පමණ කාලයක් ගතවන බව දන්නා ස්ටාලින් සිතුවේ ඇණයෙන් ඇණය ගලවා හෝ ඇමෙරිකානුවන්ගේ මෙම B-29 යානයේ පිටපත සොරාගැනීම ඊට වඩා ලෙහෙසිබවයි.ස්ටාලින් කියා සිටියේ B-29 යානයේ පිටපතක් වසර දෙකක් ඇතුලත නිර්මාණය කලයුතුබවයි.නමුත් රුසියානු ගුවන් යානා නිෂ්පාදකයන්ට අනුව එම කාලය තුල එය කල නොහැකි කාර්යයක් බවයි.
සෝවියට් දේශය රඳවා ගත් ඇමෙරිකානු B-29 යානා
අවසානයේදී B-29 යානාවල පැමිණි ඇමෙරිකානුවන් නිදහස් කරන්නට රුසියාව එකඟ කරගත හැකිවිය.ඔවුන් ට්‍රාන්ස් සයිබීරියා දුම්රිය මාර්ගය ඔස්සේ පැමිණ ට්‍රක් රථවලින් ඉරානයේ ටෙහෙරානයට ළඟාවිය.නමුත් ඔවුන්ගේ නිදහස් වීම එතරම් සරල එකක් නොවීය.රුසියාව තුල සිදුවූ කිසිවක් හෙළි නොකරන ලෙසට අනතුරු අඟවා,එම සිද්ධීන්වල රහස්‍යභාවය රකින බවට ලියවිලිවලට අත්සන් ගෙන ඔවුන් නිදහස් කරන්නට ස්ටාලින් පාලනය ක්‍රියා කර තිබේ.ටෙහෙරානයෙන් ඔවුන්ව ඉතාලියේ නේපල්ස් වෙත යවා එතැනින් නිව්යෝක් වෙත නැව් මගින් ළඟාවිය.
රුසියානු TU-4 යානය
ඇමෙරිකානු B-29 යානා කැබලි කර එකිනෙක අධ්‍යයනය කිරීමට රුසියාවේ හොඳම ගුවන් නියමුවන්,තාක්ෂණික ශිල්පීන්,ඉංජිනේරුවන් සහ ගුවන් තරණය සම්බන්ධ විශේෂඥයින් යොදවන ලදි.ඔවුන් විසින් B-29 යානයේ කොටස් 105,000ක් සම්බන්ධ විස්තර ලබාගෙන තිබේ.ඔවුන් Hap Arnold Special නම් B-29 යානය විශේෂයෙන් කොටස් වලට වෙන් කර අධ්‍යයනය කර ඇත.Ding Hao යානය නිර්දේශන මොඩලයක් ලෙස රුසියානුවන් භාවිතා කර තිබේ.Ramp Tramp යානය ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදාගෙන ඇත.රුසියානු ගුවන් නියමුවන්ට එම යානයේ තිබූ සුවිශේෂී උපකරණ සම්බන්ධව අවබෝධ කරගැනීම අසීරු වූ නිසා ඉංග්‍රීසි බස හොඳින් දන්නා රුසියානු නියමුවන් විසින් ඒවා රුසියානු බස සහිත ලේබල්වලින් සලකුණු කරන ලදි.රුසියානුවන්, B-29 යානයේ නිර්මාණය කිරීමට යොදාගත් තාක්ෂණය සහ කාර්මිකකෞෂ්‍යය සම්බන්ධව විස්මයට පත්ව තිබේ.සෝවියට් සංස්කරණය TU-4 නමින් හැඳින්වූ අතර එහි නේටෝ නාමය BULL නම් විය.Hap Arnold Special යානය සම්පුර්ණයෙන්ම කොටස් වලට ගලවන ලදි.නමුත් එම යානය reverse engineering කිරීම හෙවත් යළි කොටසින් කොටස් ගොඩ නැගීම සම්පුර්ණයෙන්ම වාගේ කල නොහැකි කටයුත්තක් බව රුසියානුවන්ට වැටහිණි.සමහර වාර්තාවලට අනුව රුසියානුවන් ඒ සඳහා රූල් සහ ගණක රාමු යොදාගත් බවයි.සියලුම මිනුම් මෙට්‍රික් පරිමාණයට හරවන ලදි.ඉන්පසු ඔවුන්ට මතුවූ ලොකු ප්‍රශ්නය වූයේ යානයේ තිබූ සංකීර්ණ R-3350 එන්ජිමට සමාන එකක් නිපදවීමයි.පියාපත්වල පිහිටි ඉන්ධන ටැංකි නිර්මාණය කිරීමේ හැකියාවක් ඔවුන්ට නොතිබිණි.ඉදිරිපස වක්‍ර වූ වීදුරු සහිත නාසය තවත් නොවිසඳුණු ප්‍රශ්නයකි.එසේම රුසියානු කොපියේ වැරදි සම්බන්ධව නියමුවන්ගෙන් පැමිණිලි ලැබිණි.B-29 යානයේ තිබෙන විශාල ටයර් නිපදවීමට ඔවුන්ට හැකියාවක් නොතිබිණි.එසේම ගොඩබැස්සවීමේ දැවැන්ත ගියරයද ඔවුන්ට ප්‍රශ්නයක් විය.යානයේ සැකිල්ල නිර්මාණය කිරීම Tupolev වෙත පැවරුණි.සැතපුම් ගණනක් දිග වයර් සහ නවීනතම තුවක්කු පද්ධතිය තවත් විශාල ප්‍රශ්නයක් විය.B-29 යානය සම්බන්ධ ඕනෑම සැලැස්මක්,එහි ටයර්,කොටස් හෝ ඕනෑම තොරතුරක් මුදල් ගෙවා හෝ ලබාගන්නට එක්සත් ජනපදයට රුසියානු ඒජන්තයන් යවන්නට පවා සෝවියට් දේශය ක්‍රියා කල බව කියවේ.මැෂින් තුවක්කු වෙනුවට කාලතුවක්කු යොදාගෙන තිබේ.එන්ජිම පිටපත් කිරීම සහ නිෂ්පාදනය Shvetsov වෙත පැවරිණි.
R-3350 එන්ජිම
TU-4 ව්‍යාපෘතිය 1945 මුල් කාලයේ හොඳින් කරගෙන ගියේය.ජපානය සමග යුද්ධය අවසන් වීමෙන් පසුත් ඔවුන්ගේ උත්සාහයේ වෙනසක් නොවීය.එය වේගයෙන් ඉදිරියට කරගෙන ගියෝය.රුසියානුවන්ට B-29 යානය පිටපත් කර අනුකරණයක් නිර්මාණය කිරීමේ හැකියාවක් තිබේ යැයි මුලදී ඇමරිකාව විශ්වාස කලේ නැත.ඔවුන් සිතුවේ එය සිතාගන්නටවත් නුපුළුවන් කාර්යයක් ලෙසයි.1947 දී සෝවියට් දේශය තම ගුවන් ශක්තිය පෙන්වූ සංදර්ශනයක් අතරතුර දුටු දෙයින් පසුව ඇමෙරිකානුවන් තමන් සිතා සිටි දෙය බොරුවක් බවට පත්ව ඇතිබව තේරුම් ගත්තේය.TU-4 යානය යථාර්තයක් බව දැනගත් පසු ඇමෙරිකාව භීතියට පත්විය.එක්සත් ජනපදයේ ඕනෑම ඉලක්කයක් වෙත පහරදීමේ හැකියාව TU-4 යානය සතු බැව් වටහා ගත් ඔවුන් තමන්ගේ රේඩාර් පද්ධති,ගොඩබිම සිට ගුවනට විදින මිසයිල සහ ෆයිටර් වර්ගයේ ජෙට් යානා නවීකරණය ඉක්මණ් කලේය.
B-29 යානයේ අවි පද්ධතිය
gunnery system - B-29
ඒ අතරතුර TU-4 ව්‍යාපෘතිය තවත් සංකීර්ණ විය.ඔවුන්ගේ යානයේ දුර්වලතා රැසක් තිබිණි.R-3350 එන්ජිමේ පිටපත අධික ලෙස රත්විය.එහි ආයු කාලයද කෙටි එකක් විය.අවි පද්ධතිය පාලනය සම්බන්ධ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ ප්‍රශ්න මතුවිය.සියලු ප්‍රශ්න සමග TU-4 යානයේ විශ්වාසනීයත්වය ඉතා අඩු මට්ටමක විය.නමුත් රුසියානුවන් මෙම ප්‍රශ්න විසඳීමේ යෙදී සිටි අතර 1949 වන තෙක් එම යානා සම්පුර්ණ සේවයේ යෙදවූයේ නැත.
රුසියාවේ තිබෙන TU-4 යානය - Yuri Gagarin Air Force Academy
TU-4 යානා සංග්‍රාම සඳහා යොදාගැනීමට අවස්ථාවක් උදා වූයේ නැත.TU-4 යානා 850 පමණ නිපදවූ බවත් 60 දශකයට පෙර ඒවා වෙනුවට ජෙට් බලයෙන් ක්‍රියාත්මක යානා යොදවන ලදි.ඉන් සමහරක් චීනයට ලබාදුන් අතර ඒවා 1968 වර්ෂය දක්වා භාවිතා කර තිබේ.Ramp Tramp,Ding Hao යානා කොටස් වලට වෙන් කරන ලදි.Hap Arnold Special යානය එකලස් කලේ නැත.B-29 යානය එක්සත් ජනපදයට මහත් අභිමානයක් ගෙන දුන් ගුවන් යානයකි.B-29 යානය එක්සත් ජනපද ඉතිහාසයේ කොටසක් වූවා මෙන්ම TU-4 යානයද රුසියානු ගුවන් යානා ඉතිහාසයේ කොටසකි.දැනට ලෝකය දන්නා පරිදි රුසියාව සතු එකම TU-4 යානය මොස්කව් හි යූරි ගගාරින් ගුවන් හමුදා ඇකඩමියේ පිටත රඳවා තිබේ.
Source:b-29s-over-korea.com
-HarshaLulzSec-

වදයක් වෙලා තියෙන්නේ බන් ඕක.ඕක දීප දවසේ ඉදලා එකෙක් සම්මානේ ඉල්ලලා ටැග් දාන එකේ ඉවරයක් නෑ.මේකටත් වැටිලා ඇති සමහර විට.